විසි තුන්වන දිගහැරුම...❤️
ටීෂා ගෙදර එද්දි වරංගල පවුලත් එහෙ.
ගියපු ගමන් ටිෂා කළේ සාලේ මැද්දෙම එයාගේ බෑග් එක පොළවේ ගහපු එක. බෑග් එකේ තිබ්බ දේවල් සාලේ පුරාම විසිරුනා.
" මොනාද අක්කේ කරන්නේ පිස්සුද ඔයාට..." විනුලි කෑගැහුවේ ලිප්ස්ටික් එකක් ඇඟේ වැදිච්ච හින්දා.
" ඔව් මට පිස්සු..." කියමින් ටීෂා ගේ දෙවනත් වෙන්න කෑගැහුවා.
" දුවේ මොකද ඔය මූණ තුවාල වෙලා..." ජයවීර දැන් තමා ටීෂාගේ මූණ දැක්කේ.
" අරූ මට ගැහුවා... මං තොපිට කිව්වා අරකිව මරලා දාන්න කියලා.. දැන් හරිනේ... ඔක්කොම ඉවරයි... ඔක්කොම ඉවරයි..." කියමින් ටීෂා තරහෙන් කෑගැහුවා.
" ටීෂා කියන එකක් තේරෙන විදිහට කියනවද..." තවීෂ්.
" තේරෙන විදිහට... තමුසේ තමා ඔක්කොම කරේ... අවුරුදු ගාණක් තිස්සේ ඔට්ටු වෙනවා තාම අරකිව මරාගන්න බැරි වුනා..."
" දුවේ ඔයා ඔය කා ගැනද කියන්නේ...." ජයවීර.
" යුහිනි... ඒකි ආපහු ඇවිල්ලා... නිකන් නෙවෙයි බඩකුත් එක්ක... අද නුරාග් මට අත ඉස්සුවා ඒකි හින්දා... නුරාග් කිව්වා ඒකි උගේ කෙල්ල කියලා..."
" මොකක්.... එතකොට ඒකි ප්‍රෙග්නන්ට් වෙලා තියෙන්නේ කා අතින්ද... අවීෂ් අතින් නෙවෙයිනේ...." විනුලි.
" නෑ එහෙම වෙන්න විදිහක් නෑ... මාස පහක විතර බඩක් තිබ්බේ...නුරාග් ඒකිව තුරුල් කරන් හිටපු විදිහට බඩේ ඉන්න එකා උගේ වගේ...."
" ෂිට්.. කොල්ලෝ දැන්වත් ඒකිව ඉවරයක් කරපන්... හැබැයි මගේ කෙල්ලගේ ලේ හෙල්ලුවට අරූවත් මරලා දාපන්... තාත්තා වගේම පුතත් මැරිලා එතකොට..." ජයවීර තවීෂ්ට කිව්වා.
" එතකොට මට මොකද වෙන්නේ තාත්තේ... මට නුරාග්ව ඕනේ.. අනික මැරේජ් එකට තව සති දෙකයි..."
" ඌ ඕන්නෑ එදාට වෙඩින් එක වෙයි හැබැයි ගෲම් වෙන කෙනෙක්...." ජයවීර.
"කවුද...." වරංගල.
" V & T group එකේ නිව් ඕනර්...." ජයවීර.
" ආ... ඒ අර හෙට functiom එකක් තියන company එක නේද..." තවීෂ්.
" ඔව් ආරංචි විදිහට ඒකේ දැන් ඕනර්ට පුතෙක් ඉන්නවා. එයා තමයි හෙට ඕනර් විදිහට පත් වෙන්නේ... හෙටම මං මැරේජ් එක ගැන කතා කරන්නම්..." ජයවීර.
" ඒත් එයාලා ගැන කවුරුත්ම දන්නෑනේ... ඉතින් කොහොමද විශ්වාස කරන්නේ...." විනුලි.
" අපිට වැදගත් සල්ලී... සල්ලී තියනවා නම් වෙන මුකුත් ඕන්නෑ.." වරංගල.
" තවීෂ්... අරකිව අදම මරලා දානවා... නැත්තන් මමම ගිහින් ඒකිව මරනවා.. තාත්තේ ඔයා මොනා කරත් කමක් නෑ... ඒත් මට එක රැයකට හරි නුරාග්ව ඕනේ..." කියපු ටීෂා එතන හිටපු සර්වන්ට් කෙනෙක්ටත් පයින් ගහලා එයාගේ තරහ පිටකරගෙන කාමරේට ගියා.
" පුතා.. ඔය යුහිනි කියන එකීව මරලා දන්න ඉක්මනටම.. මොකද මට හිතෙනවා අරූ ඒකිට සාක්ෂි මොනාහරි දීලා ඇති කියලා..." වරංගල.
