දාසයවැනි දිගහැරුම...❤️
මේ අතරේ අවීෂ්ගේ දේහය එයාගෙ ගෙදරට ගෙනැත් තිබ්බා. විනෝද්‍යාත් මලගෙදර ඇවිත් හිටියේ..
ආදි ගෙදර හිටපු නිසා යුහීව දාලා ආවේ..
විනෝද්‍යාට කෝල් එකක් ආවේ ආදිගෙන් යුහීව හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා.. විනෝද්‍යා ඉකමනට හොස්පිටල් එකට ආවා..
එතකොටම තමා යුහීව චෙක් කරපු ඩොක්ටර් එළියට ආවේ.
" අනේ ඩොක්ටර්.. මගේ දුව...."
" මිසිස්..."
" සූරියආරච්චි...."
" ඕකේ...මිසිස් සූරියආරච්චි ඔයාගේ දුව මොනාට හරි ශොක් වෙලා ඉදලා තියෙන්නේ...ඒක එයාගේ මනසට ගොඩාක් බලපාලා තියනවා... කොටින් ම කිව්වොත් එයාගේ මෙන්ටල් කන්ඩිෂන් එක දැන් හොඳ තත්ත්වෙක නෙවෙයි තියෙන්නෙ... එයාට මොකක්හරි දරුණු දේකට මූණ දෙන්න සිද්ධ වුනා ද..."
" ඔව් ඩොක්ටර්... මගේ දුව ආදරේ කරපු කෙනා නැති වුනා... ඒක එයා දැනගත්ත වෙලේත් ෆේන්ට් වුනා.. දැන් ආයෙත්..."
" ඔහ් මයි ගෝඩ්... ඒක තමයි එහෙනම්... බලමු මොනා කරන්නත් එයාට සිහිය එනකන් ඉන්න වෙනවා.. අපි එයාගේ සිහිය ගන්න ගොඩාක් ට්‍රයි කරා... බට් එයාගෙන් කිසිම reaction එකක් නෑ... හැබැයි මෙයා තව පැය හයකට වඩා සිහිය නැතිව හිටියොත් ඒක එයාගේ මෙන්ටල් කන්ඩිෂන් එකට ගොඩාක් දරුණු දෙයක් වෙනවා.. "
" ඩොක්ටර්... මගේ දුව...."
" මිසිස් සූරියආරච්චි... හෝප්ස් තියාගන්න එයාව ඉක්මනට හොඳ වෙන්න කියලා...."
ඩොක්ටර් ගියාට පස්සේ විනෝද්‍යා අඬමින් ගියේ යුහීව බලන්න. යුහී ඇඳේ නිදාගෙන ඉන්න විදිහ දැක්කම විනෝද්‍යා තවත් කඩන් වැටුනා.
විනෝද්‍යාට යුහීගේ තත්ත්වේ හොඳට තේරුම් ගන්න පුලුවන්... මොකද විනෝද්‍යාටත් එයා ආදරේ කරන කෙනාව එයා ඉස්සරහම නැති වුන හින්දා..
පැය ගාණක් ගත වුනත් යුහීට සිහිය ආවෙ නෑ..
විනෝද්‍යා යුහී ළඟට වෙලා හිටියේ කෙල්ලට කීයට හරි සිහිය එනකන්... විනෝද්‍යා ආවට පස්සේ හොස්පිටල් එකෙන් ගියපු ආදි ආයෙ ආවේ නෑ..
මේ වෙනකොට විනෝද්‍යා ගොඩාක් බය වෙලා හිටියේ පැය හයකටත් කිට්ටු හින්දා...
" දෝණි අනේ මැණික නැඟිටින්නකෝ.. අම්මා දිහා බලන්නකෝ මැණික.." විනෝද්‍යා යුහීගේ අතින් අල්ලගෙන අඬන්න ගත්තා..
" අනේ දෝණි.. අම්මා ඉන්නවනේ මැණික.. නැඟිටින්නකෝ... නැඟිටලා අම්මත් එක්ක කතා කරන්නකෝ..."
අම්මගේ ආදරේ ආශ්චර්‍යමත් දෙයක් නේද.. ඒ කටහඬට පුලුවන් අපේ හැම වේදනාවක්ම නැති කරලා දාන්න. අම්මා මේ තරන් අඬද්දී දුවක් කොහොමද බලන් ඉන්නේ...
විනෝද්‍යාගේ අත්වලට මැදිවෙලා තිබ්බ යුහීගේ ඇඟිලි හෙමින් සෙලවෙන්න ගත්තා. ඒ ඇහිපිහාටු හිමීට ගැස්සුනා.. විනෝද්‍යා සතුටින් බලන් හිටියේ සිහිය එන යුහී දිහා..
