Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Jul 31 2024 @ 02:04

නුඹ දැක මා...❤️ - 12



දොළොස්වෙනි දිගහැරුම...❤️


පාන්දර වෙලත් අවීෂ් තාම ඇහැරිලා ඉන්නේ යුහීගෙන් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි එනකන්.
යුහී වැඩ ඇරිලා ඇවිත් හැමදාම අවීෂ්ට කෝල් එකක් ගන්නේ ඒ කෝල් එක වෙනුවෙන් අවීෂ් ඇහැරිලා ඉන්නවා කියලා දන්න නිසාමයි.

පැයක් විතර බලලා බැරිම තැන අවී කෝල් එකක් ගත්තා යුහීට.
ඒත් අවී බලාපොරොත්තු වුන කෙනා නම් නෙවෙයි ආන්ස්වර් කරේ..

" හෙලෝ සර්.. මේ මම රයන්..."
"වට්... රයන්... ඔයා මොකද කෝල් එක ආන්ස්වර් කරේ.. කෝ යුහී..."
"සර්... මේ... මැඩම්..."
" කියපන් මොකද වුනේ... යුහීට කරදරයක් නෑ නේද..."
" බොස් මැඩම්ට පොඩි ඇක්සිඩන්ට් එකක් වුනා..."
"වට්... මොනාද යකෝ කියන්නේ... එයාව බලාගන්න නේද මං තමුසෙලාට පඩියකුත් දීලා තියන් ඉන්නේ... ආ... කො දැන් යුහී..."
" මොකක්... යුහීට ගොඩාක් අමාරුද... එයාට මොනාහරි උනොත් මං තමුසෙලාව ඉතුරු කරන්නෑ.."
" නෑ නෑ.. බොස්... ඩොක්ටර් නම් කිව්වේ මැඩම්ට ජීවිත හානියක් නෑ කියලා.. පොඩි සර්ජරි එකක් කරනවා එතකොට හරි..."
" මගේ කෙල්ලට සර්ජරි එකක්... ඒ මොකටද..."
" මං තොපිව ඉතුරු කරන්නෑ... ෂිට්... වැඩක් දුන්නම හරියට කරන්න බෑද... මොකාද වෙඩි තිබ්බේ..."
" බොස් ඇත්තටම කිව්වොත් අපිවත් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. ඉස්සෙල්ලම මැඩම්ව ට්‍රක් එකකින් ඇක්සිඩන්ට් කරන්න ගියේ... හොඳ වෙලාවට අපි එතන ඉඳලා මැඩම්ව බේරගත්තා. ඒත් ඒකේ හිටපු ඩ්‍රයිවර් එකපාර වෙඩි තිබ්බා හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ.. හැබැයි මැඩම් හැරුනු හින්දා වෙලාවට වැදුනේ වම් උරහිසට..."
" ෂිට්... මොකාද ඒක කරේ... අල්ලගත්තේ නැද්ද..."
" අම්මෝ බොස්.. අල්ලගත්ත විදිහ තමා හොඳම..."
" රස කර කර ඉන්නැතුව කියපන් අල්ලගත්තද නැද්ද කියලා මං ඌව මරනවා..."
" අල්ලගත්තා බොස්.. හැබැයි අපි නෙවෙයි මැඩම්ම තමා අල්ලගත්තේ... බොස් කියන්නේ මැඩම් අර තුවාල වෙලා ඉද්දිත් මං ගාව තිබ්බ ගන් එක අරන් ඒ ඩ්‍රයිවර්ගේ කකුල් දෙකටම ශූට් කරා... ඌට ඒ හින්දා පැන ගන්න හම්බුනේ නෑ..."
" That's my girl.. යුහීට ලොකු අමාරුවක් නෑනේද... මං කොහොමහරි එනවා එයාව බලන්න... මෙතනින් පැනගන්න බෑනේ ලේසියෙන්.. ෂිට්... දැන් කෝ අරූ..."
" ඌව අපේ පොට් එකට අරන් ගියා බොස්.. බොස්ගෙන් කෝල් එක එනකොට අපේ කොල්ලෙක් කතා කර කර හිටියේ මාත් එක්ක.. ඌ වමාරලා කවුද කරන්න කිව්වෙ කියලා... හැබැයි බොස් විශ්වාස කරන එකක් නෑ ඒ කවුද කියලා..."
" ආ.. ඇයි කවුද..."
" බොස් ඒ... ----- "
" ඔව් බොස් මටත් හිතාගන්න බැරි වුනා.."
" හරි.. යුහීගේ ආරක්ෂාව වැඩි කරපන්.. මං එනවා..." කියපු අවී කෝල් එක කට් කරලා කෝල් එකක් ගත්තේ තවීෂ්ට...