" එහෙම වෙන්න විදිහක් නෑ තාත්තේ...බ්මං ඌව මරද්දී සාක්ෂිත් විනාශ කරා.. අනික ඒකි ගාව සාක්ෂි තියනවා නම් මෙච්චර කල් ඉන්නෙත් නෑනේ..." තවීෂ්.
" ඒත් ඒකි ගැන සුලුවට හිතන්න එපා තවී. දැන් නුරාගුත් ඒකිට එකතු වෙලා නම් දෙපාරක් හිතන්නැතුව දෙන්නම ඉක්මනටම මරලා දාන්න..." විනුලි.
පසුදින...
"මැණික බඩ තද වෙන්නෙ නැද්ද... එක්කෝ ගවුමක් අඳින්නකෝ..." ආදි කිව්වේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා ඉන්න යුහී දිහා බලලා..
" නෑ අයියේ මං තද කරලා ඇන්ඳේ නෑ ඒ හින්දා අවුලක් නෑ..."
අද මේ යුහීයි ආදියි විශේෂ ගමනක් යන්න යන්නේ..
යුහී සාරියක් අඳින්නේ ඒ වගේ ගමනකට මේ වගේ දෙයක් ඕනමයි කියලා එයාට හිතිච්ච නිසා. ආදිත් බ්ලේසර් එක එහෙම දාලා ලෑස්ති වෙලා හිටියේ.
ආදි
යුහී
යුහීයි ආදියි හොටෙල් ඇවෙන්ඩ්‍රා එකට යනගමන්.
යුහී ආදිට හදිසියේම නවත්තන්න කිව්වේ flower shop එකකින්.
යුහී ආදි එක්කම ගිහින් මල් පොකුරු තුනක් ගත්තා. ආදි ඇහුවත් ඇයි තුනක් කියලා යුහී මුකුත් කිව්වෙ නෑ.
අන්තිමට ආදි ඇවිත් නැවැත්තුවේ සෙමෙස්ට්‍රිය ළඟින්.
" අයියේ.. ඔයත් එනවද..."
" අනේ එන්නකෝ... බලන්න බැරි වෙලාවක්වත් මං වැටුනොත් එහෙම..."
" අනේ දෙයියනේ... දැන් මාව බ්ලැක්මේල් කරලා වැඩ ගන්නවා නේ යන් යන්... මෝඩි.." කියපු ආදි කෙල්ලගේ නලළටත් තට්ටුවක් දාලා කාර් එකෙන් බැස්සා.
යුහී මල්පොකුරු දෙකක් අතට අරන් ඇතුළට ගියා. පුරුදු විදිහටම එයා නැවතුනේ අවීගේ සොහොන් කොත ළඟ.
එක මල් පොකුරක් ආදි අතට දීලා තියාගන්න කියලා අනික් එක සොහොන් කොත් උඩින් තියලා බඩ පොඩි වෙන්නෙ නැති විදිහට හිමීට එතනින් වාඩි වුනා.
අවීට තිබ්බ මල් පොකුර
" අවී.. ගොඩාක් කාලෙකින් නේද... මං ඔයාට කිව්වානේ මං සමහරවිට ආයේ එන්නෙත් නැති වෙයි කියලා..ඒත් මං ආවා අවී... මට සමාවෙන්න... මං කිව්වා මං ඔයා ළඟට එනවා කියලා... ඒත් දැන් මට බෑ අවී... මොකද මට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් තියනවා.. මම අම්මෙක් වෙන්න යන්නේ අවී.. දන්නවද මට මගේ තාත්තවයි අයියවයි හම්බුනා.. මම දැන් දන්නවා මම කවුද කියලා... මට දැන් සම්පූර්ණ පවුලක්ම ඉන්නවා අවී.. ආදි අයියා මාව හොඳට බලා ගන්නවා.. එයා මගේ හස්බන්ඩ් අවී... මට සමාවෙන්න මට ඔයාගේ වෙන්න බැරි වුනා.. මං අද ආවේ ඔයාගෙන් සමුගන්න අවී... මං ආයෙ එන්නේ නෑ... මම මගේ අලුත් ජීවිතේට පණ දෙන්න යන්නේ අවී... ඒත් මට කවදාවත් ඔයාව අමතක වෙන්නෑ... ආදරෙයි අවී මම යනවා..." කියලා අවීගේ ෆොටෝ එකත් අතගාපු යුහී ඇස්වලින් වැටෙන කඳුලුත් පිහගෙන එතනින් නැගිටලා ගියා.
