දහනවවැනි දිගහැරුම...❤️
එක දවසක්
" බොස් කොළඹ මඩමට පොලිසියෙන් පැන්නා..."
හවස් වරුවේ මත්පැන් තොලගාමින් හිටිය හිටපු ඇමති වරංගලට අහන්න හම්බුනේ ඒක.
" අපේ උන් නම් පැනගත්තා බොස්.. ඒත් ගෑනු සෙට් එක අහුවුනා..."
" ආ ඒකට අවුලක් නෑ අපේ උන් සේෆ් නම්.. ගෑනු දන්නෑනේ අපේ එකක් කියලා ඒක..."
" ඒත් බොස් ඒක තමා ලොකුම අවුල..."
" ඈ.."
" බොස්.. එතන අර ඩීඅයිජීකාරයාගේ දුවත් හිටියා..."
" මොකක්... ෂිට් තොපිට අර හැත්ත පනින්න කලින් ඒකිව පන්නගන්න බැරි වුනාද බල්ලෝ.. දැන් ඒකි ඕක්කොම වමාරයි...ෂිට්.... තමුසෙලා නම්..."
" බොස් වෙනදට කලින් තොරතුරු හම්බෙනවා මේ පාර ඒකත් නෑනේ වොස් නැත්තන් මොනාහරි කරන්න තිබ්බා.. දැන් මොකද කරන්නේ බොස්.."
" මාව කාපන් එතකොට හරී.. බල්ලෝ ගිහින් මොන ක්‍රමේකින් හරි ඒකිව අරන් වරෙන්.. ඇමතිතුමාට කියපන්.. එතකොට ඌ කියයි හොඳ ක්‍රමයක්... තවත් බලන් ඉන්නේ පලයන් බල්ලෝ.." කියලා තම ගේ අතවැසියටත් බැනපු වරංගල අතේ තිබ්බ මත්පැන් වීදුරුව එක උගුරට හිස් කළා..
මේ වෙලාවේ රනුක් හිටියේ ආදිලාගේ ගෙදර.
" තෝ මේ බොන එක නතර කරන්නැද්ද බල්ලෝ... බොනවා බොනවා ඉවරයක් නෑ.. තොට වැඩිකල් නොයා වකුගඩු දාන්න වෙයි..."
ආදි රනුක්ගේ කියවිල්ල සද්ද නොකර අහන් හිටියේ බියර් ටින් එකකට වැඩේ දෙනගමන්.
" තොට සිංහල තේරෙන්නේ නැද්ද ඕක විසි කරපන්..." කියපු රනුක් ආදිගේ අතට ගැහුවේ බියර් ටින් එක විසික්වෙලා කාමරේ පුරා හැලෙද්දී.
" මොකක්ද යකෝ ඒ කළේ..."
" තොට මං කියන්නෑ.. පිස්සුද යකෝ උඹට..."
" ඔව් බන් මට පිස්සු... උබ දන්නවනේ කොහොමත් මට පිස්සු කියලා..."
" අනේ මන්දා බන්.. උඹ නම්... ඕවා හිතේ හිරකරන් ඉන්න එපා බන්... කියපන් මටවත් මං අහන් ඉන්නවා උබේ ඕන දෙයක්..."
" ම්හ්... මොනා කියන්නද බන්... අරකි ඇයි මාව දාලා ගියේ.. "
" ඒ තෝ නම්... උබ ඒකිට කරපුවට ඒකි මෙච්චර කල් හිටපු එකම ඇති... උබ නංගිට කෙල්ලෙක්ට සලකන විදිහටද සැලකුවේ..."
" උඹ දන්නවනේ මං ඒකිට කොච්චර ආදරේ ද කියලා..."
" දන්නවා බන්... දන්නවා... ඒත් උබ කරේ ආදරේ පෙන්නපු එක නෙවෙයි නංගිට වද දුන්න එක... ඉතින් ඒකි උබ ළඟ ඉඳීද... උබ ඒකිට හොඳට සලකලා තියෙන්නේ නංගි අවීෂයට නෙවෙයි ලව් කරන්නේ උබට..."
" උබ මගේ තත්ත්වේ දැන දැන ඔහොම කතා කරන්න එපා බන්... බැරි වෙලාවත් මාත් එක්ක යාලු වුනාට පස්සේ මං මැරිලා ගියා නම් එහෙම ඒකිත් මැරිලා යයි බන්... මට මගේ කෙල්ලගේ ජීවිතේ විනාශ කරන්න බැරි හින්දයි ඈත් වෙන්න බැලුවේ... ඒත් උදේ හවස ඒකිව දකිද්දී මං කොහොමද ඉන්නේ බන්... මාත් මනුස්සයෙක් යකෝ..."
" ඉතින් බන් දැන් අවීෂයා මැරුන්නැද්ද.. නංගි ඉන්නේ ඔය අපූරුවට..."