කෙල්ල ඇස් ඇරපු ගමන් විනෝද්‍යා යුහීව බදාගත්තේ ඇස්වලින් සතුටු කඳුලු වැගිරෙද්දී..
" අනේ දෝණි මැණික.. නැගිට්ටද.. ඔයා මාව ගොඩාක් බය කළා දුවේ.." විනෝද්‍යා කිව්වේ යුහීගේ මුහුණ සිප ගනිමින්...
" අම්මා... වතුර..."
වතුර බීපු යුහී,
" අම්මා මගේ අවී... එයාට මුකුත් වුනේ නෑ නේද...."
එතකොටම දොර ඇරන් ඇතුළට ආවේ ඩොක්ටර්.
යුහීව චෙක් කරපු ඩොක්ටර්,
" මිසිස් සූරියආරච්චි පොඩ්ඩක් එළියට එනවද..." විනෝද්‍යා ඩොක්ටර් එක්ක එළියට ගියා
" ඩොක්ටර්.."
" මිසිස් සූරියආරච්චි... ඔයාගේ දුවගේ මෙන්ටල් කන්ඩිෂන් එක ගැන මං කලිනුත් කිව්වනේ.. එයා ඉන්නේ depressionවල මුල් අවදියේ..."
" මොකක්... මගේ දෝණි.."
" ඔව් මිසිස් සූරියආරච්චි ඒත් අපිට හොඳ කරන්න පුලුවන්.. තාම මුල් අවදියේ නිසා ලේසි... බෙහෙත් දෙන්නම්.. ඒ වගේම ඔයාලාගේ පැත්තෙන් පුලුවන් තරම් එයාව සතුටින් තියන්න බලන්න... එතකොට ඉක්මනටම එයාව සනීප කරන්න පුලුවන්..."
"ඕකේ ඩොක්ටර්.. Thank you.."
"It's my duty.."
ආපහු විනෝද්‍යා රූම් එක ඇතුළට යනකොට යුහී ජනේලෙන් එළිය බලන් හිටියේ කිසිම හැඟීමක් දැනීමක් නැති කෙනෙක් ගාණට...
" දෝණි.."
" අම්මා... මගෙ අවී හොඳින් නේද.. එයාට මුකුත් වුනේ නෑනේ..." කෙල්ල ඇහුවේ මූණේ හිනාවක් එක්ක..
" අනේ දෝණි..." යුහීගේ හිනාවට විනෝද්‍යාගේ පපුව කඩගෙන ගියේ ඇස්වලින් කඳුලු වැටෙද්දී.
" අම්මා... ඇයි මුකුත් කියන්නැත්තේ... ඒ කියන්නේ ටීවී එකෙ කිව්වෙ ඇත්තද... මගේ අවී මාව දාලා ගියාද..." කියමින් යුහී අඬන්න ගත්තා..
" අනේ අම්මා... එයාට බෑ මාව දාලා යන්න.. අම්මා දන්නවද... එයා මට.. කතා කළා... එයාට මං සමාව දුන්නා අම්මේ... අනේ එයාට.. මාව දාලා යන්න බෑ... අම්මේ මට අවීව ඕනා.. අනේ අම්මෙ.. මට එයාව ඕනා..." යුහී කෑගහමින් අඬන්න ගත්තා.
විනෝද්‍යා යුහීව පපුවට තුරුල් කරගත්තේ කෙල්ලගේ කෑගැහිල්ල නතර වෙලා ඉකි ගගහා අඬද්දී. පැයක් විතර අඬපු යුහීට විනෝද්‍යා තුරුලෙම නින්ද ගියා.
දවස් දෙකකට පස්සේ යුහීව ඩිස්චාර්ජ් කරන් ගෙදර එක්ක ආවා. ආදි එදා යුහීව හොස්පිටල් නැවැත්තුවට පස්සේ ආයේ යුහීව බලන්න ආවේ නෑ. මොකද යුහීගේ දුක ආදි දැක්කම වැඩි වෙනවා කියලා ආදි දැනන් හිටියා.
මාසයක් දෙකක් ගෙවිලා ගියේ ගෙදර සොහොන් පිට්ටනියක් වගේ වෙද්දී.
හැමදාම රෑට ආදි බීලා ගෙදර එද්දී මේ මාස දෙකටම යුහී කාමරෙන් එළියට බැස්සෙ නෑ..
