අවසානයට පෙර දිගහැරුම...❤️
" කවුද කිව්වේ ඌ මගේ අයියා කියලා... ආ.. තමුසේ දන්නවද අවීෂ් කියන්නේ කවුද කියලා...." තවීෂ් ඇහුවේ යුහීගේ මූණට එබෙන ගමන්.
යුහී පිළිකුලෙන් පස්සට වුනා.
" තමුන් කොහෙ දැනගන්නද නේද... ඌවත් දැනන් හිටියෙ නැතිකොට... අඩුම තරමේ උගේ ඇත්තම අම්මයි අප්පයිවත් දැනන් හිටියේ නෑ.. ඌ ඉපදෙනකොටම මැරුණු එකෙක්... දන්නවද කවුද කියලා... ඒ තමයි තමුන්ගේ ආදරණීය හස්බන්ඩ්ගේ අයියා.... උගේ නිවුන් සහෝදරයා... සූරිය ආරච්චි මැරුනා කියලා හිතන් හිටිය උගේ අනිත් පුතා... හහ්...හහ්..." කියපු තවීෂ් භයානක විදිහට හිනා වෙන්න පටන් ගත්තා.
යුහී අඬන්නෑ කියලා හිත ශක්තිමත් කරන් හිටියත් එයාටත් නොදැනීම ඇඬෙන්න ආවා.
ඒත් යුහී කියන්නෙත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි නේ...
" තමුන් විනුලි එක්ක එකතු වෙලා නේද මේ හැමදේම කරේ... තමුන්ට විනුලිව ඕන්නන් ඇයි අවීෂ්ට බන්ඳලා දෙන්න හැඳුවේ...."
" ඕ... විනුලි... මයි ස්වීට් හාර්ට්... එයත් එදා තමුන්ගේ ආදරවන්තයාව මරන්න ආවා... එයා තමා ඇක්සිඩන්ට් එක සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරේ.... ෂාහ්... එයා නම් අන්ඩර්වර්ල්ඩ් කින්ග්ගේ කුවීන් වෙන්න ගැළපෙනම කෙනා..."
" තමුසෙලා මේ කරන දේවල්වලට පණපිටින් ඉද්දී විඳවන්න ඕන තවීෂ්... තමුන්ලා විඳවලා මැරෙන්න ඕනා.."
" ඕ මයි ගෝඩ්... මම එහෙම මැරෙනවා බලන්න ඔයා නම් ඉන්නෙ නැතිවෙයි හැබැයි...මොකද දැන් මම ඔයාගේ රස බලලා අරූ මට ඕන ටික එව්වට පස්සේ තමුසෙව පරලොව යවනවා..." කියමින් යුහීගේ කුසට අතතියන්න ආවා.
ඒත් යුහී ඉක්මනටම ඒ අත අයින් කරේ යුහී ආදිට ඇරෙන්න වෙන කිසිම පිරිමියෙක්ට මේ වෙනකන් බඩ අල්ලන්න දීලා නැති හින්දා.. අඩුම නිතේෂ්ටවත් ඉඩ දීලා නෑ...
" මොකද තමුසේ හිතන් ඉන්නේ තමුසෙට මාව අයින් කරන්න පුලුවන් කියලද ආ.." කියඔඋ නිතේෂ් යුහීගේ ගවුමේ උඩ කොටසට අත තිබ්බා.
ඒත් එක්කම ක්‍රියාත්මක වෙච්ච කොණ්ඩේ ගහලා තිබ්බ දිග කූර අරන් තවීෂ්ගේ පපුවටම ඇන්නා.
තවීෂ්ගෙන් ආපු ලේ යුහීගේ මූණටත් වැදුනා.
එකපාර වෙච්ච දේට කලබල වෙච්ච තවිෂ් පුටුවෙනුත් බිමට වැටුනා. ආයේ නැගිටින්න හැදුවත් බැරි වුනා.
