විසිවෙනි දිගහැරුම...❤️
ඒත් එක්කම ආයේ දොර ඇරන් ඇතුළට ආවේ පිරිමි කෙනෙක්. ඇවිත් කෙලින්ම අල්ලගත්තේ යුහීගේ කනෙන්.
" සුදූ මං කියලා තියනවා නේද පිස්සියෙක් වගේ දුවන්න එපා කියලා ආ..."
ඒ ආපු කෙනා දැකපු රනුක්ගෙයි ආදිගෙයි කටින් පිටවුනේ එකම වචනේ එකම වෙලාව...
" ෂාන්..."
ඒ පාර තමා ඒ කෙනා රනුයි ආදියි පැත්තට හැරුනේ.
" ආදි... නුක්... උබලා මෙහෙ..."
" මේ ආදිගේ අම්මා බන්... උබ මොකද මෙහෙ.. අනික යුහීව අඳුරන්නේ කොහොමද..."
" මේ මගේ..."
ෂාන්ට ඒක කියලා ඉවර කරන්න හම්බුන්නෑ ආයේ දොර ඇරුනා.
හසූත් කෙලින්ම අල්ලගත්තේ යුහීගේ කනින්.
" ඈ ගෑනියේ... ඔය දුවන් ආපු දිවිල්ලට ලිස්සලා වැටුනා නම් කාට කියන්නද... ආ... තාත්තා මාව කයි... උබට දැන්වත් ඔය දැඟලිල්ල නවත්තගන්න බැයිද..."
" අම්මා බලන්නනේ ආවේ..."
" ඈ යකෝ ආන්ටි කොහෙවත් යනවද... උබ ආයේ ඔහොම කරොත් මේ හසූ කවුද කියලා දැනගනී ඈ..."
" අනේ අයියේ බලන්නකෝ..." කියමින් යුහී වීර් කියන කෙනාගේ අතේ එල්ලුනා.
එයත් යුහීව තුරුල් කරගෙන පිට අතගෑවා.
ආදිට නම් යකා නැඟලා හිටියේ. ආයේ කියන්න ඕන්නෑනේ යුහීගේ යකා..
" හසූ මැණිකේ... මගේ සුදූට බනින්න එපා..."
" අනේ මේ තේෂ් මගෙන් අහගන්න එපා හරිද... තමුසේ තමා මේකිව නලවන්නේ තවත්... නිකන් හිතනවා වැටුනා නම් එහෙම..."
ඔව් ෂාන් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි තේෂ්ම තමා.... නිතේෂ් කෞෂාන් හපුආරච්චි.
" හරි හරි සුදූ ආයේ ඔහොම දුවන්න බෑ.. නැත්තන් නිවාස අඩස්සියේ තමා..."
" ඕකේ..."
" මෙතන වෙන දේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද.." රනූ.
" හසූ දූ.... ඇයි ඔයා දෝණිට වැටෙන කතා ඒවා මේවා කිව්වේ.. දෝණි ආයේ අසනීපෙන්ද..."
ආදි නම් මේ වෙනකොට හිටියේ ඉවසීමෙත් උපරිම තැන.
යුහී තේෂ්ට තුරුල් වෙලා ඉන්නවා බලන් ඉන්න බැරුව හිටියේ.
" මොකක්..." විනෝද්‍යායි රනුයි දෙන්නම කිව්වෙ එකටමයි.
මෙච්චර වෙලා තරහෙන් හිටපු ආදිත් ගැස්සිලා ගියා.
" ඔව් නැන්දා... මේකි ප්‍රෙග්නට්... මොකද උනේ කියලා ඇහුවට කියන්නෙත් නෑ.. මං ඕක දැනගත්ත දවසේ ඉඳන් අහනවා... මේකි කටක්වත් හොල්ලන්නෑ.. ලන්ඩන් ආපු දා ඉඳලා කරෙත් සද්ද නොකර පැත්තකට වෙලා ඉන්න එක.. ලෙක්චර් යනවා එනවා එච්චරයි...."
මෙච්චර වෙලා මේ ගියපු කතාවලින් ආදි නම් හිටියේ හොඳටම පුදුම වෙලා.
ආදි විතරක් නෙවෙයි අනිත් අයත් එහෙම තමා.
ආදි එකපාර ඇවිත් තේෂ් ගාව හිටපු යුහීව එක්කන් රූම් එකෙන් එළියට ගියා.
මෙයාලා හිටියේ ඒ floor එකේ අන්තිම රූම් එකේ හින්දා කොරිඩොර් එකේ කවුරුත් නෑ. ආදි කෙල්ලව ඇඳන් ඇවිත් කොරිඩෝර් එකේ මුල්ලකට ආවා.
