උඹට වෙන ගෑණියෙක් හිටියෙම නැද්ද ගන්න..
බලපන් ඒකිගෙ හැටී..
කිසි ලස්සනක් නෑ මල මූසලියක් වගේ...
ඒක නම් ඇත්ත පුතා ...
අම්මා කිව්වේ ඇත්ත මීට වඩා හොඳ කෙල්ලෙක් හොයා ගන්න බැරි කමක් තිබුන්නැහැ නේ ..
මොකක්ද ඒ කෙල්ල ගෙ වැරැද්ද....?
මොකක්ද කැත...
අම්මා.. ඒ කෙල්ල කොච්චර ලස්සන ද...
අනික මම මැරි කලේ මට ලස්සන වගේම හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්...
මගේ කැමැත්තට..
ආ එහෙමද...
එහෙනම් උඹට මේ දේපලවලින් එක සතයක් වත් හම්බෙන්නෑ කියලා දැනගනිම්...
ඇයි ඒ..?
මොකක්ද ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ ආ...
මේ දේපල වලින් අයිතියක් මටත් තියෙනවා..
දේපල වල අයිතිය තියෙන්නේ අපි උඹට ලිව්වොත් නේ....
ආ එහෙමද...
එහෙනම් ඔයාලගෙ පොඩි පුතා මැරැනා කියලා හිතා ගන්න ..
රදීශ්... එහෙම කියලා තරප්පු පෙළ උඩටම නැග්ගේ කේන්තියෙනි.
ඒ හැම දේම අහන් ඉඳපු මං රදීශ් එන සද්දෙට ආයෙම ඇඳෙහි ඉඳ ගත්තේ ය.
රශ්මි...??
මගෙ දෑස් වලින් වැටිච්ච කඳුළු මං ඉක්මනට පිහිද ගත්තා.
රශ්මී.....
රදීශ් මා ලඟට විත් ඇඳෙහි හිඳ ගත්තා.
මට සමා වෙන්න රශ්මී...
ඔයා ඔය විදියට අඩන්නේ මං නිසා නම් මේ පව්කාරයට සමාව දෙන්න..
එහෙම දෙයක් නෑ රදීශ්...
මට හරි දුකයී. මං නිසා ඔයාට වුන දේට...
ඇත්ත මං මහ කැත.කළු කෙල්ලෙක්... එයාලා..
ශ්.....
රදීශ් මගෙ දෙතොල් මතට ඔහුගෙ.ඇඟිල්ලක් තැබූහ.
ඔයා ආයේ මට ඇහෙන්න ඒ වචන ටික කියන්නෙපා...
මේ ලෝකේ ලස්සන ම කෙල්ල ඉන්නේ මං ළඟ...
කාට ඔයා කොයි විදියට පෙනුනත් මට වැඩක් නෑ..
ඔයා හැමදාම මගේ...
රදීශ් ආදරනීයව ඒ වචන මුමුණද්දී මගේ දෑස් වල තිබූ කඳුළු අතරින් අසරණ බැල්මක් මා ඔහුට පිරිනැමුවා.
ඒත්.... මං හින්දා ඔයාගෙ ගෙදර අය ඔයා ගැන තියෙන බැඳීම නැති කරන්න මං කැමති නෑ රදීශ්....
එයාලා තේරැම් ගනී ඒක...
අපි ඒ ගැන හිතන්නැතුව ඉමු...
රදීශ් මගේ නළලට හාදුවක් තබා මා ඔහු ගෙ පපුවට තද කරගත්තා. ඒ උණුහුමට මා දෑස් පියා ගත්තේ සැනසීමක් මගේ මුළු ආත්මයටම දැණුන නිසා.
මංගල ඇඳුමින් ම රැඳී සිටි අපි දෙන්නා වෙනම ලෝකෙක අතරමං වුනා.
මට මගේ මේ වෙනකම් වුන හැමදේම එි එක්කම මතකයට නැගුනා.
මං රශ්මි නවෝදා ..
පුංචි කාලේ දී මගේ අම්මාට මාව ලැබෙද්දී මං ගොඩක් කළු පැහැති විදියට ඉපදුනා. හැබැයී අම්මා තාත්තා නම් ඒ තරමට කළු අය නෙවෙයී...
ඒක මගේ අම්මාට ප්‍රශ්නයක් නොවුනත් තාත්තාට නම් ලොකු ප්‍රශ්නයක් වුනා.
නාලිනී.... මේ දරැවා උඹ වගේවත් මං වගේ වත් නෙවෙයි.. බලපං කළු.. මෙහෙම කළු එකියක් අපෙ පරම්පරාවෙවත් නෑ..
අඩුම අපෙ අනිත් දරුවෝ එක්ක බැලුවම මේ මොන එකියක් ද නාලනී...
දරුවා කළු වුනා කියලා විසික් කරන්නද කියන්නේ ....
