ඔයාට පුළුවන් ද එක පාරක් මාව බඳා ගන්න..." මං ඒ ඇස් වලින් ඇහුවා.
ඇයි එක පාරක්.....?? " රදීශ් මං දිහා බලාගෙනම ඔහුගෙ දෑත් විහිදද්දි මං ඔහු ව වැළඳ ගත්තා.
ආයේ මෙහෙම රිද්දන්නෙපා සුදූ... මට දුක හිතෙනවා.."
කවදාවත් නැ මහත්තයා ..." මං තවත් ඔහුට තුරැල් වුනා.
කවද්ද මාව තාත්තෙක් කරන්නේ...?
මෙයා බලන්නකෝ... " මං ඒ කම්මුලට තට්ටුවක් දමා ගෙට දිව්වේ මැරි කරලත් තාම හිතේ තියෙන ලැජ්ජාව නො අඩුව තිබූ නිසා.
පසු දින ගත විය.
රදීශ් ගෙ.නිවස අමු සොහොනක් විය. වසූදා ඩිස්චාර්ජ් කර ගෙදර එක්ක ආවේ සංදේශ් හා සේනකයි.
ඒ වන විටත් නතාශි ගෙ දෙමව්පියන් ද ඇවිත් ය.
මල්ලියේ ........ " වසූදා නතාශි ගෙ තාත්තා වු තම අයියා ව වැළඳ ගත්හ.
මොකක්ද බං මේ වුනේ.....??
අපේ බලාපොරොත්තු සේරම වතුරේ ගියා... මට සමාවෙන්න මල්ලියේ....." වසුදා තම මල්ලි ගෙ.පා මුල වැටෙද්දි සංදේශ් ඇයව අල්ලා ගත්තා.
ආවා විතරයි නේ අම්මේ... පොඩ්ඩක් ඉවසන් ඉන්න කෝ... ඔයා ඔහොම ආයෙ අඩාගෙන හිටියොත් ආයේ හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වෙයි...."
ඩිස්නි, අම්මව රෑම් එකට අරන් යන්න.. " සංදේශ් කීවේ තම මව ඩිස්නි ට බාර දෙමින්..
බල බල ඉඳලා හරියන්නෑ බාප්පේ.... අපි නරකින් හරි මල්ලි ව එක්ක එන්නෝන... එයාගෙ හිතුවක්කාර කම නිසා ගෙදර තිබ්බ සතුට එහෙම් පිටින්ම නැති වෙලා ගිහින්..." සංදේශ් එහෙම කිවේ තම ගෙදර දිහා බලමින්..
මහත්තයා ....නැගිටින්න... " මං රදීශ් ව ඇහැරෙව්වා.
සුදූ....ගුඩ් මෝර්නින්..."
දැන් කම්මැලි ඇරියා ඇති... කඩේට ගිහින් උයන්න දේවල් අරන් එන්නෝන...උදේට කන්න ඕන්නැද්ද...?
මෙයා බලන්නකෝ... අනේ මෝඩී ඔයා මං මෙහෙට අරන් ආවේ උයා ගන්නයි ගෙදර වැඩ ටික කරන්නයි නෙවෙයි.... සුමනේ ඇන්ටි ගෙදරටම ඇවිත් ගෙදර වැඩ ටික කරලා උයලා පිහලා දෙයි.... ඔයාට තියෙන්නේ රාජ කුමාරිකාව වගේ නිකන් ඉන්න ...." ඔහු එහෙම කියලා මගේ නිකටින් ඇල්ලුවා.
රදීශ් මහත්තයා ..... රදීශ් මහත්තයා .....
අන්න මතක් කරා විතරයි සුමනේ ඇන්ටි ඇවිත් වගේ... මං ගිහින් ඉදි ආප්ප ටික අරන් එන්නම්..."
රදීශ් ඇදෙන් බැස ගියේ දොරකඩටයි.
මහත්තයා .. ඉදි ආප්ප ටික ගෙදරදීම හදන් ආවා... අද පුතා ට ටිකක් සනීප මදි ඒකයි ....මං දවල් ටත් කෑම ගෙදරින් ම හදන් ආවට කමක් නැද්ද..? මහත්තයා ලා ට කමක් නැත්තම්..
