විසි එක්වෙනි දිගහැරුම...❤️
" දෙපාරක් බඳින්න බෑ අම්මේ..."
" තෝ කවද්ද බල්ලෝ මටත් නොකියා මඟුල් කෑවේ..." රනුක් ඇවිත් ආදිගේ පිටටත් හයියෙන් එකක් ගහලා ඇහුවා.
" ආව් යකෝ මට දැන්ම මැරෙන්න බෑ... ළමයි දෙන්නගේ මූණවත් බලන්න ඕනා..." කියමින් ආදි පිට අතගාගත්තා.
" නුරාග් අයියේ... ඔයා කාවද බැන්ඳේ එතකොට..." හසූ.
" ඒකනේ පුතේ... ඔයාට මේ අම්මව අමතක වුනාද.. මං දන්නෙත් නෑ... ඉන්නෙත් එකම පුතයි..."විනෝද්‍යා.
" අයියෝ අම්මී... අඬන්නෙපා අනේ... මං බැන්ඳේ මෙයාවම තමයි.." කිය.ඉන් යුහීව පෙන්නුවා.
" හෑ... මං කවද්ද ඔයාව බැන්ඳේ..." යුහී ඇහුවේ පුදුමෙනුත් පුදුමෙට පත්වෙලා.
" තමුසෙට මතකද අර scholarship එකට ලන්ඩන් යන්න ඉද්දි මං පේපර්ස් වගේකට සයින් ගත්තා.. "
" ඔව්... මගේ ජොබ් එකේ වැඩවලටනේ.. දැන් ඒකටයි මේකටයි මොකක්... ඔහොම ඉන්න ඔහොම ඉන්න... මං එදා ඒ පේපර්ස් කියවලා බැලුවේ නෑ...ඒවා..."
" අන්න හරි... තමුසෙගේ මෝඩ මොලේට තේරුනා.. තමුසෙයි මායි කසාද බැදලා අවුරුදු හතරකටත් වැඩී... වැඩේ කියන්නේ හනිමූන් එක ගන්න පොඩ්ඩක් පරක්කු වුනා..." ආදි කිව්වේ කෙල්ලට අමුතු හිනාවකුත් දාලා.
යුහීට ඒ හිනාව තේරිලා ආදිට ගහන්න පටන් ගත්තා.
"ආව් ගෑණියේ.... රිදෙනවා බන්.. ගහන්න එපා..." කියමින් ආදි යුහීගේ අත් දෙකෙන් අල්ලගෙන පපුවට තුරුල් කරගත්තා.
අනිත් මේ දිහා බලන් හිටියේ මාර සතුටකින්..
වැඩිපුරම සතුටු වුනේ රනුක්..
මොකද එයා තමයි ආදි ගැනයි යුහී ගැනයි හොඳටම දැනන් හිටියේ.. යුහී ගැන එතරම් නැතත් ආදි ගැන විනෝද්‍යාටත් වඩා හොඳට දැනන් හිටියා.
" නුරාග් අයියේ ඒත් ඒ කාලේ යූ අවීෂ් අයියා එක්ක යාලු වෙලානේ හිටියේ..." හසූට තමා ඒ ප්‍රශ්නේ ආවේ.
" ඒකනේ පුතා... බැරිවෙලාවත් දෝණි අවීෂ්ව බැන්ඳා නම් එහෙම ..."
" ඒ හින්දා තමා මං ඉස්සර වුනේ.. අවුරුදු දහයකටත් වඩා ආදරේ කරපු කෙල්ලව වෙන එකෙක්ට දෙන්න මං වෙස්සන්තර නෙවෙයිනේ... ඒකයි මං මෙයා යන්න ඉස්සෙල්ලම රෙජිස්ට්‍රාර් කරේ..."
ආදිට දැනුනා එයාගේ ෂාර්ට් එක තෙත් වුනා වගේ...
ඒ නිසා යුහී දිහා බලද්දි තමා දැක්කේ යුහී හොඳටම අඬනවා කියලා..