ආදිගේ පස්සෙන් තේෂ් එන්න හැදුවත් හසූ තේෂ්ව නැවැත්තුවා. විනෝද්‍යත් පුදුමෙන් බලන් හිටියේ මේ වෙන දේවල් දිහා.
" මේ මගේ ළමයා නේද..." ආදි ඇහුවේ යුහීගේ කුස උඩින් අතක් තියමින්.
" පිස්සුද... මේ මගේ ළමයා.. " කියමින් යුහී ආදිගේ අත අයින් කරා.
" බොරු කියන්න එපා මැණික.. මං දන්නවා මෙයා මගේ කියලා.. එදා වෙච්ච දේවල් මට හොඳට මතකයි..."
" ඕ... එහෙමද මිස්ටර් නුරාග්... හොඳට මතකයි නම් මතක තියාගෙන ඉන්න.. මාව අතාරින්න.. මේ ඔයාගේ ළමයෙක් නෙවෙයි.. අනික ඔයා තව සති දෙක තුනකින් ටීෂාව මැරි කරන්න ඉන්නේ මගේ ළමයට උප්පැන්න දෙන්න කවුරුත් ඕන්නෑ..." කියපු යුහී තරහෙන් ම ආපහු රූම් එකට ආවා.
තරහෙන පුපුර පුපුර යුහී ආවම ඒ පිටිපස්සෙන් ආදිත් ආවා.
අනිත් අය කන්ෆියුස් උනා බන් සීන් එකෙන් තාම බලන් ඉන්නවා.
" මෙතන වෙන්නෙ මොකක්ද කියලා හරියටම කියන්න පුලුවන්ද... දෝණි මං ඔයාගෙ අම්මා මටවත් කියන්න බෑද ඔයාට කරදරයක් වුනාද කියලා..." විනෝද්‍යා ඇහුවේ රූම් එකට ආවට පස්සෙත් කට්ටිය පැත්තකට වෙලා සද්ද නොකර ඉන්න හින්දා.
" අම්මා ඒ දරුවා මගේ.." ආදි එකපාරටම කියපුහම කට්ටියම ආදි දිහා බැලුවා.
ඒත් එක්කම තේෂ් ආදිට කනේ පාරක් ගැහුවේ බලාපොරොත්තු නොවුන දෙයක් නිසා ආදි බිම වැටෙද්දි.
ආයෙත් තේෂ් ආදිට ගහන්න යද්දී යුහී මැදට පැන්නා.
" අනේ අයියේ ගහන්න එපා... ප්ලීස්... අනේ අයියේ..." කියමින් යුහී තේෂ්ගේ අතේ එල්ලුනා.
" සුදූ පැත්තකට වෙනවා... තමුසේ පහුගිය ටිකේ හිටපු හැටි මං හොඳටම දැක්කා... මම මේ ළමයාගේ තාත්තා මොලාද කියලා අහුවෙනකන් හිටියේ කොහොමත්..."
" අනේ අයියේ ප්ලීස්..."
" යුහී තමුසේ මොකටද මූට වැඳ වැඳ යන්නේ තමුසේ මෙහෙ එනවා... තමුසේ ආයේ කොහෙවත් යන්නෑ..." බිම හිටපු ආදි ඉක්මනට නැඟිටලා යුහීව ඇඳලා පපුවට තුරුල් කරගත්තා.
" තමුසේ එක්ක නංගි ආයේ කොහෙවත් එන්නෑ... මට නංගිව බලාගන්න පුලුවන්.. අතහැරපන්..." තේෂ් කෑගහන්න ගත්තා.
" යකෝ උබේ නංගි විතරක් නෙවෙයි මේ මගෙත් නංගි... " කියමින් රනුක් රණ්ඩුව මැදට ආවා.
" යකෝ මේ මගේ biological sister... මං නැතිවෙලා කියලා හිටපු මගේ චූටි නංගි..."තේෂ්.
" ඇයි ආන්ටි යුහී කිව්වේ නැද්ද... මං එදා යුහීට මේ දේ කිව්වම තමා එයා ලන්ඩන් ආවේ..." හසූ.
එදා යුහීට හසූ එවපු මැසේජස්වල තිබ්බේ DNA reports...
"නෑ දුවේ... දෝණි මෙතන වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවද... අනික මේ පුතා කවුද හරියටම... ඔයාලා ඔයාලා අඳුරනවා මගේ මොළේ විකාර කරන්නැතුව කියන්න ළමයි...."
