Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Sep 30 2024 @ 10:28

නුඹ දැක මා...❤️ - 24



විසි හතරවෙනි දිගහැරුම...❤️

රෑ දහයත් පහුවුනත් ආදි ගෙදර ආවේ නෑ..

කෙල්ල සාලෙට වෙලා ෆෝන් එක දිහා බලන් හිටියා ආදි කෝල් ගනී කියලා. උදේ ගියත් හරි ආදි තාම කෙල්ලට කෝල් එකක්වත් දුන්නෑ.. ඒකෙන් කෙල්ලට දැනුනු බය දෙගුණ තෙගුණ වුනා.

ටිකකින් දොර ඇරෙන සද්දේ ඇහුන නිසා ප්‍රෙග්නට් කියන එකත් අමතක වෙලා යුහී දොර ළඟට දුවගෙන ගියා.

දොර ළඟ හිටන් හිටියේ ආදි.

ආදිව දැක්කම කෙල්ලට දැනිච්ච සතුටට කෙල්ල ගිහින් එල්ලුනේ ආදිගේ කරේ.

ඒත් ආදි,
" ආව්...." කියපු පාර කෙල්ල ඉක්මනට අයින් වුනා.

එතකොට තමා කෙල්ල දැක්කේ ආදිගේ සුදු ෂර්ට් එකේ පැත්තක් රතුවෙලා තියනවා.

" අයියේ... මේ.." කියමින් කෙල්ල ෂර්ට් එක අල්ලන්න ගියත් ආයේ අතගත්තා. 

" මැණික බය වෙන්න එපා දැන්... ඒක චූටි තුවාලයක් විතරයි කලබල වෙන්න එපා.. "

" චූටි තුවාලයක් නම්... මෙච්චර ලේ...." කෙල්ල ඉකිගහමින් කිව්වා.

"අයියෝ අඬන්නෙපා මැණික දැන්... මට ගොඩාක් බඩගිනි.. ඔයා උදේ හදලා දුන්න කිරි එකෙන් තාම ඉන්නේ..." ආදි එහෙම කියද්දී යුහීගේ පපුවට මොකක්දෝ වුනා.

" අනේ අයියේ...ගිහින් වොෂ් දාගන්න මං බත් බෙදන් එන්නම්.. " කියපු යුහී කිචන් එකට දිව්වා.

" දුවන්න එපා මැණික..." කියපු ආදි උඩට ගියා.


ආදිට බත් එකකුත් බෙදාගෙන යුහී ආදිගේ කාමරේට ගියා.

ආදි තාම බාත් රූම් එකේ හින්දා කෙල්ල ඇඳෙන් ඉඳගෙන හිටියා.

ටිකකින් ආදි එළියට එද්දි කෙල්ලට ඇඳ වියලට හේත්තු වෙලා ඉද්දිම නින්ද ගිහින් . ආදි ගිහින් ඒ මූණට එබිලා බලන් හිටියේ ඒ මූණේ තියන මහන්සිපාට.

යුහී එකපාර ඇහැරුනේ වතුර බිංදු වගයක් අතට වැටුන හින්දා. ඇස් ඇරලා බලද්දි ආදි කෙල්ල ළඟ ඉඳන් ඉන්නවා. 

" අයියේ ඔයා ආවද.. මට නින්ද ගියාද..."

" හ්ම්ම්.. මං එද්දි හොඳට නිදි..."

" අයියෝ අයියේ ඔය කොණ්ඩේ පිහාගන්න අනේ... කෝ දෙන්න තුවාය" කියපු යුහී ඇඳෙන් නැගිටලා ආදිගේ කොණ්ඩේ පිහින්න ගත්තා.

ආදි යුහීගේ බඩෙන් මූණ තියාගත්තා. කලින් නම් මේ වැඩේට යුහී ගැස්සුනත් දැන් ඒක එයාට හුරුයි.

" අයියේ කොහොමද තුවාල වුනේ.." කෙල්ල ඇහුවේ කොල්ලාගේ දකුණු අතේ බාහුව වටේ ඔතලා තියන වෙලුම්පටි දිහා බලාගෙන.

" අරූගේ කුඩු බිස්නස් යන තැන් වගයක් වැටලුවා. අන්තිම එකේදි පොඩි අවුලක් ගිහින් ගන් ෆයිට් එකක් ගියා. එතනදී වෙඩි වැදුනා..."