යුහී ආයේ ගිහින් නැවතුනේ තව සොහොන් කොතක් ළඟ. කෙල්ල පස්සෙන්ම ආපු ආදිත් පුදුම වුනා.
" මැණික.. ඇයි මෙතනට ආවේ..."
" මම ආවේ මගේ මාමණ්ඩිව බලන්න ඇයි ප්‍රශ්නයක්ද.." කෙල්ල බෙල්ලත් නවලා අහද්දි කොල්ලට හිනාවකුත් ගියා.
ඊටපස්සේ ආදි ළඟට ගියපු යුහී ආදි එක්කම අනිත් මල් පොකුර ඒ සොහොන් කොත උඩින් තිබ්බා.ඒ සොහොන් කොත ආදිගේ තාත්තාගේ.
ආදි වුනත් මෙතනට ආවේ අවුරුදු ගාණකට පස්සේ.
" තාත්තේ... මං තමා ඔයාගේ ලේලි... ඒත් අම්මා නම් කියන්නේ දුව කියලා.. මම එකදවසකුත් අම්මා එක්ක ආවා තාත්තව බලන්න.. ඒත් මම ළඟට ආවේ නෑ... ඔන්න අවුරුදු ගාණකින් තාත්තව බලන්න ආපු නැති පුතාවත් මම එක්ක ආවා. තාත්තේ ඔයා සීයා කෙනෙක් වෙන්න යන්නේ.. එක මුණුබුරෙක්ට නෙවෙයි දෙන්නෙක්ට... ඒත් ඔයාගේ පුතා නම් කියන්නේ මිණිබිරියෝ කියලා.. තාත්තේ අපි අම්මවත් හොඳට බලා ගන්නවා තාත්තා බය වෙන්න එපා... අම්මා තව ටික දවසකින් එයි තාත්තව බලන්න... අම්මා චුට්ටක් අසනීපෙන් ඉන්නේ.. අපි ගිහින් එන්නම් තාත්තේ..." කියලා යුහී නැගිටලා පිටිපස්ස බලද්දී ආදි අඬනවා.
" මහත්තයෝ මොකද මේ අඬන්නේ...."
යුහීගේ ඒ වචනවලට ආදිගේ කඳුලු ඉබේම නැවතුනා.
" ඔයා මොකක්ද කිව්වේ..." කොල්ලා කඳුලු අතරින්ම ඇහුවා.
" ඇයි අඬන්නේ කියලා..."
" නෑ ඊට කලින් කිව්වේ..."
" ඈ... මං මොකක්ද කිව්වේ..."
" අර මහත්තයෝ කියලා කිව්වේ..."
" ඉතින් ඔයා මගේ මහත්තයානේ... එහෙම නොකියා මොනා කියන්නද.."
ආදි එක්වරම යුහීව වැළඳගත්තා.
" තෑන්ක්ස් මැණික...මට දැන් තමා තේරෙන්නේ මං ජීවත් වෙනවා කියලා... මේ හැමදේමට තෑන්ක්ස් මැණික... මගේ අම්මව මාව බලා ගන්නවට... අද මාව තාත්තා ළඟට එක්ක ආවට... මාව පිළිගත්තට... මගේ දරුවන්ට අම්මා වෙනවට.... ආදරෙයි මැණික... මගේ ආදි මං ඔයාට ගොඩාක් ආදරෙයි මැණික..."
ආදිගේ වචනවලට යුහීගේ ඇස්වලටත් කඳුලු එද්දී යුහී ආදිගේ පිට අතගෑවා...
"අයියේ යන්ද නැත්තන් පරක්කු වෙයි..."
" යන් මැණික.." කියලා ආදි යුහීව වඩා ගත්තා.
" අනේ අයියේ මාව බිමින් තියන්න.. අනේ අර ගාඩ්ලත් හිනාවෙනවා අප්පා... " කියමින් යුහී ආදිගේ පපුවේ මූණ ඔබාගත්තා.
ටික වෙලාවකට පස්සේ දෙන්නම ආවේ හොටෙල් එකට. හොටෙල් එක මේ වෙනකොට සරසලා තිබ්බේ විශේෂ අවස්ථාවකට..
යුහී අර තුන්වෙනි මල් පොකුර ගාඩ් කෙනෙක්ට දීලා රූම් නම්බර් 24වලින් තියන්න කිව්වා. ඊට පස්සේ දෙන්නම ඇතුළට ගියා.
මේ වෙනකොට හොටෙල් එක පිරිලා හිටියේ ලංකාවේ වගේම පිටරටවල්වල ඉහළපෙළේ සමාගම් අයිතිකාරයන්ගෙන්... ඒ වගේම මාධ්‍යවේදීන් සෑහෙන පිරිසක් මේ අවස්ථාවට ඇවිත් හිටියා.