මගේ තාත්තා අම්මට පුන පුනා ම බැන්නා. අම්මා එදා මං නිසා ගොඩක් ඇඩුවා.
ඇතී සරත්... මේ ඔයාගෙ ලේ වලින් හැදිච්ච දරැවට ඔහොම කියනෙක හරිද..
මගේ ලේ.... හහ්...
ඇයි ඔහොම හිනා වෙන්නේ මනුස්සයෝ....
යකෝ.. මගේ ලේ බිංදුවක වත් කුණු ලේ නෑ... ඔය වගේ කාලකන්නි දරුවෙක් මගේ ලේ වලින් වැදෙන්න තරම්....
මොකක්... මො... මොනවද දෙයියනේ මෙි කියන්නේ .... මගෙ බඩින් එලියට ආවේ තමුන් ගෙ ලේ වලින් හැදිච්ච දරුවා.. තමුසෙ හිතුවද මං අවලමෙි යන ගෑනියෙක් කියලා ...
මං හොයා ගන්නම් කෝ මේ අපරාදේ කරපු එකා... ඕකා අහු වුනොත් මං ඔකව කෑලි කරනවා ...
එහෙම කියාගෙන අම්මා අච්චර අඩ අඩ තේරැම් කරලත් තාත්තා කලේම අම්මට අපහාස කරපු එක.
මං ටික ටික ලොකු වෙද්දි මං වෙනුවෙන් වියදම් කලේ අම්මා. මොකද තාත්තා අනිත් මගේ අයියටයි අක්කටයි වගේ මට සැලකුවේ නැ...
සරත්.... පොඩි එකීට වෙනස් කම් කරන්නෙපා සරත්.... කොච්චර කිව්වද...
දැන් අවුරැදු පහ හයක් ගෙවිලත් තාම සැක කරන් ඉන්නේ...
මට ඉන්නේ දරැවෝ දෙන්නයී....එි මගේ ලොකු එවුන් දෙන්නා විතරයී... උඹ මෙි කොහෙවත් යන අවලම් බල්ලෙක් ට කියලා ජාතක කරගත්ත මූසල හැත්තකට කන්න බොන්න දිදී සලකන්න තරම් මං පිරිමි භාගයක් නෙවෙයි නාලිනි... අන්නේක හොඳට මතක තියා ගනින්...
යකෝ... පිරිමි භාග කියන්නේ තොපි වගේ පිරිමින්ට... මං තෝ එක්ක විතරයි නිදා ගත්තේ.... පාටක් නිසා තමන්ගෙ ලේ වලින් හැදිච්ච දරැවට සලකන්න කොන්ද පණ නැත්නම් ඔය විදියට කතා කරනෙක වත් නතර කරගනින්...
එදා කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ වුනේ.... මං නිසා එදා මගේ අම්මට තාත්තා තිරිසනෙක් වගේ පහර දුන්නා.අක්කයි අයියයි තාත්තට තියෙන බයටම පැත්තකට වුනා. ඒත් මං අම්මේ කියාගෙනම අම්මට කතා කලා.
අහකට වෙයං බැ/L/ලී....
තාත්තා මාව අහකට විසික් කලා.
ඒ විසි වුන පාරට මං මුල්ලකට විසික් වුනා.
අම්මා මට කතා කරලා කෑ ගහපු ඒ දෝංකාරය එක්ක මං තිගැස්සිලා ඇහැරැනේ තාමත් රදීශ් ගෙ පපුවට තුරැල් වි ඉද්දීයි.
මං එකපාරම රදීශ් දිහා බැලුවා.
රශ්මී.... ඇයී... මූණත් එක්කම මලානික වෙලා..
නෑ රදීශ් ... ටිකක් මහන්සියි...
මහන්සි නේ... ඔයා ගිහින් වොශ් එකක් දා ගන්න ...
මං ඒ සැනෙන් ම ඒ පපුවෙන් මිදී ගියේ බාත් රෑම් එකට..
මට අම්මව ගොඩක් මතක් වුනා. මගේ ඇස් වලින් කඳුළු පිරැනා. මං තාමත් මගේ තාත්තට ශාප කරනවා. ඒ වගේම මගේ මේ කළු කැත පෙනුමටත්..
මං එහෙම්ම බාත් රෑම් එකේ කණ්ණාඩියෙන් පෙනුන මගේ මූනට කණ්ණාඩියෙන් බොඳ වෙලා යන්නම වතුර පාරක් ගැහුවා.
දොයි දොයි දොයී.... දොයීය බබා....
බයි බයි බයී..... බයිය බබා.....
අම්මේ......
ලොකු දූ.....
ලොකු අක්කා අම්මා ළඟින් වාඩි වුනා.
ඔයාට බඩගිනි ද ලොකු දූ....
මට බඩගිනි නෑ....
එහෙනම්....?
ඔයා අපිට වැඩිය මෙයාට ආදරෙයි....