" වෙඩි වැදුනා..." යුහී ඔලුව පිහින එකත් නතර කරලා ආදි දිහා බලන් හිටියා.

" අයියෝ ගණන් ගන්න එපා අනේ... මේක මගේ පළවෙනි පාර නෙවෙයිනේ..."

"ඒ කලිනුත් වෙඩි වැදිලා තියනවද..."

"භ්ම්ම්...හතර පාරක්... ඇති අනේ ඔලුව පිස්සා.. මට දැන් බඩගිනි... නිදිමතයි..."

යුහී තුවාය පැත්තකින් තියලා බාත් රූම් එකෙන් අත හෝදන් ඇවිත් කොල්ලට කවන්න ලෑස්ති වුනා.

" ඔයා කෑවද..." කොල්ලා අහද්දී යුහී සද්ද නොකර හිටියා.

" කෑවේ නෑනේ.... තමුසේ මගෙන් ඉතින් ඕවටනෙ බැනුම් අහන්නේ... අනිත් දවසේ වෙලාවට කෑවේ නැත්තන් මම බත් පිඟානක්ම ගිල්ලනවා.. දැන් ඔය අනපු කට කාලා ඊළඟ එක මට කවන්න.. දෙන්නා මාරුවෙන් මාරුවට කමු... පණ්ඩිත ආච්චි..."

යුහී ආදිට පළවෙනි බත් කට කවන්න ගියත් ආදි රවපු රැවිල්ලට කෙල්ලගේ අත ඉබේමට කෙල්ලගේ කට ළඟටම ගියා. 

දෙන්නත් එක්ක බතුත් කාලා නිදියන්න ඇඳට ආවා.
ආදි කෙල්ලව බදාගෙන ඉක්මනට නින්දට වැටුනා.
කෙල්ලට අහන්න ප්‍රශ්න ගොඩාක් තිබ්බත් ඒවා පැත්තකට දාලා කෙල්ලත් නිදා ගත්තා.




මේ අතරේ වරංගල නිවස ගිනි අරගෙන තිබ්බේ.

" බොස්... පොඩි බොස් නම් හැංඟුනා. බොසුත් රටවත් පැන්නොත් මොකද..."

" දැන් රට පනින්න ගියොත් අහුවෙනවා බන්.. ෂික් ළඟ හිටපු මේ තාත්තලා පුතාලා දෙන වදයක්..."

" තාත්තේ.. තවී කොහෙද..." වරංගල නිවසට දුවන් ආපු විනුලි ඇහුවා.

" පුතාව හැංඟුවා දුවේ.."

" එහෙනම් කමක් නෑ තාත්තේ... අරුන් කොහොමද එකපාර ඔක්කොම ඇල්ලුවේ.. අනික ඔක්කොම පිටිපස්සේ ඉඳලා තියෙන්නේ නුරාග්කාරයා නේද.."

" ඔව් කෙල්ලේ ඌ තමා.. මට පේන්නේ ඌ ටීෂා එක්කත් ඉඳලා අපි ගැන හොයපු එක කරලා තියෙන්නේ.. අපි උන්ව අන්දන්න බැලුවට උනුයි අපිව අන්දලා තියෙන්නේ.. දැක්කෙ නැද්ද ඊයේ.. බලන් ගිහාම උන් ඔක්කොම එකතු වෙලා ගේම ගහලා තියෙන්නේ අපිව අල්ලන්න.."

"ඔව් තාත්තේ... ඒක ඇත්ත... හැබැයි උන් ගාව තියන සාක්ෂි පිට ගියොත් ඔක්කොම ඉවරයි.. ඊට කලින් අපි මොනාහරි කරන්න ඕනේ.. නැත්තන් තවී උනත් හැමදාම ඔහොම හැංඟිලා ඉන්නයැ..."

" ඒක තමා මටත් හිතාගන්න බැරි.. ෂික් අරූ මැරෙන්න කලින් ඔක්කොම ටික අරුන්ට දීලා වගේ... මොනාද කරන්නේ.. උන්ගෙන් කොහොමහරි සාක්ෂි ටික ගත්තා නම් දැන් අල්ලගත්ත ඒවට කාවහරි මාට්ටු කරලා නිදහස් වෙන්න පුලුවන්..."

" තාත්තේ ක්‍රමයක් තියනවා.. "

" මොකක්ද..."