මේ අතරේ ටීෂා, විනුලි, ජයවීර වගේම තවීෂුයි වරංගල ඇමතියිත් හිටියා.
ආදියි යුහීයි දෙන්නා තමා අවසානෙටම මේ උත්සවේට ආවේ ඉතින් හැමෝගෙම අවදානේ මේ ලස්සන කපල් එකට යොමු වුනා.
යුහී ආදිගේ අතක එල්ලිලා අනිත් එල්ලිලා එන හැටි දිහා ටීෂා බලන් හිටියේ පුදුම ඊර්ෂ්‍යාවකින්.
මේ දෙන්නා ඉස්සරහට ආවේ නිතේෂ්..
" මොකෝ බන් පරක්කු වුනේ... මං හිතුවේ උබලා දෙන්නා ඉස්සෙල්ලම එයි කියලා..." නිතේෂ්.
" සෙමෙස්ට්‍රියට ගියා බන්.. ඒකයි පරක්කු වුනේ..." ආදි.
" හරි බන්.. ආවත් ඉතින් මෙතනට එන උන්ට දත් පෙන්න පෙන්න තමා ඉන්න තියෙන්නේ මට නම් එපා වෙලා ඉන්නේ.... අද කපල් එකේ ලස්සන බලන්න එපැයි...ඒත් සුදූ ගවුමක් අදින්න තිබ්බනේ බන්.. සාරියට බඩ හිරවෙන්නේ නැද්ද..."
" මාත් ඕක කිව්වා බන්.. අවුලක් නෑ කියපු හින්දා මමත් සද්ද නොකර හිටියේ.."
" අයියෝ අප්පා.... මට මේක පහසුයි... අනික සඳුදා ඉඳන් කොහොමත් අඳින්න එපැයි.. කෝ හසූ.."
" හසූ තාත්තා එක්ක එයි... මේ මං කියපු එක ගෙනාවානේද..."
" ඔව් ඔව් මං රූම් එකට යැව්වා.. ඒක නෙවෙයි අර මිනීමරුවෝ සෙට් එක අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා.." යුහි කිව්වේ හොරැහින් ටීෂාලා දිහා බලමින්.
"අද උන් සප්‍රායිස් වෙයි තාත්තව දැක්කම... මැරුනා කියලා හිතන් හිටපු අය එළියට එද්දී... මොනා හිතෙයිද නේ බන්..." නිතේෂ්.
" උන් තව සප්‍රායිස් වෙයි උදේ වෙද්දී... මේ උබ ගාඩ් එක වැඩි කරා නේද අයියේ..."
"ඔව් ඔව් බන්.. මං ෆුල් ගාඩ් එක දාලා තියෙන්නේ...සිවිල් සෙට් එකකුත් ඉන්නවා බය වෙන්න දෙයක් නෑ...මෙතන කලබලයක් වෙන්න ඉඩ තියන්නෑ කොහොමත්..."
" ඇයි එච්චර ගාඩ් එකක්..." යුහී ඇහුවේ මෙයාලා කතාකරන දේවල් හරියට හිතාගන්න බැරි හින්දා.
" වෙන මොකටද ඉතින් තමුසෙව බලා ගන්න තමා..." ආදි
" ම්ම්ම්.. මට මොකටද... ඇයි කවුරුහරි මාව උස්සනවා කිව්වද..." යුහී ඇහුවේ ආදිගේ මූණට එබෙමින්.
" උස්සන්න නෙවෙයි මරන්න බලන් ඉන්නේ..." ආදි කිව්වේ යුහීගේ කෙස් රොදක් කන පිටුපස රඳවමින්.
" එයාලා දන්නෑ මං කවුද කියලා... ඒ හින්දා වෙන්නැති මාව මරන්න එන්නේ...ම්හ්... ඒවා හඳේ තමා..." යුහී කිව්වේ ගස්සලා ඉණටත් අතක් තියාගෙන.
" ඇයි කවුද ඔයා.. " තේෂ් ඇහුවේ යුහීගේ ඇක්ෂන්වලට හිනාවෙමින්.
" ම්ම්... මං තමා CID එකේ black lionගේ එකම නංගි... එතකොට fire phenixගේ වයිෆ්..." කෙල්ල කිව්වෙ හෙන ආඩම්බරෙන්.
" ෂා මරුනේ.. ඔයාට මාර පවර්ස් තියනවනේ සුදූ..." තේෂ්.
" එහෙම තමා නේද හබී..." කියමින් කෙල්ල ආදිගේ අතේ එල්ලුනා.
" ඔව් වයිෆී.." කියමින් කොල්ලා ඒ නළලට දෙතොල් තද කළා.
