හත්වැනි දිගහැරුම...❤️
ඒත් එක්කම දෙන්නා රණ්ඩුව නැවැත්තුවේ යුහී කතා කරපු නිසා.
" ඔය දෙන්නා රණ්ඩු වෙන එක නවත්තනවද නැත්තන් මම මැරෙන්නද..."
යුහී හිටියේ බෙල්ලට පලතුරු කපන පිහිය තියාගෙන.
එකපාරටම.....
ආදි යුහීගේ අතින් පිහිය උදුරලා ගත්තේ ඒ පිහියටම ආදිගේ අත කැපිලා ටයිල් එක උඩට ලේ වැටෙද්දී.
" තමුසෙට පිස්සුද..." කියලා ආදී අනිත් අතින් යුහීගේ කම්මුලට ගැහුවේ ඒ පාරේ සැරට කෙල්ල බිම වැටෙද්දි.
"උබ මොන හයියක් අරන් ද යකෝ මගේ කෙල්ලට අත උස්සන්නේ..." අවී ආයේ ආදිව පෙරලගෙන ගහන්න ගත්තා.
අතේ තුවාලේ තිබ්බත් ආදි අතහැරියෙත් නෑ...
"මොනාද යකෝ කියන්නේ.. මේකි මගේ විතරයි... මේ ආදිගේ විතරයි... " කියලා අවී ආදි දෙන්නා ආයේ ගහගත්තා.
යුහී බැරිම තැන මැදට පැනලා අවීව බදා ගත්තේ රණ්ඩුව නතර කරන්න කියලා හිතාගෙන.
"අනේ අවී ප්ලීස්.... නතර කරන්න...."
අවීෂ් කෙල්ලට අවනත වෙලා රණ්ඩු වෙන එක නැවැත්තුවා.
කෙල්ල ඇස් කොණින් වගේ දැක්කෙ ආදි තුවාල අතින්ම බිත්තියට ගහලා උඩට යනවා.
"අයියේ ප්ලීස් දැන් යන්න...." යුහී අවීගෙන් ඉල්ලුවේ අත් දෙක එකතු කරල වඳින ගමන්.
"මං යන්නම්... ඒත් මගේ ප්‍රශ්නවලට උත්තර ඕනා..."
"මං උත්තර දෙන්නම් අයියේ... ඒත් දැන් බෑ.. දැන් අම්ම කොයි වෙලේ හරි එයි... අනේ ප්ලීස් යන්න...."
" හරි මැනික... මං ඔයාව විශ්වාස කරනවා...ඒත් මට ඔයාව මූත් එක්ක දාලා යන්න බෑ..."
"අනේ අයියේ ප්ලීස් තේරුම් ගන්න... මටබොයත් එක්ක එන්න බෑ දැන්... අනේ යන්න අවී..." කෙල්ල අවීගෙන් ඉල්ලුවේ අඬන ගමන්.
"හරි මැණික.. මම යන්නම්... පරිස්සමින් ඉන්න... මම ඔයාට ගොඩාක් ආදරෙයි... ඔයාව දැක්ක දවසේ ඉඳන් මම ආදරේ කරන්නේ... අවුරුදු දෙකක ඉඳන්... මට දැන්ම උත්තරයක් එපා... ඒත් ඉකමනට ඕනේ... මම යනවා..." කියපු අවී කෙල්ලගෙ නළල සිපගෙන ගියා.
අවී යනකන් බලන් හිටපු කෙල්ලට හිතා ගන්න බැරි උනා මේ මොනාද වුනේ කියලා...
ආදිගෙයි අවීගෙයි වලිය...
කෙල්ලගේ ඔලුව විකාර වුනා...
ඊටත් වඩා විකාර වුනේ හැඩිවෙලා තියන සාලේ දැකලා.
කලුවර වැටීගෙනත් එනහින්දා තව ටිකකින් විනෝද්‍යා එයි කියලා කෙල්ලට හිතුනා.
ඒ නිසා විනෝද්‍යා එන්න ඉස්සර වෙලා කෙල්ල ඉක්මනට සාලේ අස් කරා.
බිම මොප් කරලා ලේ පැල්ලම් ඇරියා..
බිත්තියේ තිබ්බ ලේ පැල්ලම දකිද්දී තමා කෙල්ලට මතක් වුනේ ආදිගේ තුවාලේ
ඉකමනට ඒ ලේ පැල්ලමත් පිහලා උඩට යන්න ගියපු කෙල්ල ආයේ නැවතුනේ පඩිපෙල දිගේ තියෙන ලේ පැල්ලම් දැකලා.
