විසි දෙවැනි දිගහැරුම...❤️
මේ අතරේ මේ දෙන්නට නොපෙනෙන තැනක ඉඳන් තව කෙනෙක් මේ දිහා බලන් හිටියා. ඒ වෙන කවුරුත් නෙවෙයි විෂ්.
එයා ඊයේ ලංකාවට ආවේ ආයේ එයාලගේ වැඩ පටන් ගන්න..
" තමුන්ලා දෙන්නා දැන් සතුටු වෙනවකෝ... මේ තමුසෙලා හම්බෙන අවසාන පාර වෙයි..." කියලා විෂ් තමන්ටම කියා ගත්තේ අර ආදරණීය යුවල දිහා වෛරී දෑසින් බලමින්.
දවල් 12 වෙද්දිවත් නුවර යන්න හිතාගෙන නේශ් මේ වෙනකොට මඟ හිටියේ.
මේ හැමෝම එකට එකතු වෙන්නේ ශාන්ගේ දුව සයුමිගේ වෙඩින් එකට. ( ශාන්ව මතක නැත්තන් ආදිගේ යාලුවා.)
ඒත් මඟ යනගමන් හිටපු නේශ්ව කවදාවත් නැතුව කඩුගන්නාවෙදි traffic එකකට අහුවුනා.
" මොකද මේ කවදාවත් නැතුව traffic එකක්...." නේශ්.
" ඒකනේ සර්... ඉන්න බලන්න කාගෙන් හරි අහලා බලමු..." නේශ්ගේ සෙකට්‍රි කුෂේන්.
" excuse me මොකද මේ එකපාර traffic එකක්.." කුෂේන් ළඟ තිබ්බ කඩේකින් ඇහුවා.
" ඉස්සරහා accident එකක් වෙලා සර්.. කාර් එකක් ටිපර් එකක හැප්පිලා හෙළට වැටිලා. ටිපර් එකත් රෝන් සයිඩ් ඇවිත් තියෙන්නේ කාර් එකේ ඩ්‍රයිවර්ටත් නින්ද ගිහින් කියලා තමා කියන්නේ. කාර් එක හෙළට වැටිලා පුපුරලා. මං හිතන්නේ දැන් තමා කාර් එක ගොඩට ගන්න ඇත්තේ. තව ටික වෙලාවක් යයි පාර clear වෙන්න කොහොමත්..." කඩේ මුදලාලි කිව්වා.
" හරි අයියේ thank you..." කියපු කුෂේන් ආයේ නේශ් දිහා හැරිලා.
" සර් දැන් මොකද කරන්නේ වෙන පාරකින් දාලා යනවද නැත්තන් road එක clear වෙනකන් ඉන්නවද..."
"වෙනපාරකින් ගියා නම් හරි හැබැයි.... තව කොච්චර වෙලා යයිද දන්නෑනේ මේක clear වෙන්න... මට මඟ තව වැඩක් තියනවා..." නේශ් කිව්වේ පාර දිහා සැලකිල්ලෙන් බලන ගමන්.
" සර් මං ඉස්සරහට ගිහින් බලන්නද තත්ත්වේ මොකද කියලා..."
" හා බලලා එන්නකෝ..."
කුෂේන් ගියාට පස්සේ නේශ් කාර් එකෙන් බැහැලා පාරේ අයිනට ගිහින් කෝල් එකක් ගත්තේ නුහීට.
ඒත් කෝල් දෙක තුනක් ගත්තත් නුහීගේ phone එක වැඩ නෑ.
කොල්ලාගේ හිතට අමුත්තක් දැනුනේ කෙල්ල කෝල් ආන්ස්වර් නොකර ඉන්නේ නැති හින්දා.
ඒ හින්දා කොල්ලා කෙල්ලගේ driverට කෝල් ගත්තා. ඒත් no answer.
පාරේ තත්ත්වේ බලන්න ගියපු කුෂේන් තාම ආවෙත් නෑ. මේ වෙනකොට කොල්ලාගේ හිත සෑගෙන්න කලබල වෙලා තිබ්බේ.
අන්තිමට කොල්ලා කෝල් එකක් ගත්තේ ආදිට.