" හරි දැන් ඇති ඔය කතාව නවත්තන්න.. මෙයා දැනටමත් අඬනවා... මේ මෙහෙ බලනවා.. අඬන්නෙපා ඕයි තමුසේ අඬද්දී කැතයි.." ආදි කිව්වේ යුහීගේ කඳුලු පිස දමමින්.
" පුතා මං ඔයාට කියලා තියනවා දෝණිට ඔහොම කතාකරන්න එපා කියලා.. අනේ මන්දා ඔයත් නම්... මේ කෙල්ලට තමුසේ කියලාමයි කතා කරන්නේ ආයේ කියනවා ඇහුනොත් මට කන ගලෝලා අතට දෙනවා..." ඒකට නම් තාමත් ආදිගේ පපුවට තුරුල් වෙලා හිටපු යුහීට හිනාවක් ගියා.
ඒත් එක්කම රනුක්ට කෝල් එකක් ආවා.
" හෙලෝ..."
_______________________
" ආ... මං එන්නම්.. දැන්ම...." කියපු රනුක් කෝල් එක කට් කරලා,
" ආදි මං අයිශු ගාවට ගිහින් එන්නම්... එයා ආයේ සූසයිට් කරගන්න ගිහින්... මං බලලා එන්නම් බන්... මට නම් තේරෙන්නෑ මොනා කරන්නද කියලා.."
" ඉඳපන් මාත් එන්නම්..." කියලා ආදිත් එන්න ගියත් රනුක්,
" එපා බන්.. පහළ තට්ටුවනේ.. මං ගිහින් එන්නම්... උබ නංගි එක්ක ඉඳපන්.. " කියපු රනුක් ගියා.
" අයිශු කියන්නේ රනූ අයියා යාලු වෙලා ඉන්න අක්කී නේද... ඇයි එයා සූසයිට් කරගන්න ගියේ.." යුහී ඇහුවේ ආදිගෙන්...
" තමුසෙට ඒක වැඩක් නෑනේ... ඔහොම ඉන්නවකෝ සද්ද නොකර.."
" බලන්නකෝ අම්මේ... ඔයාවත් කියන්නකෝ ඇයි කියලා ඒ අක්කී හරි හොඳයිනේ මාත් එක්ක කතා කරලත් තියනවා..."
" දෝණි මේ..."
" ඒකට හේතුව වරංගලකාරයා..."
" මොකක්..." ඒ නිතේෂ්.
" ඔව් බන්... ඌ අයිශුව පැහැරගෙන... උබ දන්නවනේ රනුවා සෙට් වුනේ අපේ ඩි අයි ජී සර්ගේ දුවත් එක්ක කියලා... ඌ පැහැරගෙන මදිවට උගේ ගණිකා මඩමට කෙල්ලව දාලා... දවස් දෙකක් තිස්සේ එකේක උන් වද දීලා.. කෙල්ල එතනින් බේරගත්ත දවසේ ඉඳන් සූසයිට් කරගන්න හදනවා... පහුගිය ටිකේම රනුක් කෙල්ල ගාව.. ඌ දැනුත් මෙතනට ආවේ නිදියන් හිටපු හින්දා..."
" පව් අනේ අයිශු අක්කී...."
" ඒකනේ..." කියමින් හසූත් ළඟ තිබ්බ පුටුවක ඉඳගත්තා.
" ෂික්... ඌට විරුද්ධව සාක්ෂි තිබ්බා නම්.මේවා මෙච්චර දුර යන්නෑ බන්..." නිතේෂ් කිව්වේ තව පුටුවක ඉඳගනිමින්.
" ඔව් බන්... අපේ කරුමෙට ඒවාත් හම්බෙන හම්බෙන එකට මොනාහරි වෙනවනේ..."
" ඒක වරංගලකාරයාගෙම වැඩක් පුතා.. ඌ එදා ඉඳන් කරේ ඒක තමා..." විනෝද්‍යා කිව්වා.
" අම්මා.. ඔයා ගාවවත් තාත්තාගේ ඒවා මුකුත් නැද්ද..."
