ජනෙල් ශටර් එක පැත්තට මුහුණ හොවා ගෙන මං සිටියේ තවමත් හිතට මොකක්ද කියා ගන්න බැරි වේදනාවක් ගැබ් වී තිබූ නිසා.
සුදූ.... ඔය බඩ ඉරිඟු කන්න.. ඕවා අරන් දුන්නේ කන්න.." වාහනය පදවන ගමන් මං දිහාවට හැරී රදීශ් කිව්වා.
මං මුකුත් නොකියා ඔළුව වැනුවා.
දැන් මොකද මං එක්ක ඔහොම ඉන්නේ... ?
තාමත් මං නිහඩය. මට මං ගැනම වරදකාරී හැඟීමක් දැනුණා. මං එි ගැන හිත.හිතා ඉද්දි ම රදීශ් වාහනය නතර කරන්නට ගත්තා.
ඔහු වාහනය අහකට කරගෙන එතනින් බැහැලා ගියේ වැවක් දිහාවට.මටත් හිතා ගන්න බැරිවම මාත් ටිකකින් ඔහු වෙතට ගියා.
මහත්තයා .....?
ඔහු කිසිත් නොකීයා වැව දිහාවට දෑස් යැවූහ.
මං ඔයා එක්ක මෙහෙම ආවා. ඒත්... මං ලොකු වරකාරී හැඟීමක පටලැවිලා.. මට හිතෙන්නේ මං ඔයාටයි ගෙදර අයටයි ලොකු වැරැද්දක් කලා කියලා .. හරියට මං එයාලගෙන් ඔයාව උදුර ගත්තා වගේ..." මං වැව ත් ඔහු ත් දිහා මාරැවෙන් මාරැවට බැලුවත් ඔහු නම් තාමත් වැව දිහාවට නෙත් යොමු කළාය.
රදීශ් කිසිත් නොකියද්දී මං ආයෙම නිහඬව වාහනය දිහාවට යන්නට හැරෙත්ම ඔහු හඬ අවදි කළාය.
රශ්මී.... අපි දරැවෙක් හදමු.."
මං නිහඬ ය .
ආයෙම රදීශ් වැව දිහාවට හැරැනි.
අපි යමු රදීශ්.."
වසූදා ට සිහිය ඇවිත් ය. ඇය අඩමින් සෙව්වේ රදීශ් වයි.
වසූදා.... ඩොක්ටර් කිව්වනේ... ස්ට්‍රෙස් වෙන්නෙපා කියලා ..කියන දේ අහන්න දැන්.." සේනක කීහ.
මට මගේ පොඩි පුතා නැතුව ඉන්න බෑ සෙනේ... ඒ මගේ දරැවා... ඇයි මගේ දරැවා මට මෙහෙම කරන්නේ...."
එයාට තේරැනා ම ආාය් එයි ... දැන් මේ කැඳ එක බීලා ඉන්න... ඩොක්ටර් කිව්වා සිහිය ආවම මොනාහරි කන්න දෙන්න කියලා .. ඔයා ඊයේ දවසටම කාලා නෑ.. " සේනක කැඳ හැන්දක් වසූදා ගෙ.මුවට ලං කළාය.
ඇය බොන්නේ නැත.
හිතුවක්කාර වෙන්නෙපා වසූ.....ඔයා ඔහොම අඩන වනම් ඩොක්ටර් ආයේ ම ඉන්ජෙක්ශන් කරලා සිහිය නැති කරයී... ඔයා ළඟ පොඩි පුතා නැති උනාට ලොකු පුතා ඉන්නවනේ.. ඒ දරැවා ගැනත් හිතන්න..."
තාත්තේ ....."
සංදේශ් එකවරම ආවේ තම මව සිටිනා කාමරයටයි.
එය ප්‍රයිවට් තම මවට ම වෙන් කල සුවපහසු කාමරයකි.
අනේ මගේ ලොකු පුතේ...."
ඇය අඩමින් ය.
අම්මේ.... දැන් කොහොමද....?
