රශ්මී... මේක දැන් ඔයාගෙම ගෙදර කියලා හිතා ගන්න.. කොහොමත් දැන් ඔයාටත් මේ ගෙදර තැනක් තියෙන්නෝන...
මං කන්න වගේ රදීශ් දිහි බලන් හිටියා.
මේසය පුරාවට තිබුණු කෑම ඇත්තටම දැක්කත් පුදුම හිතුනා.පළවෙනි පාරට මං රදීශ් ව මැරි කරලා ගෙදරට ආවට පස්සෙ මෙහෙම කෑම මේසයක වාඩි වුනේ..
ඇයි බලන් ඉන්නේ .... බෙදලා දෙන්නද මං...එහෙනම්..
එපා රදීශ්... මං බෙදාගන්නම්...
මං අවිහිංසක සිනාවක් ඔහු වෙත පිරි නැමුවා.
බඩ පිරෙන්න කන්න... බය වෙන්නෙපා මේ ගෙදර ඔයාට කැමති විදියට ඔයා ඉන්න ..
සිහින් හඬින් මට රදීශ් කතා කලා. රදීශ් ගෙ තාත්තා මං දිහා විටින් විට බලමින් කන්න ගත්තා.
පුතා.... අයියා ලබන සතියේ ලංකාවට එනවලු එයාගේ වයිෆ් එක්ක..
එහෙමද....හදිසියේ ම ද එන්නේ...
නෑ ... ඔයාගෙ මේ මැරේජ් එක නිසා තමයී...
මගේ මැරේජ් එක...? ඒකට හදිසියේ එන්න හිතන්නේ මොකද....
මට ඔයා එක්ක ටිකක් කතා කරන්නෝන පුතා....
ඉතින් කතා කරමු තාත්තේ....
නෑ... මට ඔයා එක්ක තනියෙන් කතා කරන්නෝන ටිකක්..
තනියෙන් කතා කරන්න කියලා දෙයක් මට රශ්මි ට හොරා කරන්න නෑ තාත්තේ ...
රදීශ් මේ.... මං තමුන් ට කිව්වේ මට තමුන් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙන නිසා. නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න හදන්නෙපා ....
රදීශ් ගෙ තාත්තා රදීශ් ට ඇඟිල්ල දිගු කොට අණ කරද්දි මම ද තිගැස්සුනා.
රදීශ්.... මං යන්නම් කාමරේට...
මං එයාගේ අතින් අල්ලලා එයාව සන්සුන් කලා.
මං කෑම මේසය පුරා තිබුනු භාජන එකතු කරන්න ගත්තා.
ඔහොම තියන්න දුව... ඕවා ක්ලීන් කරන්න මේ ගෙදර සර්වන් ලා ඉන්නවා.. ඔයා දැන් කාමරේට යන්න..
රදීශ් ගෙ තාත්තා හීන් හඬින් මට කීවේ සන්සුන් ව.
මං එතනින් නැඟිටලා තරප්පු පෙළ ඔස්සේ උඩට නැග්ගේ කාමරය වෙතටයි.
අනේ මන්දා.. මේ ගෙදර අය කවදාවත් මාව එයාලගේ පවුලේ කෙනෙක් විදියට සලකන එකක් නැති වෙයී.. හොඳ හස්බන්ඩ් කෙනෙක් ලැබිලා මගේ තියෙන පව්කාරකමට මං නිසා එයාට එයාගෙ ම ගෙදර තැනක් නැති වෙන්න ඉඩක් හැදිලා..
මම එහෙම්ම හිතමින් ඇඳෙහි කොනක වැතිරැනා.
මං ආයෙම මගේ අඳුරැ අතීතයට ගියා.
අක්කේ... මාත් එන්නද සෙල්ලම් කරන්න..
මට අවුරැදු හයක් විතර ඇති .
අක්කා අයියා එක්ක සෙල්ලම් කරද්දී මං ඒ තැනට ගියා . අක්කා මං ලඟට ආවා. මගේ නළලට අතක් තියලා මාව එහාට තල්ලු කලා.
මගේ අක්කයි අයියයි උනත් එයාලා මට ගොඩක් වෛර කලා.
මං ඉකි ගහ ගහ ඇඩුවා. තාත්තා ආවම මගේ නොතේරැම් කමට මං තාත්තාට කිව්වා .අක්කා කරපු දේ ගැන.
අනේ බොරැ තාත්තේ මං එහෙම කලේ නෑ...