" හෙලෝ..."
" මේ මල්ලි උදව්වක් කරපන්..."
" මේ මල පාන්දර.. නිදියගනින්කෝ..."
" අහපන්කෝ.. මං රට යන්න යන්නේ තාත්තව ශේප් කරපන්..."
" පිස්සුද යකෝ.. උඅබ කවුද කියලා අමතක වුනාද... ඔහොම හිතුමනාපෙට එහෙ මෙහෙ යන්නේ..."
" ඒක තමයි උබට කිව්වෙ... මං යනවා.." කියල ඒ කෝල් එකත් කට් කරපු අවී ඊළඟ ෆ්ලයිට් එකෙන් ම ලන්ඩන් ගියා.

ඒකෙම තමා විනෝද්‍යායි ආදියි දෙන්නත් යුහීව බලන්න ලන්ඩන් ගියේ..


සර්ජරි එකෙන් පැය දහයකට දොළහකට විතර පස්සේ යුහී ඇහැරුනේ..බේ වෙනකොටත් එයාගේ ඇඳ ළඟ කට්ටිය පිරිලා..

හෙමින් හෙමින් ඇස් අරින කෙල්ල දිහා හැමෝම බලන් හිටියේ සතුටින්.. රයන් ගිහින් ඩොක්ටර් කෙනෙක් එක්කගෙන ආවේ යුහීව චෙක් කරන්න..
යුහීව බලපු ඩොක්ටර්,
"miss yuhini is fine now.. But her wound goes for a few weeks to recover. The other thing is her health condition is very bad. I suggest she should get healthy food"
"Ok doctor.. Thank you"

ඩොක්ටර් ගියාම අවී හැරුනේ යුහීගේ පැත්තට.
" දැන් නිදහසට කරුණු කියන්න බලන්න..." 
" මං කියලා තියනවා නේද ඕනෑවට වඩා මහන්සි වෙන්න එපා කියලා.."
" හරි හරි ආයේ නෑ.."
" ඔයා ඕක කී පාරක් කියලා තියන්වද මැණික.."
" අනේ අම්මා බලන්නකෝ මෙයා අවුරුදු එකහමාරකට පස්සෙ මාව බලන්න ඇවිත් හග් එකක්වත් දෙන්නැතුව බනිනවා.."
" අම්මෝ.. මං මුකුත් කියන්නෑ.. හසූ අපි යන් එළියට මෙයාලාගේ ප්‍රශ්න විසඳගන්න දීලා.." කියලා විනෝද්‍යා එළියට ගියා.


ඊටපස්සේ යුහී ළඟට ගියපු අවී,
" මැණික.. හරි හපන්කමක්නේ කරලා තියෙන්නේ.. ගාණට ශූට් කරලා.."
" දන්නවනේ ඉතින් කෙල්ල වැඩ්ඩා.. දැන් දහයකට වුනත් ගහන්න පුලුවන්..." කියලා යුහී අවීගේ පපුවට තුරුලු වුනා.
" මැණික.. තුවාලේ පෑරෙයි.."
" ශට් අප්... කාලෙකින් ආවෙත්.."




" බොස් වැඩේ ගැස්සිලා.."
" මං දන්නවා.. තොපිට දෙන වැඩක් හරියට කරගන්න බෑනේ..."
" බොස් අපේ එකා ගැනත් ආරංචියක්වත් නෑ.."
" ඕ.. ෂිට්... ඌව අරුන් අල්ලගෙන ඇති ශුවර් එකටම... ඌ වමාරලාද දන්නෙත් නෑ..."



කොහොමහරි යුහීව ඩිස්චාර්ජ් කරේ දවස් දෙකකට පස්සේ. ඒ වෙනකන්ම එයා ළඟට වෙල හිටියේ අවී.
විනෝද්‍යාත් ලංකාවට යන එක ප්‍රතික්ෂේප කරලා ලන්ඩන්වල එයාලාගේ ගෙදර නැවතුනා. යුහීව ඩිස්චාර්ජ් කරාට පස්සේ එහාට එක්ක ගියා.