" නෑ පුතා... මට තාත්තා එකතු කරලා තිබ්බ සාක්ෂි හම්බුනා.. මං ඒවා අරන් CID head office යනකොට තමා එදා ඇක්සිඩන්ට් එක වෙලා මට මෙමරි ලොස්ට් එක වුනේ..." විනෝද්‍යා...
" ඒ කියන්නේ ඒක ඇහ්ත..." යුහී.
" මොකක්ද..." ආදි.
" අම්මිගේ මෙමරි ලොස්ට් එක..."
" ඔයා කොහොමද දන්නේ ඒක.."
" මට අවී හැමදේම කියලා වීඩීයෝ එවලා තිබ්බා.. ඒකේ එයා කිව්වා අම්මාට ඇක්සිඩන්ට් එකක් වෙලා මෙමරි ලොස්ට් එකක් වුනා... එතකොට ආදි අයියයි අවීයි ඉස්සර හොඳම යාලුවෝ.."
" තමුසෙට කවද්ද එහෙම දේවල් කිව්වේ..."
" එදා... අම්මා ගෙදර හිටපු නැති දවසේ තමා මට එයා එවලා තිබ්බ වීඩියෝ හම්බුනේ... ඒක විතරක් නෙවෙයි ඔයාලට ඕන දේත් ඒකේ තිබ්බා..."
" මොකක්ද..."
" සාක්ෂි... එයා ඒවා එකතු කරගත්ත හින්දා තමා තවීෂ් එයාව මරලා තියෙන්නේ.."
" දෙයියනේ... ඒ කියන්නේ අවීෂ් අයියාගේ මරනේ ඇක්සිඩන්ට් එකක් නෙවෙයිද..." හසූ.
" නෑ මැණික..." තේෂ්.
" ඔයා කොහොමද දන්නේ..." හසූ.
" මොකද මං ඔය ගැන හොයන්නේ අවුරුදු 16 ඉඳන් හින්දා... "
" මොකක්.... මෙතන මොකක්ද වෙන්නේ... අයියේ අනික ඔයා කොහොමද මෙයාලව දන්නේ.. මේ දේවල් ගැන..." යුහී.
" ඉන්න මං හැමදේම කියන්නම්... ආන්ටි ඔයා දන්නවද මං කවුද කියලා.."
" නෑ පුතා.. ඒත් නිකන් දැකලා පුරුදු ගතියක් තියනවා..."
"මම නිතේෂ් කෞෂාන් හපුආරච්චි ආන්ටි... වරුන් හපුආරච්චිගේ පුතා..."
" දෙයියනේ.. පුතේ ඔයා වරුන් අයියාගේ පුතාද... ඒත් ඔයාලා එදා..."
" එදා තාත්තාව කෝමා එකකට ගියා ආන්ටි... තාත්තා නැගිට්ටේ අවුරුදු දෙකකට පස්සේ... එතකන් මාව බලාගත්තේ බාප්පයි පුංචියි..."
" එතකොට තනූජා... එයා එදා තමයි අපිව බල්න්න එන්න හිටියේ..."
" අම්මා නැතිවෙලා ආන්ටි.. එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ආරංචි වෙලා බාප්පා එද්දි ඉඳලා තියෙන්නේ මායි තාත්තායි විතරයි... අම්මට වෙච්චදෙයක් නෑ... මගේ වාසනාවට ත.අයි නංගිව හරි හම්බුනේ... ඒත් අම්මාට වෙච්ච දෙයක් දන්නෑ.. මොකද එදා නංගිව හම්බෙලා නංගිව කවුරුහරි ළමා නිවාසෙන් තියලා ගිහින්.. අම්මා ගැන මං හැමතැනම හෙව්වා මොනවත් විස්තරයක් හම්බුන්නෑ.. තාත්තත් හෙව්වා..."