කමක් නෑ ඇන්ටී... ආයේ මේ විදියට මහන්සි වෙන්නෝන නෑ ඔයා... දරැවත් අසනීපෙන් ලු නේ ද....?" මං කීවේ ය.
මේක ඉතින් මගෙ රස්සාව නේ නෝනා... මොනා කරන්නද..?
ඒක වැඩිය හිතන්නෙපා... ඔයාට පුළුවන් නම් විතරක් මට ඇවිල්ලා උදව්වක් දෙන්න... එහෙම උදව් නොකලා කියලා අපි ඔයාට ගෙවන්නැතුව ඉන්නෑ හරිද... දරැවට බෙහෙත් ගත්තද ආන්ටී....."
මගේ කතාවට රදීශ් පවා පුදුමයෙන් වුන්නේ කටත් අගුල් දමා ගනිමින්..
බෙහෙත් ගත්තෙ නැ නෝනා.... උණ නිසා කොත්තමල්ලි ටිකක් උදේ හවා දෙනවා....ඇරිලා යයී..." ඈ කීවේ අවිහිංසකවයි.
මහත්තයා ... අපි කීයක් හරි දෙමු... පව් නේ...."
හරි සුදූ...."
අනේ ඕන නෑ නෝනේ..."
ඉන්න ඉන්න ... මෙන්න මේ සල්ලි අරන් දරැවට හොඳ තැනකින් බෙහෙත් ටිකක් අරන් දෙන්න ඇන්ටී...."
නෝනා නම් ගොඩක් පිංවන්තයී.... ගොඩක් පිං නෝනේ...."
සුමනේ ඇන්ටී යන දිහා බලා උන් මා යන්තමට සිනාවක් පෑහ.
සුදූ..... ඔයා මාර හොඳයී නේ.... මං හිතුවේ නෑ මගේ වයිෆ් මෙච්චර හොඳ කෙනෙක් කියලා ....." රදීශ් ඒක නම් කිව්වේ මගේ කරට අතක් දාගෙන...
හ්ම්.... එහෙම තමයි හරිද...?
ඒකනේ... අපෙ අම්මලාට මෙච්චර හොඳ ඔයාව තේරුම් ගන්න බැරි එකනේ මට තියෙන දුක....."
අම්මලා එහෙම තමයි රදීශ්.... එයාලා කවදහරි තේරැම් ගනී....,, ආ..... මේ.... ඔයා කොයි වෙලේද සුමනේ ඇන්ටි ට කියලා ඉදි ආප්ප ගෙන්න.ගත්තේ...."
ඔයා ඉතින්.... තලපතා ගහලා වගේ ගොරව ගොරවා නිදාගෙන ඉද්දි මං ගියත් දැනිලා නැහැ නේ.... ඒකනේ ...."
අනේ.... මේ මං ගොරවන්නෑ හරිද..."", මං රදීශ් ගෙ.කන මිරිකුවා.
මේ.... මේ... ඉක්මනට කාලා ඉමුකෝ... බඩගිනියී....."
අද ඉඳන් මගේ කෑම තමයි කන්න වෙන්නේ මහත්තයා ....."
ඒක තමයි මට තියෙන බය...."
මොකක්ද කිව්වේ.....ඔයා නම් හරි නරකයී හුම්..."
රදීශ් මාව වැළඳ ගත්තේ තාත්තෙක් වගේ මගේ හිසත් අතගාන ගමන්..
දවල් වී තිබුනි.
මහත්තයා ....අපි ගමේ හිටියම කොහොමද ඔයා බිස්නස් බලා ගන්නේ...?
ලැප් එකෙන් කරනවා..
ඔහු ලැප් එකෙම හිඳ එය කීහ.
හ්ම්...... ඒක හොඳයි... බිස්නස් වට්ටගන්න බැහැ නේ......
ඔව් සුදූ.....
මං ඔයාට තේ එකක් හදන් එන්නද...?
හා.....
එහෙනම් ඉන්න කෝ....
මදැයි තාම ගෙදරට බඩු ගෙනාවේ නැ කියලා මතක් වුනේ දැන්නේ.... දැන් මහත්තයා ට කරදර කරන්නත් බැහැ නේ.... මම හිතන්නට ගත්තේ කුස්සිය දිහා බලා ගෙනමයි.