අම්මා කිසි ම දෙයක් කන්නෑ පුතා... එයා කියවන්නේ මල්ලි ගැන.." කැඳ කෝප්පය පැත්තකින් තියූ සේනක එතනින් නැගිට ජනෙල් පෙත්තට කිට්ටු විය.
මොකක්ද අම්මා...? ඔයා කාලා බීලා ඉන්න කෝ.. එහෙන් ඩිස්නි අහනවා කවද්ද අම්මා ගෙදර එක්ක එන්නේ කියලා ... හැමදාම හොස්පිට්ල් එකේ ඉන්න කැමති ද ඔයා.... කියන දේ අහලා මේ කැඳ ටික බොන්න... "
කැඳ වීදුරැව අතට ගත් සංදේශ් එයින් කටක් තම මවට පෙවූහ.
නතාශි ට මොකද දැන් පුතා.... ඒ ලමයත් ගොඩක් තරහෙන් ඇත්තේ අපි එක්ක.."
එයා බාප්පලාට හැමදේම කියලා....බාප්පලා හෙට ම එනවා කිව්වලූ " සංදේශ් කීහ.
බාප්පලා ආවොත් මොනා වෙයි ද ලොකූ....?? මං මොනවද එයාලට දෙන උත්තර..."
බාප්පලා ට මං හැමදේම තේරැම් කරා... කිසි ප්‍රශ්නයක් වෙන්නෑ... අම්මා ඒ ගැන හිතන්නෙපා දැන්.. ඕවා නොකිව්වම ඊට වඩා හිතන නිසා මං කිව්වේ... නතාශි ඉන්නවා එයාටත් තේරැම් කරා මං.... මේවා අපි කැමති වෙලා කරපුව නෙවෙයි නේ කියලා එයාට තේරෙන්නෙපයි දැන්වත්..." සංදේශ් රවමින් කීහ.
එහෙනම් කමක් නෑ... මගෙ හිතට හරි අමාරැයී...
ඔයාට ඔයාගෙ ලොකු පුතා ඉන්නවා අම්මේ... ඒක හිතේ තියාගන්න..." කැද හැන්දක් පෙවූ සංදේශ් තම මවට කීහ.
මට දරැවෝ දෙන්නම එකයී ලොකු පුතේ...මං කොහොමද මගේ පොඩී ව නැතුව ගෙදර ඉන්නේ.."
මං ඉක්මනට මල්ලි ව එක්ක එන්නම්...
මල්ලි කොහේ ඉන්නවද මොනා කරනවද දන්නෑ... අර ජරා ගෑණි මගේ දරැවා විනාස කරයී...මට බය ඒකයි...
මං ඔයාට කිව්වනේ... මං පුළුවන් ඉක්මනට මල්ලි ව එක්ක එන්නම්...ඔය කෙල්ලව මරලා හරී...දැන් මේ ටික බීලා රෙස්ට් කරන්න.. හෙටවත් ගෙදර යන්න......"
ජනෙල් පෙත්තට හැරී උන් සේනක ආයෙම තම වසූදා ත් සංදේශ් දිහා බලා දිගු සුසුමක් හෙළුවේ තමන්ගෙ පවුලෙ අයට උන කරදර ඉවසගන්න බැරැවයී..
නෙළුන්දෙණිය පාලමත් පහු කරගෙන දිගටම අපි ආවා. ඒ එද්දීත් ටිකක් අහස අඳුරැ වෙලයි තිබුනේ..
පුංචි මාවතක් දිගේ යද්දි අපිට ගමක් හමු වුනා.
අපි ගමට ඇතුල් වෙද්දීත් ටිකක් රෑ බෝ වුනා.. විඩාබර ගතියයි ගොම්මන් වෙලාවයි එක්කම යන්තම් අපි ඉන්න හිතන් ආ නිවසට ගොඩ වුනා.
ගෙනා බඩු බාහිරාදිය ගෙට ගන්න රදීශ් ට උදව් වුන මාත් රදීශ් එක්කම ගෙට ඇතුල් වුනා.