" මේ හැමදේකටම මුල වරංගල ඇමතියා තමා...ඉස්සර මගේ මහත්තයයි වරුන් අයියයි කියන්නේ හොඳ යාලුවෝ... එයාලා CID එකෙන් හම්බුන අය..."
" හරියට අපි වගේ..." ආදි කිව්වේ තේෂ් දිහා බලාගෙන.
විනෝද්‍යා ප්‍රශ්නාත්මක මූණකින් කොල්ලා දිහා බලද්දී,
" ආ මේ අම්මී.."
" ආදි බොරු කියන්න ලෑස්ති වෙන්න එපා.. දැන්ම මේවා විසඳන්න... ඔයාලා කොහොමද අඳුරන්නේ..." විනෝද්‍යා කිව්වේ ටිකක් තරහින් වගේ..
" අම්මා... අම්මා ඇක්සිඩන්ට් වුනාම මම ගොඩක් වැටුනා... අම්මිට කිසිම දෙයක් මතක තිබ්බෙ නෑ.. ඒ වෙලාවේ තමා මට තේෂ් අයියව හම්බුනේ.. එයා ඒ තමා ෆර්ස්ට් ටයිම් ලංකාවට ඇවිත් තිබ්බේ... එයාට මම විස්තර කිව්වම... එයාත් එයාගේ විස්තර කිව්වා..එතකොට තමා අපිට තේරුනේ මගේ තාත්තාගෙයි අයියාගේ තාත්තගෙයි ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ එකම දවසේ කියලා.. අනික මං දැනන් හිටියා තාත්තාගේ එකට වරංගලකාරයාගේ සම්බන්ධයක් තියනවා කියලා.. ඉතින් ඊටපස්සේ තමා අපි CID එකට බැඳුනේ.. ඒත් තේෂ් අයියට ආයේ රට යන්න වුනා.. එයා එහෙ ඉඳන් වැඩ බැලුවා.. පස්සේ රනුත් අපි එක්ක එකතු වුනා..මේ වෙනකොට ඉතින් අපි මිෂන් ගොඩක් කරපු සෙට් එකක්.. එතකොට වරංගල ඇමතිගේ කේස් එක අපි අවුරුදු ගාණක ඉඳන් බලන් එනවා..ඒත් අපිට සාක්ෂ් හොයාගන්න එක අමාරු වුනා.." ආදි අන්තිම ටික කිව්වේ යුහී දිහා බලමින්.
" මම සාක්ෂි ටික දෙන්නම්.. කොහොමත් ඒවගෙන් කට්ටියගෙම රෙදි ගැලවෙයි... ඒත් ප්‍රශ්නයක් තියනවා..." යුහී.
" මොකක්ද සුදූ.." තේෂ්.
" අයියේ.. ඒ සාක්ෂි අතරේ විනුලිට විරුද්ධව සාක්ෂි නෑ.. "
" ඕ...ෂිට්... ඒකිත් මේ ඔක්කොටම හවුල්... ටීෂාටත් වඩා..." ආදි.
" පුතා.. ටීෂා කියද්දි මතක් වුනේ... දැන් වෙඩින් එක..."
" ඒක ඔහොම්මම ඒ ඩේට් එකේම තියෙයි අම්මී...ඒත් එදාට ටීෂාවත් විනුලිවත් නැතිවෙයි..."
" මාව නතර කරන්න එපා අම්මේ.. උන් මහ තිරිසන්නූ... ඔයා දන්නවද උන් මේ කෙල්ලව කී පාරක් මරන්න හැදුවද කියලා.." ආදි කිව්වේ යුහීව තවත් තුරුලු කරගනිමින්.
" පුතා... ඒත් ඔයාට..."
" මට මුකුත් වෙන්නෑ අම්මා බය වෙන්න එපා.. මං ජීවත් වෙනවා... මේ දෙන්නා වෙනුවෙන්..." කොල්ලා කිව්වේ යුහීගේ කුස අතගාමින්.
" එතකොට මටයි දෝණිටයි මොකද වෙන්නේ අපිව වැඩක් නැද්ද.."