" අංකල්... නුහී ඉන්නවද.. මං කෝල් ගත්තට phone එක වැඩ නෑ... හදිස්සි වැඩක්..."
" නුහී තාම ආවේ නෑනේ පුතා... "
" මොකක් අන්කල්... ඒත් නුහී... "
කොල්ලට ඒක කියලා ඉවර කරන්න හම්බුනේ නැත්තේ කොල්ලාගේ ඩ්‍රයිවර් කෑ ගහගෙන කොල්ලා දිහාට දුවන් ආපු හින්ද.
" සර් .. සර්... කුෂේන් සර් කෝල් කරා..."
මේ ගිනි අරන් ඉන්න වෙලාවේ මේ මනුස්සයත් කෑ ගහන කොට නේශ්ගේ තරහත් ඇවිස්සුනා.
" ඉතින් කියනවා ඉක්මනට..." නේශ් කෝල් එක කට් නොකරම driverට කිව්වා.
" සර්.. මේ... සර්..." driver ගොතගගහා කියන්නේ ඉහෙන් කනින් දාඩිය පෙරෙද්දි.
" කියනවා අයිසේ ඉක්මනට...." නේශ් කෑගහද්දී වටේ පිටේ අයත් බලන් හිටියේ බය වෙලා.
" සර් accident වෙලා තියෙන්නේ නුහිනි මිස්...."
" මොකක්...."
නේශ්ට මොකක්ද වුනේ කියල හිතාගන්න බැරුව හිටපු තැනම බිම ඉන්ඳවුනේ කොල්ලාගේ කකුල් දෙකත් එක්කම පණ නැතිවෙද්දී.
" මොකක්... මගේ දුව accident වෙලා කියලාද කිව්වේ..."
මේ අතරේ කෝල් එකේ හිටිය ආදිත් කෑගැහුවේ වෙඩින් එකට ඕන දේවල් ලෑස්ති කර කර හිටපු අයත් බය වෙද්දි.
" නේශ් පුතේ ඔයා කොහෙද ඉන්නේ මට කියන්න ඉක්මනට...."
ආදි කෝල් එකෙන් කැගැහුවත් නේශ්ට ඒ කිසිම දෙයක් ඇහුනේ නෑ නේශ් හිටියේ ශොක් වෙලා.
" සර්.. සර්." driver ඇවිත් තට්ටු කරද්දි තමා නේශ් පියවි සිහියට ආවේ.
ඒත් එක්කම phone එකත් අතහැරලා දාපු නේශ් දිව්වේ accident එක වෙච්ච තැනට.
බිම වැටුනු ෆෝන් එක අරන් ඩ්‍රයිවර් තැන කිව්වේ ආදි තාමත් කතා කරන හින්දා.
නුහී accident වෙලා දැනගත්තම හැමෝම තමන් කර කර හිටපු වැඩත් දමලා ගහලා ආවා.
යුහීව කලන්තේ දැම්මේ තමන්ගේ දරුවෙක්ට කරදරයක් වෙද්දී අම්මෙක්ට දරාගන්න බැරි නිසා. ඒත් නුහී ඒ වෙනකොටත් එයාලගෙන ගොඩක් දුරකට ගිහින් ඉවරයි.
නේශ් පිස්සෙක් වගේ පාරේ තිබ්බ වාහන අතරින් දිව්වේ accident එක වෙච්ච තැනට.
ඈතින්ම පේනකොට භාගෙට පිච්චිලා කුඩුවෙලා තියන කාර් එක නේශ්ගේ හිතේ තිබ්බ බලාපොරොත්තු බිඳිලා ගියා වගේ වුනේ කොල්ලාගේ ගමනත් බාල වෙද්දී.
නේශ් කාර් එක ළඟට ළං වෙදි දැක්කේ පිටිපස්සේ ෂීට් එකේ ඒ වෙනකොට භාගෙට පිච්චිලා මැරිලා ඉන්න නුහීව.
නුහීගේ මූණේ තැනින් තැන පිච්චිලා තිබ්බත් ඒ නුහී කියලා අඳුනගන්න අමාරු වුනේ නෑ...
" මගේ අහී... " කියලා නේශ් නුහී ළඟට දුවන් යන්න යද්දී පොලිසියේ දෙන්නේකුයි කුෂේනුයි නේශ්ව අල්ලගත්ත.