" මොකෝ මිස්ටර් තවිෂ් නැගිටින්න බෑ.... සෝ සෑඩ්... ට්‍රයි කරලා බලන්න ආස හිතෙයි..." කියපු යුහී තවීෂ්ගේ අතටත් ඒ කූරෙන්ම ඇන්නා.
තවීෂ් මොනාහරි කියන්න හැදුවත් වචන පිට වුනෙත් නෑ.
" අනේ කතා කරගන්නත් බෑද පව්නේ ඔයා..." කියපු කෙල්ල ගිහින් දොර ලොක් කරලා ආවා.
ඊට පස්සේ තවීෂ්ට සමච්චල් හිනාවක් දාපු යුහී,
" තමුසේ හිතුවේ තමුසේ මාව පැහැරගත්තා කියලද තවීෂ්... දන්නවද මං තමුසේ මාව පැහැරගනී කියලා සතිගාණක් බලන් හිටියා. තමුන් මොනාද හිතන් ඉන්නේ තවීෂ්... නිකමටවත් හිතුන්නැද්ද මාව මෙච්චර ලේසියෙන් අල්ලගන්න පුලුවන්ද කියලා...ඔහොම ඉන්නවා දඟලන්න ඔට්ටු වෙන්න එපා..එහෙම කරොත් තමුන්ගේ ඇඟ ඉක්මනටම පණ නැතුව යයි... තමුසෙට මම ඇන්න මේ කට්ටේ විෂක් තියනවා ඒකෙන් තමා තමුසෙව අඩපණ වුනේ..." කියපු යුහී තවීෂ්ගේ සක්කුවෙන් ෆෝන් එක අරන් අන්ලොක් කරලා කෝල් එකක් ගත්තේ ආදිට...
" හෙලෝ අයියේ..."
" මැණික... අපි දැනටමත් වටලලා ඉවරයි... ඔයාට කරදරයක් නෑනේ..."
"නෑ අයියේ මට කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි තවීෂ් නම් ඉන්නේ කරදරේක...." යුහී කිව්වේ තවීෂ් දිහා බලලා සමච්චලයට හිනා වෙමින්.
" ඔයා ඌට වැඩේ දුන්නද..."
" ආයෙත් අහලා... එකෙන්ම ඩව්න්..."
" හරි මැණික... පරිස්සමින් ඉන්න.. අපි දැන් ඇතුළට එනවා.." කියපු ආදි කෝල් එක කට් කළා.
යුහී දැක්කා තවීෂ් හොඳට අහගෙන ඉන්නවා කියලා.
" මාෆියා කින්ග් පව් අප්පා... දන්නවද තවීෂ් තමුසේ අපිට උගුල් ඇටෙව්වේ නෑ අපියි තමුසෙට උගුල් ඇටෙව්වේ.." කියලා යුහී ටික වෙලාවක් බලන් හිටියේ ආදි එනකන්.
පිට වෙන්නේ මොනාද කියලා හරියටම දන්නැති හින්දා යුහී තවීෂ්ගේ ගන් එකත් අරන් ශේප් එකේ දොර ලාවට ඇරලා බැලුවා...
ඒත් එකපාරටම දොරත් ඇරගෙන අවුරුදු 55ක 60ක විතර කෙනෙක් ඇවිත් දොර වැහුවා.
යුහී ඒ කෙනාට ගන් එක දික්කලත් ඒ කෙනා යුහී ළඟ දණ ගැහුවේ,
" අනේ පුංචි නෝනා.... මට මුකුත් කරන්න එපා.. මං ආවේ නෝනා හොඳින්ද කියලා බලන්න.. අනේ මට මුකුත් කරන්න එපා නෝනා..." කියමින් යුහීගෙන් ආයාචනා කරා.
" මං කොහොමද තමුන්ව විශ්වාස කරන්නේ... කවුද දන්නේ තමුන් බොරු කරනවද කියලා... තියන ආයුධ ඔක්කොම එළියට දානවා.." කියලා යුහී කෑගැහුවා.
