Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Feb 11 2025 @ 10:07

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 21



විසි එක්වැනි දිගහැරුම...❤️


" හරි පුතා ඒත් එක ප්‍රශ්නයක් තියනවා..."


" මොකක්ද අන්කල්..."


" කෝ රාගව්..." 


" රාගව්...."


" දැන් බොරුවක් කියන්න ලෑස්ති වෙන්න එපා... කෝ ඌ..."


" මේ... හරි හරි.... අපි රාගව්ව...."


" මැරුවද...."


" පිස්සුද අංකල් ඌ අර සැපේ ඉන්නවා...." කියපු නේශ් මීටදවස් ගාණකට කලින් ඒ කියන්නේ ශාක්‍යා මැරෙන්න දවස් දෙකකට කලින් නුහී නේශ් දෙන්නා කරපු වික්‍රමේ කියන්න පටන් ගත්තා.






එදා නුහී නේශ් දෙන්නා wonderland club එකට ගියේ රාගව් ඩ්‍රග් ඩීල් එකක් කතා කරන්න එනවා කියලා දන්න නිසාමයි. මේ දෙන්නට ඕන වුනේ ඒ ඩීල් එක නතර කරන්න නෙවෙයි රාගව්ව අල්ලගන්න. 


රතු පාට සරාගි ඇඳුමක් ඇඳගත්ත නුහී බාර් එකේ රාගව්ට එයාව හොඳට පේන තැනකින් ගිහින් ඉඳගත්තේ නුහීට රාගව් බැල්ම දාගෙන ඉන්නේ කියලා දන්න හින්දා.


හිතුවා වගේම ඒ වැඩේ ගොඩ. නුහී එතනට ගිහින් විනාඩි දෙකක් යන්නත් ඉස්සෙල්ලා රාගව්ව තමන් වෙත ඇඳගන්න නුහීට පුලුවන් වුනා. 


නුහී දිහා ටිකක් වෙලා බලන් හිටපු රාගව් නුහී ළඟට ආවේ ක්ලබ් එකේ වැඩ කරන කොල්ලෙක්ගෙන් රූම් එකක කී කාඩ් එකකුත් ඉල්ලගෙනමයි.




ඒත් රාගව් නොදැන හිටිය දේ තමා ඒ කොල්ලා නේශ් කොල්ලෙක් කියලා. නුහීටත් ඇහැක් ගහලා නේශ් ගියේ රාගව් ගත්ත රූම් එකට. 




ඊටපස්සේ අපේ නුහී එයාගේ ඇක්ටික් ස්කිල්ස් හොඳට පෙන්නන්න ගත්තා.




" මට තව එකක්... " කියපු නුහී බාර් එකේ හිටපු කොල්ලාගෙන් තව විස්කි එකක් ඉල්ලගත්තේ කලින් ඉවර කරපු වීදුරු පහත් පේන විදිහට තියලා. 




" ඕ බේබි මොකෝ මේ... මොකද ඔච්චර බොන්නේ..."


" ඕ... මේ මිස්ටර් රාගව්නේ... සිට් සිට්... මල්ලි මේ සර්ටත් එකක් දෙන්න.."


බාර් එකේ කොල්ලා කලින් ලෑස්ති කරලා තිබ්බ බෝතලේකින් රාග්ව්ට විස්කි දාලා දුන්නා. මේ කොල්ලත් නේශ්ලාගෙම තමා.


නුහී කරෙත් මෙච්චර වෙලා විස්කි බොනවා කියලා ඇපල් ජූස් බීපු එක..




නුහී රාග්ව්ට පේන්න තව තවත් අරන් බිව්වේ තමන් හොඳට මත් වෙලා ඉන්නේ කියලා පෙන්නන්න..


"මිස්ටර් රාගව්... කවදාවත් ආදරේ කරන්න නම් යන්න එපා..." රාගව්ගේ උරහිස උඩින් අත තියන ගමන් නුහී කිව්වා.


" ඇයි ස්වීටී මොකෝ වුනේ... කොල්ලා බූට් එකවත් තිබ්බද...."


" පිස්සුද හලෝ... ඒත් එයා දැන් ඉස්සර වගේ නෑ... හරිම නපුරුයි..." නුහී රාගව්ට තවත් ළං වෙමින් කිව්වා. 


