හත්වැනි දිගහැරුම...❤️
" මැඩම් ඉක්මනට අපේ රූම් එකට එන්න... මහ විනාසයක් වෙලා මැඩම්..." නුහී ළඟ වැඩ කරන කෙනෙක්ගේ කටහඬ ඇහුනම නුහීගේ නිදිමතත් ගියා. කෙල්ල ඉක්මනට ලෑස්ති වුනේ මොනාවුනත් වෙන්න ඕන්නැති දෙයක් වෙලා කියලා තේරුන හින්දා. එතකොට වෙලාව 10ට විතර. competition එක පටන් ගන්නෙ 12.00ට.
" සුදූ කොහෙද යන්නේ..." නුහී කලබලෙන් පහළට එනවා දැක්ක යුහී ඇහුවා.
" අම්මී competition එක තියන තැනට යන්නේ පොඩි ප්‍රශ්නයක් වෙලා..."
" ඒක තාත්තා බලගනී... කාලා යන්නකෝ..."
" කන්න බෑ අම්මී... මං යන්නම්... එහෙ මොනා වෙලාද දන්නෑ... මගේ ඔලුව නිකන් කම්මලක් වගේ වෙලා තියන්නේ..."
" සුදූ බය වෙන්න එපා වෙන ඕන දේකට මූණ දෙන්න ඕනා... ඔයාට ඒක පුලුවන් තේරුනාද.." කියමින් යුහී නුහීගේ හිස අතගෑවේ දැනටමත් වෙලා තියෙන්නේ මොකක්ද කියලා දන්න නිසා.
" තේරුනා අම්මී..." කියපු නුහී යුහීව බදාගෙන යුහීගේ පපුවට තුරුලු වුනා.
එතකොටම තමා ගාඩ් කෙනෙක් ගේ ඇතුළට ආවේ.
" අනේ අන්කල්.... මගේ රූම් එකේ ලොකු බොක්ස් එකක් ඇති ඒක අරන් කාර් එකෙන් තියනවද... එක්කෙනෙක්ට නම් ගේන්න බැරිවෙයි... දෙන්නෙක්වත් ඕනා... ඒක බරයි... " නුහී ඒ ගාඩ්ට කිව්වා.
" හරි සුදු බේබි අපි කාර් එකෙන් තියන්නම්..." ගාඩ්.
පැය භාගෙකට පස්සේ නුහී fashion show එක තියන තැනට ආවා.
ඉක්මනටම කාර් එකෙන් බැස්ස නුහී එයාගේ කුටිය පැත්තට යන්න ගියා.
ඒ එනකොට නුහීගේ ඉස්සරහට හම්බුනේ ශාක්‍යා.
" ඕ... මිස් නුහිනි.... ගුඩ් මෝනින්..." ශාක්‍යා නිහීට ග්‍රීට් කරේ කට කොණින් හිනාවෙලා.
නුහී දැනන් හිටියත් ඒ හිනාව දැම්මේ මොකටද කියලා එයාත් ශාක්‍යාට ග්‍රීට් කරා.
" ගුඩ් මෝනින් මිස් ශාක්‍යා..." කියපු නුහී තවත් රැදෙන්නේ නැතුව එතනින් ගියා.
කලබලෙන් ආපු නුහී හැප්පුනේ පිරිමි කෙනෙක්ගේ ඇඟේ. ඒත් එක්කම කෙල්ලව විසිවෙලා වැටෙන්න ගියේ දවස් ගාණකින් හරියට ඇඟට කෑමක් බීමක්වත් වැටිලා නැති හින්දා.
" ඔහ්.... ඔයාට තුවාලද... අයිම් සොරි..." කියමින් ඒ කෙනා නුහීව නැගිට්ටුවා.
" ඔහ්.. මේ මිස් විස්කිනේ...." ඒ කෙනා ආයේ කියද්දි මොන ප්‍රශ්නේ තිබ්බේ නුහීගේ දඟකාරකම එළියට පැන්නා.
" ඔහ්.. හස්කී... " කෙල්ල කිව්වේ හීනියට හිනාවෙන ගමන්.
" හස්කී..." ඒ කෙනා ආයේ පුදුමෙන් කිව්වා.
" Yeah... You called me visky... so I called you husky... any problem..."
" No.. no... ඔයා නම් මරු... මාව මතකද... මතක තියෙන්න නම් විදිහක් නෑ... හොඳ සිහියකින් නෙවෙයිනේ එදා හිටියේ..."
" ඈ කවද්ද..."