එතකොට ඒ පිරිමි කෙනා ළඟ තිබ්බ කිනිස්ස යුහී අතට දීලා,
" ඔච්චරයි නෝනේ මං ළඟ තියෙන්නේ.. මං ආවේ නෝනට අනතුරක් කරන්න නෙවෙයි... මං තමා නෝනා ඉපදෙන්න යන වෙලාවේ බේරගත්තෙත්..."
" මොකක්..." ඒ දේට නම් යුහී ගොඩාක් පුදුම වුනා.
" ඔව් නෝනේ... එදා ඇමතිතුමා ඒ CID මහත්තුරුන්ව මරන්න යවපු අය අතරේ මාත් හිටියා. නෝනලාගේ කාර් එක හැප්පුනාම අනිත් අය ගියත් මං දැක්කා නෝනාගේ අම්මා බොහොම අමාරුවෙන් කෑගහනවා කියලා. ඒ වෙනකොට මගේ ගෑනිත් බඩින් නෝනේ.. ඔතින් මං කොහොමද අහක බලන්නේ.. මම ඒ හින්දා නෝනව කොහොමහරි ඉස්පිරිතාලෙට අරන් ගියා. පුංචි නෝනා හම්බෙලා පැයකට විතර පස්සේ ලොකු නෝනා මැරුනා. මැරෙන්න කලින් ලොකු නෝනට පුංචි නෝනා එක්කයි අපි එක්කයි ෆොටෝ ගන්න ඕනා කිව්වා... මං ගාව තවත් ඒවා තියනවා.. මං කවදාහරි පුංචි නෝනා හම්බුනාම දෙන්න කියලා හිටියේ..." කියලා සාක්කුවකින් ෆොටෝ දෙකක් ගත්තා.
ඒ ෆොටෝ දෙක දැක්කම යුහී ඇස්වල කඳුලු පිරුනා. ඒකේ එකක එයයි අම්මයි හිටියා අනිත් එකේ මේ මනුස්සයයි අම්මයි එයයි නර්ස්ලා වගේකුයි හිටියා.
යුහීට අම්මව අඳුරගන්න පුලුවන් වුනේ තේෂ් කලින් අම්මගේ ෆොටෝ එකක් පෙන්නලා තිබ්බ හින්දා.
" මං නෝනා මැරුනම පුංචි නෝනව අනාත් නිවාසෙකින් තිබ්බේ මට ඒ කාලේ ළමයි ගොඩාක් නඩත්තු කරන්න තරන් ආදායමක් තිබ්බේ නැති හින්දා නෝනේ... මම ලොකු නෝනාගේ අවසන් කටයුතු ලොකු නෝනා දාන් හිටපු ආභරණ විකුණලා දාලා කරා.. ලොකු නෝනාට සොහොන් කොතකුත් හැදුවා..."
" ආ...ඒ කොහෙද..."
" අවීෂ් මහත්තයා වල දාපු කනත්තෙම දකුණු කෙළවරේ නෝනේ... ඒ කනත්ත ලොකු හින්දා කාටවත් හොයන්න බෑනේ.. එකයි මං කෙලවරේම වළ දැම්මේ...."
" ඔයාට මම කොහොම ස්තූති කරන්නද මන්දා මාමෙ.... එළියේ තත්ත්වේ මොකද..."
" පොලිසියෙන්ද කොහෙද ආවා නෝනේ... එළියේ එකම යුද පිටියයි... නෝනා එළියට නොයා ඉන්න තරමට හොඳයි...දෙයියනේ මේ තවීෂ් මහත්තයා නේද...." එතකොට තමා ඒ මනුස්සයා තවීෂ්ව දැක්කේ.
"හ්ම්ම්ම්..."
ඒ මනුස්සයා තවීෂ් ළඟට ගිහින් හොඳට බැලුවා.
" මූ මැරිලද නෝනේ...."
" නෑ නෑ... අඩපණ වෙලා ඉන්නේ තව පැය 12කටවත් නැගිටින්නෑ..."
"අනේ සාදු... මං බැලුවේ මේකා නිකන්ම මැරිලද කියලා... නෝනේ මට කිනිස්ස දෙන්න පුලුවන් ද.."