මේ වෙනකොට යුහී අවී මේ ලෝකේ නෑ කියන එක පිළි අරන් හිටියත් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න තරන් මානසිකත්වයක් යුහීට තිබ්බේ නෑ.
ලන්ඩන් හිටපු හසූත් ස්ටඩීස් පැත්තක තියලා විනෝද්‍යා එපා කියද්දී ලංකාවට ආවේ යුහීව බලන්න. හසූ කොච්චර යුහී එක්ක කතා කළත් යුහී හසූව අහන් හිටියා මිසක් වචනයක්වත් කතා කළේ නෑ. විනෝද්‍යා හැමතිස්සෙම ඇවිත් යුහී එක්ක කතා කරන්න හැදුවත් මේ මාස දෙකටම යුහී විනෝද්‍යා එක්කවත් වචන දහයක්වත් කතා කළේ නෑ. විනෝද්‍යා ඩොක්ටර් කියපු විදිහට යුහීව සතුටින් තියන්න හැදුවත් යුහීගේ සතුට වුනේ අවී විතරයි..
යුහී දවසම කරේ අවීගෙයි එයාගෙයි මතක පිරුනු එයාලාගේ ෆොටෝස් වීඩියෝස් බලපු එක..
ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුනා.
" දෝණි ඔයාට ලෙටර් එකක් ඇවිත්..." කියපු විනෝද්‍යා යුහීට ලෙටර් එකක් දුන්නා.
" මම ඔයාට කිරි එකක් හදගෙන එන්නම්... හසූ දෝණිත් එනවා කිව්වා තව ටිකකින්.." කියලා විනෝද්‍යා පහළට ගියා.
කිචන් එකට වෙලා කල්පනා කර කර හිටපු විනෝද්‍යා ගැස්සුනේ යුහීගේ කටහඬින්..
යුහී සාලේ පැත්තෙන් කතා කරනවා ඇහිලා විනෝද්‍යා ඒ පැත්තට ගියා..
යුහී මාස දෙකක්ට පස්සේ කාමරෙන් එළියට බැස්සේ...
" දෝණි..."
විනෝද්‍යා කෙල්ලව බදාගත්තේ සතුට වැඩි කමට. අම්මෙක්ට මීට වඩා සතුටක් තියෙයිද...
දෙන්නම ආයේ ගැස්සිලා ගියේ තව කෙනෙක්ගේ කෑගැහිල්ලකට..
ඒ හසූ...
"අනේ දෙවියනේ... මට පිස්සු හැදිලා.... අනේ මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ... මට හීනෝන්මාදේ...."
යුහීට එකපාර හිනාගියේ හසූගේ කතාවට...
හසූ ඇවිත් යුහීව බදාගෙන ඉදලා එකපාර කම්මුල්ක් හැපුවේ කෙල්ල
"ආව්.. ගෑනියේ කෙළ ගාන්න එපා" කියලා ඈත් වෙද්දී..
" නැන්දා ඒක හීනයක් නෙවෙයි නේද... මේ අපේ යූ නේද..." හසූ ඇහුවේ විනෝද්‍යාගේන්..
" ඔව් ඔව් දෝණි.... ඇති යන්තන් මගේ කෙල්ල කාමරෙන් එළියට බැස්සා.."
" ඇත්තටම බන්... උබ මොකෝ අර ගුහාවෙන් එළියට බැස්සේ..."
" මේක හින්දා..." කියලා යුහී පෙන්නුවේ ඉස්සෙල්ලා විනෝද්‍යා ගිහින් දුන්න ලෙටර් එක..
" ආ..." හසූ කන්ෆියුස් වෙලා බලන් ඉද්දී.
" මොකක්ද දෝණි ඕකේ තිබ්බේ..." කියලා විනෝද්‍යා ඇහුවා..
" අම්මා.. මගේ අවීගේ හීනේ හැබෑවෙලා... මට colombo university එකේ lecture කෙනෙක් විදිහට පත් වීමක් හම්බෙලා.. ලබන සතියේ ඉදන් මම උගන්නනන්න යන්න ඕනා..."
" අනේ දෝණි.. ශෝක්නේ..." කියපු විනෝද්‍යා කෙල්ලව වැළඳගෙන සිපගත්තා.
" අනේ යූ....මාත් එන්නම් ඔයා එක්ක පළවෙනි දවසේ යන්න... please..please..."
" හරි හරි යමූ කෙල්ලෙ... අම්මා..."
" ඇයි දෝණි..."
" මට අවීව බලන්න ඕනේ..."
"දෝණි..."
" අම්මා මට එයාව අවසාන වතාවටවත් බලන්න හම්බුනේ නෑ... ඒ හින්දා..."