" මොකෝ...." යුහී ඇහුවේ අවී දැන් සෑහෙන වෙලාවක ඉඳන් යුහී දිහා බලන් ඉන්න හින්දා.
" ආයේ කවදා දකින්න වෙයිද දන්නෑනේ මැණික... මට ඔයාව දාලා යන්නත් ලෝබයි...." කියලා කිව්වේ කෙල්ලගේ කම්මුලක් සියුම්ව පිරි මදිමින්.
යුහී හිතන් හිටියේ එයාට ඇටෑක් කරේ අවීගේ දේශපාලන තරහාකාරයෝ කියලා.
" මාත් පහුගිය දවස් දෙකේ ඕක තමා කල්පනා කරේ මැණික... ඒත් මං දේශපාලනේ ඉන්න තරමට තමා මට ඔයාගේ ආරක්ෂාව තහවුරු කරන්න පුලුවන්...."
" ඒත් අවී..."
" ෂ්ෂ්ෂ්...." අවී කෙල්ල කියන්න ගියපු එක නවත්තලා,
" මං දවසක ඔයාට හැමදේම කියන්නම්... මම දැන් යන්න ඕනා... " කියලා කිව්වා.
කෙල්ලගේ ඇස්වල කඳුලු පිරුනා. අවී ඒත් එක්කම කෙල්ලගේ තොල් අල්ලගත්තේ කෙල්ලත් ඒකට අනුබල දෙද්දී..

ටික වෙලාවකින් කෙල්ලගෙන් ඈත් වුන අවී කෙල්ලගෙ නළලත් සිපගෙන,
" පරිස්සමින් ඉන්න මැණික... මං ඔයාගේ ගාඩ් එක වැඩි කරලා තියෙන්නේ.. තුවාලේ හොඳ වෙනකන් කොහෙවත් යන්න එපා... වැඩ ටික පස්සේ බලාගන්න පුලුවන්...මං ආන්ටිටත් කියලා තියෙන්නේ... පරිස්සමින් ඉන්න මැණික..." කියපු අවී කෙල්ලව කාමරේ තනි කරලා ගියා.

අවී එළියට යනවත් එක්කම යුහී අඬන්න ආවේ කෙල්ලට ආදරේ කරන අය ළඟින් ඉන්න විදිහක් නැති හින්දා...

ඒ වගේම කෙල්ල නොදන්නවා වුනාට ආදි මේ හැමදේම බලාගෙන හිටියේ... ඒත් තාම ආදි කෙල්ල ඉස්සරහට නම් ආවේ නෑ...



මේ විදිහට තව සතියක් විතර ගෙවිලා ගියේ කෙල්ලගේ තුවාලයත් හෙමින් සුවවෙද්දී. මේ සතියටම කෙල්ලට ගෙදරින් එළියට බහින්න නම් විනෝද්‍යා ඉඩ දුන්නෙ නෑ..
කෙල්ලගේ යාලුවෝ විඩෙන් විඩේ ඇවිත් කෙල්ලව බලලා ගියා.
හසූ නම් දවස ගානේ ආවා. එකම ගෙදර හිටියත් කෙල්ල තාම ආදිව දැක්කේ නෑ.

දවසක් කෙල්ල විනෝද්‍යා එක්ක කතා කර කර කිචන් එකට වෙලා හිටියා.

" අනේ දෝණි අයියට කන්න එන්න කියන්නකෝ... රූම් එකේ ඇති එයාගේ... මෙහෙ ඉඳන් කෑගහන්න එපා ළඟට ගිහින් කතා කරන්න Online meeting එකක වගේ හිටියොත් බැනුම් කෝටියයි..."
කෙල්ල හෙමින් හෙමින් පඩිපෙල නැගලා ආදිගේ රූම් එක ළඟට ගියා.


" ඔව් බන්.. ඒකි හිතන් ඉන්නේ මං ඒකිට ලව් කියලා.."
-------------------------
" පිස්සු ද බන්.... මට පිස්සු ඇයි ඒ වගේ ##$$ක්ට ලව් කරන්න... ඕකි තව වැඩිකල් රඟන්නෑ... මට ඕන දේවල් කරගත්තට පස්සේ ඒකිවත් ක්ලෝස් කරලා දානවා...."
-------------------------
" ආ... ඔව්... ඌ ලංකාවට එනවා කිව්වා.. මාත් නෑනේ... පොඩ්ඩක් බලපන් ඈ... "
------------------------
" ඔව් ඌ දන්නවා... අරූව පරිස්සම් කරපන්කෝ... "
----------------------
" පිස්සු ද යකෝ... මං මෙහෙ පැළ වෙන්නේ නෑ එනවා.... එට්ගකන් ඉඳපන්... මට ඕකව මගේ අතින්ම මරලා දාන්න ඕනා..."
---------------------
"හා හා තියපන් දැන්..." කියලා කෝල් එක කට් කරලා හැරුනු ආදි දැක්කේ තමන් දිහා බලන් ඉන්න යුහීව...