" ඒ මොකටද..."
" මේකට දෙකක් අනින්න නෝනේ... මූ මගේ කෙල්ලව විනාශ කරා... ඒකි අහිංසකයි නොනේ... එකපාරක් දෙපාරක් නම් කමක් නෑ නෝනේ... ඒකි බඩ වෙලා දැන්... මං මූව මරනවා නෝනේ... මේ වගේ උන් ඉන්න හොඳ නෑ... මූ මගේ කෙල්ල විතරක් නෙවෙයි කෙල්ලෝ කීයක් නම් විනාශ කරාද කාලකණ්ණියා..." කියමින් ඒ මනුස්සයා තවීෂ්ට පයින් පාරක් ගැහුවා.
" මාමේ ඔයාට මෙයාව මරන්න දෙන්න නම් බෑ.. මෙයාට අපි නීතියෙන් දඬුවම් දෙන්නම්... බය වෙන්න..." යුහී කියනවත් එක්කම දොර ඇරන් ආවේ ආදි.
" අනේ මැණික.... ඔයා හොඳින් නේද..." කියපු ආදි යුහීව බදා ගත්තා.
" මං හොඳින් අයියේ... එළියේ මොකද වෙන්නේ කට්ටියව අල්ලගත්තද..."
" ඔව් මැණික... විනුලි ටීෂායි දෙන්නා බෝට්ටුවෙන් රට පනින්න ගියේ උන් දෙන්නවත් අල්ලගත්තා... ජයවීරයි වරංගලයි මේක අස්සෙමයි හිටියේ උන්වත් අල්ලගත්තා... මගේ මැණිකේ ඉතින් තවීෂ්ව අල්ලගෙනනේ... චණ්ඩි රැජින...." කියලා යුහීගේ නළල සිප ගත්තා.
පැය දෙකකට විතර පස්සේ හැමදේම ඉවර වෙලා කට්ටියටම ගෙවල්වලට යන්න පුලුවන් වුනා.
හැමෝම ආදිලාගේ ගෙදරට තමයි එකතු වුනේ. වොෂ් දාලා කාලා බීලා එහෙම කට්ටියම ආවේ සාලෙට.
" පුතා දැන්වත් මොකක්ද වුනේ කියල හරියටම කියන්න පුලුවන්ද...." විනෝද්‍යා ඇහුවේ එයා මේ කිසි දෙයක් නොදන්න හින්දා.
දැන් විනෝද්‍යාට ක්ලචර්ස්වලින් ඇවිදින්න පුලුවන් තරමට සනීප වෙලා හිටියේ.
" අම්මා මේකයි වුනේ... අපි මුල ඉදන්ම අපේ කෙනෙක් වරංගල ගාවට දාලා තිබ්බේ. ඒ හින්දා අපිට updates ආවා. ඒත් සමහර ඒවා නෑ. මොකද වරංගල හැම කෙනාවම ළං කරගත්තෙත් නෑ. යුහී අපිට සාක්ෂි දුන්නම ඒ ටිකෙන් අපි උන්ගේ හොරවැඩ ගැන ඔක්කොම දැනගත්තා. අපි උන්ගේ ඔක්කොම තැන් වැටලුවා. ඒකෙන් පස්සේ තවීෂ් පැනගත්තා. මොකද ඌට තමා වැඩිම බලපෑම තිබ්බේ. එතනින් පස්සෙ අපි ඌව හෙව්වත් හොයාගන්න බැරි උනා. ඒ අතරේ තමා අපිට ආරංචිය ආවේ උන් සාක්ෂි විනාශ කරන්න ඕන හින්දා යුහීව උස්සන්න යන්නේ කියලා. කොහොමත් උන් කලින් ඉඳන්ම යුහීව මරන්න ප්ලෑන් කරලා තිබ්බේ. මායි ශාන් අයියයි යුහීගේ ගාඩ් එක වැඩි කරා. ඒත් ඒ අතරේ යුහී තමා කිව්වෙ එයාව ඇම විදිහට අරන් තවීෂ්ව අල්ලගන්න කියලා...."