" මට යන්න දීපන් මගේ අහී... මගේ කෙල්ලව හොස්පිටල් එක්ක යන්න ඕනේ... මට යන්න දීපන්.." නේශ් තමන්ව අල්ලන් හිටපු අයවත් තල්ලු කරමින් නුහී ළඟට යන හදද්දී තවත් තුන්දෙනෙක් කොල්ලව අල්ලගත්තේ කොල්ලව ආම්බාන් කරන්න අමාරු හින්දා.
ටිකකින් කෙල්ලගේ මිනිය කාර් එකෙන් එළියට ගත්තේ පොලිස් පරීක්ෂන ඉවර කරලා. නුහී වගේම නුහීගේ ඩ්‍රයිවරුත් අවසන් ගමන් ගිහින් ඒ වෙනකොට ගොඩක් වෙලා.
ඒත් එක්කම ආදිලත් එතනට ආවා.
ආදිලා කීයටවත් හිතුවේ නෑ නුහීට මෙහෙම දෙයක් වෙලා ඇති කියලා.
නුහීගේ මිනිය දැක්ක ගමන් ආදිව වැටුනේ හාට් ඇටෑක් එකක් ඇවිත්. අවී නවී දෙන්නත් කෙල්ලගේ මිනිය බදාගෙන අඬ අඬ සිහිය නැතුව වැටුනා.
මේ වෙනකොට නේශ්ටත් තමන් පණටත් වඩා ආදරේ කරපු කෙනාගේ මිනිය ඇස් ඉස්සරහා තියනවා දැකලා සිහි විකල් වෙලා හිටියේ.
දවස් තුනකට පස්සේ නුහීගේ ආදහන කටයුතු සිද්ධ වුනා.
නුහීව ආදහනය කරත් මේ අයට නුහී නෑ කියන එක දරා ගන්න බැරිවුනා.
නුහී නැතිවුනා කියන ආරංචිය කන ගැටුනු වෙලේම ආපු ශොක් එකට යුහී පැරලයිස් වුනේ වගේම ආදි පැය ගානක් ජීවිතෙත් එක්ක සටන් කරලා තාමත් රෝද පුටුවේ ඉන්නේ පවුලේ කොටු ඇට පෙළටම හානිවෙද්දී.
පවුලේ හුරතලිය වෙච්ච නුහීගේ වෙන්වීම මේ කිසි කෙනෙක්ට දරා ගන්න පුලුවන් වුනේ නෑ.
ආදහන කටයුතු සේරම ඉවර කරලා කට්ටියම ආපහු ගෙදර ඇවිත් හිටියේ.
ගෙදර හැමෝම කරේ සද්ද බද්ද නැතුව සාලේ එල්ලලා තියන නුහීගේ ෆොටෝ එක දිහා බලන් ඉන්න එක.
මේ වෙද්දි හැමෝම දැනන් හිටියා නුහී නේශ් දෙන්නා ආදරේ කරා කියලා. මොකද කොල්ලා කෙල්ලගේ මිනිය ගාවින් එක විනාඩියකටවත් හෙල්ලුනේ නෑ... ආදහනය කරන්නත් ඉඩ දෙන්නේ නැතුව සෑහෙන කලබලයක් කරා.... කොල්ලා ගෙදර ආපු වෙලේ ඉඳන් කරේ කෙල්ලගේ අතට කොල්ලා දාපු මුද්ද දිහා බලන් කල්පනා කරපු එක.
(මතකද ළමයි අර නිල් පාට ගලක් අල්ලපු මුද්ද... ඒක හොඳට මතක තියාගන්න....)
ඒත් එක්කම මෙච්චර වෙලා තිබ්බ නිශ්ශබ්දය බිඳිලා ගියේ නේශ්ට ආව කෝල් එකකින්.
කවුද කතා කරන්නේ කියලාවත් බලන්නෙ නැතුව කොල්ලා කෝල් එක answer කරේ loud speaker දාලා.
" හෙලෝ මිස්ටර් සිනේශ්... ඉතින් කොහොමද...."
ඒ කෝල් එකෙන් ඇහුන කටහඬට හැමෝම කලබල වෙලා බැලුවේ ෆෝන් එක දිහා.