ගමේ ම නිසා ම මං ගියේ කඩේ හොයා ගෙනයි..
අම්මෝ... කඩේට යන්න තියෙන දුර.... ඒ වුනාට ගම නම් හරි ලස්සනයි .... මට මතක් වෙන්නේ අපේ ගම..." මං එහෙම කියාගෙන කඩේ ට ලං වුනා.
කඩේ ලී බංකුවේ පිරිසක් හිදපු නිසා ම පුංචි දෙගිඩියාවකුත් නැතුවාම නෙවෙයි.
කව්ද බං.. ඒ ?
ඔය.... අර රදීශ් මහත්තයා ගෙ නෝන නේ...."
දැක්කම නම් එහෙම කියන්න බෑ....
ඔව්... පොඩි කාලේ දැක්කට පස්සෙ දැක්කා හැබැයි දැන් නම් පට්ට හැන්ඩියා...
එක එක කතා මගෙ කනට වැකුනත් මං මුකුත් නොකියා ම කඩේ ට ගියා.
මොනවද නෝනේ ඕන...?
මට ඕන කරන බඩු ටික මං මතක් කර කර ඉල්ල ගත්තා.
නෝනා.... මේ...රදීශ් මහත්තයා ගේ කවුරැහරිද...?
ඔව් මාමේ ... හැමෝම දන්නවා වගේ මහත්තයා ව කොහොමද දන්නේ... ඒ මීට කලින් ඇවිත් තියෙනවද...?
මේක මේ වසූදා නෝනලාගේ ගමනේ.... ඔය රදීශ් මහත්තයා ඉස්සර හරි පොඩියි හරි දඟයී... "
එහෙමද මාමේ... "
ඔව්..... දැන් කොළඹ පැලැන්තියේ ලොකු ලොකු සල්ලිකාර පවුල් වගේ ම ගමේත් එහෙම තමයි.... ලොකු නම්බුකාර පවුලක්..." උන්දැලා ගියාට පස්සෙ කාම මෙ ඇහැට දැක්කෙ නැ....
නෝනා කව්ද රදීශ් මහත්තයගේ....??
මං එයාගේ වයිෆ්.... බඩු වලට ගාන කීයද මාමේ....?
ආ.... ඉන්න නෝනා ගාන හදනකම්....
ගානත් ගෙවලා මං බඩු ටිකත් අරන් ආයේ එන්න ගත්තා.
ටිකක් දුර යද්දී මං ලාවට දැක්කේ රදීශ් ගෙ කාර් එක...
සුදු.... නගිනවා වාහනේට....
මොකද අනේ තරහ ගිහින්...."
නිකන් වත් කියලද කඩවල් ගානේ ආවෙි.... අනික මොකටද එහෙම ගියේ.....ආ...
කෑ ගහන්නෙපා අනේ.... උවමනා කරන ටිකක් ගන්න නේ ආවේ...." මං සද්ද නැතුව වාහනේට නැග්ගා.
ඔයා මෙි ගම ගැන දන්නවද අනික... මෙහෙම රස්තියාදු ගහන්නේ....ආ...?
මේක ඉතින් ඔයාගෙ ගම නේ...ආයේ මොකට බය වෙන්නද.... කිව්වෙවත් නැ මේක ඔයාගෙ ඉස්සර ගම කියලා ....."
කව්ද ඔයාට ඕවා කිව්වේ....?
මුදලාලී මාමා තමයී....අනික එතන තව අය හිටියා කතා කර කර ඔයා ගැනම..."
රදීශ් මට රවාගෙන වාහනේ ඩ්‍රයිව් කරේ මං හොරෙන් බලද්දී....
මොකද අනේ ඔය මුන හට්ටිය කරගෙන......"
හැමදේම කරලා දැන් එන්නෙපා සුදූ හරිද...?
මං ගියේ ඉතින්.....
කටවහන් යනවද.....?
හා ඔන්න මං කට වහ ගත්තා....
ගෙදරට යනකම් මහත්තයා නම් මට බුම්මගෙනම තමයි...
ඊළඟ කොටසට 💌💌