" නුරාග්ගෙයි නිතේෂ්ගෙයි දෙන්නගේ ම වීක් පොයින්ට් එක යුහිනි... ඒකිව ඉස්සුවා නම් වැඩේ හරි..."

" ඒක හරි.. ඒත් ඒකිට දාලා තියන ගාඩ් එක.. පුතා ඊයෙත් කිය කිය හිටියේ ඒකිට හෙණගහන ගාඩ් එකක් දාලා කියලා.. අනික ඒකි ගෙදරින් එළියට බහින්නෙත් නෑ..."

" ඒකි අනිද්දා ඉඳන් කැම්පස් එකට එනවා තාත්තේ.. කැම්පස් එක ඇතුළෙදී ඒකිගේ ගාඩ් එක අඩුවෙනවා.. මොකද නුරාග්කාරයාට ඕක අස්සටත් කට්ටිය යවන්න බෑ.. ඒ හින්දා කැම්පස් එක ඇතුළෙදී ඒකිව උස්සන්න පුලුවන්..."

"මං තවීෂ්ට කියන්නම්කෝ.. උගේ කොල්ලො සෙට් එකක් ඉන්නවානේ ඇතුළේ උන් ගාණට වැඩේ දෙයි... යුහිනි තමුසෙගේ කතාවත් ඉවරයි..."






ඊළඟ දවසත් ගෙවිලා ගිහින් යුහී ආපහු කැම්පස් යන දවසත් ආවා.

වෙනදා වගෙම උදෙන්ම නැගිට්ට යුහී උදේට උයලා වොෂ් එකකුත් දාගෙන සාරියක් ඇඳගත්තා.

ඊයේ ආදියි යුහීයි එකතු වෙලා යුහීගේ කාමරේ තිබ්බ බඩු ටිකත් ආදිගේ කාමරේට ගෙනාවා. දැන් දෙන්නම එකම කාමරේ.

ආදිත් ඔෆිස් යන්න ලෑස්ති වෙලා මිරර් එක ඉස්සහට ඇවිත් කොණ්ඩේ එහෙම හදලා කොණ්ඩේ පීර පීර හිටපු යුහීගේ කොණ්ඩෙත් අවුස්සලා ඇඳෙන් ඉඳගෙන සපත්තු දාන්න පටන් ගත්තා.

" අයියෝ ආදි... අතපය තියන් ඉන්න බෑද අප්පා..."කෙල්ල නෝක්කාඩුවෙන් කියකිය ආයෙ කොණ්ඩේ පීරද්දී ආදි නසරාණි හිනාවක් දැම්මා.


ආදි යුහිව ගෙනැත් කැම්පස් එකෙන් ඇරලලා ඔෆිස් ගියා.
මොනා වුනත් කෙල්ලගේ හිතේ පොඩි බයකුත් තිබ්බා. එදා වෙච්ච සිද්ධි සම්පූර්ණයෙන් ආදි යුහී එක්ක කියලා තිබ්බෙ. එයාලා සාක්ෂි ව්නාශ කරන්න ඕන දෙයක් කරනවා කියලා යුහී දැනන් හිටියා. ඒ වුනත් යුහි හිත ශක්තිමත් කරගෙන වැඩ ටික කරන්න ගියා.


ලෙක්චර්ස් ඉවර වෙලා යුහී එළියට එද්දී ආදි ඇවිත් හිටියා.

කෙල්ල ලස්සනට හිනාවෙලා ගිහින් කාර් එකට නැග්ගා. ආදි ඒත් එක්කම දික්කලේ chocolate milkshake එකක්.

කෙල්ලට ආයෙ ඉතින් ඒක දැක්කම.. 

milkshake එකත් බිබී අද දවසේ වෙච්ච දේවල් ආදිට කියකිය දෙන්නම ගෙදරත් ආවා.

ඔහොම්මම තව සතියක් දෙකක් ගියා. යුහී කැම්පස් ගියා ගෙදර ආවා වුත් කිසි කරදරයක් නම් වුනේ නෑ. 



" හෙට තමා දවස... අපි සද්ද නොකර හිටපු හින්දා අරූ කොහොමත් අපි ඇටෑක් කරයි කියලා හිතන්නෑ... හෙට අරකිව උස්සපන්.." වරංගල එයාගේ ගෝලයින්ට ඕඩර් එක දුන්නා..