අක්කා තාත්තා ට එහෙම කියද්දී තාත්තා එකපාරම මගේ කනට එකක් ගැහුවේ ආයෙම මං විසි වෙලා යද්දි.
කනේ කරාබු ජෝඩුවක් තිබුනේ නෑ මට... තාත්තා එයා හම්බ කරන සතේකින් වත් මට සැලකුවේ නැ.... අම්මට කරන්න දුන්නෙත් නෑ....
අම්මා ලි මෝලක වැඩට යන්න ගත්තේ මාව හම්බ වුන දවසෙ ඉඳලා.
නාලිනී... කොහොමද වැඩ ටික...
අවුරැදු පහක් තිස්සේ ඉතින් කරන රස්සාවනේ මුදලාලී.. දැන් ඉතින් හුරැයී..
අම්මා ලී ඉරන ගමන් මුදලාලි ට කීහ.
මේ.... ඒක නෙවෙයී.. කෝ උඹේ අර දුවෙක් ඉන්නේ...
මට දුවලා දෙන්නෙක් ඉන්නොනේ මුදලාලී..
සරත් ගේ කෙල්ල ගැන නෙවෙයි මං කිව්වේ.... අර අර අනිත් එකී.... කට්ට කළු...
මුදලාලි කොක් නගා සිනා සුනේ මගේ හදවත හී පාරක් වැදුණා සේ දැනෙද්දී...
මොකක්ද මුදලාලී ඒ කිව්ව නසරානි කතාව..
නෑ... ඉතින් ඕවා මම කියන දන්න කතාවක් නෙවෙයි නේ බං.... මුළු ගමම දන්න කතාවක් නේ.. අනික උඹේ ම මිනිහම ඒ පොඩි එකී උගේ නෙවෙයි කියලා කියද්දී.... ඉතින්
ඌ උගෙ දරැවා භාර ගත්තේ නැති වුනාට ඒ උගේ ලේ වලින් ඉපදිච්ච එකී... කළු කියලා මරන්නයැ...
අම්මා ආයෙම ලී ඉරන්න ගත්තේ දැඩි කේන්තියෙනී.
බලපං... උඹේ ලස්සන අත් දෙකත් ගෙවිලා යනවා මෙතන වැඩම කරලා. උඹ කැමති නම් මට පුළුවන් උඹට උදව් කරන්න ... නිකන් මේ වැඩ කරලා සල්ලි හොයනවට වඩා හොඳ නැද්ද... අර පොඩි එකීත් ටිකක් ලොකු වෙද්දී ඒකිටත් පුළුවන් හොඳට හම්බ කරන්න... එතකොට හරි ඒ කළු කැත ගතිය යවන්න ඕන තරම් දේවල් තියෙනවා නාලනියෝ....
අම්මාගෙ ඉවසීමෙි සීමාව පැන්නේ මුදලාලි ගෙ බෙල්ලට කියත දික් කරද්දී,..
උඹ හිතනවා වගේ මාත් මගේ කෙල්ලවත් විකුණන් කාගෙන ඉන්න ඒවා වෙන්නැති දේවල්... තොපි හිතුවද දුප්පත් වෙලා තොපේ කකුල් ළඟ වැටිලා රස්සා කරන්නේ වෙන කරන්න දෙයක් නැති කමට කියලා ..සාධාරණව හම්බ කරලා ජීවත් වෙන්න බැරි නම් පාරේ හිඟා කාලා හරී මං මගේ ළමයි ව ජීවත් කරනවා.
ඒයී... නාලනී අක්කේ.....
දෙන්න තුන් දෙනෙක් එකපාරම දැකලා අතේ තිබ්බ කියත අහකට අරන් අම්මව අල්ලා ගත්තා.
මේකී බලපං කෝ... මගේ ම කකුල් දෙක ළඟ වැටිලා මට ම දාන රෙස්පෙක්ට් එක...උඹ දැන ගනින් නාලනී උඹ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තේ කියලා ...තොපි වගේ උන්ට හොඳක් කරාට වඩා හොඳයි තොපි පාරවල් වල නොකා නොබී කුණු වෙලා යනෙක... පරට්ටී.... මෙි එඩ්වන් ළඟ ආයෙ සමාවක් නැ... මෙතනින් එහාට උඹට රස්සා නෑ පලයන් මෙතනින්...
යනවා තමයි යකෝ... මගේ සල්ලී දීපං මං වැඩ කරපු...
උඹ අර කියත මගේ බෙල්ලට තියපු එකටම උඹ වැඩ කරපු සල්ලි වලින් කැපුවා. දැන් පලයන්...
