රදීශ් තම වාහනය ගේ ළඟින් කිට්ටු කලා.
හැබැයි මං නම් බැස්සේ නැ... නපුරැ කුමාර් ගෙ නපුරැ කම් බලන්නේ මොකටද ඔච්චර.??මං මතුරන්න ගත්තේ බැහැලා හිටපු රදීශ් දිහා බලාගෙනයි.
බහින්නැද්ද ගේ ලඟට ඇවිත් ඉන්නේ..."
මට බෑ..."
ඒ මොකද...?"
තාමත් වාහනේ ම උන් මං තවත් හිතුවක්කාර වුනා.
ඇයි දැන් ඕකෙම ඉන්න ද හදන්නේ.....?මෙන්න මෙහේ එන්න සුදූ... මෝඩ වැඩ කරලා තව හිතුවක්කාර ත් වෙනවා.."
මං දුකත් තරහවත් තියන් වාහනෙන් බැස්සා.
ආ.... සුමනා ඇන්ටී.. කොයි වෙලේද ආවේ..?
එච්චර වෙලාවක් නැ... මහත්තයා ...අපේ නෝනා මොකද මහත්තයා එක්ක තරහ වෙලාද..?
තරහ නම් එයාට නෙවෙයි මට....බලන්නකෝ කරන හිතුවක්කාර වැඩ...."
අපෙ අප්පේ ඒ මොකෝ......?
නෑ සුමනා ඇන්ටී මං කඩේ ට ගියා .. මහත්තයා වැඩ නිසා ඉතින් කිව්වේ නැ.... ඒකට ඔය..."
ආ.... ඒක නම් ඉතින් වැරදියි නේ... නෝනේ.... මේක ඉතින් නෝනට හුරැ පුරැදු ගමක් නෙවෙයි නේ.... මහත්තයා කියන්නේ ආදරේට ....ආයේ එහෙම නොකියා යන්නෙපා.. නෝනා හිතන තරම් ගම සුන්දර වුනාට මිනිස්සු සුන්දර නෑ...."
සුමනේ ඇන්ටී දිගු සුසුමක් හෙළුහ.
යං නෝනේ අපි...
එහෙම කියාගෙන ඇන්ටි ඇතුලට ගියා ම මටත් ඉබේම හිතුනා.. ඇත්තටම ඒකෙත් ඇත්තක් තියෙනවා කියලා ...මං මොකටද ඉතින් මගේ මහත්තයා ට නිකන් ප්‍රශ්න ගේන්නේ....
එහෙම හිතාගෙනම මං ගියේ සුමනේ ඇන්ටි එක්ක උයන්න.
මං වත්තෙන් කඩපු එළවළු ඩිංගක් ගෙනාවා... නෝනේ...."
තම කූඩය මේසය මත තියූ සුමනේ ඇන්ටි කීවා.
ආ... සුමනේ ඇන්ටී වගා එහෙමත් කරනවද...??
අතට ආදායමක් එන දේවල් නේ නෝනා..සරැවට හැඳුනම එදාට අතමිට ත් සරැයි.."
කොහේටද ඇන්ටී අරන් යන්නේ කඩේටද දාන්නේ....?
මේවයි කඩවලට දාලා කීයක් ගන්නද නෝනා...මොකෝ විස බෙහෙත් කරපුවා නෙවෙයි හොඳ ට ගොම පොහොර කොළ රොඩු කළු පස් දාලා මහන්සි වෙලා හදපුවා . එහෙව් එකේ මේ කඩවල් වලට දාලා ලොකු ලාභයක් බලාපොරොත්තු වෙන්න බෑ.... නෝනේ... අමාරැ වුනත් පොළට අරන් යනෙක තමා වාසි...
ඒක නම් ඇත්තනේද....." දැන් දරැවට කොහොමද ඇන්ටී..?
නෝනට පිං සිද්ද වෙන්න දැන් නම් ටිකක් හොඳයි..
හ්ම්... අපි ඉක්මනට උයලා ගමු ඇන්ටී..."