" යන්න මැණික... ගිහින් එන්න..."
" මාත් එන්නම්.. උඹ තැන දන්නෑනේ..."
ටිකකින් යුහී පහළට ආවේ අවී එයාට අරන් දුන්න ලස්සන දුඹුරු පාට ගවුමක් ඇඳගෙන.
මාස ගාණකට පස්සේ යුහී මෙහෙම ඉන්නවා දැක්ක විනෝද්‍යාගේ ඇස්වලට කඳුලු ඉනුවා.
හසූ එක්ක යුහී ගියේ අවීව බලන්න...
මඟදි ගත්ත ලස්සන මල් පොකුර ඒ සොහොන් කොත උඩින් තියපු යුහී ඒ සොහොන් කොතෙන් තිබ්බ අවීගේ ෆොටෝ එක ආදරෙන් අත ගෑවේ ඇස්වලින් කඳුලු වැටෙද්දි.
යුහී අද තමා පළවෙනි වතාවට අවීගේ ස්මාරකේ ළඟට ආවේ..
යුහීට එතන තනියම ඉන්න දීලා හසූ කාර් එකට ආවා.
" අවී... ඔයා මාව දාලා තනියම ගියා නේද... මාත් එනවා ඔයා එක්ක අවී... ඒත් ඊට කලින් මට කරන්න දෙයක් තියනවා.. මම ඔයාට මේ දේ කරපු අයගෙන් පලි ගන්නවා අවී... ඔව්... මං ඒ හැමෝගෙන්ම පලි ගන්නවා.. මම ඔයාව මගෙන් ඈත් කරපු අයව හොයාගෙන එයාලට මරණෙටත් වඩා වේදනාවක් දෙනවා... ඊටපස්සේ මම ඔයා ළඟට එන්නම් අවී.. එතකොටවත් අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන්නේ... දන්නවද අද මට අපේ කැම්පස් එකේම lecture කෙනෙක් විදිහට වැඩ කරන්න ලෙටර් එක ආවා... මම ඔයා වෙනුවෙන් වෙනස් වෙනවා අවී.. කාටවත් ආයේ කලින් හිටපු අහිංසකව යුහීව දකින්න බැරිවෙයි.. මම ඔයාට ගොඩාක් ආදරෙයි අවී... මම දැන් යන්නම්.. මම ආයේ එනවා ඔයාව බලන්න... මං ගිහින් එන්නම් අවී...." කියපු යුහී කනත්තෙන් එළියට ආවේ කලින් හිටියට වඩා ගොඩාක් ශක්තිමත් කෙනෙක් විදිහට..
හරියට අවීට ඕන උන කෙනා වගේ..
අවීට ඕන වෙලා තිබ්බේ යුහීව ශක්තිමත් කෙනෙක් කරලා තනියම ඕන දේකට මුණ දෙන්න පුලුවන් කෙනෙක් කරන්න...
යුහී ලන්ඩන් හිටපු කාලේ වුනත් යුහිව සෙල්ෆ් ඩිෆෙන්ස් ක්ලාස්වලට යවලා ගන් යූස් කරන හැටි කියලා දීලා කලින් හිටපු කෙනාගෙන් ටිකක් වෙනස් කරලා තිබ්බේ... ඒත් කෙල්ල හොඳටම වෙනස් වුනේ අවීගේ මරණෙන් පස්සේ...
යුහීයි හසූයි ගෙදර එද්දිම තමා ආදී රනුක් එක්ක ගෙදර ආවේ....
ආදිව දැක්කම යුහීගේ කේන්තිය වැඩිකමටම ඇස් රතු වුනා.
හසූට ගේ ඇතුළට යන්න කියපු යුහී ගියේ ආදි ළඟට. ආදිත් පුදුම වෙලා බලන් හිටියේ මෙච්චර කල් කාමරෙන්වත් එළියට බැහැපු නැති කෙල්ල අද එළියටත් ගිහින් එනවා දැක්කම.
ආදිට සමච්චල් හිනාවක් දාපු කෙල්ල,
" මිස්ටර් නුරාග් ආදිත්‍ය... ලෑස්ති වෙලා ඉන්නවා.. මං තමුන්ට මගේ අවීට කරපු දේට රිටන් එක දෙනවා... තමුන් මගේ අවීව මගෙන් ඈත් කරපු එකට විඳවන්න ලෑස්ති වෙලා ඉන්නවා.. " කියපු කෙල්ල රනුක්ටත් ගස්සලා ගේ ඇතුළට ගියා.