" පිස්සුද පුතේ මේ බඩ දරු කෙල්ලව ඔය වගේ වැඩවලට ගන්නවද..."
" ආ... ඒක ඔයාගේ මහලොකු දුවගෙන්ම අහන්නකෝ අම්මේ... මං එපා කියලා කීපාරක් කිව්වද ඕන්නන් මුන්ගෙන් අහන්නකෝ..." කියලා යාලුවෝ සෙට් එක පෙන්නුවා.
ශනුක කතා කරන්න කට ඇරියත් යුහී රවනවා දැකලා කට වහ ගත්තා.
" අයියෝ අම්මී දැන් මට මුකුත් වුනේ නෑනේ... බලන්නකෝ සීරීමක්වත් නෑ... " කියලා විනෝද්‍යා අතින් අල්ලගෙන කියපු යුහී ආදි දිහා බලලා,
" මේ අයියේ ඉතුරු ටිකත් කියන්නකෝ.."
" ඊටපස්සේ අම්මේ මෙයා හැමදාම කැම්පස් ගියේ ඒ හැමඑකටම ලෑස්ති වෙලා. මම මෙයාගේ පස්සෙන් කැම්පස් එක ඇතුළෙත් ගාඩ් එක දාලා තිබ්බේ..."
" එතකොට දෝණිව කිඩ්නැප් කරේ..."
" ඉතින් අම්මේ අපේ ප්ලෑන් එකක් තමයි ඒකත්... මෙයාව අරන් යනකොට ඒ පස්සෙන් අපේ අයත් ගියා.ඒකයි මෙයා සීරීමක්වත් නැතුව ඉන්නේ... අනික මෙයා ගැන අම්මා දන්නෑ ඒකයි ඔහොම කියන්නේ...."
" මොනාද මං දැන් දෝණි ගැන දන්නැත්තේ..."
" ආ මෙයාගෙන්ම අහන්නකෝ... පැහැරගෙන ගියාට පස්සෙ මොකද උනේ කියලා..."
" දෝණි මොනාද මේ කියන්නේ...." විනෝද්‍යා ඇහුවේ තරවටු ස්වභාවෙකින්.
" මේ... මේ... මට සිහිය ආවට පස්සේ... තවීෂ් ආවා... ඉතින් ඊටපස්සේ... සෑහෙන වෙලාවක් ඌ කරපු ඒවා කිය කිය හිටියා... ඌ අවීව මරපු හැටිත් කිව්වා... ඊටපස්සේ බඩට අතතියන්න ආවා... අම්මා දන්නවනේ මං අයියට ඇර කාටවත් අතතියන්න දෙන්නෑ කියලා... මට හොඳටම තරහ ගිහින් හිටියේ.... ඉතින් ඊටපස්සේ.... මේ...."
" උබ ඊටපස්සේ මොකද කරේ...." හසූ..
" මේ...අයියා දීලා තිබ්බා කොණ්ඩ කට්ටක් ඒකේ විසක් තියනවා ඒකෙන් පැය ගාණකට කෙනෙක්ව අඩපණ කරන්න පුලුවන්.... ඉතින්... මේ...."
" කියපන්කෝ රෙද්ද උබ ඇන්න ද ඒකෙන් ඌට...." හසූ.
" ඇන්නා...."
" කොහාටද ඇන්නේ කියලා අහපන්කෝ...." ආදි.
" මේ... හාර්ට් එකට ඇන්නේ...."
" දෝණි..."
" අයියෝ අම්මේ මැරෙන්න ඇන්නේ නෑ... ඉක්මනට අඩපණ වෙන්න ඕන හින්දා ඇන්නේ...."
" මං දැක්කනේ අතටත් ඇනලා තියනවා...." ආදි කිව්වේ හොරපූසි වගේ බිම බලන් ඉන්න යුහී දිහා බලන්.
" අනේ ඉතින් ඌ මගේ ගවුමෙන් ඇල්ලුවා... ඉතින් ඇන්නා..ම්හ්... ඌ දන්නෑ මං කවුද කියලා..." කියපු යුහී ආදිට තුරුලු වුනා.