මං උඩුබිම් බැලුවා. රදීශ් ලගේ දෙමහල් නිවස මෙන් නොව...
උළු කැට වලින් අතුරපු තනි නිවස සුදු පාටින් තීන්ත ගා බිම සිමෙන්ති පොලවකි.
කාමර දෙකක් වූ නිවසේ ඇතුලතට බාත් රෑම් නොතිබුණි.කුස්සියත් සාමාන්‍ය පවුලක උදවිය ජීවත් වන ආකාරය ට සකසා තිබුනා.
නමුත් පිළිවෙලය..
සුදූ...?
ම්....
ඔයාට අවුල් ද මෙතන ....
නෑ.. පුංචි කාලේ මෙි වගේ සාමාන්‍ය පවුලක, ගෙදරක හිටපු මට මේ ගෙදර ත් එහෙම ලොකු දෙයක් නෙවෙයී...
මං එහෙම කියාගෙන ගෙනා රෙදී බඩු සේරම කාමරයට අරන් ගියා.
කාමරය සාමාන්‍ය විදියට ම තිබුණි. රදීශ් ගෙ ගෙදර මෙන් ටයිල් පොළොව නොවුණි.
මේ ගෙදර කාගෙද රදීශ්...??
ඔයා ට කිව්වොත් ඔයා විශ්වාස කරනෙකක් නෑ...
රදීශ් එහෙම කියාගෙන සිනා සුනා.
ඇයි ඒ...??
හරී හරී.... මං හෙට සේරම කියන්නම් කෝ.. මොනාද කන්නේ රෑට... මං කඩෙන් මොනා හරී ගේන්නද..?
කඩේ කොහේද...?
පොඩ්ඩක් එහාට වෙන්න තියෙන්නේ...
එපා.... දැන් යන්නෝන නෑ... අපි අර ගෙනාව බඩ ඉරිඟු ටික කමු.. හෙට කඩේට ගිහින් ඕන කරන බඩු ටික අරන් එමු..
හ්ම්... එහෙනම්..
රදීශ් ගෙ හිතට පුදුම නිදහසක් දැනෙන්නට ගත්තා. මං ඇද ඇතිරිල්ලක් අලුතෙන් දමා යහන සැකසුවේ විඩාබර ගතිය නිසා ම කලින් රදීශ් එක්ක නිදා ගන්න ඕනෑයි අදහසිනි.
සුදූ..... මං ආසයී අපි ට පුංචී දුවෙක් ඉන්නවනම්....ඔයා වගේ ලස්සන චූටි කෙල්ලක්...දුවල දුවලා ඇවිත් මගේ අතේ එල්ලෙද්දී....." රෑ නිදි වරැවේ උළු දිහාවට නෙත් යොමා රදීශ් කීහ.
මං වගේ නෙවෙයි ඔයා වගේ ලස්සන දුවෙක් ඉන්නෝන..
ඇයි ඔයා..?
මං ලස්සන නැහැ නේ...." මං කිව්වේ රදීශ් උළු දිහාවට හැරී සිටියදී ඔහු දෙස එක එල්ලේ බලා සිටිමින්..
සුදූ මං කියලා තියෙනවා ඔයාට....
හරී... ඉතින් මං කැත නිසා නේ ඔයාගෙ ගෙදර අයත් මට ඒ විදියට සැලකුවේ...එහෙම නේද..."
ඒ දේවල් වැඩක් නැ... දැන් අපි දෙන්නා ඉන්නේ එක වහලක් යට.. මෙතන ඔයාට නිදහසේ ඉන්න පුළුවන් ... කවුරුත් මුකුත් කියන්නෑ...." රදීශ් මගේ කම්මුලක් ස්පර්ශ කලා.
මට තාම කිසි සතුටක් නෑ.... එහේ කොහොමට ඇත් ද.... එහෙම වෙලත් අපි කොහොමද හොඳින් ඉන්නේ රදීශ්... ඇයි මට වගේ ඔයාට හිතන්න බැරී...