" ක්ලබ් එකේදී ගිය මාසේ.... මං ගොඩාක් දවස් බැලුවා ඔයා ඊටපස්සේ ආවෙත් නෑනේ...."
" ඔහ් මයි ගෝඩ්... ක්ලබ් එක... එදා තමා මං ෆර්ස්ට් ටයිම් ක්ලබ් ගියේ... ඔයා කොහොමද මාව දන්නේ..."
" ඔයා මගේ ෂොට්ස්වලටත් වැඩේ දුන්නානේ... ඉතින් මං ළඟමනේ ඉඳන් හිටියෙත්...."
" මයි ගෝඩ්.... අයියලා කිව්වේ ඔයා ගැනද එතකොට...."
" මං ගැන... මං ගැන මොනාද කිව්වේ.."
" නෝ නෝ ඒවාගෙන් වැඩක් නෑ... any way... I'm Nuhini Suriya Arachchi..."
" Oh... I'm Sinesh Dunupitiwela...."
" Nice to meet you Mr.Dunupitiwela... But I had to go now... let's chat later... Bye..."
" Bye ms.Visky...."
සිනේශ් එහෙම කියලා ගියාම කෙල්ලට හිනාවක් ගියා.
ආයේ කෙල්ල කුටියට යනකොට ගොඩාක් අය කුටිය වටේම.
කෙල්ල හිමීට ඇතුළට යද්දී හැමෝම ඉන්නවා ඩමියක් වට කරගෙන.
" තාත්තී..." නුහී ආදිත් ඉන්නවා දැකලා ඩමිය ළඟට ගියා.
එතකොට තමා කෙල්ල ඩමිය දැක්කේ. ඇස් දෙකේ කඳුලු පිරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.
ඩමියට අන්දලා තිබ්බේ කෙල්ල අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා design කරපු competition එකට ඉදිරිපත් කරන මේන් frock එක... ඒ ගවුම හැමතැනින්ම කෑලි කෑලිවලට ඉරලා දාලා තිබ්බා... ඒ දේ කරපු කෙනා එතනින් නැවතිලත් නෑ... තැනින්තැන පුච්චලා...
" සුදූ.... අවුල් ගන්න එපා... අපි තියන ඒවගෙන් ට්‍රයි කරමු..." නවී නුහීගේ උරහිසින් අතක් තියලා කිව්වා.
ඇස්වලින් වැටෙන කඳුලු පිහාගත්ත නුහී කට්ටියම ඉන්න පැත්තට හැරිලා,
" ඔයාලා හැමෝම මොකද මේ කරන්නේ... එක design එකක්නේ damage වෙලා තියෙන්නේ... කෝ වැඩ පටන් ගන්න.. modelලව රෙඩි කරන්න... ඉක්මනට.... තව පැයක් විතර තියෙන්නේ...."
මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් නුහී මෙහෙම කතාකරන එක දිහා කට්ටිය බලන් හිටියෙ හරිම පුදුමෙන්.
" දෙයියනේ ඇයි මේ මං දිහා කන්න වගේ බලන් ඉන්නේ... යන යන්න කට්ටියම...."
හැමෝම ගියාට පස්සේ නුහී ළඟට ආපු ආදි,
" සොරි මැණික... මට ඔයා කියලා තිබිලත් හරියට වැඩේ කරන්න බැරිවුනා.."
" අයියෝ තාත්තී සොරි කියන්න ඕන්නෑ... තාත්‍තී ගාඩ් එක දාලානේ තිබ්බෙ... මේක කරේ ළඟම හිටපු එකෙක් තාත්තී.. ඒ හින්දා තාත්ති මොනා කරත් වැඩක් වුනේ නෑ..."
" මොකක්...කවුද ඒ...."
" don't worry තාත්තී.... ඇඟේ ඉඳන් කන කන උන්ට මං ළඟ ඉඩක් නෑ... පරක්කු වෙනවා තාත්තී මං ගිහින් ලෑස්ති වෙන්නම්..." නුහී කතාව මඟ අරින්න ඕන නිසා කිව්ව.
"ඒත් දෝණි derss එක..."
"අර තියෙන්නේ...." නුහී පෙන්නුවේ ගාඩ්ලා දෙන්නෙක් අරන් එන box එක.
කොහොමහරි competition එකත් පටන් අරන් කට්ටියම එයාලාගේ designs පෙන්නුවා. අන්තිමට ඉතුරු වුනේ හැමෝගෙම special design එක පෙන්නන්න විතරයි.