" අනේ දෝණි... ළමයිනුත් බඩේ තියන් ඔහොම කරනවද..."
යුහී ආදිට තව ටිකක් තුරුලු වුනේ වරදෙන් බේරෙන්න වගේ.
" අම්මා ඕක නෙවෙයි මෙයා කරපු එකම හපන්කම..."
" ඇයි තව කාටහරි ඇනලාද...."
" ඇනලා නෙවෙයි වෙඩි තිබ්බේ..."
" ඈ.... සුදූ ඔයා එච්චර දෙයක් කරාද..." ඒ යුහීගේ තාත්තා.
" මැණිකේ... ඔයා කියනවද මමම කියන්නද..." ආදි යුහීගෙන් අහද්දි යුහී ආදිට රවලා මූණ ආදිගේ පපුවේ ඔබාගත්තා.
" අම්මා ඔයාට මතකයිනේ යුහීට වෙඩි වැදුනා ලන්ඩන් ඉද්දී..."
" ඔව්..."
" ආං එදා මෙයාට වෙඩි තිබ්බ එකාට මෙයත් වෙඩි තියලා..."
" ඒ මනුස්සයා මැරුනද..."
" කකුලට තියලා තිබ්බේ මැරුන්නෑ ඒත් අවීෂ් ඌව මැරුවා..."
අවීෂ් කියනවා ඇහුන ගමන් යුහී ආදිගෙන් ඈත් වුනා.
" අම්මේ... ඔයාගේ එකම පුතා ආදි අයියා විතරද වෙන ළමයි නැද්ද..."
යුහී ඒ ප්‍රශ්නෙන් විනෝද්‍යාගේ මූණ වෙනස් වුනත් විනෝද්‍යා ඒක හංඟගෙන,
" නෑ දෝණී... ඇයි..."
" අම්මා ආදි අයියට නිවුන් සහෝදරයෙක් හිටියේ නැද්ද..."
" මට ට්වින් කෙනෙක්..." ආදි පුදුමෙන් ඇහුවා.
" දෝණි..."
" අම්මා කියන්න... හිටියද නැද්ද..."
" හිටියා දෝණි... ඒත් එයා ඉපදෙද්දිම නැතිවුනා.."
" මොකක්...ඒත් ඇයි අම්මා මට කිව්වෙ නැත්තේ..."
" ඒක තාත්තායි මායි ගත්ත තීරණයක්... ඒ හින්දායි කිව්වෙ නැත්තේ ඒත් දෝණි කොහොමද දන්නේ...."
" මට තවීෂ් කිව්වෙ අම්මා..."
" තවීෂ් කොහොමද ඒක දන්නේ..."
" මොකද වරංගල ඒ ළමයව පැහැර ගත්ත හින්දා..."
" මොකක්... ඒ කියන්නේ මගේ ට්වින් ඉන්නවද..."
" හිටියා... ඒත් දැන් නෑ..." යුහී කිව්වේ ඇස්වල කඳුලු පුරෝගෙන.
" දෝණි... කෝ මගේ දරුවා..."
" එයා නෑ අම්මේ... උන් එයාව මැරුවා... උන් මගේ අවීව මැරුවා... අම්මා දන්නවද එයාට මැරෙන්න කලින් ඔලුවට ගහලා අම්මේ... උන් එයාව ඇක්සිඩන්ට් කරා මදිවට...." යුහී කෑගගහා ඇඩුවා.
ආදි යුහීව පපුවට තද කරගත්තේ යුහී අඬන දිහා බලන් ඉන්න බැරි හින්දා..
" ඒ කියන්නේ අවීෂ් මගේ පුතාද..." කියමින් විනෝද්‍යාත් අඬන්න ගත්තේ දරුදුකට.
මේ සිද්ධිය බලන් හිටපු හැමෝගෙන ඇස්වලට කඳුලක් ඉනුවේ ගැහැණු පිරිමි භේදයක් නැතුව.