ඒත් එක්කම ස්ටේජ් එකේ අනවුන්සර් එයාගේ වැඩ පටන් ගත්තා.
" Good evening everyone. Today we are here to make the V & T company's new owner. So I first invite the current owner of this institute. Mr. Varun Hapuarachchi please come to the stage."
ඒ නම ඇහුන ගමන් තේෂ් කියපු විදිහටම වරංගලලා සප්‍රායිස් වුනා.
කටත් ඇරන් ස්ටේජ් එක දිහා බලන් හිටියේ. වරුන් ස්ටේජ් එකට ඇවිත් මයික් එක භාරගත්තා.
" හොඳයි සුභ සැන්දෑවක් සියලු දෙනාටම. V & T කියන්නේ මගේ බිරිඳ තනූජා හපු ආරච්චිගේ නිර්මාණයක්. පොඩියට පටන් ගත්ත මේ company එක මේ වෙනකොට රටවල් 100කට වඩා වැඩි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියනවා. ඒ සඳහා මට උදව් කරපු මාත් එක්ක වැඩකරපු සියලු දෙනාටම ස්තූතියි. වසර ගණනක් තිස්සේ මම V & T company එක දියුණු කරා. ඉතින් දැන් මට විවේක ගන්න කාලේ ඇවිත්. ඒ නිසා මම මේ විශාල භාරදුර කාර්යය මගේ දරුවොන්ට භාර දෙනවා.දරුවනේ එන්න මෙතනට..."
වරුන් තේෂ්ටයි යුහීටයි ස්ටේජ් එකට කතා කරද්දි යුහී බැලුවේ ආදි දිහා.
ආදි යන්න කියලා හිසින් සන් කරද්දි තේෂ් යුහීට අත දික් කළා. ඒ අතින් අල්ලගත්ත යුහී පරිස්සමින් අඩිය තිය තිය ස්ටේජ් එකට නැග්ගා.
" මේ ඉන්නේ V & T company එකේ new ownersලා. මගේ පුතයි දුවයි. නිතේෂ් කෞෂාන් හපුආරච්චි මගේ පුතා. ඒ වගේම මගේ දුව යුහිනි ආද්‍යා හපුආරච්චි දැන් සූරියආරච්චි. "
වරුන් යුහීවයි තේෂ්වයි හඳුන්වලා දෙද්දී වටෙන් ම ආවේ අත්පුඩි ගහන සද්දේ.
ඒත් වරංගලලා නම් බලන් හිටියේ කටත් ඇරන්. ඇයි එයාලා මෙහෙම දෙයක් කවදාවත් හිතුවේ නෑ.
කම්පැනි එකේ පේපර්ස්වලට එහෙම සයින් කරලා යුහී ආදි එක්ක ටේබල් එකකින් ඉඳගෙන හිටියා.
එතන හසූ වගේම වරුනුත් හිටියා.
එකපාර ස්ටේජ් එක පැත්තෙන් මියුසික් එකක් ප්ලේ වෙන්න අරගෙන කට්ටිය ඒ පැත්තට හැරෙද්දි එතන හිටියේ තේෂ්. තේෂ් මයික් එක අතට අරන්,
" හසුනි ඒකනායක please come to the stage..."
හසූ කන්ෆියුස් වෙලා බලන් හිටියේ කලින් මේ වගේ දෙයක් දැනුවත් කළේ නෑනේ කොල්ලෝ කියලා.
යුහී ගල්ගැහිලා වගේ ඉන්න හසූට ඇඟිල්ලෙන් ඇනලා,
" යමන් තවත් බලන් ඉන්නේ...."
හසූ ඉන්න තැනින් නැගිට්ට ගමන් හෝල් එකේම ලයිට්ස් ඕෆ් වෙලා හසූට විතරක් ලයිට් එක ෆෝකස් වුනා.
ඒකෙන් හසූ තවත් බය වුනා.
හසූ හෙමින් හෙමින් අඩිය තිය තිය ස්ටේජ් එකට ගියා.
ස්ටේජ් එකට නැගපු හසූ ඉස්සහින් තව ලයිට් එකක් ෆෝකස් වුනේ තේෂ්ට.
තේෂ් අතේ මල් පොකුරක් තියාගෙන හිටියා. ඒ අර යුහී ගෙනාපු මල් පොකුර.
හසූ ඉස්සරහා දණ ගහපු තේෂ් මල් පොකුර හසූ අතට දුන්නා. ගැහෙන හදවතින් මල් පොකුර ගත්තු හසූ තේෂ් දිහාම බලන් ඉද්දී තේෂ් කෝට් එකේ සාක්කුවෙන් රින්ග් එකක් අරන් හසූට දික් කළා.