ශාක්‍යා වගේම ගොඩාක් designersලා සතුටින් හිටියේ නුහීගේ design එක damage වෙලා කියලා දන්න නිසා.
මේ වෙනකොට දුන්නු ලකුණුවලින් නුහී ඉස්සරහින් හිටියත් special design එකට තමා වැඩිම ලකුණු ලැබෙන්නේ.
අන්තිමට ඒ අවස්ථාවත් ආවා. අන්තිමට තමා නුහීගේ design එක පෙන්නන්න තිබ්බේ.
නුහීයි එයාගේ ඇසිස්ටන් වර්ෂායි හැර අනිත් හැමෝම බය වෙලා හිටියේ.
අන්තිමට නුහී ආවා....
" what how is it possible...." ශාක්‍යා හිටියේ කෝපයෙන් දැවෙමින්.
" අනේ මැඩම් එහෙම වෙන්න විදිහක් නෑනේ... එයාගේ design එක damage නේ...."
ඇත්තටම කිව්වොත් නුහී මේ පාර කරලා තිබ්බ design එක කලින් එකටත් වඩා perfect. නුහී ඊයේ රෑ එළි වෙනකන්ම කරේ මේ අලුත් design එකට frock එක හදපු එක.
අනික නුහීගේ තිබ්බ විශේෂම දේ තමා එයා එයාගේ special design එකට වෙන modelsලා ගත්තේ නෑ... එයාම තමා model වුනේ... ඉතින් ලස්සන ඇඳුමක් ලස්සන කෙල්ලෙක්... ආයේ වෙන කතා ඔන්නෑනේ....
ගොඩාක් designersලාගේ මූණු අවුල් උනේ මේ පාරත් එයාලට award එක ලැබෙන්නෙ නෑ කියලා දන්න නිසා.
" සුභ සන්ද්‍යාවක් පැමිණ සිටින සියලුම දෙනාට... අද දින ඔබ මෙතෙක් වෙලා බලා හුන් මොහොත් උදාවුනා. අද දින ජයග්‍රාහකයා ප්‍රකාශ කර ඔහුට හෝ ඇයට සම්මානය ලබාදීමට මෙම අවස්තාව සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් ඩයමන්ඩ්ස් ආයතනයේ නව හිමිකරු සිනේශ් දුනුපිටිවෙල මහතාට වේදිකාවට ආරාධනා කර සිටිනවා..."
ඊළඟ මොහොතේ හැමදෙනාම බලන් හිටියේ ඒ කඩවසම් තරුණයා දිහා. සිනේශ් ස්ටේජ් එකට ගිහින් මයික් එක අතට ගත්තා.
" හොඳයි... වැල්වටාරම් ඕන්නෑ... අද දින හොඳම මෝස්ත්‍ර නිර්මාණකරණය සඳහා සම්මානය ලබාගන්නේ..... miss. Nuhini Suriyaarachchi...."
ඒත් එක්කම හතරවටින්ම අත්පොළසන් හඬ නැඟුනේ වේදිකාවට නඟින නුහී වෙනුවෙනුයි.
නුහී stage එකට ගිහින් සිනේශ්ට අතට අත දුන්නා.
" Ms.Visky අදම ආයේ හම්බුනා නේද අපි....."
" ඔව්නේ Mr.Husky.... බලන්නකෝ ඒක පුදුමයක්නේ... මම අදයි දන්නේ diamonds එකේ owner කවුද කියලත්..."
" So... Nice to meet you Ms.Suriya arachchi.... " සිනේශ් අන්තිම කෑල්ල කිව්වේ ටිකක් බර කරලා.
"You too mr.Dunupitiwela...."
සිනේශ්ගේ අතින් සම්මානය අරන් කතාවකුත් කරලා වේදිකාවෙන් බැස්ස නුහීව අයියලා දෙන්නා බදාගත්තා.
" සුදූ ඔයා නම් මාරයි ආ... අපිව surprise වෙන වැඩමයි කරන්නේ...."
" එහෙම තමා මං ඔය දෙන්නගේ නංගිනේ..."
නුහීට හතරවටෙන්ම කට්ටිය විශ් කළා. ඒ වගේම හිතපු නැති කෙනෙකුත් ඇවිත් හිටියා.
" මිස් සූරියආරච්චි congratulations...."
" ඒයි... ඔයා නේද මට එදා බෝලෙන් ගැහුවේ...."
" අයියෝ මිස් ඒක අමතක කරන්නකෝ.... අනික මං ඔයාට හිතලා ගැහුවේ නෑනේ..."
