පහළොස්වැනි දිගහැරුම...❤️
" මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්... මීට සුලු වේලාවකට පෙර සිදු වූ අනතුරකින් ඇමති අවීෂ් වරංගල ජිවිතක්ෂයට පත් වී ඇත."
ඒ වචන ටික ඇහුන ගමන් යුහී එතනම සිහිය නැතුව වැටුනේ කෙල්ල අවීට කරදරයක් වෙලා කියලා හිතුවත් අවී මැරුනා කියලා හීනෙකින්වත් හිතපු නැති හින්දා..
යුහී හිමීට ඇස් ඇරලා බලද්දී එයා හිටියේ එයාගේ කාමරේ. ඇඳෙන් නැගිටපු කෙල්ල ඉස්සෙල්ලම ගියේ දොර ළඟට...
බැල්කනි එක...
ඒකත් ලොක්...
කොටින්ම කිව්වොත් යුහීව කාමරේ හිර කරලා...
කෙල්ල දොරට කොච්චර තට්ටු කළත් දොර අරින්න කවුරුත් හිටියේ නෑ..
කෙල්ල ෆෝන් එක අරන් කෝල් එකක් දුන්නේ විනෝද්‍යාට...
කෙල්ලට ඇඬිලා හිටියේ.. අවීට වෙච්ච දෙයක් හරියට දන්නෙත් නෑ... විනෝද්‍යා කෝල් එක ආන්ස්වර් කරේ නෑ...
ඇඳ ළඟ බිම වැටුනු කෙල්ල දණිස් දෙකේ ඔලුව ඔබාගෙන ඉකි ගගහා ඇඬුවේ අවී එක්ක ගත කරපු ඒ සුන්දර මොහොතවල් මතක් කර කර...
එක දවසක් යුහී ලෙක්චර් එකක් ඉවර වෙලා අවීට කෝල් එකක් ගත්තා.
රටවල් දෙක අතරේ තිබ්බ වෙලා වෙනස හින්දා දෙන්නට හැමවෙලේම කතා කරන්න හම්බුනෙත් නෑ.
" හෙලෝ මැණික... මොකද කරන්නේ..."
" දැන් තමා ලෙක්චර් එකක් ඉවර වුනේ... දැන් කැම්පස් එකෙන් එළියට යනගමන්... මොකද කරන්නේ..."
" මං මොනා කරනවා ඇද්ද... ගෙස් කරන්න බලන්න...."
" ඔව්... මට දැන් පේනවා... මගේ දිව්‍ය ඥානයෙන්...."
එකපාර හසූගෙන් හිනාවක් පැන්නේ කෙල්ල කියපු දේට.
" මොකද යකෝ..."
" නෑ නෑ... උබේ ඔය දිව්‍ය ඥානයෙන් ටිකක් මටත් දෙන්න බෑද..." හසූ ඇහුවේ කෙල්ලට ඇද කරන ගමන්.
" බෑ... ඒක ගණන්...."
" අනේ පල යන්න...."
"ඔව්.. මට පේනවා දැන් මගේ ලව්ලි බෝයිෆෙන් මාත් එක්ක එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක හිනා වෙවී කෝල් එකක් ඉන්නවා කියල.... තව.... ඕන් දැන් ආයේ හිනා වුනා..."
"හරි හරි... ඔයාට සප්‍රායිස් එකක් තියනවා...."
" ඇත්තට... ඒත් ඔයා මාව බලන්න එන තරන් මම සතුටු වෙන්නේ නැතිවෙයි..."
" එහෙනම් මැණිකේ.. හැරෙන්නකෝ පිටිපස්ස...."
යුහී පුදුම වෙලා පිටිපස්ස හැරුනේ නිකන් අවී කටහඬ ඩබල් ඇහුනා වගේ දැනිච්ච හින්දා..
එයා යුහීව බලන්න ඇවිත්...