මේ අවුරුදු දෙක හමාරට යුහී වෙනස් වෙලා තිබ්බා... කොණ්ඩේ ලේයර් කපලා කලර් කරලා.... ඇඟ ලස්සනට මේන්ටේන් කරලා... ඇත්තටම යුහී කලිනුත් ලස්සනයි තමා ඒත් දැන් සුරංගනාවියක් වගේ...


" ආ ලව්... හොරෙන් කෝල් අහන් ඉන්නවා නේ..." කියලා ආදි ඇහුවේ කෙල්ල ළඟට යන ගමන්.
කෙල්ලත් ආදිව දැක්කේ අවුරුදු දෙක හමාරකට පස්සේ. ආදිගේ මැර පෙනුම තවත් වැඩි වෙලා ආදි කොණ්ඩෙයි රැවුලයි වවලා හින්දා...


කෙල්ල පස්සට පස්සට යන ගමන්,
" මම එද්දි ඇහුනා... මේ... හිතල... අහන් හිටියේ... නෑ..."

ඉස්සර හිටිපු යුහී නොවුනත් දැන් හිටියේ ආදි ඉස්සරහා ඒ පරණ කෙනාම එන්න වැඩි වෙලා යන්නෑ. මොකද කෙල්ල ආදිට ඒ තරන් බයයි.

" ඕකෙ... සෑහෙන කාලෙකින්නේ දැක්කේ... තමුසේ තව ලස්සන වෙලානේ..."
කෙල්ල පස්සට පස්සට ගිහින් අන්තිමට බිත්තියෙම හැප්පුනා.
" අයියේ ඔයා ටීෂාට ආදරේ කරන්නෙ නැද්ද..." 
" පිස්සු ද ලව්... තමුසේ ඉද්දි මං මොකටද වෙන උන්ට... අනික මං ඔය ආදරේ කියන එක විශ්වාස කරන්නෙත් නෑ... ඉතින් only sex... "

ඒ වචන ටිකට නම් කෙල්ලවත් සීතලා වෙලා ගියේ ආදි ඒක කෙල්ලගේ කනට කරලා රාගික කටහඩකින් කිව්ව හින්දා.

ඒ නිසාම කතා මඟ අරින්න ඕන හින්දා කෙල්ල,
" අයියේ... මේ... අම්මා... කන්න එන්න... කිව්වා..." කියලා කෙල්ල ශේප් එකේ එතනින් පැනගන්න හැදුවත් ආදි යුහීව බිත්තියට තද කරගත්තා.

තුවාලේ හින්දා යුහීට තද ඇඳුම් අඳින්න බැ... ඒ නිසා කෙල්ල ඇඳන් හිටියේ ස්කිනියක් උඩින් කෝට් එකක්... ඒ කෝට් එක දැල් දැල්....

ඉතින් ආදි බලන් හිටියේ ඒ හරහා පේන කෙල්ලගේ ඇඟ දිහා..

කෙල්ල එකසිය ගාණට ගැහෙනවා දැන්...

ආදි එකපාරටම කෙල්ලගේ තුවාලේ උඩින් තොල් තිබ්බේ කෙල්ලව සීතල වෙලා යද්දී..

" තමුසෙට ගොඩාක් රිදුනද..." කියලා ආදි ඇහුවේ තුවාලේ මතුපිටින් මෘදු ව අතගාන ගමන්.
කෙල්ල මුකුත් නොකියා හිටියේ ආදිගේ හැසිරීම අද වෙනස් හින්දා.
" තමුසෙටත් අරූවම ලොකු වුනානේ... දැන් වෙඩිත් කාලා... ඇත්තමයි....අට ඌව මරන්න තරන් තරහක් තියෙන්නේ... තමුසේ දැන් ඇහුනු ඒවා එකක්වත් අම්මට කියන්න එපා.. තේරුනානේ..."
කෙල්ල ඔලුව වැනුවා...
" ගුඩ්... ඒත් තමුසෙට යන්න දෙන්න බෑ..." කියලා කිව්වේ කෙල්ල ආදිගේ අත යටින් රිංගලා යන්න හදද්දී අල්ලගෙන...
" තමුසේ මගේ විතරයි... තේරුනානේ... අරූව අමතක කරලා දානවා..."
" අයියේ... මාව අතහරින්නකෝ..."
එකපාර ආදි කෙල්ලගේ තොල්වලට බර වුනේ කෙල්ල එතනින් යන්න දඟලද්දී...