" අයියෝ අම්මී මං ඔය දෙන්නට තමා වැඩිපුරම ආදරේ..."
මේ විදිහට තව පැයක් විතර කතා කරකර ඉඳලා තේෂ්ලා යන්න ලෑස්ති වුනා..
" උබලා කොහෙද දැන් නතර වෙන්නේ..." ආදි.
" හසූව එයාලගේ ගෙදර ඇරලවලා මං අපේ ගෙදර යනවා බන්... දැන් ආන්ටිට කෑම එහෙම කොහොමද..." තේෂ්.
" ආ... මං තව ටිකකින් ගෙදර ගිහින් එනවා බන්... එතකොට අරන් එනවා..." ආදි.
" එහෙනම් කමක් නෑ... සුදූ යන්..." තේෂ් කිව්වේ යුහී දිහා බලමින්.
" යූ.. ඔයාට බෑ නැන්දිව වොෂෲම්වත් එක්ක යන්න... නැන්දිට කලින් ඔයාව වැටෙනවා.. කියන දේ අහලා ගෙදර යන්න..."හසු.
" අනේ අම්මී... මට අම්මා ගාව ඉන්න ඕනා...ප්ලීස්..." යුහීගේ විනෝද්‍යාගේ අතකින් අල්ලගෙන.
" හරි දෝණි... හසූ මෙයාව තියලා යන්න.... ආදියි රනුයි දෙන්නත් ඉන්නවනේ එයාලා යන්නෑ..." විනෝද්‍යා
" ආ එහෙනම් කමක් නෑ... සුදූ මං උදේට එන්නම් එහෙනම්... තාත්තට කෝල් එකක් දෙන්න... එයත් හෙට දිහාට එයි කොහොමත්... ආදි මට කෝල් එකක් ගනින් රෑ වෙලා..." කියපු තේෂ් යුහීගේ හිසත් අතගාලා ගියා.
" දෝණි... දැන් පුතා ගෙදර යනවනේ ඔයත් ගිහින් වොෂ් එකක් දාල එන්න... "
" අනේ අම්මී.. මම මෙහෙන් වොෂ් දාන්නම්... මට අම්මිත් එක්ක ඉන්න ඕනා.."
" මේ තමුසේ යන් මාත් එක්ක.. අම්මට ඇඳුම් ගන්නත් ඕනා.. තමුසෙට ඒ ටික බලලා ගන්න පුලුවන්..ආව්..." විනෝද්‍යා ආදිගේ කනින් ඇල්ලුවා.
" පුතා මං දැන් ටිකකට කලිනුත් කිව්වානේ ඔය තමුසේ කෑල්ල අයින් කරගන්න කියලා..."
" අනේ හරි හරි අම්මී... අතාරින්න මගේ කන ගැලවිලා අතට එයි..."
යුහී ආදි එක්ක ගෙදර ගියා.
කාර් එකේම යනකන් ම යුහී ගියේ ෂටර් එකෙන් එළිය බලාගෙන. ආදිත් මුකුත් නොකියා ආවා.
කෙල්ල කාමරේට ගියාම දැක්කේ කාමරේ දූවිලි පොදක් නැතිවෙන්න අස් කරලා තියනවා..
වොෂ් එකක් දාලා සැහැල්ලු කලිසමකුයි ඒකට ටී එකකුයි ඇඳගෙන කෙල්ල ගියා ආදිගේ රූම් එකට..
ඒ යනකොට ආදි පේන්න හිටියේ නෑ..
ඇඳ දැක්කම කෙල්ලට එදා වෙච්ච දේ මතක් වෙලා එතන කෙල්ලව එතන තිබ්බ මේසෙට වාරු උනා.
ඒත් එක්කම එතන තිබ්බ පොතක් වැටුන හින්දා යුහීගේ අවදානේ ඒ පොතට යොමු වුනා.
ඒක පොතක් නෙවෙයි ඇල්බම් එකක්.
ඉස්සරහ පිටුවේ ගහලා තිබ්බේ
My Loving Adi❤️ කියලා.