ආදි තේෂ් වගේම ආදිගේ යාලුවෝ සෙට් එක මේ වෙනකොට වරංගල ඇමතිගෙයි ජයවීරගෙයි වැඩ ගොඩක් එළි කරලා තිබ්බේ. ඒ වගේම ඒ සෙට් එකම හැංගිලා හිටියේ.




එදා රෑ ආදියි යුහියි දෙන්නා සුපුරුදු විදිහටම බැල්කනි එකට වෙලා අහස දිහා බලාගෙන හිටියා.
එකපාරටම ආදි යුහීගේ අතින් චූටි බොක්ස් එකක් තිබ්බා. යුහී ආදිගේ මූණ දිහා බැලුවෙ මොකක්ද කියලා අහන්න... 

" දිගඇරලා බලන්නකෝ...."

යුහී ඒ බොක්ස් එකේ රැපින් එක දිගඇරියා. ඇතුළේ තිබ්බේ ජුවලරි බොක්ස් එකක්...

ඒක ඇරලා බලපුහම තිබ්බේ වෙඩින් රින්ග්ස් දෙකක්.

යුහී පුදුම වෙලා ආදි දිහා බැලුවා.

" මට ඔයා එක්ක වෙඩින් එකක් ගන්නවත් ඔයාට රින්ග් එකක් දන්නවත් බැරි වුනානේ මැණික... ඒ හින්ද දැනට ඔය රින්ග් දෙක අපි දාගමු... අපේ මේ චූටි පැටවු දෙන්නත් ආවම ලස්ස්නට වෙඩින් එකක් ගමු..." කියලා ආදි කිව්වේ යුහීගේ කුස අතගාමින්.

ආදිට තුරුල් වෙච්ච යුහී,

" වෙඩින් ඕන්නෑ මහත්තයෝ අපි දෙන්නා ෆොටෝ ෂූට් එකක් විතරක් කරමු..."

" නෝප්..අනිවාර්යයෙන්ම වෙඩින් එක ගන්නෝනා මැණික.. මං හෙට වුනත් වෙඩින් එක ගන්නවා ඒත් මේ ප්‍රශ්න ඉවර කරන් ඉන්න ඕනා..ඒකයි මං සද්ද නොකර ඉන්නේ..." කියපු ආදි යුහී අත අරන් රින්ග් එක දැම්මා.

" අනේ ඔහොම බෑ..." කියලා කෙල්ල කෑගැහුවා.

" ඈ එහෙනම් කොහොමද..." 

" මල් පොකුරක් දීලා... will you marry me... no no.. ඒක අපිට ගැලපෙන්නෙ නෑ.. වෙන මොකක් හරි මඟුලක් කියලා.. අතට කිස් එකක් දීලා අප්පෝ අනේ පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්නකෝ.. ආපහු දාන්න..." කියලා යුහී මුද්ද ගලවලා ආදි අතට දුන්නා.

" අනේ යකෝ මේ රෑ මං කොහෙන් මල් හොයන්නද... එක්කෝ ඉන්නකෝ චුට්ටක්..." කියපු කොල්ලා යුහීව නැගිටලා ඔන්චිල්ලාවෙන් තියලා එළියට ගියා.

විනාඩි දහයකට විතර පස්සේ කොල්ලා එනවා අතත් පිටිපස්සට කරගෙන ලස්සන හිනාවකුත් දාගෙන.

කොල්ලා ෆෝන් එක ගෙනැත් වීඩියෝ ඔන් කරලා දෙන්නවම පේන විදිහට තියලා කෙල්ල ළඟට ඇවිත් දණ ගැහුවා.

අර පිටිපස්සට කරන් හිටපු අත ඉස්සරහට ගද්දී තමා කෙල්ල දැක්කේ ඒ අතේ රතු රෝස මලක් තියනවා.
ඒ රෝස මල යුහීට දික් කරපු කොල්ලා,
" මැණික ඔයාව හැමදාමත් මගේ කරගන්න මට ඉඩ දෙනවද.. ඔයාගේ ජීවිතේ සහකාරයා වෙන්න... මේ හුස්ම වැටෙන කල් ඔයා ළඟට වෙලා ඉන්න මට ඉඩ දෙනවද..." කෙල්ලට නම් එවෙලේ මාර සතුටක් ආවේ.


ආදිගේ අතේ තිබ්බ රෝසමල ගත්ත යුහී.....
" ඔව් හැමදම මගේ අන්තිම හුස්ම වැටෙන කල්ම මාත් එක්ක ඔයාට පුලුවන් මහත්තයෝ...." කිව්වා.