" ඒකි පිටින් පේන්න හිටියට හොඳින් නෙවෙයි බන් ඉන්නේ.. හැමදාම බැල්කනි එකට වෙලා අඬනවා බන්.. දන්නවද ඒකි හිතන් ඉන්නේ අරූ මැරුන එකට පලිය අරන් ඒකිත් මැරිලා යන්න...මට බෑ බන්.. "
" ආදි උබ මට සහෝදරයෙක් වගේ... අපි නංගිව කොහොමහරි බලාගමු... ඒත් උබ අර රත්තරන් අම්මට දුක් දෙන්න එපා බන්... අද මං උබව හොයන් එද්දී නැන්දා අඬනවා බන්... මට කියනවා උබට බොන්න එපා කියන්නලු.. හිතපන්කෝ නැන්දා කොක්චර දුකකින්ද ඇත්තේ... එක්කෝ වරෙන්කෝ යන්න දැන්ම නැන්දාට කියපන් උබ ආයේ බොන්නෑ කියලා..." කියපු රනුක් ආදිවත් ඇදගෙන පල්ලෙහට ගියා.
ඒ යනකොට විනෝද්‍යා කෝල් එකක.
වෙන කාත් එක්කවත් නෙවෙයි යුහී එක්ක..
" දෝණි අම්මා බලන්න එන්නේ නැද්ද.."
" අම්මා..."
" ඔයා හැමදාම ඔය ප්‍රශ්නේ මඟ අරිනවා මැණික.. මට ඉන්න තැනක් හරියට කියන්නෙත් නෑ.. නැත්තන් මම හරි ඇවිත් යනවනේ..."
" අනේ අම්මී.. මං එන්නම් අම්මව බලන්න.. මේ... මේ.. එක්සෑම් ඔක්කොම ඉවර කරලා එහෙම..."
" අනේ මන්දා දෝණි...මට වෙලාවකට හිතෙනවා මගේ අතින් වැරැද්දක්වත් උනාද කියලා ඔයාට..."
" පිස්සුද අම්මී..."
" දෝණි ලබන මාසෙවත් එන්නකෝ අයියාගේ වෙඩින් එකත් එක්කනේ.."
" මං බලන්නම් අම්මේ..."
" හසූවත් එක්කන් එන්න මැණික.. ආ මේ කියන කොටම එන්නෙ මනමාලයා.." කියලා විනෝද්‍යා හැරුනේ ආදි දිහාට.
ආදි මෙච්චර වෙලා කෝල් එක අහගෙන හිටියේ. විනොද්‍යා හිටපු විදිහට කෙල්ලගේ මූණ බලාගන්න බැරි වුනත් ආදිට ඒ කටහඩම ඇති හිත නිවිලා යන්න.
" අම්මී මං පස්සේ කෝල් එකක් ගන්නම්... බුදු සරණයි..." කියපු යුහී විනෝද්‍යාට මුකුත් කියන්න නොදීම කෝල් එක කට් කරා.
" නැන්දා නංගි ඉන්න තැනක් කියන්නෙම නැද්ද..."
" නෑ පුතා.. මං කී පාරක් ඇහුවද..."
" ට්‍රැක් කරලා හොයා ගන්න බැරි වෙයිද..."
" වැඩක් නෑ මං බැලුවා බන් ඒකත්..."
" අනේ මන්දා පුතේ මට නම් තේරෙන්නෑ මොනා කරන්නද කියලා.. මේ කොල්ලා එහෙන් කනමදයා වගේ බොනවා.. දෝණි ගැන හරි හමන් විස්තරයක් දන්නෑ.."
විනෝද්‍යා එහෙම කියපුහම ආදි ඇවිත් විනෝද්‍යාගේ උකුලෙන් හිස තියාගත්තා.
විනෝද්‍යාත් ඒ හිසකෙස් අතරින් ඇඟිලි අරන් ගියේ ඒ සනීපෙට ආදිට නින්ද යාගෙන එනකොට.
ඒත් ආදි ගැස්සිලා ඇහැරුනේ ෆෝන් එකක් රින්ග් වෙන සද්දෙට.
" මාමණ්ඩි කෝල් ගන්නවා ඇයි දන්නෑ..."කියපු රනුක් කෝල් එක ආන්ස්වර් කරා.
" හෙලෝ තාත්තේ..."
_________________
" ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද තාත්තේ..."
විනෝද්‍යාගේ උකුලේ හිටපු ආදිත් නැගිට්ටේ රනුක්ගේ මූණ බලන ගමන්..
" මොකක් ඇයි තාත්තා අයිශුට මොකද මට පහුගිය ටිකේ කෝල් කරෙත් නෑ.. අනික තාත්තත් කිව්වනේ එයා කැම්ප් එකකට ගිහින් ඒ හින්දා ෆෝන් යූස් කරන්නෑ කියල.."
___________________
" ආ හරි තාත්තා.... මං එන්නම්කෝ..." කියපු රනුක් යන්න කියලා නැගිට්ටා.
" උබ කොහෙද යන්නේ..."
" අයිශුව හොස්පිටල් නවත්තලාලු බන්.. බලලා එන්නම්.."
" ඉඳපන් මාත් එනවා.." කියපු ආදි කාමරේට දීව්වේ ඇඳුමක් මාරු කරගන්න.
" රනූ මොනද වෙලා තියෙන්නේ අයිශුට..."