කෙල්ලට හිතුනා කවුරුහරි ආදිට දුන්න එකක් වෙන්න ඇති කියලා.
ඒත් ඒක පෙරළලා බලද්දිම තිබ්බේ පොඩි ටෙඩිබෙයාර් කෙනෙක්ගේ ෆොටෝ එකක්. එකේ යටින් caption එකට දාලා තිබ්බේ
" චූටි ලස්සන ගෑනු ළමයෙක්.. ඒත් එයා මගේ හිත හොරකන් කරලා ඉවරයි.. This is the first gift to my love from me..."
යුහී ඊටත් වඩා පුදුම වුනේ මේ යුහීගේ ටෙඩිබෙයාර් හින්දා.
යුහීට මේක දුන්නේ පිරිමි ළමයෙක්. ඒ ආදිද..
යුහී ඊළඟ පිටුව බැලුවා.
ඒකේ හිටියේ යුහී එතන එයාට අවුරුදු එකොළහක් දහක් විතර අර ටෙඩිබෙයාර්වත් තුරුලු කරන් හිටියේ. ඒක යටින්
" My love, you are so beautiful💖..."
කෙල්ලට මතක් වුනේ අවී කියපු දෙයක්..
ආදි අවුරුදු පහළවේ ඉඳන් කෙල්ලකට ආදරේ කරන්නේ...
" දෙයියනේ ඒ මමද... " යුහීගේ කටින් නිකන්ම පිට වුනා.
එයා තව තවත් ඉස්සරහට ඒ ඇල්බම් එක පෙරගෙන ගියා.
ඒක යුහීගේ ෆොටෝස්වලින් පිරිලා තිබ්බේ. නිවාසෙ ඉන්න කාලේ ඒවා. මෙහෙ හිටපු කාලේ ඒවා, ලන්ඩන්වල හිටපු කාලේ ඒවත් තිබ්බා. හැබැයි මේ එකක්වත් යුහී ගත්ත ෆොටෝස් නෙවෙයි.
අන්තිම පිටුවේ තිබ්බ එක දැක්කම නම් කෙල්ලට තරු විසිවුනා.
කෙල්ල ආදිගෙ නිරුවත් පපුවට තුරුල් වෙලා බෙඩ්ෂීට් එකත් පොරවන් ඉන්න එකක් තිබ්බෙ. කෙල්ලට තේරුනා ඒක එදා කෙල්ලගේ ආදිගේ වෙච්ච දවසේ ගහපු එකක් කියලා.
ඒකේ කැප්ෂන් එක කියවන්න යද්දිම ආදි ආවේ බාත් රූම් එකේ ඉඳලා.
කෙල්ලට එකපාර මොනා කරන්නද කියලා හිතාගන්න බැරි වුනා.
ආදිත් කෙල්ලව දැකලා කෙල්ල ළඟටම ආවා. කෙල්ල හැබැයි හොඳටම රතුවෙලා හිටියේ ආදි හිටියේ තුවාය විතරක් ඇඳගෙන ඒ නිරුවත් පපුව දිගේ වතුර බේරෙනවා.කොණ්ඩේ කියලා වෙනසකුත් නෑ..
ආදි ආපු ගමන් කෙල්ලගේ අතේ තිබ්බ ඇල්බම් එක උඳුරලා ගත්තා.
" තමුසේ මොකටද මේක ගත්තේ..."
කෙල්ලට එකපාර මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව ඉද්දි ආදි,
" මොකක්ද ඕයි මේ ඇඳන් ඉන්නේ බඩ තද වෙන්නැද්ද මේකට.."
"නෑ.... මේක සැහැල්ලුයි...ගවුමටත් වඩා ලේසියි... අනික මට අඳින්න වෙන ඇඳුම් නෑනේ... අයියා ඇඳුම් බෑග් එක අරන් ගිහින්නේ.."