" හරි මං කියන්නම්... අයියා ආදිට ගහන්න එපා... ඒක එයාගේ විතරක් නෙවෙයි මගෙත් වැරැද්දක්..." කියපු යුහීගේ ආදිගෙන් ඈත් වෙලා ඇවිත් ඉඳගත්තේ විනෝද්‍යා ගාවින්.
කෙල්ල පුටුවෙන් ඉඳගත්තම තමා කට්ටිය හරියටම කෙල්ලගේ බඩ දැක්කේ...
විනොද්‍යා කැඩුන්නැති අතින් යුහිගේ කුස අතගාලා,
" දෝණි... මාස කීයද මැණික.. "
" මාස තුනයි අම්මා..."
" ඒත් දෝණි... මම හිතුවේ මාස පහකටවත් කිට්ටු ඇති කියලා.."
" එක්කෙනෙක් නෙවෙයිනේ අම්මී..."
" ඈ දෙන්නෙක්ද.... එතකොට මං දෙන්නෙක්ගෙම තාත්තද..." කියමින් ආදි යුහී ළඟට ආවා.
" අම්මා මං දැන් තාත්තෙක්... එතකොට යුහීත් දැන් මගේ විතරයි..." කියමින් යුහීගේ කුස අතගාන්න ගත්තා.
රනුක් ආදි දිහා සතුටින් බලන් හිටියේ ආදි ගොඩ කාලෙකට පස්සේ හිනාවෙනවා දැක්ක නිසා. ඒත් යුහී ආදිගේ අත අයින් කරන්නේ යන්නේ කියලා දැක්ක රනු ඉක්මනට යුහීගේ අවදානේ වෙනස් කරේ කතා කරලා.
" නංගි එතකොට මේ ආදිගේ දරුවොද... ඒත් එහෙම දෙයක් වුනේ කවද්ද.. "
" එදා අම්මා නුවර ගිහින් එන්න බැරි වෙච්ච දවසේ අයියේ... මං බෙහෙත්වලට මත් වෙලා හිටියේ... මං දන්නැතුව බෙහෙත් බීලා පැනඩෝල් බිව්වා.."
" දෝණි ඔයාට පැනඩෝල් බොන්න හොඳ නෑ.. ඒ බෙහෙත් එක්ක... අනික ඔයා ඇයි පැනඩෝල් බිව්වේ... මගෙයි වැරැද්ද මං ඔයාට කියලා තිබ්බේ නෑ අනික මම හිටපු නැති හින්දානේ එහෙම වුනේ..."
" නෑ අම්මා... අම්මගේ කිසිම වැරැද්දක් නෑ.. මම හිටියේ හොඳටම මත් වෙලා.. ආදි අයියත් බීලා... අනික මං ආදි අයියාව දැක්කේ අවී වගේ... ඉතින් වෙන්න ඕන දේවල් වෙලා..."
" දෝණි.. ඇයි ඔයා අපිව දාලා ගියේ ඉතින්... ඇයි ප්‍රෙග්නට් වුනාමවත් ආවේ නැත්තේ..."
" මට බය හිතුනා අම්මේ... මම ආදරේට ලෝබයි... ඉතින් මට හිතුනා අම්මා මාව අතහරී කියලා ඒකයි මම ගියේ... " යුහී කිව්වේ ඇස්වල කඳුලු පුරෝගෙන.
" පිස්සු ද දෝණි... මම එහෙම කරනවද... මට ඔයා මගේ දුවම තමා.. අනික දැන් මං කොහොමටවත් ඔයාව අතහරින්නෑ.. ලෑස්ති වෙන්න ආදිව මැරි කරන්න..."
" මැරි කරන්න නම් ඕන්නෑ... " ආදි කිව්වේ තාමත් යුහීගේ කුස අතගාමිනුයි.
" මොකක්... අම්මේ බලන්නකෝ.... මෙයා මාව අනාත කරලා දැන් මැරි කරන්න බෑලූ..." ආදිත් එකපාර යුහී කියපු දේට යුහීගේ මූණ බැලුවා. ඇයි මෙච්චර වෙලා යුහීට ආදිව පේන්නවත් බැරුවනේ හිටියේ.
" ඈ පුතාගේ මොකක්ද ඒ කිව්වේ... ඔයාගේ කැමැත්තෙන් අකමැත්තෙන් වැඩක් නෑ... මාව ඩිස්චාර්ජ් කරපු ගමන් ලෑස්ති වෙන්න රෙජිස්ටර් කරන්න..."
" දෙපාරක් බඳින්න බෑ අම්මේ..."
" තෝ කවද්ද බල්ලෝ මටත් නොකියා මඟුල් කෑවේ..." රනුක් ඇවිත් ආදිගේ පිටටත් හයියෙන් එකක් ගහලා ඇහුවා.