" ආ මේ විෂාන් ඇවිත් ඉන්නේ.... මං හිතුවේ එන්නෙ නැතිවෙයි කියලා..." නවී කිව්වේ නුහීයි විෂානුයි අතරට එනගමන්.
" මීටින් එකක් තිබ්බා නවීෂ් ඉවර වුන ගමන් ආවා..."
" අයියා... ඔයා මොකද මේ මිනිහා එක්ක ඔච්චර හොඳින් කතා කරන්නේ... මේකා මට බෝලෙන් ගැහුවා..." නුහී කිව්වේ තරහෙන් රතුවෙලා.
" අයියෝ සුදූ ඕක වෙලා දැන් කොච්චර කල්ද... අමතක කරලා දන්න ඕක... අනික විෂාන් කියන්නේ හොඳ කොල්ලෙක්... තමුසෙ තරවත් දැඟලිල්ලක් නෑ කොල්ලෙක් වෙලත්..."
" අනේ මේ අයියේ..."
" මිස් සූරියආරච්චි... ප්ලීස් මට සමාවෙන්න... ඔයාට මොනාද වෙන්න ඕනා කියන්නකෝ දැන් මාත් එක්ක තියන තරහා නිවිලා යන්න..."
විෂාන් ඇහුවේ නුහීගේ මුණට එබෙමින්.
" වෙන මුකුත් ඕන්නෑ බන් එක දවසකට choco world එකට එක්ක යමන්කෝ... ආයේ උබට කිසි සද්දයක් දාන්නැති වෙයි...." අවී කිව්වෙ විෂාන්ගේ කරට අතදාලා...
" ඔව් එක්ක යමන්... හැබැයි ඊටපස්සේ හැමදාම එක්ක යන්න වෙයි..." නවී කිව්වේ තරහෙන් රවන නුහී දිහා බලන්.
" අප්පෝ හැමදාම වුනත් එක්ක යන්නම් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි... ඉතින් මිස් සූරියආරච්චි එනවද..." විෂාන් ඇහුවේ ආයෙත් කෙල්ලගේ මූණට එබිලා.
" උදේ ඉඳන් හවස් වෙනකන් choco world එකේ ඉඳලා හවසට බීච් එක්ක ගිහින් වඩ අරන් දුන්නොත් යාලුයි..." නුහී දත් තිස්දෙකම එළියේ දාගෙන කිව්වා.
" ඕකේ... එහෙනම් ඔයාට පුලුවන් දවසක් කියන්නකෝ... මං එක්ක යන්නම්... මිස් සූරියආරච්චි... දැන් අපිට ෆ්‍රෙන්ඩ්ස් වෙන්න පුලුවන්ද..."
" Okay... let's be friends...."
" එහෙනම් මට විෂ් කියලා කතා කරන්න මගේ යාලුවෝ මට කතා කරන්නේ එහෙම මම ඔයාට නුහී කිව්වට අවුලක් නැද්ද..."
" අවුලක් නෑ එහෙම හොඳයි.."
" ඒයි විස්කි... මේ ඔයාගේ handsome brothersලා නේ.." එතනට කඩාපැනපු සිනේශ් ඇහුවා.
" ඔව් හස්කි... මේ තමා මගේ හැන්ඩ්සම් බ්‍රදර්ස්ලා... බට් මෙයා නම් ෆ්‍රෙන්ච් කෙනෙක්...." නුහී විෂාන්ව පෙන්වමින් සෙනේශ්ට කිව්වා.
" මට ඔයාව දැකලා පුරුදුයිනේ..." නවී කිව්වේ සෙනේශ්ව ඇස් දෙකෙන් හොඳට පරීක්ෂා කරමින්.
" මටත් එහෙමයි..." අවී.
" අයියෝ අයියේ... එදා ක්ලබ් එකේ අර මං විස්කි බිව්වා කිව්වේ..."
" අප්පටසිරි දැන්නේ මතක් වුනේ... මේ එයානේ... ඉතින් මිස්ටර් ආයෙත් හම්බුනා එහෙනම්... එනිවේ... I'm Naveesh syriyaarachchi... This is my twin... Aweesh suriyaarachchi..."
" ම්ම්ම්... මං දන්නවා... ඔයාලා ගැන හැමදේම anyway I'm Senesh Dunupitiwela... everyone calls me Nesh..."
" miss suriyaarachchi congratulations...." ඒ තවත් අනාරාදිත අමුත්තෙක්. වෙන කවුරුත් නෙවෙයි ශාක්‍යා.