" ඉතින් ඔයා වෙන කෙනෙක් ට්‍රයි කරා නම් හරිනේ..." රාගව් නුහීගේ කනට කරලා කිව්වා.




දැන් තමා වෙලාව කියලා තේරුන නුහී,
"ම්ම්... ඒක නම් හොඳයි තමා ඒත් මට දැන් නිදිමතයිනේ..ම්.." කියමින් රාගව්ගේ ඇඟට වැටුනා.
රාගව් නුහීගේ ඒ වැඩේට හොඳට ඇන්දුනා. නුහීව වඩා ගත්ත රාගව් ගියේ එයා ගත්ත කාමරේට.


ඒත් ඉතින් නුහීව ඇඳ උඩින් තියන්න විතරයි හම්බුනේ රාගව්ව ඇඳගෙන වැටුනා.


අර රාගව් බීපු එකේ තිබ්බ පවර් එක තමා.




නේශ් මුළු සිද්ධියම ආදිට කිව්වට පස්සේ,
" ඇත්තමයි උබලා CID එකේ හිටියට වැඩ කරන්නේ අපරාධකාරයෝ වගේ.. කෝ දැන් ඌ..."


" ආ එදා ඉඳන් තාම කරුවල කාමරෙක දාල ඉන්නේ... ඌවත් දන්නෑ ඌව පැහැරගත්තේ කවුද කියලා... මේ වෙච්ච කිසිම දෙයක් ඌ දන්නෑ.."


" ම්ම්.. එහෙනම් කමක් නෑ.. ඌව මරන්නෙපා ඌ තමා අපිට දැන් ඉන්න එකම තුරුම්පුව... හරි කොල්ලෝ එහෙනම් ගිහින් එන්නකෝ..."


"හරි අංකල්..."










මේ විදිහට තවත් සති කිහිපයක් ගත වුනේ කිසිම හැලහොල්මනක් නැතුව.


කවීගෙයි නවීගෙයි රෙජිස්ටේෂන් එකත් ඒ අතරේ සිද්ධ වුනා.


නුහීගෙයි නේශ්ගේයි ආදරෙත් ඒ අතරේ හිමීට ගලාගෙන ගියේ කාටත් රහසින්. 




කුණාටුවකට කලින් පරිසරය හරිම නිහඬයි කියනවනේ... ඉතින් මෙයාලා නොදන්නවා වුනාට මෙයාලට ලොකු කුණාටුවක් එන්න යන්නේ... 




මේ වෙනකොට ශාක්‍යාගේ මරණය වෙලා මාස පහක්. නිශූගේ බඩට මාස හතක්. 




පොලිසියෙන් බේරිලා ගියපු විෂ් මේ වෙනකොට හිටියේ මාලදිවයිනේ. ඉතින් නේශ්ලා කොහෙවත් හෙව්වත් විෂ්ව හම්බුනේ නෑ. විෂ් මේ වෙනකොට වෙනම ප්ලෑනක් ගහලා තිබ්බේ.




" හෙලෝ ප්‍රොෆෙසර්... මොකෝ තත්වේ දැන්..."


" තව සතියයි... ඔක්කොම ලෑස්ති..."


" ඒ ඔක්කොම ඉවරයක් කරලා දාන්න කොච්චර කාලයක් ඕනද..."


" මිස්ටර් විෂාන් මට හරියටම කියන්න බෑ... ඒත් මට හිතෙන්නේ අවුරුදු 05ක් 06ක්වත් යයි අවම...."


" අවුරුදු 05... ම්ම්... හරි ලබන සිකුරාදා වෙද්දී ඔක්කොම රෙඩි... මට වැඩේ නීට් එකට වෙන්න ඕනේ තේරුනානේ..."


" ඔව් මිස්ටර් විෂාන්..."


විෂාන් මේ වගේ උඟුලක් අටවද්දී මෙහේ නුහී නේශ් එක්ක ආදරණීය කාලයක් ගෙව්වා.




