Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Dec 31 2024 @ 08:30

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 12



දොළොස්වෙනි දිගහැරුම...❤️


ඒත් එක්කම නුහීට කෝල් එකක් ආවේ විෂ්ගෙන්.






ඒක දැකපු කවී, 






" ඕන් උබේ බේබි කෝල් ගන්නවා... ආන්ස්වර් කරපන්.."








" අනේ මේ...." කියලා කවීට පාරකුත් ගහලා නුහී කෝල් එක ආන්ස්වර් කරා.






" හෙලෝ විෂ්..."






" මොකෝ කරන්නේ...."








" ම්ම්ම්.... දැන් තමා ඩීන්ගේ ඔෆිස් එකෙන් එළියට ආවේ...."








" අද මොකක්ද කරේ ඒ ගමන... අනේ මන්දා නූ ඔයාට මාසෙකට සැරයක්වත් ඩීන් බලන්න ගියේ නැත්තන් උණ වගේ නේ...."








" හී...හී... ඔයා දන්නනේ මං ගැන හොඳට.... අද නම් ගියේ අර කේටි මඟුලව මෝචරියට දාලා වැහුවා ඒ කේස් එකට..."








" ඕ මයි ගෝඩ්.... නූ ඔයා නම් එන්න එන්න නරක් වෙනවා...."








" ඇයි මං එළවළක්ද පලතුරක්ද නරක් වෙන්න..."








"ම්ම්... මට නම් ඔයා ජම්බු ගෙඩියක්... අර ලැජ්ජ උනාම කම්මුල් රතු වෙන්නේ... මට නම් එතකොට අල්ලන් ඉඹින්නමයි හිතෙන්නේ...."








" ම්ම්ම්.... ආසාව බලන්න එපැයි... එහෙම කරන්න පුලුවන් මගේ බෝයිෆ්‍රෙන්ඩ්ට විතරයි හරිත...."








" ඕහෝ.... ඉතින් මාව ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කරගන්නකෝ...."








ඒ කතාවට නම් නුහීව ටිකක් ගැස්සිලාත් ගියා. නුහී ඉක්මනට බැලුවේ ආයුයි කවීයි දිහා. ඒත් ඒ දෙන්නට මේ වෙනදේ ගැන ගාණක් තිබ්බේ නෑ.






ඒ දෙන්නා බර කයියක හිටියේ...




නුහී කතා කරන්නැති තැන විෂ් කතා කරා...








" හෙලෝ නූ.... මොකෝ දැනටමත් රතු වෙලාද ආ...." ඇත්තටම නුහීව රතු වෙලා හිටියේ..










නුහී කම්මුල් දෙකත් අල්ලලා ඉක්මනට බිම බලාගත්තේ ලැජ්ජාවෙන්... ඒත් නුහීට අමතක වුනා එයා ඉන්නේ කොල් එකක කියලා.....








"හේ.. මොකෝ කතා නැත්තේ...."








" අනේ මේ විෂ් නිකන් ඉන්න අප්පා... ඔයා මාව ජෝක් එකකට ගත්තා..." නුහී නෝක්කාඩුවෙන් කිව්වා.








" නෝ බේබි... නුහී ඇත්තටම මම කියන්නේ මම ඔයාට ආදරෙයි... මම ඔයාට ආදරේ කරන්නේ ඔයාව දැක්ක දා ඉඳන්මයි... මතකනේ එදා බීච් එකේදී... එදා ඉඳන් මම ඔයාට ආදරේ කරන්නේ... I'm serious..."










විෂ් එහෙම කියද්දී නුහීගේ හාට්බීට් එකත් වැඩි වුනා.








මේ වෙනකන් නුහීට ඕනතරන් කොල්ලො ප්‍රපෝස් කරලා ඇති ඒත් කෙල්ලට මේ තරන්... 








" විෂ් what are talking..."








" I said I love you...."








"but..."








" නෑ නූ... ඔයා ඕන තරන් කාලයක් ගන්න... මං බලන් ඉන්නවා... බායි එහෙනම් මං රෑ වෙලා කෝල් එකක් ගන්නම්කෝ..."








කෝල් එක කට් වුනාට පස්සේ නුහී ඈතින් පේන බිල්ඩින් දිහා බලලා ලොකු සුසුමක් හෙලුවා.








" මොකෝ බන්..." කවී කෙල්ලගේ කරටත් අත දාලා එකපාර අහද්දී කෙල්ල ගැස්සිලා ගියා.










" සිරාවටම බන්... මොනාද අරූ එච්චරට කිව්වේ... මොකෝ ප්‍රපෝස් කරාද..." ආයු කිව්වේ නුහීගේ අනිත් පැත්තෙන් ඉඳගෙන කරට අතදාලා.






නුහී එකපාර ගැස්සිලා ආයු දිහා බැලුවේ ආයු කොහොමද දන්නේ කියලා.












Ayu's pov;




විෂ්ගෙන් ආපු කෝල් එක ඉවර වුනාම කෙල්ල ගොඩාක් වෙලා ඈතබලන් ඉන්නවා මමයි කවීයි දෙන්නම බලන් හිටියේ..