කෙල්ල යන දිහා බලන් හිටපු රනුක්,
" උබ නංගිට කිව්වෙ නැද්ද..."
"නෑ බන්... ඒකි අර කාමරේ අස්සට වෙලාමයි පහුගිය ටිකේ හිටියේ... අනික.... මාව දැක්කම ආයේ තරහා යන හින්දා මං ඉස්සරහට ගියේ නෑ බන්... " කියපු ආදි සුසුමක් හෙළලා ගේ ඇතුළට ගියා.
දවස් ගෙවිලා ගිහින් යුහී වැඩට යන පළවෙනි දවසත් ආවා.. හසූ කියපු විදිහමට යුහී එක්ක කැම්පස් එකට යන්න ඇවිත් හිටියේ අද මොනා වෙයිද කියලා නොදන්න හින්දා.. විනෝද්‍යා ගෙනත් දුන්න සාරියක් ඇඳ ගත්තු යුහී සිම්පල් මේකප් එකක් දාලා කොණ්ඩෙත් හදලා ගියේ එයා බිත්තියේ එල්ලලා තියන අවීගේ ෆොටෝ එක ළඟට...
" අවී මං ලස්සනයි ද අද... මම කැම්පස් එකට යන්න යන්නේ.. ඔයා හිටිය නම් මට ඔයා එක්කම යන්න තිබ්බා... මං ආසාවෙන් හිටියේ ඒකට තමා... ඒත් හසූ මාත් එක්ක යන්න ලෑස්ති වෙලා අවී... ඔයා දන්නවනේ හසූව උදේට ඇහැරවන්න කොච්චර අමාරුද කියලා... අද ඒ වුනාට උදේ හත වෙද්දී මාව බලන්න ඇවිත් අවී... මට හිතෙන්නේ හසූ තමයි මගේ සැබෑම යාලුවා. ඔයාටයි අම්මටයි පස්සේ මට ගොඩාක් ලං වුන එකම එක්කෙනා තමයි එයා... ඒත් මට ප්‍රශ්නයක් තියනවා අවී... විනූ ඇයි එහෙම කළේ... මං ඒ ගැන ඉක්මනට හොයා ගන්නම්.... මං ගිහින් එන්නම් අවී... අම්මා බලාගෙනත් ඇති මං එනකන්..."
යුහීගේ රූම් එකට එහා පැත්තේ තිබ්බේ ආදිගේ රූම් එක...
කෙල්ලව දැක්ක ආදි වශී වෙලා වගේ කෙල්ල දිහා බලන් හිටියේ යුහී පළවෙනි වතාවට සාරියක් ඇඳලා ඉන්නවා දැක්ක හින්දා..
ඇත්තටම අද තමා යුහී පළවෙනි වතාවට සාරියක් ඇන්ඳේ...
ආදිටත් රවලා යුහී පහළට යනකොට හසූ විනෝද්‍යා එක්කත් කයියක් දාගෙන කෑම මේසෙට කෑම අරිනවා..
" අම්මා..." යුහීගේ කටහඬට විනෝද්‍යායි හසූයි දෙන්නම කෙල්ල දිහා බැලුවේ කෙල්ල දැකපු දෙන්නගෙම ඇස්වල කඳුලු පිරෙද්දී.
" අනේ මැණික... ඔයා අද ගොඩක් ලස්සනයි..."
" ඔව් දෝණි.. ඇස්වහ කටහත් පුච්චන්න වෙයි වගේ..." කියලා විනෝද්‍යා ඇවිත් කෙල්ලගේ ඔලුව අතගෑවා.
කාලා බීලා එහෙම යුහී හසූ එක්ක කැම්පස් එකට ගියා.
කාර් එකෙන් ගිහින් බහිනකොට යුහීට මතක් වුනේ එයා පළවෙනියටම කැම්පස් එකට ආපු දවස..
අදත් කෙල්ල එතනටම ඇවිත් ඉන්නේ ඒ ෆැකල්ටියේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට නම් නෙවෙයි ලෙක්චර් කෙනෙක් විදිහට...
හසූ එක්ක හෙමින් හෙමින් ෆැකල්ටිය ඇතුළට යන කෙල්ල දිහාවට මේ වෙනකොට ඇස් ගොඩාක් යොමු වෙලා තිබ්බා....
කෙල්ල ඩීන්ගේ ඔෆිස් එකට යන්න යද්දිම කෙල්ල ළඟට ආවේ මෙච්චර කල් කෙල්ල හම්බෙන්න බලාගෙන හිටපු කෙනෙක්...
" ඉතින් යුහී කොහොමද..."