" එහෙනම් මාව ඔයාගෙන් පෙන්නන්න මේක ඔයාට...." කියලා ආදි මුද්ද දික් කරා.

යුහීත් එත් එක්කම අත දික් කලාම ආදි ඒ අතට මුද්ද දාලා අත සිප ගත්තා.

කෙල්ලගේ ඇස්වලින් කඳුලුත් වැටුනා.

ඊට පස්සේ කෙල්ල ජුවලරි බොක්ස් එකේ තිබ්බ අනිත් රින්ග් එක කොල්ලාගේ අතට දැම්මා. කෙල්ල නැගිට්ටවගත්ත කොල්ලා කෙල්ලගේ දෙතොලට බරවෙලා ඒක නියම විවාහයක් කළා.



පහුවදා ආදි ඇහැරෙද්දි කෙල්ල කැම්පස් යන්න ලෑස්තිත් වෙලා.

ලස්සන මල් වැටිච්ච දිග ගවුමක් ඇඳලා කොණ්ඩේ බන් එක දාලා සුරංගනාවියක් වගෙ...
මේ වගේ ගවුමක් ඈ...

ඇඳට වෙලා කෙල්ල දිහා බලන් හිටපු ආදි,

" good morning මැණික..."

" good morning මහත්තයෝ...ඔෆිස් යන්නැද්ද..."

" යන්න ඕනා.. ඒත් මට අද ඔයා පස්සෙන් කැම්පස් එකට එන්න හිතෙනවා..."

" ආ ඒ ඇයි..." කෙල්ල ඇහුවේ කොල්ලා දිහා බලමින්.

" අද ඔයාගේ ලස්සන දැකලා කැම්පස් එකෙ කොල්ලෝ ඔයාගේ පස්සෙන් ආවොත් මට වයිෆ් කෙනෙක් නැතිවෙනවනේ..."

" අනේ ඊරිසියාකාරයා... ලෑස්ති වෙලා එන්න මං කෑම මේසෙට අරින්නම්..."


ටිකකින් ආදි ලෑස්ති වෙලා පහළට ආවත් කෙල්ල පේන්න නෑ. ඕන් ටිකකින් හිමීට හිමීට පඩිපෙළ බැහැගෙන එනවා.

ආදි යුහීට පඩිපෙල බහින්න නොදී ගිහින් වඩා ගත්තා. කෙල්ලත් කොල්ලගේ බෙල්ල වටේ අහ් දෙක යවලා තුරුලු වෙලා ආවා.

" තමුසෙට මං ලිෆ්ට් එක හදලා දීලා තියෙන්නෙ මොකටද මැණික..." කොල්ලා කෙල්ලගෙන් ඇහුවේ බොරු තරහක් මවාගෙන..

" මං ලිෆ්ට් එකේ තමා ආවේ..." කොල්ලා රවනවා දැක්කම පොඩ්ඩක් සද්දෙ අඩු කරලා,
" දෙවෙනි තට්ටුවට වෙනකන් ලිෆ්ට් එකෙ ඇවිත් ඉතුරු ටික පඩිපෙලේ ආව..." කියා ඇහෙන නොඇහෙන ගානට කිව්වා. 

" ඇයි එතනින් පස්සේ ලිෆ්ට් එක වැඩ නෑ..." කොල්ලා අහද්දී කෙල්ල දත් ටික පෙන්නලා හිමීට කොල්ලාගේ අතින් බැහැලා මාරු වුනා.



ආදි සුපුරුදු විදිහට යුහීව කැම්පස් එකෙන් බස්සලා ඔෆිස් ගියා.
යුහීට අද තිබ්බේ එක ලෙක්චර් එකයි.

ඒ ලෙක්චර් එක කර කර ඉද්දි කෙල්ලට පණිවිඩයක් ආවේ දැන්ම ඇවිත් ඩීන්ව හම්බෙන්න කියලා. මොකද කියලා හිතාගන්න බැරි වුනත් කෙල්ල ස්ටුඩන්ට්ස්ලට ප්‍රශ්නයක් දීලා ඩීන්ගේ ඔෆිස් එක පැත්තට යන්න ගත්තා.

ඒ කොරිඩෝ වෙනදට වඩා පාලු වෙලා තියෙද්දෙ යුහීගෙ හිතට බයක් නොදැනුනාම නෙවෙයි.