ඒ විතරක් නෙවෙයි කෝල් එක අතරේ කෙල්ලගේ මූණේ හැඟීම් වෙනස් වෙච්ච විදිහ හැමදේම අපි බලාගෙන..




ඉතින් මායි කවීයි කෙල්ල ළඟට ගියේ මොකද කියලා බලන්න... ඒත් එක්කම කෙල්ල ලොකු සුසුමක් පහළ දැම්මේ ඇයි කියලා මට නම් හිතාගන්න බැරි උනා... ඒත් එක්කම කෙල්ලගෙන් මම අහපු ප්‍රශ්නෙට කෙල්ල මගේ මූණ බලපු විදිහෙන්ම මට තේරුනා විෂ් කෙල්ලට ප්‍රපෝස් කරලා කියලා...








" නූ ඇත්තටම විෂ් ප්‍රපෝස් කරාද...." කවී අහද්දී කෙල්ල කවී දිහා බලලා හිස සන් කරේ ඔව් කියන්න.






තවත් ඉවසන් ඉන්න බැරි වුන මම කට ඇරියා..






" නූ අහන්න... අපි ඔයාට මුකුත් කියන්නෙ නෑ ඔයා ගන්න තීරණේට... ඔයා දැනටමත් අවුරුදු දෙකක්ටත් වඩා විෂ්ව ආශ්‍රය කරලා තියනවා.. එයාව ඔයාට ගැළපෙනවද නැද්ද කියලා දන්නේ ඔයාම තමයි.. හැබැයි ගන්න තීරණේ හොඳම තීරණේ ගන්න... අනාගතේදී ඔයාට පසු තැවිලි නොවන තීරණයක් ගන්න... උබ මගේ නංගි බන්.. මම කැමති නෑ උබේ ඇස්වලින් කඳුලු වැටෙනවට.. තේරුනානේ... හරිම තීරණේ ගන්න මැණික... "






මම ඒක කියලා ඉවර වෙනවත් එක්කම කෙල්ල මගේ පපුවට තුරුලු වෙලා අඬන්න ගත්තා. 






" නූ ඇයි මේ..."






කෙල්ල කවදාමත් මෙහෙම අඬන කෙනෙක් නෙවෙයි නිසා මම ඇහුවත් කෙල්ල කරේ තවත් මට තුරුලු වෙලා අඬපු එක.








කවී කෙල්ල එක්ක කතා කරන්න හැදුවත් කෙල්ල කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ අඬනවා ඇරෙන්න..






අන්තිමට කීයට හරි අඬලා ඉවර වෙනකන්ම අපි බලන් හිටියා.. 














Nuhi's pov;






මට තුන්වෙනි අයියා වුනේ ආයු වෙද්දී ඒ වගේම මාත් එක්ක මෙච්චර සීරියස් කතා කරපු පළවෙනි දවස අද වෙද්දි මගේ ඇස්වලට කඳුලු ආවෙ ඉබේටමයි...






අන්තිමට මේ තරන් මම හිර කරන් හිටපු දුක මම පිට කරේ ආයුගේ තුරුලේ...






ඒ දෙන්නා කොච්චර මාත් එක්ක කතා කරත් මගේ හිතේ දුක ඊට වඩා වැඩි වුනා. අන්තිමට මම ආයුගෙන් ඈත් වුනාම දෙන්නම මගේ මූණ දිහා බලන් හිටියේ මම උත්තරයක් දෙනකන්....






" මම දන්නෑ අයියේ... මට තේරෙන්නේ නෑ මොනා කරන්නද කියලා... මම විෂ්ට කැමති... ඒත් මගේ හිතේ එයා ගැන ආදරයක් නෑ.. අයියේ මම එයාට මොකද කියන්නේ මට එයාව නැති කරගන්න බෑ අයියේ..."






ආයු මගේ ඔලුව අතගාද්දි මට ඇත්තටම දැනුනේ සහනයක්.. ලොකු අයියයි චූටි අයියයි ළඟ ඉන්නවා වගේ දැනුනේ..






" අහන්න චූටි නංගී... ඒක එයාට කෙලින්ම කියන්න මැණික... ඌ ඒක තේරුන් ගනී... අනික ඌ ඔයාට ඇත්තටම ආදරේ නම් ඕන තරන් කාලයක් බලන් ඉඳී... තේරුනාද එහෙම කට්ටිය නැතුවා නෙවෙයිනේ.... "




ඒක ආයු කිව්වේ කවී දිහා බලන් වෙද්දී කවී ඉක්මනටම බිම බලා ගත්තේ මටත් කවී ගැන දුකක් දැනෙද්දී.






කවී මගේ ලොකු අයියා නවීට ආදරේ කරන්නේ දැන් අවුරුදු පහක ඉඳන් ලොකූ ඒ ගැන දැනන් හිටියත් ලොකූ කැමති වුනේ නෑ.. කවී අදටත් ලොකූ වෙනුවෙන් බලන් ඉන්නවා ඒත්.
