මාස ගාණකට පස්සේ අවීව දැක්කම කෙල්ලට ආපු සතුට කියලා නිම කරන්න බෑ...
"අවී.." කියාගෙන ගිහින් කෙල්ල කෙලින්ම එල්ලුනේ කොල්ලගේ බෙල්ලේ...
විනාඩි දහයක් විතර දෙන්නගෙ සිප වැළඳ ගැනීම් දිහා බලන් හිටපු හසූ..
" මේ මං මෙතනින් ලෙෆ්ට් වෙන්නද.... මේව බලන් ඉන්න බෑ යකූ.. අපේ චූටි සිත් තැලෙනවා..."
" අනේ පලයන් බන්... මං කියන්නෑ... මතක් කරන්නද ඊයේ..."
" හනේ මැණිකේ... වහගනින් ඔය කට... අවී අයියේ මං යනවා.. තව ටිකක් වෙලා හිටියොත් මේ ගෑනි මගේ රෙදි ලෙෆ්ට් කරනවා..."
" ඔහොම ඉන්න නංගි මොනාහරි කාලා යන්..."
" අන්න අයියේ... මං කැමතිම ඔයාගේ ඔය ගුණේට... යන් සහෝ... චයිනිස් හොඳයි නේද මේ ගෑනි මේ ටිකේම මාව ඇඳන් ගියේ ෆ්‍රෙන්ච් කන්න..."
ඒ මතක මතක් කරමින් හිටපු යුහී එකපාර ගැස්සුනේ කාමරේ ලොක් එක ඇරෙන සද්දේ ඇහිලා.
දොර ඇරන් ඇතුළට ආවේ ආදි...
ආදිව දැකපු යුජීට යක්ෂාවේශ වුනේ මේ හැමදේම කරේ ආදි හින්දා..
කෙල්ල ගිහින් ආදිගේ කම්මුලට ගැහුවේ ඒ වගේ දෙයක් බලාපොරොත්තු නොවුන හින්දා ආදිගේ ඇසුත් ලොකු වෙද්දී...
ඊළඟට යුහී අත් දෙක මිට මොලවලා ආදිගේ පපුවට ගහන්න ගත්තේ කෑගගහා අඬමින්...
" තමුන්ට මොනාද ඕනේ මිනිහෝ.... ඇයි මගේ අහිංසකයාට අර වගේ දෙයක් කළේ... තිරිසනා... තමුසෙට මාව ඕන්නන් මොකටද මගේ අවීව මැරුවේ... කියපන් මිනිහෝ..."
යුහී කියන දේවල් අහගෙන හිටපු ආදි කෙල්ලගේ අත් දෙක අල්ලගත්තේ...
" මොනාද තමුසේ මේ කියන්නේ... මම ගැරඩි මරලා පව් පුරෝගන්නෑ.. තමුසෙගේ අවීව මරලා තමුසෙව මං ළඟට ගන්න මට ඕන්නෑ... ඌ හිටියත් නැතත් තමුසේ මගේ තමා... තමුසේ දේවල් නොදැන කතා කරන්න එපා..."
" මොනාද නොදැන කතා කරන්නේ ආ.. තමුන් මගේ අවීව මරන්න කියනවා මz අහගෙන හිටියේ... එයා මොකක්ද ඔයාට කරපු වැරැද්ද... ඇයි එයාට එහෙම කරේ... " කියපු කෙල්ල එකපාර කඩාගෙන වැටුනේ ආදිගේ ඇඟට සිහිය නැතිව...
ආදි කොච්චර කෙල්ලගේ කම්මුලට තට්ටු කළත් වතුර ඉස්සත් කෙල්ල නැගිට්ටේ නෑ..
කෙල්ලගේ නාඩි වැටීමත් එන්න එන්නම අඩු වෙද්දී ආදි ඉක්මනට යුහීව හොස්පිටල් අරන් ගියා.
මේ අතරේ අවීෂ්ගේ දේහය එයාගෙ ගෙදරට ගෙනැත් තිබ්බා.