නුහී හොස්පිටල් එකේ වැඩ ඉවර කරලා එයාගේ ගෙදර ආවේ නේශ් එහාට එනවා කිව්ව හින්දා. නේශ් එනකන් නුහී උයන්න ගත්තේ නේශ් තමන් උයන කෑම කන්න ආස බව දන්න නිසා.


මොකද මේ ඒ දෙන්නා හම්බෙන පළවෙනිපාර දෙවෙනි පාර නෙවෙයිනේ.


උය උය ඉන්න අතරේ නුහීට ඩෝ බෙල් එක වදිනවා ඇහුන නිසා කිචන් එකෙ තිබ්බ ස්ක්‍රීන් එකෙන් බලද්දී නේශ් ඇවිත් කියලා දැක්කා.


කෙල්ල ගිහින් දොර ඇරපු ගමන් නේශ් දික් කළේ කෙල්ල ආසම චොක්ලට් මිල්ක්ෂේක් එකයි මල් පොකුරකුයි. ඒ දෙක ගත්ත ගමන් නේශ් කරේ දොර වහලා කෙල්ලව දොරට හේත්තු කරන් කෙල්ලගේ තොල්වලට බරවුන එක. විනාඩි දහයක් විතර කෙල්ලව කිස් කරපු කොල්ලා ආයේ කෙල්ලගේ මූණ දිහා බලන් හිටියේ තව වටයක් යන්න..




" හෝව් හෝව් මිස්ටර් නේශ්... මම උය උය හිටියේ ඉස්සරවෙලා වොෂ් එකක් දාගෙන එන්න ගිහින්..."


" ඉතින් අපි දෙන්නම යන්කෝ...." නේශ් කෙල්ලගේ බඳ වටේ අත යවමින් කිව්වා.


ඉක්මනට නේශ්ගෙන් ඈත්වෙච්ච කෙල්ල,
" යන්න යන්න හඩ්ඩෝ මං වොෂ් දාලා ඉන්නේ...." කියලා මිල්ක්ෂේක් එකත් කටේ ගහන් කිචන් එකට ගියා.


ටික වෙලාවකට පස්සේ කෙල්ලගේ බඳ වටේ නේශ්ගේ සීතල අත් දෙක ගියේ කෙල්ලව එකපාරටම ගැස්සිලා.


" චුට්ටක් ඉන්න තව විනාඩි පහයි... කන්න පුලුවන්..."


" මට ඕනා ඕවා කන්න නෙවෙයි දැන් මට ඕනේ ඔයාව කන්න... " නේශ් නුහීගේ කනට කරලා කොඳුරද්දී කෙල්ලගේ ඇඟට කරන්ට් වැදුනා වගේ වුනා.


ඒත් ඒක නොපෙන්නපු කෙල්ල නේශ්ගේ පැත්තට හැරිලා,
" මාව කන්න පුලුවන් ඊටකලින් බත් කන්න ඕනා... හරිද..." නේශ්ගේ නහයට තට්ටුවක් දාලා කියපු නුහී ආයේ වැඩ පටන් ගත්තා.




නුහී උයලා ඉවර වෙලා බත් එකක් බෙදාගත්තේ දෙන්නටම ඇතිවෙන්න. මොකද නේශ් ආසම නුහී අතින් කන්න...


නේශ්ට බත් කවද්දි කොල්ලා කෙල්ලගේ මූණ දිහාම බලන් හිටියේ හරිම ආදරෙන්. ඒක දැකපු කෙල්ල කොල්ලගෙන් ඇයි කියලා ඇහුවේ ඔලුවෙන්.


" මාව දාලා කවදාවත් යන්න එපා මැණික... එහෙම වුනොත් මාව පිස්සෙක් වෙයි... මේ මාස ගාණට ඔයත් එක්ක ඉඳලා මට මගේ නැතිවෙච්ච අම්මාගේ ආදරේ අඩුව සම්පූර්ණ කරා.. ඔයා හරියට මාව පොඩි දරුවෙක් බලා ගන්නවා වගේ බලාගන්නේ... "




" අයියේ.. ඔයා මට පොඩි දරුවෙක් තමා... ඔයා අනිත් අය ඉස්සරහා මොන වගේ දරුණු චරිතයක් පෙන්නුවත් මං ළඟ මේ ඉන්න කෙනාට තමා හරිම නේශ්... විද්‍යා ඇන්ටි හිටියා නම් ඔයා මේ වගේ තමා ඉන්නේ... "


" ඔව් එහෙම වෙන්න තිබ්බා... අරුන් මගෙ අම්මව මගෙන් වෙන් කරේ නැත්තන්..."