මං ඇන්ටි එක්ක ඉක්මනට දවල් ට කන්න උයන්න ලෑස්ති කරන්න ගත්තා.
මයෝන් පුතා.....කොහේ යනවද මන්දන්නෑ මේ දරැවා....එක තැනක ඉන්නැහැ නේ....."
මොකද ඩිස්නි කෑ ගහන්නේ..? සංදේශ් ඇසුවේ කලබලයෙන් එහේ මෙහේ යන ඩිස්නි ලඟට කිට්ටු වෙමින්..
මේ ළමයා හරි කරදරයක් වෙලාවකට....එක තැනක ඉන්න බැහැ නේ සංදේශ්...
එහෙම තමයි ඩිස්නි ළමයි වුනාම.... මොකෝ ඔයා මේ අඟහරැ ලෝකෙන් එකපාර ආවද... ඔයත් ඔය වයසේ ඉඳලා තමයි ආවේ...."
අනේ මේ... මං නම් අපේ අම්මලා තාත්තලා ට අදටත් කරදරයක් වෙලා නෑ.... ඔයාලගේ මල්ලිලාගෙන් නේ මැරි කරලත් ගෙදර මිනිස්සු න් ට කරදර තාම..."
ඒක ඉතින් අපේ වැරැද්දක් ද....?
ඒක ඉතින් මගේ වැරැද්දක් ද සංදේශ්....
අනේ මේ නිකන් බොරැවට කෑ ගහන්නැතුව ගිහින් ළමයා බලන්න....." සංදේශ් කීවේ තම දුරකථනය අත තබා ගෙන සෝෆා එකට ඇලවයි .
ඇයි ඒ ළමයා මං පාරෙන් හදාගෙන ආවා ලමෙක් ද...?පෝන් එකේ ඉන්නේ.... පොඩ්ඩක් දරැවගේ අවදානෙන් හිටියනම් ඉවරයි නේ...."
මයෝන්....
ඩිස්නි එහෙම කියාගෙන හෙව්වේ මයෝන් වයි.
ආ... මේ ඉන්නේ.....
කුස්සියේ යට ප්‍රැන්ටි එකේ හැංගිලා හිටපු මයෝන් ව දැක ඩිස්නි කීහ.
බබා.... අයියෝ... කොහේද මේ රිංගලා තියෙන්නේ .... කෝ එන්න කෝ එළියට..."
අනේ මේ සීලා... මෙච්චර වෙලා දරැවා මේකේ යට ඉන්නවා තමුන් දකින්නැතුව ඇතී....
අනේ සත්තයි ඩිස්නි නෝනේ......මං මේ නෝනා කියන්න කියන කම් දැක්කේ නැ...."
ඇස් දෙකත් පොට්ට ගෑණියෙක් ගෙදර වැඩ ට තියන් ඔයිට වඩා දෙයක් වුනත් එච්චරයි නේ..."
එහෙම කියන්නෙපා නෝනා....."
අනේ මේ සීලා..... " මයෝන් මෙහේ එනවා... " ඩිස්නි අඩමින් උන් තම දරැවා රැගෙන එතනින් නික්මුනා.
අනේ.... මෙහෙමත් ගෑණූ.....අර පුංචි නෝනා එක අතකින් මලක් වගේ... කොහේද අපේ නෝනලා ඒ අහිංසකීව එලව ගත්තනේ .." සීලා එහෙම කියාගෙන තම අත කම්මුලට තබා ගත්තා.
මං සුමනේ ඇන්ටී එක්ක කෑම ටික උයන්න ගත්තා. සුමනේ ඇන්ටි එක්ක කිව්වට මං එයාට කියලා ඕන කරන ටික කපා ගත්තා.
තුනපහ ටික මම ම දාලා කරි ටික ලිපේ තිබ්බා.
හ්ම්....... සුවඳ...."
ඔන්න එතකොට තමයි නපුරැ කුමාර් උළුවස්සට හේත්තු පාර දාලා නහය ඉහළට ඇදගෙන කියන්න ගත්තේ..