තෙත රෙදි කෑල්ලක් අරන් ඒවා පිහගෙන ගියපු කෙල්ල ආයේ පහළට ඇවුත් ලාවට රස්නේ වතුර එකකුයි ෆස්ට් ඒඩ්ස් බොක්ස් එකයි අරන් උඩට ගියේ ආදිට බෙහෙත් දාන්න.
කලින් වෙච්ච දේ මතක තිබ්බ නිසා කෙල්ල දොරට තට්ටු කරත් ආදිගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.
බැරිම තැන කෙල්ල දොර ඇරගෙන ඇතුළට ගියත් කොල්ලා නෑ.
ඒත් කාමරේ පුරාම ලේ පැල්ලම් තිබ්බා.
නිකමට බැල්කනි එකේ බලනකොට ආදි ඉන්නවා බියර් ටින් එකකුත් අතේ තියාගෙන.
"අයියේ..." කෙල්ල කතා කළත් ආදි හැරිලවත් බැලුවේ නෑ. කෙල්ල ඊටපස්සේ වතුර එකත් අරන් ආදි ළඟට ගිහින් රෙදි කෑල්ලක් වතුරෙන් පොඟවලා ආදිගේ මුණේ තිබ්බ තුවාල පිහ දැම්මා.
එකපාර ආදි කෙල්ලගේ අතින් අල්ලගෙන...
"ඇයි තමුසේ දැන් මං ළඟට එන්නේ ආ... යන්න එපැයි තමුසෙගේ අවී එක්ක... ඇයි මං ළඟට ආවේ..." ආදි කෑගැහුවේ කෙල්ලගේ ඇස්වලින් කඳුලු ගලද්දී.
"යමන් එන්නෙපා මං ළඟට.." ආදි කෑගැහුවේ යුහීව තල්ලු කරන ගමන්...
ඒත් යුහී ආපහු ආදි ළඟට ඇවිත් අතේ තිබ්බ තුවාලෙත් හේදුවා.
ආදි සද්ද නොකර හිටියත් කෙල්ල දිහා බලන් හිටියේ ඇසුත් රතු කරගෙන... කෙල්ල ආදිගේගේ ඇස් දිහා නොබලා ඉන්න පරිස්සම් වුනේ....ඒ ඇස් කෙල්ලව ගොඩාක් බය කරන නිසා...
තුවාලවලට බෙහෙත් දාලා ඉවර කරපු කෙල්ල අරන් ආපු දේවල් අරන් ආයේ යන්න යද්දි..
"ඇයි තමුසේ මට දැන් බෙහෙත් දැම්මේ..." ආදි ඇහුවා
කෙල්ල සද්ද නොකර හිටියා..
"කියපන්..." කොල්ලගේ ඒ සද්දෙට බය වුන කෙල්ල කට ඇරියා.
"මම පුරුදු වෙලා ඉන්නේ... එහෙම... නිසා.. මෙතන..කවුරු හිටියත්... මම මේ දේ.. කරනවා..."
"ඕ... එතකොට තමුසේ මට අනුකම්පා කරලද නෙහෙත් දැක්කේ..."
ආදි ඇහුවේ කෙල්ලගේ අතින් අඳින ගමන්..
"අනේ අයියේ... එපා..." කෙල්ල කිව්වේ ආදි එයාගේ තුවාල නොවුන අතින් කෙල්ලගේ ඉණ කොනිත්තපු නිසා.
"මතක තියා ගන්නවා තමුසේ මගේ විතරයි... තමුසෙගේ මේ ඇඟ මගේ විතරයි...තේරුනාද..." ආදි ඇහුවේ කෙල්ලගේ ඇඟ තදින් ආදිගේ ඇඟේ තෙරපවගන්න ගමන්.
පළව්ව්නි වතාවට මෙච්චර පිරිමියෙක් ළං වුන නිසා කෙල්ල ගොඩාක් බය වෙලා හිටියේ. කෙල්ලව වෙව්ලන්න ගත්තෙ ෆිට් එක හැදිලා වගේ... ඒ නිසා ආදි කෙල්ලව අතහැරියේ කෙල්ල ඉක්මනට එළියට දිවලා යද්දී....
කාමරේට දුවපු කෙල්ල කාමරේ දොරත් ලොක් කරලා බාත් රූම් එකට ගිහින් ෂවර් එකත් ඇරලා ඒ යටට වෙලා අඬන්න ගත්තා...
පැයක් විතර අඬලා අඬලා තමා යුහීට දුක ටිකක් හරි තුනී කරගන්න පුලුවන් වුනේ.
අද වෙච්ච දේවල් යුහීගේ හිතට බර වැඩී...
මෙච්චර කල් අනාතයෙක් වෙලා හිටියත් කෙල්ල මීට වඩා ගොඩාක් සතුටින් හිටියා...
ඒත් දැන් ...
යුහී හැමදාම අඬන එක කරන්නේ...