අටවැනි දිගහැරුම...❤️
" හොඳයි තාත්ති මං තීරණයක් ගත්තා..." ටික වෙලාවක් කල්පනා කරපු නුහී කිව්වා.
" මොකක්ද දෝණි..."
" තාත්තී මට අවුරුදු 3ක් ඇතුළත මගේ මෙඩිසින් ස්ටඩීස් සේරම ඉවර කරගන්න ඕනා.. මම කිව්වේ ස්පෙශල්ස් එක්කම..." නුහී.
" මේකි තනිකර යූම තමයි.... මේකටත් ඕන වුනේ ඉක්මනට ඉගෙනගන්නනේ...." හසූ කිව්වා.
" ඒක නම් ඇත්ත... හැබැයි වැඩිපුර තියෙන්නේ තාත්තාගේ ගති...." තේශ්.
" හරි හරි.... දෝණි ඔයාට ඕන විදිහට ඒක කෙරෙයි හැබැයි ඔයාට පිටරටකට යන්න වෙනවා... මොකද ලංකාවේ ඉඳන් ඔය දේවල් කරන්න අමාරුයි..." ආදි කිව්වේ මූණේ බැරෑරුම් පෙනුමකුත් එක්ක.
" ඔව් තාත්තී මං දන්නවා... මං ඒකටත් රෙඩි... අම්මියි තාත්තියි පර්මිෂන් දුන්නොත් මට හෙට වුනත් යන්න පුලුවන්..." නුහී.
" එතකොට තමුසේ ඔක්කොම ප්ලෑන් කරලද අපිට කියන්නේ සුදූ.. තමුසෙට අපි දෙන්නව දාලා යන්න පුලුවන්ද..." ඇස් දෙකත් රතු කරන් අවී ඇහුවේ නුහී බය වෙද්දි.
" චූටි අයියේ.. මේ... මට මේ දේ කරන්න දෙන්න ප්ලීස්... මට තව අවුරුදු ගාණක් මේ වෙනුවෙන් අඳින්න බෑ... අවුරුදු තුනයි... ඊටපස්සේ මං හැමදාම ඔයාලා එක්ක ඉන්නවා... ප්‍රොමිස්..." නුහී අවීගේ අතකින් අල්ලගෙන කිව්වා.
" දෝණි එහෙනම් මාත් එන්නම්... ඔයා ඔය ලෑස්ති කරන් ඉන්න දේවල් මටත් එක්කම රෙඩි කරන්න..." යුහී.
" එපා.. සුදූ ඔයා රෙඩි කරන් ඉන්න විදිහට සේරම කරන්න... මටත් හිතෙනවා ඔයා ටික කාලෙකට ලංකාවෙන් පිට වෙලා හිටියොත් හොඳයි කියලා..." ආදි.
" ඒත් තාත්තී..." නවී.
" පුතා ඔයාලා දන්නැති උනාට ඔයාලාගේ ජීවිතවලට මාර රිස්ක් එකක් තියෙන්නේ. මීට අවුරුදු 25කට කලින් අපේ අතින් වෙච්ච මිස්ටේක් එකක් ආයේ ඇවිත්. අනික ඔයාලටත් වඩා නුහී ඉන්නේ අනතුරක. ඒ නිසා එයාට යන්න දෙන්න. මායි ආදියි කොහොමත් නංගිගේ ගාඩ් එක හරි වැඩි කරන්න හිටියේ..." තේෂ්.
" තාත්තී ඔයාලා අපිටත් කියන්නකෝ මොකක්ද ඕක කියලා එතකොට අපිටත් හෙල්ප් කරන්න පුලුවන්නෙ..." නිශූ.
" නෑ නෑ.. ඔයාලා ඕවාට මැදිහත් වෙන්න ඕනෑ පැත්තකට වෙලා ඉන්න... ඒවා තාත්තලා බලා ගනී...." ඉක්මනට මැදින් පැනපු හසූ කිව්වා.
" හරි දැන් ඔය කතාව ඉවරයි... සුදූ ඔයාට යන්න පුලුවන් හැබැයි යන තැන මට දැනුවත් කරලා... ඒ වගේම හැමදාම කෝල් කරන්න ඕනේ...තේරුනාද.... එහෙම කරේ නැත්තන් ඔයා ලංකාවෙම ඉන්න මට පුලුවන් ඔයාගේ ගාඩ් එක වැඩිකරන්න... අනික තමන්ගේ ළමයි බලාගන්න බැරි නම් මම තාත්තා කෙනෙක් වෙන්න බෑනේ..." ආදි කිව්වේ ටිකක් තරහිනුත් වගේ.
තව දවසක් ගෙවුනේ නුහීව හොස්පිටල් එකේ ඉන්න වෙද්දි. පහුවදා උදේ අවී නවී ආයු තුන්දෙනා ආවේ නුහීව බලන්න.
එයාලා නුහී හිටපු රූම් එක බලද්දි නුහී හිටියේ නෑ.
" කෝ බන් සුදූ..." ආයු.
" ඒකනේ.. ඩිස්චාර්ජ් කරෙත් නෑනේ... බලහන් බාතෲම් එකේද කියලා..." නවී.
අවී ගිහින් බාතෲම් එක බැලුවත් ඒකෙත් කවුරුත් නෑ.
" නෑ බන්... ඉඳපන් නර්ස් කෙනෙක්ගෙන් අහලා ඉමු..." කියපු අවී එළියට යන්න ගියත් එතකොටම නර්ස් කෙනෙක් ආවා.
" මිස් නුහිනි කොහෙද.. එයාට බෙහෙත් බොන වෙලාව හරි.." ඒ නර්ස් කියනකොට කොල්ලො තුන්දෙනා තවත් කන්ෆියුස් වුනා.
" අඩේහ් කෝ බන් නංගි... අවී ආයූ පොඩ්ඩක් හොයපන් වටේම.. " කියපු නවී ඉක්මනට එළියට ගියා.
පැයක් විතර නුහීව හොස්පිටල් එක පුරාම හෙව්වත් හම්බුනේ නෑ. බැරිම තැන නවී ආදිට කෝල් කරා.
" හෙලෝ... තාත්තේ... නංගි නෑ..."
" මොකක්..."
" තාත්තේ නංගි හොස්පිටල් එකේ නෑ..."
" දෙයියනේ..."
මේ අතරේ තවත් තැනක...
කට්ට කරුවල කාමරේක වහලේ තියන පුංචි සිදුරකින් ඉර එළිය වැටෙන්නේ ඒ කාමරය මැද පුටුවක ගැට ගහලා සිහිය නැතුව ඉන්න කෙනෙක්ට.
ඒ කෙනා පිරිමි කෙනෙක්ද ගෑනු කෙනෙක්ද කියලා අඳුරගන්න බැරි තරමට ඒ පුංචි ඉර එළියට වඩා අඳුර බලවත්.
පුටුවේ බැඳලා දාලා ඉන්න කෙනාට ගැහුව අයිස් වතුර පාරකින් ඒ කෙනාට සිහිය ආවා.
ඒත් කතාකරන්නවත් බැරි තරන් ඒ කෙනා දුර්වලයි.
කාමරේ පිටතින් ඇහෙන අඩි සද්දයත් මේ කෙනා හදගැස්මත් එකම වගේ. ඒ තරන් වේගෙන් ගැහෙනවා.
කාමරේ දොර ඇරෙනවත් එක්කම ලයිට්ස් ඔන් වුනා.
කාමරේ මැද පුටුවේ හිටියේ....
_________________________________________