ඊටපස්සේ කෙල්ලත් එක්කම පහළට ගියපු ආදි කෑම මේසෙන් ඉඳගත්තා.
" මං ඒත් බැලුවේ මටම එන්න වෙයිද කියලා... එක්කන් එන්න යවපු දෝණිත් නෑනේ..." විනෝද්‍යා.
" අයියෝ අම්මා මං කෝල් එකක් හිටියේ... මේ හොල්මන කතාවත් කරන්නෙ නැතුව කොල් එක ඉවර වෙනකන් බලන් ඉඳලා..." ආදි.
" ආ.. හරි හරි... මම නේ කිව්වේ..." විනෝද්‍යා.

කෑම කන අතරේ විනෝද්‍යා ආයේ කතාව පටන් ගත්තා.
" පුතා මට ටීෂා දුව කෝල් කරා. ඔයාට කෝල් කරාට ආන්ස්වර් කරේ නෑ කිව්වා..."
" ආ මං දැක්කා අම්මා කෝල් ඇවිත් තිබ්බා.. නිවාඩුව ගන්න ඕන හින්දා මං කෝල් බැක් කරේ නෑ..."
" ආ හරි එහෙනම් කෝල් එකක් ගන්න... මගෙන් ඇහුවේ නම් එන්නැද්ද කියල... ඔයා ලංකාවට යන්න පුතා... මං දෝණිගේ ස්ටඩීස් ඉවර වුනාම එයා එක්කම එන්නම්..."
" අනේ අම්මා... අම්මා ඉන්න ඕන්නෑ.. මට දැන් සනීපයි.. තුවාලෙත් තව ටික දවසකින් හොඳටම හොඳ වෙයි..."යුහී
" නෑ දෝණි... ඔයාව දාලා මට ලංකාවට වෙලා ඉන්න බෑ හිත හදාගෙන... පුතාට අවුලක් නෑනේ... එයාට මම ළඟ ඉන්න ඕන්නෑ..."විනෝද්‍යා 

" ඒක ඇත්ත අම්මා... දැන් වෙඩි වැදුනා ඊළඟ පාර මොනා වෙයිද දන්නෑ... මං අම්මට කලින් කිව්වා මෙහෙම දේවල් වෙයි කියලා..." ආදි.

" හරි හරි... ඔයා ලංකාවට යන්න... ටිෂා දුවත් බලන් ඉන්නවනේ..."
" පස්සේ අම්මා... මම මෙහෙ තව බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න ඉන්නේ ඒකෙත් වැඩත් බලලම මම යන්නම්... මං ඒකේ වැඩ ටික සෙට්ල් කරපුහම අම්මට ඉතුරු ටික බලා ගන්න පුලුවන්නෙ..."
"ඔව් ඒකනම් මට පුලුවන්... දෝණිත් ඉන්නවනේ... ඒක නෙවෙයි දෝණි අවීෂ් පුතා තාම කෝල් කරේ නැද්ද..."
" නෑ අම්මා.. "
මේ වෙනකොට අවීෂ් ලංකාවට ගිහින් සතියකට වැඩි වුනත් තාම යුහීට කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නෑ...
කෙල්ලගේ හිතත් ඒකෙන් ටිකක් එහෙමෙහෙ වෙලා තිබ්බේ.. මොකද අවීගේ ප්‍රපෝසල් එක කෙල්ලට අමතක නෑ..