නුහී ශාක්‍යාට හිනාවෙලා අතට අත දීලා තෑන්ක් කරා.
ඒත් ශාක්‍යා නම් එතනින් ගියේ නෑ.
කොහොම යන්නද... හැන්ඩ්සම් කොල්ලො ගොඩක් දාලා.. ශාක්‍යා අදාළ නැති දේවලුත් ඇද අරන් මේ අය එක්ක බලෙන් වගේ කතා කර කර හිටියා.
එකපාර නුහී කලන්තේ දාලා වැටුනේ ඒත් එක්කම පැනපු විෂාන් නුහීව අල්ලගද්දී.
කට්ටියම ඉක්මනට නුහීට හොස්පිටල් එක්ක ගියේ නුහී හොඳටම සුදුමැලි වෙලා හින්දා.
නුහීව චෙක් කරපු ඩොක්ටර් එළියට එද්දි පුදුම වුනේ නුහී වෙනුවෙන් බලන් හිටපු අය දැකලා. ආදි යුහී නවී අවී ආදිගේ යාලුවෝ එයාලාගේ ළමයි විෂාන් මේ අය හැමෝම හිටියා.
" මේ පේෂන්ගේ භාරකාරයා කවුද..." ඩොක්ටර් ඇහුවේ කාත් එක්ක කතා කරන්නද කියලා හිතාගන්න බැරි වුන හින්දා.
" ඩොක්ටර් මම එයාගේ තාත්තා..." ආදි ඉක්මනට ඉස්සරහට ඇවිත් කිව්වා.
" හොඳයි මිස්ටර් .."
" සූරියආරච්චි..."
" මිස්ටර් සූරියආරච්චි ඔයාගේ දුවට කිසිම ප්‍රශ්නයක් නෑ... පේන විදිහට එයා ගොඩාක් මහන්සි වෙලා තියනවා.. ඒ වගේම කෑම මඟ හැරලා තියනවා.. ඒ නිසා එයා වීක් වෙලා ඒකයි ෆේන්ට් වුනේ.. බය වෙන්න දෙයක් නෑ අපි එයාට සේලයින් දුන්නා තව ටිකකින් නැගිටියි..."
" අනේ තැන්ක් යූ ඩොක්ටර්..."
" ඉට්ස් මයි ඩියුටි මිස්ටර් සූරියආරච්චි... "කියලා ආදිගේ උරහිසට තට්ටුවක් දපු ඩොක්ටර් එතනින් ගියා.
ටික වෙලාවකට පස්සේ නුහීට සිහිය අපුහම මේ අයට ඇතුළට යන්න පුලුවන් වුනා. සේලයින් එකකුත් ගහලා මලානික වෙලා ඉන්න නුහීව දැක්කම හැමෝගෙම ඇස්වලට කඳුලු ඉනුවේ දඟකාරියක් වෙච්ච නුහී කවදාවත් මෙහෙම ඉඳලා නැති හින්දා.
" අනේ දෝණි ඔයා මාව හුඟාක් බය කළා මැණික.." කියමින් යුහී කෙල්ලව වැළඳගත්තා.
" මට අවුලක් නැ අම්මී දැන් හොඳයි... බය වෙන්න එපා..."
" පණ්ඩිත ආච්චී... වෙලාවට කන්න බෑද මොට්ටියේ..." අවී නුහීගේ ඔලුවට එකක් ගහලා කිව්වා.
" පුතා... නංගි ලෙඩින් ඉන්න වෙලාවේ ඔහොම කරනවද..." යුහී සැර කලා.
" සුදූ.. ඔයාට බෑ නම් එකක් අතහරින්න මැණික.. බලන්න ඔයාට කොච්චර අමාරුද කියලා..." නුහී ළඟට ආපු ආදි කෙල්ලගේ ඔලුවත් අතගාලා කිව්වා.
" තාත්තී... ඩොක්ටර් කෙනෙක් දෙන එක මගේ ඩ්‍රීම් එක... fashion designning මගේ hobby එක... ඒ දෙකම මට අතාරින්නබෑ..."
" ඒත් සුදූ ඔයා ඔහොම ලෙඩ වුනොත්.... බලන්නකෝ අද ඔයා අපිව කොච්චර බය කළාද කියලා..." හසූ කිව්වා.
" ඒකනේ දෝණි... " තේශුත් ඒ කතාව අනුමත කළා.
" හොඳයි තාත්ති මං තීරණයක් ගත්තා..." ටික වෙලාවක් කල්පනා කරපු නුහී කිව්වා.
________________________________________