" තමුසෙට අවුලක් නැත්තන් කමක් නෑ..මං තේෂ්ට කියන්නම් ගෙනැත් දෙන්න කියලා...භෙට යන්කො තව ඇඳුම් ටිකක් ගන්න.. මේ මොකද තමුසෙට අසනීපයක්වත්ද... " කියලා ආදි කිව්වේ කෙල්ලගේ කම්මුලක් අතගාමින්.
" ආ.... නෑ... නෑ..." කියලා යුහී යන්න හැදුවත් ආදි යුහීට යන්න නොදී,
" ආ දැන් තමුසේ මේක බල බලනේ හිටියේ බලන්නකෝ මං එනකන්..." කියලා ඇල්බම් එක යුහී අතටම දීලා ගියා.
යුහී අර කියවන්න ගියපු caption එක කියෙව්වා.
" ඔයා මගේ දැන් මැණික.. ඒත් ඔයා මාව දාලා ගිහින්... ආයෙ එන්න මැණික... මට ඔයා නැතුව ඉන්න බෑ.. ඔයාට දැනුන්නැද්ද මම ඔයාට ආදරෙයි කියලා... කොහොම දැනෙන්නද නේද මැණික... මේ ආදි කරේ මගේ ආදිට රිද්දපු එක විතරනේ... මට සමාවෙන්න මැණික... ආයේ එන්න ප්ලීස්... ආයේ මේ නපුරු ආදි ළඟට එන්න... මැණික... මාව දාලා යන්න එපා...." යුහීගේ ඇස්වලින් කඳුලු වැටෙන්නේ ඇයි කියලා එයාටවත් තේරුනේ නෑ.
" ඒයි තමුසේ අඬනවද..." ආදි ආපහු ඇවිත්. කෙල්ලගේ කඳුලු පිහ දාපු ආදි,
" ආයේ මේ ඇස්වලින් කඳුලු වැටෙන්න බෑ මැණික..." කියලා කෙල්ලගේ නළල සිප ගත්තා.
කෙල්ලත් විරුද්ධත්වයක් පෙන්නුවේ නැත්තේ ඒ ආදරේ කෙල්ලට ඕනෑවටත් වඩා දැනුනු නිසා.
" මේ මෙහෙ එන්නකෝ.. මගේ ඔලුව පිහිනවකෝ..." කියපු ආදි කෙල්ලගේ අතේ තිබ්බ ඇල්බම් එක පැත්තකින් තියලා තුවාය අතට දීලා ඇඳෙන් ඉඳගත්තා.
කෙල්ලත් එතනට යනවදෝ නැද්දෝ කියලා හිතලා එතනට ගිහින් ආදිගේ ඔලුව පිහදාන්න ගත්තා.
ආදි එකපාරටම යුහීගේ කුසට ඔලුව තිබ්බ හින්දා යුහී එකපාර ගැස්සුනා.
" අනේ.. සොරි මැණික... මං ඔයාව බය කරාද... මම මේ මගේ පැටවු දෙන්නා එක්ක කතා කරන්න ආවේ..." කියලා ආදි අහිංසක බැල්මක් දාපුහම කෙල්ලට මොනා කියන්නද කියලා හිතාගන්න බැරි වුනා.
" මැණික... මෙයාලා කවුරු වෙන්න ඇද්ද.... දුවෙකුයි පුතෙකුයිද... දුවලා දෙන්නෙක්මද නැත්තන් පුතාලා දෙන්නෙක්මද... මං නම් ආස දුවල දෙන්නෙක් වෙනවට... ඔයා වගේම ඉඳීනේ... ශෝක් අනේ...ඒක නෙවෙයි මෙයාලා එන්න තව කොච්චර කාලයක් යයිද..."
" ම්ම්ම් තව මාස පහමාරක් හයක් විතර වගේ..."
" අනේ එච්චර කල් ඉන්න ඕනද... මැණික.. ඇයි ඔයා මෙයාලව හම්බෙන්න ඉන්නවා කියලා දැනගන්නකොට මං ළඟට ආවේ නැත්තේ..." ආදි ඇහුවත් යුහී මුකුත් කිව්වෙ නෑ..