අද ඉතින් අපේ නෝනා තමයි උයන්නේ...මට කියලා එළවළු ටික විතරයි කපා ගත්තේ..." පැත්තක ඉඳගෙන බලාගෙන හිටපු සුමනෙ ඇන්ටි එහෙම කියද්දි මං තව ටිකක් ආඩම්බර වෙලා මහත්තයා දිහා බැලුවා.
සුවඳ නම් ආවා.... හැබැයී...." මහත්තයා නිකටට අත තියන් කල්පනා කරනවා වගේ මං දිහා බලන් හිටියා.
බලන්න කෝ.. ඇන්ටී මෙයා.....කාලා ම බලනවකෝ එතකොට නම් කියයී.. හැමදාම උයන්න කියලා මට ම..." මං ඇද කර කර කිව්වා.
ඔව්.... ඔව්... ඒකත් කමක් නෑ.. හැබැයි ඇන්ටී මෙයා ඔය රහයි කිය කිය කෑම උයන්නේ... ඇන්ටිගේ ජොබ් එකට විදින්න හොඳේ... නැතුව මට තියෙන ආදරේ ට නෙවෙයි.."
අනේ.... බොරැ ඇන්ටී..."
මහත්තයා එහෙම කියද්දි මට නම් ටිකක් දුක හිතුණා.මං මෙච්චර ආදරෙන් දේවල් කරලත් එයා ඇන්ටි ඉස්සරහ මාව හෑල්ලු කරාට.
මං සද්ද නැතුව අල කරි එක හැඳි ගෑවා.
උයලත් ඉවර වෙනකම් මං වචනයක් කතා නොකර හිටිය බව ඒ දෙන්නටම තේරැනත් මං දුක නිසා ම එහෙම්ම ගේ ඉස්සරහට වෙන්න තිබුන වෙල් යායේ ගල උඩ වාඩි වෙලා ඒ දිහා බලාගෙනම හිටියා.
සුදූ..... මොකද මේ..?" එයත් ඔන්න ඇවිත් අනිත් පැත්තෙන් වාඩි වෙලා මගේ ඔළුව අතගාන්න ගත්තා.
මුකුත් නෑ මහත්තයා .... ඔයා ගිහින් කන්න...උයලා ඉවරයි නේ..."මං හැරිලවත් නොබලා කීවා.
සුදු ... තරහ ගියා ද පණ... මං විහිළුවක් නේ කරේ අනේ.... අපි විහිළුවක් දෙකක් කරලා නැතුව නෙවෙයි නේ... හැමවෙලේම හැමදේම බෙදා ගන්නවනේ.... "
ඒ වුනාට මට අද දුකයී.... "
සොරී සුදු .... ආයේ මං විහිළු කරන්නෑ එහෙනම් ඔන්න ..."
මහත්තයා එහෙම කියලා නිහඬ වුනා.
මං ඒ මුහුණ දිහා බලද්දි ඒ මුව වෙල දිහා ම බලන් හිටියා. එි ගානට කපපු රැවුලට අත තියලා ඒ කම්මුල මං අත ගෑවා.
ඒයි මැට්ටෝ.... "
මොකෝ...."
තරහද... අනේ..."
තරහ වෙන්න මිනී මරන් නැහැ නේ...."
නපුරැ කුමාර් ම තමයි"...
එහෙමද...."
ඔව්.... එහෙමයි..." දැන් යං ද කන්න... නෑ මං කවන්නම් අද..."
ඇත්තටම ද කියන්නේ .. ඔය..??
ඔව් ඇයි ඒ...?
මං කවදාවත් එහෙම කවාගෙන නැ .. කවලත් නැ ... පොඩි කාලෙ ඉඳලා කවුරැත්....ස්පූන් , පෝර්ක් ඒවා තමයී හුරැ කලේ.... මාත් ඉතින් කනවා.. කනවා කිව්වට සීලා නැන්දා තමයි මට හැන්දෙන් වුනත් බත් ටික කවන්නේ... මට මතකයි මට බත් කවන්න සීලා නැන්දා වත්ත වටේ ම දුවනවා.. අම්මා කෙනෙක් කරන්න ඕන දේවල් පුංචි කාලේ ඉඳලම කලේ සීලා නැන්දා තමයි.. ඒත් මට තාම නැන්දා වෙනුවෙන් දෙයක් කරන්න ලැබුන්නෑ..."