" හරි හරි ඇති දැන්... කෝ මේකත් කන්න.. තව ගේන්න ද අයියේ..." නේශ්ගේ මූඩ් එක අවුල් යන්නේ කියලා තේරුනු නුහී කතාව මාරු කරා.


" මට නම් ඇති මැණික... ඔයා වැඩියේ කෑවේ නෑනේ .... ඔයා තව ටිකක් කමු..."


" අම්මෝ මට ඇති මම මිල්ක්ශේක් එකත් බිව්වා බඩ ෆුල්..."


නුහී ගිහින් භාජන ටික හෝදලා කරල එනකොට නේශ් කෝල් එකක.






" ඇහැ ගහගෙනම ඉඳපන්... උන් මෙච්චර කල් එළියටවත් එන්නෙ නැතුව ඉඳල දැන් ඉන්නේ හොඳකට වෙන්න බෑ..."




" හරි මාව අප්ඩේට් කරපන් මොනා හරි වුනොත්..." කියපු නේශ් කෝල් එක කට් කරලා නුහී දිහාට හැරුනා.




" විෂාන්ගේ ගෝලයෝ ආයේ එළි බැහැලා... "


" වට් හොඳකට නම් වෙන්න බෑ..."


" ඔව් ඒක තමා... කෝකටත් අංකල් කියමු එයාලාගේ security එක වැඩි කරගන්න කියලා... ඔයා හෙට යනවනේ..."


" ඔව් උදෙන්ම යන්න ඕනේ 10 විතර වෙද්දිවත් එහාට යන්න..."


" මාත් එනවා නුවර මම මෙහෙන් පිටත් වෙද්දිත් 10 පහුවෙයි..."


"ම්ම්... මේ අයියේ... අපි දෙන්නා කොහෙහරි ට්‍රිප් එකක් යන්...."


" හනිමුන් ට්‍රිප් එකක්ද..." කොල්ලා ඇහුවේ කෙල්ලගේ දෙතොල්වල ඇඟිලිතුඩු තියන ගමන්..


" ම්ම්ම්... එහෙම හරි කමක් නෑ..."


කොල්ලා ඒත් එක්කම කෙල්ලගේ දෙතොල්වට බර වුනේ අනුරාගි ගෙවන්න මුලපුරමින්.






පහුවදා උදේ නුහී නුවර යන්න ලෑස්ති වුනා.


නුහීව කාර් එක ළඟට එක්කන් ගියපු නේශ් නුහීගේ නළල සිප ගෙන,
" මුකුත් කෑවෙත් නෑ මැණික ඔයා..."


" බඩගින්නක් නෑනේ අයියේ... "


" එහෙම කියලා හරියන්නෑ දැන් කලන්තේ දාන්නත් ගියා නේද... මගින් මොනාහරි කන්න ඕනා.. හරීෂ් මෙයාට කන්න අරන් දෙන්න.." කියලා නේශ් driverටත් කිව්වා.


" හරි හරි අයියේ.. මං කන්නම්... ඔයා පරිස්සමට එන්න හරිද... "


" හරි හරි... " කියලා නේශ් ආයේ නුහීව සිප ගත්තා.






මේ අතරේ මේ දෙන්නට නොපෙනෙන තැනක ඉඳන් තව කෙනෙක් මේ දිහා බලන් හිටියා.


ඒ වෙන කවුරුත් නෙවෙයි විෂ්.


එයා ඊයේ ලංකාවට ආවේ ආයේ එයාලගේ වැඩ පටන් ගන්න..




" තමුන්ලා දෙන්නා දැන් සතුටු වෙනවකෝ... මේ තමුසෙලා හම්බෙන අවසාන පාර වෙයි..." කියලා විෂ් තමන්ටම කියා ගත්තේ අර ආදරණීය යුවල දිහා වෛරී දෑසින් බලමින්.