" My Angel... will you marry me..."
එ වෙලෙ නම් හසූට දැනුනේ කියාගන්න බැරි සතුටක් හසූ අත දික් කලාම තේෂ් රින්ග් එක දාලා හසූව තුරුලු කරගෙන සිප ගත්තා.
මේ ආදරණීය මොහොත දිහා බලන් හිටපු යුහීගේ අත ඉබේටම ආදිගේ අතින් අල්ලගෙන යුහී ආදිට වාරු වුනා. ආදිත් හරිම ආදරෙන් යුහීව තුරුලු කරගත්තා.
උත්සවේ වැඩ ඕකොම ඉවර වෙලා එළියට යද්දී යුහී දැක්කා තවී එයාලා දිහාට එනවා.
මේ වෙනකොට යුහී හිටියේ ගොඩාක් මහන්සියෙන් අනික දැන් තවීෂ් මෙතනට ආවම රණ්ඩුවක් යනවා කියලා දන්න යුහී ඉකමනට ආදිව එක්කන් කාර් එකට නැග්ගා.
ගෙදර ආපු දෙන්නා විනෝද්‍යාවත් බලලා තම තමන්ගේ කාමරවලට ගියා.
වොෂ් එකක් දාලා සැහැල්ලු ඇඳුමක් දාගත්ත යුහී බැල්කනි එකට ආවා. එතකොට එයාට ඇහුනේ එහා බැල්කනි එකෙන් ගිටාර් එකක සද්දයක්.
යුහීට තේරුනා ඒ ආදි කියලා ඉතින් එයා ආදිගේ රූම් එකට ගියා. ආදි බැල්කනි එකේ ඉඳන් ගිටාර් එක ප්ලේ කර කර සින්දු කියනවා.
මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
සොයමී මතකේ වෙලීලා
නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා
ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරෙයිනම්
ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරෙයිනම්
නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා
තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
තහනම්ද දැන් මට ආදරේ දැනෙනවද
තනි වෙන්න දෙනවද ඔය දෑස මත සිරවී
මතකයන් අතරේ තනි වී මා
හීන රහසේ මැවෙයි ඔබ හා මා
විඩා නිවෙනා ඔබගේ ඒ සිනා
සොයමී මතකේ වෙලීලා
නුඹ දැක මා නිවුනා
ඒ රැවමයි දැනුනා
කදුලක රස මැකිලා පාවෙනා
යුහී ආදි සින්දුව කියලා ඉවර වෙනකන්ම ආදි දිහා පිටිපස්සට වෙලා බලන් හිටියා.
" මැණික... ඇයි හිටන් ඉන්නේ මෙහෙ එන්න..."
ආදි කතා කරන කොට යුහීට පුදුම හිතුනේ ආදි යුහීව දකින්න විදිහක් නැති හින්දා.
" අයියේ ඔයා කොහොමද මං ආවා කියලා දන්නේ...." යුහී ඇහුවේ ආදි ළඟට යන ගමන්.
අතේ තිබ්බ ගිටාර් එක පැත්තකින් තිබ්බ ආදි යුහීව උකුලට ගත්තා.
යුහීට ඒක හුරු නැති දෙයක් වුනත් කෙල්ල ආදිට තව ටිකක් තුරුලු වුනේ මේ කාලෙට ගනු කෙනෙක් හොයන්නේ ආදරේ නිසා.
" මට ඔයාගේ සුවඳ දැනුනා මැණික..."
" ඒ කියන්නේ දැන් මාව සුවඳිනුත් අඳුරන්න පුලුවන්ද..."
" දැන් විතරක් නෙවෙයි ඉස්සරත් පුලුවන්..."
"ම්ම්ම්....."
" දන්නවද මැණික.. මං දැන් කියපු සින්දුව තනිකර මටම ලියපු එකක් වගේ... එකදවසක් මං අම්මා එක්ක ළමා නිවාසෙකට ගියා දානයක් දෙන්න තාත්තා වෙනුවෙන්. මං දැක්කා ගහක් යටට වෙලා පුංචි ගෑනු ළමයෙක් ඉඳන් ඉන්නවා ඉතින් මං දන්නෑ කොහොමද කියලා ඒත් මට ඒ පුංචි කෙල්ල ගැන ආදරයක් ඇති වුනා. මම ඒ වෙනකොට ඕලෙවල්වත් ලියලා නෑ. අනික ඒ පුංචි කෙල්ලටත් අවුරුදු 12ක්වත් නෑ.. මං මගේ යාලුවොන්ට කිව්වත් මට කෙල්ලකෙට හිතගියා කියලා ඒ කවුද කියලා කිව්වෙ නෑ.. මං ඒ චූටි කෙල්ලට මට තාත්තා අරන් දීලා මං අවුරුදු ගාණක් තිස්සේ පරිස්සම් කරපු මගේ ටෙඩියාව දුන්නා..."
