දහතුන්වෙනි දිගහැරුම...❤️
මේ වෙනකොට තේශ් රනුක් හසූ මේ හැමෝම සාලේ හිටියා..
වෙන දෙයක් හිතාගන්න බැරුව ඇතුළට ගියපු නුහී දැක්කේ ඉස්සෙල්ලම ඇස් දෙකත් රතු කරන් නවී දිහා බලන් ආදිව.
ඒ වගේම සොෆා එකේ ඉඳන් ඉන්න ශාක්‍යා වගේම අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක්.
" තාත්තී...."
නුහීගේ හඬට හැමෝම ගැස්සිලා ගියේ මේ වෙනකන් එයාලා නුහී ආවා කියලා දන්නැති හින්දා.
" සුදූ..."
" නූ..."
" දෝණි..."
හැමෝගෙන්ම ඒ වචන එළියට ආවා වුනත් නුහී බලන් හිටියේ ශාක්‍යා දිහා.
ශාක්‍යා නුහී දිහා බලන් සමච්චල හිනාවක් දැම්මෙ නුහී තාමත් වෙන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව කන්ෆියුස් වෙලා ඉද්දී.
" සුදූ ඔයා කොයි වෙලේද ආවේ...." ආදි ඇහුවත් නුහී තාමත් ශාක්‍යා දිහා බලන්.
" සුදූ..." ආදි ආයෙත් හයියෙන් කතා කරද්දි තමා නුහී ගැස්සිලා ආදි දිහා බැලුවේ..
ඒත් එක්කම යුහී ඇවිත් නුහීව බදාගත්තේ කාලෙකින් දුවව දැක්ක සතුටට.
ඒත් නුහී තාමත් හිටියේ මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුව.
පැත්තකට වෙලා ඔලුවත් බිමට පාත් කරන් ඉන්න නවී වගේම ශාක්‍යා ගෙදර ඇවිත් ඉන්න එක නුහීට ගෙසින් එකකටවත් එන්න බැරි වුනා.
" මේ දුව වෙන්නැති නේද මිස්ටර් සූරිය ආරච්චි...." අර පිරිමි කෙනා අහද්දී ආදි හිස වැනුවා.
" ම්ම්... දුව ගැන අපේ දුව කියලා තියනවා... ඉතින් කොහොමද දරුවෝ..." ඒ කෙනා නුහීගෙන් ඇහුවා.
" මම හොඳින් ඉන්නවා ඒත් මිස්ටර් කවුද.... මම කලින් දැකලා නම් නෑ..." නුහී
" ම්ම්ම්... මම තමයි ශාක්‍යාගේ තාත්තා... ජනිත් හපුගොඩ... "
නුහී ආදි දිහා බැලුවේ මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා අහන්න වගේ.
" එහෙනම් මිස්ටර් සූරියආරච්චි... අපි හෙට හම්බෙලා වෙඩින් එකට ඩේට් එකක් දාගමු... මේක තවත් පරක්කු කරන්න බෑනේ දැනටමත් මාසයක්නේ...."
ඒ පිරිස යන්න ගියාම නුහී කෙලින්ම ගියේ අදි ළඟට,
" තාත්තී ඇයි එයාලා මෙහෙ ආවෙ... අනික මොකක්ද වෙඩින් එකක් ගැන කිව්වේ... මොකද මේ කට්ටියටම වෙලා ගියෙන්නේ..."
නුහී ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දි ආදිට තවත් තරහ ගිහින් කවදාවත් නැතුව නුහීටත් කෑගහලා එතනින් යන්න ගියා.
" අහගන්නවා මොකද වුනෙ කියලා තමුසෙගේ මහ ලොකු අයියාගෙන්ම..."
නුහී කිසි දෙයක් හිතාගන්න බැරුව ඉද්දී යුහී තේශ් වගේම අනික් අයත් ආදිගේ පස්සෙන් ගියේ සාලේ නුහී නවී අවී තුන්දෙනා විතරක් ඉතුරු වෙද්දි.
නවී තාමත් බිම බලන් ඉදී නුහී ගියේ අවී ළඟට.
" චූටි අයියේ මොකද වුනේ..."
අවීගෙන් ඇහුවත් අවී කිසි දෙයක් නොකියා උඩට ගියා.
නුහීට මේ අයගේ හැසිරීම ගැන හිතාගන්න බැරුව අන්තිමට නවී ළඟට ගිහින් නවීගේ උරහිසකින් අත තිබ්බා.