කීපවතාවක්ම පිටිපස්සත් හැරිලා බැලුවේ කවුරුහරි පස්සෙන් එනවා වගේ දැනුනු හින්දා.ඒත් කවුරුත්ම නැති වෙද්දි යුහී ඉස්සරහටම ගියා.


ඒත් යුහීව එකපාර හැඩිදැඩි අත් කීපයකට මැදිවුනේ වගේම ඒත් එක්කම ලෙන්සුවකින් නහය වැහුනේ හිතන්නවත් වෙලාවක් නොතියා. යුහී එහෙම්මම ඒ අත් උඩට කඩාගෙන වැටුනා.




පැය ගාණකට පස්සේ සිහිය එද්දි යුහී හිටියේ පොඩි කාමරේක.

ඒකෙ තිබ්බ ඇඳේ යුහීව තියල තිබ්බා.

යුහී දොර ළඟට ගිහින් දොර අරින්න හැදුවත් ඒක ලොක් කරලා තිබ්බා.

කෙල්ල ඇඳේ ඉඳගෙන බලන් හිටියේ කවුරුහරි එයිනේ කියලා. මොකද එයාට කරන්න වෙන දෙයක් තිබ්බෙත් නෑ.. 


ටිකකින් දොර ඇරුනා.


ඇතුළට ආවේ තවිෂ්...

" ආ... beautiful... කොහොමද ඉතින් තවත් ලස්සන වෙලානේ...." කියමින් තවීෂ් යුහීගේ ඉදිරියෙන් පුටුවක් තියාගෙන ඉඳගත්තා.
" තමුසෙව උස්සන්න මට මාර කට්ටක් කන්න වුනානේ... අර තමුන්ගේ අයියා වගේ තමා... ඌවත් මං අවුරුදු ගාණක් තිස්සේ හෙව්වා අන්තිමට ඌම එළියට ආවා... තමුසෙ දන්නවද මං මොකටද තමුසෙව පැහැර ගත්තේ කියලා..."

තවීෂ් අහද්දී කට කොණින් හිනාවක් දාපු යුහී,
" වෙන මොනාටද ඉතින් තමුසේ මාව අවුරුදු ගාණක් හෙව්වෙ ආදරේට ඇයි.. මරන්නනේ..." කියලා කිව්වේ ඒ ඇස් දිහාම බලාගෙන.


එකපාර යුහීගේ අතින් තදින් අල්ලපු තවීෂ්,
" තමුසේ බය නැතුව ඉන්නේ අරූගේ හයිය අරන්ද... ඌට මෙතන හොයාගන්නවත් වෙන්නෑ... තමුසෙට මෙතනින් බේරෙන එක සුම්මා තමා... තමුසෙගේ මාර්ගෙන් සාක්ෂි ටික විනාශ කරාට පස්සේ මං තමුසෙවත් විනාශ කරලා දානවා...." කියලා තවීෂ් කිව්වේ යුහී දිහාට රාගික බැල්මක් දාන ගමන්.

හැබැයි ඒ බැල්මට නම් යුහීව සීත්ල වෙලා ගියා. ඒත් එයා ඒක පිටට පෙන්නුවේ නෑ.

" තමුන් නේද අවීෂ්ව මැරුවේ..."

" ඕ... බේබි.. හරියටම කිව්වානේ... ඌ මගේ වැඩවලට වදයක් වීගෙන ආවා ඉතින් මම ඌව ක්ලෝස් කරලා දැම්මා... ඌ අන්තිම මොහොතේ තමුසෙට කෝල් එකක් ගත්තානේ... දන්නවද ඌට මං අන්තිම ටික කියන්න දෙන්නෙ නැතුව ඔලුව සුපිරි පාරවල් ටිකක් ගැහුවා.... ඌ ඒකෙන්ම ඩව්න්... ෂාහ් මරු එදා නම් ඈ...."

" ඒ ඔයාගේ අයියා නේද තවීෂ්.... තමුසේ කොහොමද එහෙම දෙයක් කරේ..." යුහී ඇහුවේ තවීෂ්ගේ ඇස් දෙක දිහා බලාගෙනමයි.

" කවුද කිව්වේ ඌ මගේ අයියා කියලා... ආ.. තමුසේ දන්නවද අවීෂ් කියන්නේ කවුද කියලා...."