මහත්තයා කිව්වේ මාවත් අතීතයට යවලා.
පව්ව් නේද... මහත්තයා ...."
ඔව්.. සුදූ...."
හරි අපි යමු කෝ ගිහින් කාලා ඉමු..."
නෝනේ.... "
ආ... ඇන්ටී කියන්න..?
අපි ගෙට යන්න යද්දි ඇන්ටි එලියට ආවා.
මං යන්න කියලා නෝනේ... "
ඇයි මේ හදිසියේම.. කෑම ටිකක් කාලා යන්න කෝ .. දරැවටත් අරන් යන්න ..
ටවුමට යන්න කියලා බැලුවේ...අඩුම කුඩම ටිකක් ගන්න කියලා . ඒකයී.."
හදිසි නැහැ නේ... කාලා කෑම අරන් යන්න .."
රෑ වෙන්න කලින් ගියොත් ටග්ගාලා එන්න පුළුවන් නිසා.......
නෑ... මහත්තයා ත් ටවුන් එකට යනවා එයාටත් උවමනා දේවල් වගයක් ගන්නයි වැඩ වගයකට තව.. එතකොට ඇන්ටිත් මහත්තයා එක්ක ගිහින් ඒකෙම එන්න ..."
කමක් නැද්ද මන්දා..." ඇන්ටි කිව්වේ අදි මදි කරලා වුනත් අපි දෙන්නම එයා ට අපෙ කැමැත්ත කීවා.
එද්දි ඕන නැ නෝනේ ගමේ බස් එක අල්ල ගත හැකි. මහත්තයා එන වෙලාවට මට එන්න බැරි වුනොත් හැබැයී..."
හරි අපි පස්සෙ කතා කරමු කෝ.... යං කන්න .." මං ඇන්ටිටත් කතා කරලා එක්ක ගියා.
මං මහත්තයා ට කවද්දි එයා මං දිහා බලන් හිටියේ හරියට දරැවෙක් අම්මා දිහා බලන් ඉන්නවා වගේ..
ඇයි මහත්තයා ..."
එයා මුකුත් නෑ වගේ ඔළුව දෙපසට වනා රසයි කියලා කිව්වත් ඒ ඇස් වල අමුතු වේදනාවක් තියනවා මං දැක්කා.
පව්... මං එයාව මං ලඟට තුරැල් කරගෙන හිස අතගෑවා.
තමන්ගෙ මහත්තයා ට දෙවනි අම්මා තමන්ගෙ ම වයිෆ් කියලා දැනෙන්න දේවල් මං මගේ මහත්තයා වෙනුවෙන් කලා.
හවස් වෙන නිසා ඉක්මනට කාලා ලක ලෑස්ති වුනේ ටවුමට යනවා කිව්ව නිසා .
සුදූ... එහෙනම් මං යන්නම්... පරිස්සමෙන් ඉන්නවද එහෙනම් දොර වහගෙන... "
හරි හරි මහත්තයා ... මං පරිස්සමෙන් ඉන්නම් ඔයා පරිස්සමට එන්න කෝ ගිහින් ...."
වෙලාවක් තිබ්බොත් ඇන්ටි වත් එක්කගෙන ම එන්න සුදුවෝ..."
එහෙම කියලා මං මහත්තයා ව වැළඳ ගෙන ඒ නලලට හාදුවක් තිබ්බා.
ඉක්මනට එන්න මං බලන් ඉන්නවා..."
එයත් මට හාදුවක් තියලා එහෙම්ම වාහනයෙන් පිට වෙනකම් මං ඒ පාර දිහා බලාගෙන හිටියා.
ඊළඟ කොටසට....
~_ishi tharuu_