" එයා තාමත් මං ළඟ ඉන්නවා අයියේ..." යුහී කිව්වේ ආදිගේ කම්මුලක් අතගාමින්.
" ඉතින් ඊටපස්සේ මං එයා ගැනම බලන් හිටියා අවුරුදු ගාණක්... දුර ඉඳන්... ඒත් එකදවසක් අපේ ස්කෝලේ බිග්මැච් එක එදා.. සුපුරුදු විදිහටම වලියක් ගියා. මාත් වලිය මැද්දේ එකෙක්ට අම්බානෙට නෙලන ගමන් හිටියේ.. ඒත් එක්කම මං දැක්කේ අර පුංචි කෙල්ල පාර පනිනවා... කොහොමද මන්දා මගේ හිතේ තිබ්බ තරහා නිකන්ම නැතිවෙලා ගියා. එදා තමා මං පළවෙනි වතාවට ගුටි කෑවේ ඇත්තටම කිව්වොත් ඔයාව දැක්කම මට ගහ ගන්න අමතක වුනා මැණික... ඊට පස්සේ එදා ඔයාව කොෆි ෂොප් එකෙන් දැක්කම තවත් ඉවසන්න බැරි හින්දා තමා මං ඔයාව කිස් කරන්න ගියේ. ඒ වගේම ඔයා අපේ ගෙදර ඉන්නව දැක්කම මට ආපු සතුට.. එතකොට අවීෂ් එක්ක ඉන්නවා දැක්කම ආපු ඊර්ෂ්‍යාව.... මට සමාවෙන්න මැණික...මං ඔයාව රිද්දුවට... මං ඒ හැමදේම කළේ මට ඔයාව නැතිවෙයි කියලා හිතුන හින්දා..."
යුහී සද්ද නොකර ආදිගේ කතාව අහන් හිටියේ ආදි කොච්චර යුහීට ආදරේ කරලද කියලා කෙල්ලට දැනෙද්දී.
" අයියේ... මම ඔයාට සමාව දුන්නානේ... දැන් ඒ හැමදේම අමතක කරන්න... දැන් අපේ අනාගතේ ගැන විතරක් හිතන්න හරිද..." යුහීගේ කිව්වේ ආදිගේ කම්මුලක් මෘදුව අතගාමින්.
ආදි සෙමින් සෙමින් යුහීගේ දෙතොලට බර වුනේ යුහීත් විරුද්ධත්වයක් නොමැතිව ආදිට ඉඩ දෙද්දී...
දෙන්නා ගොඩාක් වෙලා බැල්කනි එකට වෙලා කතා කර කර හිටියා.
" මැණික... දැන් ගොඩාක් රෑ වෙලා ගිහින් නිදාගන්න.. ඔයාට නිදිමරන්න හොඳ නෑ..."
" ඔයා මොකද කරන්නේ..."
" මාත් නිදාගන්නවා..."
" හරි එහෙනම් නිදාගමු..."
" ඉන්න මං ඔයාව කාමරෙන් ගිහින් තියන්නම්..." කියලා ආදි එහෙම්මම යුහීව උස්සන් නැගිට්ටා.
" එපා..."
" එපා... ඒ ඇයි..."
" මගේ කාමරේට නේද එක්ක යන්න යන්නේ..."
" ඔව්... ඇයි..."
" මට බෑ... මං අද ඔයා එක්ක නිදියන්නේ..." කියපු කෙල්ල ආදිට තුරුල් වුනා.
ආදිට ගොඩාක් සතුටු හිතුනේ දැන් කෙල්ල ගතින් වගේම හිතිනුත් ආදිගේ විතරයි කියලා තේරුන නිසා.
ආදි කෙල්ලවත් අරන් ඇඳට ගියා. යුහීත් ආදිට තුරුල් වෙලා හොඳට නිදාගත්තා.
නින්ද ගියපු යුහී දිහා බලන් හිටපු ආදි යුහීගේ නළල සිපගෙන " ඔයා මගේ විතරයි මැණික...." කියලා සෙමින් මිමිණුවා.
පහුවදා උදේ යුහී නැගිටිද්දී ආදි බ්ලැක් ට්‍රව්සර් එකට වයිට් ෂර්ට් එක යට කරලා ඇඳලා මිරර් එක ඉස්සරහට වෙලා කොණ්ඩේ හදනවා.
කෙල්ල ඒ දිහා බලන් හිටියේ හරිම ආදරෙන්.
" good morning මැණික..."
" good morning මහත්තයෝ... අදත් උදේම ඔෆිස් යනවද...."