එච්චරයි කියන්න වුනේ රදීශ් කේන්තියෙන් ම ඇඳෙන් බිමට බැස්සා
ඔය කොහේද යන්නේ....?
මං දිහාවත් නොහැරී ඔහු ගෙදර දොර ඇර එලියට ගියා.
එළියේ ගොඩක් සීතලයි මහත්තයා ... එන්නකෝ ගෙට..." මං හවුස් කෝට් එකත් එක්ක දෑත් බැඳගෙන කීහ.
මට සීතල නෑ..."
බොරැ නොකියා ගෙට එන්න මහත්තයා ...කිව්වම.."
තරහෙන් ම වාහනයට පයින් පාරක් ගැසූ රදීශ් මං දිහා නොබලම උන්හ .
මට පුදුම හිතුනි. මෙච්චර තරහක්...!!!
මට ගහන්න බැරි නිසා ද වාහනේට පයින් ගැහුවේ...?
මං කේන්තියෙන් ඔහු වෙතට ආහ .
සීතලයි එළිය... යං ගෙට"
ඔයා ගිහින් නිදා ගන්න...." ඔහු තවමත් කීවේ අහක බලාගෙනයි.
මොකක්ද මහත්තයා වෙලා තියෙන්නේ ..?
වෙලා තියෙන්නේ මට නෙවෙයි රශ්මි ඔයාට... මං මෙච්චර දේවල් කරලත් ඔයා ඔය විදියට ඉන්නෙක තමයි මට ඉවසන්න බැරී... යකෝ මං මේ හැමදේම කලේ ඔයා වෙනුවෙන්... ගෙදර ඒ හැම සැපක් ම අතරැලා ආවේ ඔයා නිසා ... මං මෙච්චර කැප කිරීම් කරලත් මාව සත පහකට ගන්න ගන්නැතුව ඔහොම මාව රිද්දනවට වඩා හොඳයි සුදූ ඔයා මාව මරලා දැම්මනම්... "
රදීශ් කවදාවත් නැතුව මං එක්ක මෙච්චර තරහකින් කතා කරනවා දැක්කමයි මං...
ඔහු ගෙ.ඇස් වලින් කඳුළු පෙරෙන්න ඔන්න මෙන්න ...
මං කී පාරක් කිව්වද මට දරැවෙක් ඕන.. අපි හදමු කියලා ...? කී පාරක් කිව්වද සුදූ.. ඒත් ඔයා හා තියා බෑ වත් නොකියා සද්ද නැතුව ඉන්නවා.. ඔයාට මාව එපා නම් කියන්න සුදූ.. මං ආයේ යන්නම්..ඔයාට බනිනෝන නම් බනින්න... ගහන්නෝන නම් මට ගහන්න... ඒත් ඔහොම මාව සතෙක් ගානට දාලා ඉන්නෙපා...
අපි කොච්චර ලස්සනට හිටියද...කොච්චර ප්‍රශ්න ආවත් මං ඔයාව අතැරියේ නැ ඒ කොහේදි වත්..මට දුකයී.. මං ක/කවදාවත් මේහෙම අඩලා නෑ...
ඒත් නපුරැ ම නපුරැ මායා කාරියක් මගේ ජීවිතේ ට ඇවිත් මාව ඇඩෙව්වා.." රදීශ් එහෙම කියාගෙනම දෑස් වලින් වැටුණ කඳුළු හිනා වෙවී පිස දැම්මේ දෑත් වලට අරගෙනයී.
අනේ... මට එයාගෙ වැටෙන කඳුළු පිහිදන්නවත් වාරැ නැති වුනා.
යං .. සීතලයී..." ඔහු මාව ත් එක්කගෙන යන්න හිතුවත් මං උන් හිටි තැනම නතර වී උන්නා.
ඔහු ඇයි දැයි නොකියා ම මං දිහා බලාගෙන හිටියා.
ඒ දෑස් කඳුළු වලින් දිලිසෙද්දී මගේ පපුවත් රිදෙන්න ගත්තා..
ඊළඟ කොටසට ………
~_ishi tharuu_