එවෙලේ තමා නවී ඔලුව ඉස්සුවේ...
නවීගේ මූණ දැක්කම නුහීව ඉබෙම පස්සට ගියේ කටටත් අත යද්දි....
නවීගේ කම්මුලක කාගෙහරි අතක ඇඟිලි පහම හිටලා තිබ්බ විතරක් නෙවෙයි ඒ ඇස් ගොරකා මද වගේ වෙලා තිබ්බේ අඬලම...
" ලොකු අයියේ මොකද වුනේ..."
නුහී නවී ළඟට ගිහින් අහද්දී නවී එකපාරම නුහීව බදාගෙන අඬන්න ගත්තා.
නුහීට තේරුනා තමන්ගේ සහෝදරයා ඉන්නේ කියාගන්න බැරි තරන් වේදනාවකින් කියලා.. ඒ නිසා කිසිම දෙයක් නොකියා ඒ ඔලුව අතගාමින් නුහී කල්පනා කරේ මොකද වෙලා තියෙන්නේ කියලා.
පැය කාලක් විතර නුහීව බදාගෙන අඩපු නවී නුහීගෙන් ඈත් වෙලා උඩට ගියා.
නුහී තාමත් වෙන දෙයක් හිතාගන්න බැරුව ඉක්මනට ගිහින් ෆ්‍රිජ් එකෙන් වතුර බෝතලේකුත් අරන් ගියේ නවී අවී දෙන්නාගේ කාමරේට.
ඒ යද්දී කාමරේ හිටියේ අවී විතරක් වෙද්දි නුහීගේ හිතට හීනියට බයකුත් ආවා.
" චූටි අයියේ කෝ ලොකු අයියා...." නුහී එහෙම අහපුහම අවීත් කලබල වුනා.
" ඇයි ඔයත් එක්කනේ හිටියේ..."
" ඔව්.. ඒත් එයා උඩට ආවානේ..."
" ඈ... ඒත් කාමරේට ආවේ නෑ...." නුහී ඉක්මනටම ගියේ නවීව හොයාගෙන.
අවීත් කලබලෙන් නුහීගේ පස්සෙම ගියේ නවීව හොයාගෙන.
දෙවෙනි තට්ටුවෙයි තුන්වෙනි තට්ටුවෙයි අස්සක් මුල්ලක් නෑර නවීව හෙව්වත් හම්බුනේ නැති තැන දෙන්නා කල්පනා කරේ නවී කොහෙද කියලා.
" චූටි අයියේ ලොකූ රූෆ්ටොප් එකේද..." ඒක ඇහුන ගමන් අවී දුවන්න ගත්තේ රූෆ්ටොප් එකට.
නුහීත් දුවන් යද්දී අවී කෑ ගැහුවේ
" අයියේ " කියලා...
මේ අතරේ ආපහු ගෙදර ගියපු ශාක්‍යා හිටියේ පුදුම වෙලා. මොකද ශාක්‍යා හොඳටම දැනන් හිටියා නුහී එන්න තව සතියක් තිබ්බා කියලා.
ශාක්‍යා ගියේ එයාගේ සුදු අයියාව හොයාගෙන.
" සුදු අයියේ... අරකි ආයේ ඇවිල්ලා..."
" මං දන්නවා...."
" වට්... එහෙනම් මට කිව්වෙ නැත්තේ... "
" මාත් දන්නේ අදනේ... මොකද වුනේ...."
" මොනා වෙන්නද... හෙට කට්ටියට වෙඩින් එකට දින දාගන්නවා... වෙඩින් එක ගත්ත දෙන් ඊටපස්සේ මම මගේ වැඩේ ලස්සනට කරගෙන යන්නම්..."
" හ්ම්ම්... හැබැයි සැක නොහිතෙන විදිහට.. කීයටවත් උන්ට ඔයා කවුද කියන එක දැනගන්න තියන්න එපා... "
" සුදු අයියා එනවනේ වෙඩින් එකට...."
" ආයෙත් අහල මම නෑවිත් කොහොමද... මම මගේ චෙස් ඉත්තාව බලන්න අනිවාර්යයෙන්ම එනව..."
" චෙස් ඉත්තා..."
" හ්ම්ම්...."
" ඒ කවුද...."
" නුහිනි සූරියආරච්චි... ඒකි ඉක්මනටම මගේ කරගන්නවා...."
________________________________________