හෙන ගහනවා බොල... මගේ ළමයි බඩගින්නේ තියන්න බෑ.... මට මං වැඩ කරපු ගානට සල්ලි දීපං....
මේ නාලනී.... මාව මිනී මරැ නොකර පලයං....
නැ මං යන්නෑ.... මට මගේ සල්ලි ටික දෙනකමි යන්නෑ...
මුදලාලි අහක තිබු පිහි කෑල්ලක් රැගෙන අම්මගේ බෙල්ලට තියන්නට වුනා.
මාව මරපං ඉතින් .....මං ඕවට බය නෑ... බය කියන වචනේ මගේ ආත්මෙම දන්නැ මුදලාලී..
පලයං ගෑණියේ මෙතනින්.... නැත්නම් මං උඹේ ආත්මේ ම විනාස කරනවා.. අවලම් ගෑණි ....උඹයි උඹේ අවජාතක දරැවයි දෙන්නම මරනවා දැනගනින්... පලයං...
ඒ වචන ටික, අවුරැදු හයක් තිස්සේ අම්මා එකිනෙකා ගෙන් ඇහුවා. පුංචි වුනත් මගේ චරිතෙට කියපු දේවල් මං හරි අමාරැවෙන් ඉවසන් හිටියා.
එදා අම්මට මුදලාලී මරන්න අනේක වාරයක් හිතෙන්නැති.. ඒත් මගේ අනාගතය ගැන හිතලා එයා එදා සන්සුන් වෙලා ගෙදර ආවා.
හිස් අතින් ම ගෙදර ඇවිත් අම්මා කාමරේ දොර වහන් තනියෙන් ඇඩුවා. මේ හැමදේම මං නිසා.
හැමදාම එකම විදියට කාලේ ගෙවෙද්දී මට හැමතැනින් ම සමච්චල් විතරයි ලැබුනේ.. අනිත් ලමයි වගේ මාව දැක්කේ නැ.... හිනා වුනා... මං මගේ ආත්මයටම ශාප කලා. අම්මගෙ කඳුළු නිසා මං මගේ හිත හයිය කරගත්තා.
මං එළියේ පුංචි බංකුව උඩ හිඳ ගෙන හිටියේ නිකටට අතත් තියාගෙන..
රශ්මී....
අම්මා මගේ ඔළුව අත ගෑවා.
අම්මේ....
ඒ එක්කම මං ගැස්සිලා ඇහැරෙද්දී මගෙ ඔළුව අත ගාගෙනම හිටියේ රදීශ්...
රදීශ්...
රත්තරං ..... ඔයාට අම්මව මතක් වුණාද....
මං නිහඬ ව වෙන අහක් බලා ගත්තා.
මං දන්නවා රත්තරං ... ඔයාට අම්මව මතක් වෙනවැති කියලා ... එයා දැන් කොහේහරි සතුටින් ඇතී ඔයා දිහා බලන්...ඒ වගේ ම ඔයාගේ තාත්තා ....
රදීශ්.... මට එයාව මතක් කරන්නෙපා.. මං මේ ලෝකේ වයිර කරන පළවෙනි පිරිමියා මගේ තාත්තා ...
එයා කොහේද දැන්....
මං දන්නෑ...
අපි හොයමු....
නෑ.... අපි හොයන්නෝන නෑ... එයා මං ඉපදුනු දවසෙ ඉඳලා මාව එයාගෙ දරැවෙක් විදියට පිලිගත්තනම් අද මගේ අම්මත් සතුටින් ඉදී අපි එක්කම...
ඔයාගෙ ඒ අඳුරැ අතීතය ගැන මං අහන්නැ රත්තරං ... ඒවා ආාය් හාර අව්ස්සන්නෝනත් නෑ.. දැන් ඔයාට මං ඉන්නවා...
රදීශ් මාව එයා දෙසට හරවා ගත්තා.
ඔව්... තාත්තා ගැන ඒ තියෙන වෛරය හැමදාම ඒ විදියට තියේවී... ඒ වගේම
මම රදීශ් ව තුරැල් කරගෙනම දෑස් රතු කරගත්තේ මගේ දෑස් විසල් කරගෙන එයින් යමක් කියමින්....
ඊළඟ කොටසට ....
රශ්මි කියන්නේ කව්ද...? රශ්මි ගෙ.පවුලේ අයට වුනේ මොකක්ද ....? රශ්මිට රදීශ් හම්බ වුනේ කොහොමද...?
~_ishi tharuu_✪