" අද ඔෆිස් නෙවෙයි මැණික.. මේක බලන්නකෝ..." කියපු ආදි කෙල්ලට ෆෝන් එක දුන්නා.
ඒකේ ස්ක්‍රීන් එකේ තිබ්බේ නිව්ස් එකක්.
" කොළඹ බොරලැස්ගමුව ප්‍රදේශයේ දී අද දින පාන්දර වැඩිහිටි මළසිරුරු විසි එකක් හා ළමා මළසිරුරු තිස්තුනක් වළ දමා තිබී සොයා ගනී. ඒ පිළිබඳ වැඩිපුර පරීක්ෂණ මේ වනවිට සිදුකරමින් පවතී."
" අයියේ... මේ..."
" ඔව් මැණික... යුද්ධය පටන්ගත්තා.. මේ සේරම දේවල් ඉක්මනටම ඉවර කරලා දානවා මැණික... පුලුවන් වුනොත් අදම හරි..."
" අයියේ..."
" ඔව් මැණික... මගේ තාත්තා... ඔයාගේ අම්මා.. අවීෂ්... ඒ හැමෝම වෙනුවෙන් මම පළි ගන්නවා... උන්ව ඉවරයක් කරලම දානවා... මම හෙඩ් ඔෆිස් යන්නේ මැණික... මම ගිහින් එන්නම්.. එන වෙලාවක් ආයේ හරියටම කියන්න බෑ.. අනික.. මම රනුවා ෂාන් හසූ නැත්තන් තාත්තා... අපි කට්ටිය කියන දේවල් විතරක් විශ්වාස කරන්න මැණික... කොහෙවත් යන්න එපා.. ගෙදරටම වෙලා ඉන්න... මං ඔයාට ගොඩාක් ආදරෙයි මැණික..."
" අයියේ... ඔයා කතා කරන විදිහට මට ගොඩාක් බය හිතෙනවා... ප්ලීස්...පරිස්සමට ගිහින් එන්න... මං බලන් ඉන්නවා ඔයා එනකන්..."
" බයවෙන්න එපා මැණික... ඔය තුන්දෙනා වෙනුවෙන් මම ආයේ එනවා මට මුකුත් වෙන්නෑ... ඔය තුන්දෙනා තමා මගේ පණ..." කියපු ආදි කෙල්ලගේ දෙතොල් සිපගෙන යුහීව වඩාගෙන පහළට එක්ක ගියා.
" අයියේ ඔයා මුකුත් කාලත් නෑ... ඔහොම ඉන්නකෝ මං කිරි එකක් හදලා දෙන්නම් ඉක්මනට..." කියපු කෙල්ල කිචන් එකට ගියා.
යුහී පස්සෙන්ම ගියපු ආදි යුහීව පිටිපස්සෙන් බදාගෙන කෙල්ල කිරි එක හදලා දෙනකන්ම හිටියා.
ආදි කිරි එකෙන් භාගයක් බීලා ඉතුරු එක යුහීට දුන්නා.
යුහීත් තේ කෝප්පෙත් අරන් ආදිගේ පස්සෙන් ම ගියෙ මොනා වුනත් කෙල්ලට බයක් දැනිච්ච හින්දා.
ආදිත් දොර ළඟටම ඇවිත් ආයෙත් කෙල්ල සිප ගෙන කාර් එකට නැගලා යන්න ගියා.
යුහී ආදි ගියාට පස්සෙත් ටික වෙලාවක් බලන් හිටියේ හිතට දැනුනු බය අඩු නැති හින්දා.
දවල් යුහීට දන්නැති නම්බර්ස්වලින් කෝල්ස් ආවත් කෙල්ල ඒ එකක්වත් ආන්ස්වර් කරේ නෑ.
ගාඩ්න් එකට ගිහාම යුහී දැක්කා ගෙදර ගාඩ් එකත් වෙනද වගේ දෙතුන් ගුණේකින් වැඩි කරලා කියලා.
විනෝද්‍යාගේ වදේ පොරේට දවල් බත් කටක් දෙකක් කෑවත් උදේ හිතට ආපු බය රෑ වෙනකන්වත් අඩු වුනේ නෑ.
රෑ දහයත් පහුවුනත් ආදි ගෙදර ආවේ නෑ..
කෙල්ල සාලෙට වෙලා ෆෝන් එක දිහා බලන් හිටියා ආදි කෝල් ගනී කියලා. උදේ ගියත් හරි ආදි තාම කෙල්ලට කෝල් එකක්වත් දුන්නෑ.. ඒකෙන් කෙල්ලට දැනුනු බය දෙගුණ තෙගුණ වුනා.
________________________________________