" කියන්න මැණික.... ඔයා හැදුවේ මගේ ළමයිව මගෙන් ඈත් කරන්නද...." කියලා ආදි අහපුහම කෙල්ල එකපාර ආදිගේ මූණ බැලුවා.
කෙල්ල එතකොට තමා දැක්කේ ආදිගේ ඇස්වල පිරිලා තියන කඳුලු.
" නෑ... නෑ...මට එහෙම ඕන වුනේ නෑ... ඒත්.."
" ඒත්.."
"මට බය හිතුනා.. මොනා කරන්නද කියලා හිතාගන්න බැරි වුනා.. ඔයා මෙයාලව පිළිගත්තේ නැත්තන් කියලා හිතුනා.."
"මං එහෙම කරනවද මැණික... ආ...මං එහෙම කරනවද..." ආදි ඇහුවේ යුහීගේ මූනෙන් අල්ලගෙන.
" ඔයා එහෙම නොකර ඉඳී කියලා මං හිතන්නේ කොහොමද අයියේ... ඔයා මට සලකපු විදිහට මං කොහොමද එහෙම නොහිතා ඉන්නේ..." යුහී එහෙම කියද්දී ආදිගේ අත් ඉබේටම යුහීගේ මූණ අතහැරලා දැම්මා.
අත් දෙකෙන්ම ඔලුව බදාගත්ත ආදි හිසකෙස් අඳිමින්..
" මට එහෙම කරන්න ඕන වුනේ නෑ... මැණික.. මට ඔයාට රිද්දවන්න ඕන වුනේ නෑ.... ඒත් තමුසේ අරූ එක්ක ඉද්දී මට දැනිච්ච දේ... මට ඔයාව නැතිවෙයි කියලා බය හිතුනා මැණික.. ඒකයි මම එහෙම කරේ... මට ඔයාව ඕනේ මැණික... අනේ ප්ලීස් ආයේ මාව දාලා යන්න එපා... මට ඔයාට රිද්දවන්න ඕන වුනේ නෑ... ඔයාට රිද්දපු හැමවෙලේකම ඔයාට වැඩියෙ මට රිදුනා මැණික... මං ආදරේ කරන කෙනාට මමම එහෙම කරද්දී... ඔයා මාත් එක්ක වෛර බඳිද්දී මට මැරෙන්න හිතුනා... "
ආදි හිසකෙස් ඇඳ ගනිමින් අඬ අඬ කියද්දී යුහීගේ ඇස්වලත් කඳුලු පිරුනේ ආදි කවදාවත් මෙහෙම හැසිරෙනවා කලින් කෙල්ල දැකලා තිබ්බෙ නැති හින්දා.
ආදිගේ මූණෙන් අල්ලගත්ත කෙල්ල,
" මං කොහෙවත් යන්නෑ අයියේ... කෙහෙවත් යන්නෑ... ප්ලීස් ඔහොම හැසිරෙන්න එපා... මට බයයි.. " කියමින් කෙල්ල ආදිගේ කඳුලු පිස දැම්මා.
" මට සමාව දෙනවද මැණික... ඔයා මාව දාලා කොහෙවත් යන්නෙ නෑනේ..." ආදි පොඩි එකෙක් වගේ කියද්දී යුහීට තවත් දුක හිතුනා..
" ඔව් අයියේ මං සමාව දෙනවා මං කොහෙවත් යන්නෑ ඔයා එක්කම ඉන්නවා... ඒත් මට ටික කාලයක් දෙන්න අයියේ... මට දැන්ම හිතහදාගෙන ඔයාට ලංවෙන්න බෑ..."
" කමක් නෑ මැණික... මං ඔයා වෙනුවෙන් ජීවිත කාලෙම වුනත් බලන් ඉන්නවා... ඔයා මං ළඟ ඉන්නවා නම් ඇති..." ආදි කිව්වා.
ඒත් කෙල්ල ආයේ බය වුනේ ආදිගේ නහයෙන් ගලන ලේ දැකලා.