තවත් මාස ගණනක් ගෙවුනේ නුහී ඉල්ලගත්ත අවුරුදු තුනත් ඉවර වෙද්දි...




නුහී විෂ්ට කරුණු පැහැදිලි කරාම විෂුතේ දේවල් තේරුන් ගත්තා. ඒ නිසා දෙන්නා තාමත් හොඳම යාලුවෝ.. 






පුරුදු විදිහටම හවස්වෙලා නුහී විෂ් එක්ක කෝල් එකේ හිටියේ...








" තව ටික දවසයිනේ... ඊට පස්සේ ඔයත් මෙහෙ...." විෂ් කිව්වේ ගොඩාක් සතුටින් කියලා නුහීට තේරුනා.






" ම්ම්ම්.... මම..... තව අවුරුද්දකට විතර එන්නෑ විෂ්...." නුහීට ඒ සතුට නැති කරන්න දුක හිතුනත් කියන්නම වෙන හින්දා කිව්වා.








" මොකක්.... ඒත් ඔයා අවුරුදු 3න් එනවා කියලා කිව්වානේ..."








" ඔව් විෂ්... ඒත් මගේ ස්ටඩීස් ඉවර වෙන්න තව මාස 6ක් විතර තියනවා... ඊටත් පස්සේ මම මෙහේ තව මාස ගාණක් හොස්පිටල්වල වැඩ කරලා තමා එන්න හිතන් ඉන්නේ..."








" ඒත් නූ.... හරි කමක් නෑ... මං එන්නම්කෝ ඔයාව බලන්න... නවීලා දන්නවද මේ ගැන..."








" හ්ම්ම්ම්.... මම ඊයේ රෑ තමා ඒ දෙන්නට කිව්වේ... ඒකෙන් පස්සේ තාම මේ වෙනකන් කෝල් එකක්වත් නෑ... වෙනද දෙන්නා දෙමාරුවට කෝල් දහයක්වත් අරන් ඒත් අද එක්කෙනෙක්ගෙන්වත් නෑ...." නුහී කිව්වේ ටිකක් දුකින්..








" ගණන් ගන්න එපා... මම ශේප් කරල දෙන්නම්කෝ...." විෂ් කිව්වේ නුහීව සනසවමින්.
















තවත් මාස ගාණක් ගෙවිලා ගියේ ආයු වගේම කවීත් නැතුව නුහී තනියම UKවල ඉද්දී.




අන්තිමට නුහී ගෙදර අයට කියලා තිබ්බ දවසටත් සතියකට විතර කලින් වැඩ සේරම ඉවර කරගෙන ලංකාවට ගියේ කට්ටියවම සප්‍රායිස් කරන්න...






එයාපෝර්ට් එකෙන් එළියට එද්දි නුහීට හම්බුනේ එයා හිතුවෙවත් නැති කෙනෙක්...






ඒ සිනේශ්...








" හේයි විස්කී.... after a long time...." 








" ඔහෝ.... හස්කී.... yeah... I think after four years..."








" yeah.. definitely ... තවත් ලස්සන වෙලානේ...."








" thanks mr. haski.... ඉතින් කොහෙද යන්නේ..."








" මම මේ ගිහින් එනගමන්... මම පැරිස් ගියා... ඉතින් මේ අදද ලංකාවට එන්නේ අවුරුදු හතරකට පස්සේ..."








" ම්ම්ම්... ඔව්... ගොඩ කාලෙකට පස්සෙ... එහෙනම් මං ගිහින් එන්නම් mr.husky... පස්සේ කතාකරමුකෝ... ගෙදර අයව සප්‍රායිස් කරන්නත් තියනවනේ..." 






" ok visky... අපි ඉක්මනට ආයේ හම්බෙයි... ඊළඟ competition එකත් එනවනේ...."








සිනේශ්ටත් ඇහැක් ගහපු නුහී ඉක්මනටම කැබ් එකකුත් බුක් කරන් ගෙදර ගියා..






ගෙදර අයව දකින්න ගොඩාක් ආසාවෙන් ඉක්මනටම ආපු නුහී ගෙට ඇතුළු වෙද්දි නම් ගෙදර තිබ්බේ හොඳ තත්ත්වෙක නෙවෙයි....








ගෙදරම මළ ගෙයක් වගේ....






ඒ වගේම නුහී කවදාවත් දැකලා නැති පිරිසකුත් ගෙදර ඇවිත් හිටියා.




නුහී පුදුමෙන් ගාඩ්න් එකෙයි ගේ පුරයි ඉන්න අය දිහා බලමින් ගේ ඇතුළට ගියා.








මේ වෙනකොට තේශ් රනුක් හසූ මේ හැමෝම සාලේ හිටියා..






වෙන දෙයක් හිතාගන්න බැරුව ඇතුළට ගියපු නුහී දැක්කේ ඉස්සෙල්ලම ඇස් දෙකත් රතු කරන් නවී දිහා බලන් ආදිව.




__________________________________________