" ෂික්... අරකි මැරිලා ගියේ නෑනේ... බලන්නකෝ නංගී නුරාගුත් ගිහින් ඒකිව බලන්න... මගේ කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ.."
" ඇයි අවීෂුත් ගිහින් තිබ්බේ... වරංගල අන්කල් අවීෂ්ට නම් පනිෂ් කරලා.. නෝ ෆෝන්.... නෝ කෝල්... "
" අවීෂ්ට එහෙම කරාට නුරාග්ට එහෙම කරන්න කවුරුත් නෑ බන්... මහ ගෑනිත් ඒකිව ඔලුව උඩ තියාගෙනනේ ඉන්නේ... එකිව ඉවරයක් කරලා දාන්න තාත්තා අහපු වෙලේ හා කියන්න තිබ්බේ..."
" මටත් නම් ඒක හිතුනා.."
" ඒක නෙවෙයි දැන් ඔයා ඇයි අවීෂ්ව හම්බෙන්න යන්නෙ නැත්තේ... එහෙම වුනා නම් අපේ පැත්තට නම්මගන්න තිබ්බා.. පේනවනේ මං නුරාග්ව නම්මගත්ත හැටි..."
" ඒකට තව කාලේ තියනව... අනික අවීෂ් කොහොමත් මගේ විතරයි..."
" ඒක නෙවෙයි දැන් අරයා දන්නව ද ඔයා අවීෂ්ව මැරි කරන්න යන්නේ කියලා.."
" ඔව් දන්නවා... අපි දෙන්නා එකතු වෙලා හොඳ ප්ලෑන් එකක් දාලා තියෙන්නේ.. බය වෙන්න එපා..."
" අනේ මන්දා ... මට න තේරෙන්නෑ මොනා කරන්න යනවද කියලා මොනා වුනත් අහුවෙන්නෙ නැතුව කරන්න..."






මේ විදිහට තව අවුරුද්දක් ගෙවිලා ගියා. යුහී ලෑස්ති වෙන්නේ ලංකාවට යන්න..
යුහී ඉක්මනින් ඉගෙන ගන්න කෙනෙක් හින්දා වගේම ඕන පහසුකම් ඔක්කොම ලැබුනු නිසා යුහී දැන් කතිකාචාර්යවරියක්... එ
යා අද ලංකාවට යන්නේ එහෙ කට්ටියව සප්‍රායිස් කරන්න. විනෝද්‍යාත් සති දෙකක්ට කලින් ලංකාවට ගියේ විනෝද්‍යාගේ නංගිට අසනීප වෙලා හින්ද..
කෙල්ල විනෝද්‍යාටත් හොරෙන් අවීගේ ගාඩ්ලටත් අවීට කියන්න එපා කියලා තමා මේ ගමන යන්නේ. ඉතින් කෙල්ල ලංකාවට එන එක දැනන් හිටියේ හසූයි අවීගේ ගාඩ්ලයි විතරයි..
අවී පහුගිය කාලේ කෙල්ලට වැඩියෙ කතා කරෙත් නැති තරන්... කෙල්ලට හිතිලා තිබ්බේ අවී එයාව මඟහරිනව ද කියලත්... ඒත් අවීට යුහී ගොඩාක් ආදරෙ කරන නිසා ඒ සිතුවිල්ල යටපත් වුනා.
 ඒ වගේම හසූ තාම ස්ටඩීස් ඉවර කරලා තිබ්බෙ නැති හින්දා එයා ලංකාවට යන්නේ නෑ..

" යූ... "
" ම්ම්ම්..."
" අනේ මාව බලන්න ආයේ එන්න...."
හසූට තනියම හොස්ටල් එකේ ඉන්න බෑ කියලා එයත් පහුගිය කාලේ හිටියේ විනෝද්‍යායි යුහීයි එක්ක..
" හරි මැණික... මං එනවා ඔයාව බලන්න..."
" යූ... මට ඔයාට කියන්න දෙයක් තියනවා..."
" ආ... අර හොරෙන් හොරෙන් කතා කරන කෙනා ගැනද..."
" ඈ... ඒකත් දන්නවද.."
" ආයෙත් අහලා.. හැබැයි කවුද කියලා නම් දන්නෑ කියන්නකෝ ඉතින්..."
" මේ.. යන්න කලින් එයාව හම්බෙලා යන්ද..."
" ඔයාගේ එයාවද..."
" ඕ..."
" හරි යන්කෝ..."
යුහීට ෆ්ලයිට් එක තිබ්බේ රෑට හින්දා හවස දෙන්නම ගියේ හසූගේ එයාව හම්බෙන්න.. ඒ ඇවිල්ල හිටපු කෙනාව යුහීට දැකලා පුරුදුයි කියලා හිතුනත් කවුද කියලා මතක නෑ..

_____________________________________