" දන්නෑ නැන්දා තාත්තා හරියට විස්තරයක් කියන්නෙත් නෑ..."
තව දවසක් දෙකක් ගෙවිලා ගියේ ආදියි රනුයි හොස්පිටල් එකේම ඉද්දී.
යුහී හැමෝගෙන්ම හැංගිලා ලන්ඩන්වල හිටියත් අවීගේ මරණේ ගැන හොයන එක නවත්තලා තිබ්බෙ නෑ.
යුහී අවී එකතු කරලා තිබ්බ සාක්ෂි ටිකත් සේරම බැලුවා.
එතකොට යුහීට තේරුනා මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ තවීෂුයි වරංගලයි කියලා.
කොටින් ම කිව්වොත් තවීෂ් තමා අවීව මරලා තියෙන්නේ කියන එකත් කෙල්ල හොයාගත්තා.
ඒත් ඒ දේවල් ගැන තාම යුහී හසූටවත් කියලා තිබ්බේ නෑ. යුහීගේ හිතේ වෙනමම ප්ලෑන් එකක් තිබ්බා.
එක දවසක් යුහී ලෙක්චර් එකක් ඉවර කරලා ගෙදර යනගමන් ඉද්දී කෝල් එකක් ආවේ විනෝද්‍යාගෙන්.
කෙල්ලට පුදුම හිතුනේ වෙනද විනෝද්‍යා කෙල්ල කොල් ගන්නකන් බලන් ඉන්නවා මිසක් එයා ගන්නෙ නැති හින්දා.
පොඩි චකිතෙකුත් එක්ක කෙල්ල කෝල් එක ආන්ස්වර් කරා.
" හෙලෝ අම්මා.."
" හෙලො නංගි... මම රනුක්..."
" ආ.. අයියේ.. කෝ අම්මා... ඇයි කෝල් ගත්තේ..."
" නංගි.. නැන්දා..."
" ඇයි අයියේ අම්මට මොකද වුනේ..."
" නැන්දා ඇක්සිඩන්ට් වුනා නංගි..."
" මොකක්..."
" ඔව් නංගි... දවල් නැන්දා සමිතියකට ගිහින් එනකොට තව කාර් එකක වැදිලා ඊටපස්සේ ගහකත් වැදිලා. ඩ්‍රයිවර් නම් බේරගන්න බැරි වුනා..."
" අනේ අයියේ... අම්මට කොහොමද..."
" නැන්දාටත් අමාරුයි නංගි.. තාම operation theater එකේ.. ඔයාට කියන්න ඕන හින්දා කෝල් කරේ..."
" අනේ අයියේ මොන හොස්පිටල් එකේද ඉන්නේ මම මෙහෙන් පුලුවන් තරන් ඉක්මනට පිටත් වෙන්නම්..."
" ආරෝග්‍යා එකේ නංගී.."
ඇක්සිඩන්ට් එකෙන් දවසකට පස්සේ විනෝද්‍යාට සිහිය ආවත් වෙච්ච ඩැමේජ් හින්දා විනෝද්‍යාගේ කකුලක් වගේම අතකුත් කැඩිලා තිබ්බා.
ඒ වගේම තමා එයාගේ පරණ මතකයන් ආයේ ඇවිත් තිබ්බා.
මාස ගාණකට පස්සේ රනුක්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ යුහීගෙන්.
" හෙලෝ නංගි.."
" අයියෙ රූම් නම්බර් එක මොකක්ද..."
" රූම් නම්බර් 124 නංගි..."
" හරි අයියේ මං එන්නම්.."
" ඔයා ආවද නංගි..." කියලා රනුක් ඇහුවත් යුහී කෝල් එක කට් කරලා ඉවරයි.
" මේකිට තියන කඩි කුලප්පුව යකෝ..." කියපු රනුක් යුහීටත් බැන බැන පුටුවකින් ඉඳගත්තා.
" ඇයි පුතේ..."
" නෑ නෑ නැන්දා සප්‍රායිස් එකක්.."
විනාඩි පහක් ගියේ නෑ රූම් එකේ දොර ඇරන් අද්වේ යුහී. ඒ මාස ගානට යුහී තව ලස්සන වෙලා.
"දෝණි..."
විනෝද්‍යා පුදුම වෙලා යුහි දිහා බලන් හිටියා.
එතකොටම ආයේ දොර ඇරන් ඇතුළට ආවේ ආදි.
ආදිත් පුදුම වුනේ යුහී ඉන්නවා දැකලා.
මොකද රනුක් කාටවත් කියලා තිබ්බේ නෑ එයා යුහීට කතා කලා කියලා.
ඒත් එක්කම ආයේ දොර ඇරන් ඇතුළට ආවේ පිරිමි කෙනෙක්.
ඇවිත් කෙලින්ම අල්ලගත්තේ යුහීගේ කනෙන්.
" සුදූ මං කියලා තියනවා නේද පිස්සියෙක් වගේ දුවන්න එපා කියලා ආ..."
ඒ ආපු කෙනා දැකපු රනුක්ගෙයි ආදිගෙයි කටින් පිටවුනේ එකම වචනේ එකම වෙලාව...
______________________________________