ඇයි රත්තරං එහෙම කියන්නේ .... මං ඔයාලා තුන් දෙනාටම එක වගේ ආදරෙයි...
නෑ... ඒක එහෙම නෙවෙයි... තාත්තා කියන කතාව ඇත්ත..මෙයා මහ කරදරයක් අපිට..
එහෙම කියලා අක්කා අම්මට කියද්දී ඒ දුකත් අම්මා තනියෙන් දරා ගත්තා.
ටික ටික ලොකු වෙද්දි අක්කයි අයියයි මං එයාලගෙ නංගි කියලා කියන්නත් ලැජ්ජ වුනා. එයාලගේ යාළුවෝ මං දිහා ත් අක්කා දිහාත් බැලුවේ පුදුමයෙන්..
ඇත්තටම අක්කා ලස්සනයි .... සුදුයි... අයියත් සාමාන්‍යයෙන් සුදුයි. ඒත් මං එයාලා එක්ක තියන්න බැරි තරම් කළු කෙල්ලෙක් වුනේ....
කාලයක් යද්දි ඒකත් මට තේරැණා. ගෙදර එි නිසා නිතර ප්‍රශ්න ඇති වුනා. හැමවෙලේම තාත්තා කිව්වේ මං එයාගේ දුවෙක් නෙවෙයි කියලා .... මං අඩපු තරම් මගෙ අම්මත්....
රශ්මී.......
ආයෙම එි මතක වලින් මං ඇහැරැනා.
ඔයා ඉවරද රත්තරං .....
ඉන්න රදීශ් මං එන්නම් ඉක්මනට .....
මෙච්චර වෙලා අතීතයේ අඳුරැ මතකයකට ගිය මං ආයෙම පිය වී සිහියට ආවේ රදීශ් ගෙ කටහඩටයි.
මං දන්නෑ සේනක පුතා මෙි කරගහගත්ත එක ...
දැන් ඉතින් මොනා කරන්නද වසූදා... පුතා ට ඕන දේ නේ සිද්ධ වුනේ...
කොහෙන් හොයා ගත්ත මල මගුලක් ද දන්නෑ... මට ලේලි විදියට වත් දුව විදියටවත් කතා කරන්න පුළුවන් ද....බලන්නකෝ සේනක ඒ කෙල්ල ගෙ කළු ... අඟුරැ කෑල්ලක් වගේ...
පාටෙන් මනුස්සයෙක් මනින්න නම් බැ වසූදා....
දැන් ඉතින් වෙච්ච දේවල් වුනා නේ... මඟුල් කෑවා.. කරන්න දෙයක් නැ...
ඔව් කෑවා මඟුල කොහොමත්... අනේ මේ සේනක... වෙඩින් එකේ මිනිස්සු දෙන්නා පෝරැවේ ඉද්දි කියපුව දැක්කනේ.....අපෙ නෑදැයෝ... බිස්නස් හවුල් කාරයෝ.... යාළුවෝ... කතා කලේම මනමාලි ගැන.... අහන් ඉන්න බෑ... අර දම්මි මට හිනා වෙවී කතා කලේ... මං කවදාවත් මෙච්චර අපහසු වෙලා නෑ....ලස්සන හෙන ගැහුවා හරි අඩුම සල්ලි තියෙන පවුලක් ද... අනාථ කෙල්ලෙක් නේ.... අපෙ පුතා මොකට කැමති වුණාද දන්නෑ.....
කවුරැ මොනා කිව්වත් දැන් ඒ වා වැඩක් නැ වසූදා... ඒ දෙන්නා සතුටින් නම් ඉන්නේ එච්චරයි ...
එපාර ඔයාටත් ඒ පිස්සු ව හැදුනද සේනක.... ඔයා දන්නවා නතාශා ව අපි රදීශ් ට ප්‍රොපෝස් කරේ කියලා .. දැන් කොහොමද කියනවකෝ කියන්නේ ඒ මිනිස්සුන් ට....
ඇතී පුතාලා එනවා....
අනේ සේනක... මං යනවා ..
කෑම මේසෙන් ඔහොම නැගිටලා යන්නෙපා වසූදා... ඒ ළමයි ත් එන්නේ කන්න නේ...
කෑම මේසෙන් නැගිටින්න උත්සාහ කල වසූදා යලි නතර වුයේ සේනක ගේ පෙරැත්ත නිසා.
රදීශ් හා මං කෑම මේසය ලඟට කිට්ටු වුනා.
එන්න රශ්මී වාඩි වෙන්න...
මේ ගෙදර මේ කෑම මේසේ වාඩි වෙලා කන්න පුළුවන් ගෙදර මිනිස්සු න් ට විතරයි ....පිට මිනිස්සුන් ට එහෙම බෑ.
රදීශ් ගෙ අම්මා එහෙම කියාගෙන කෑම මේසෙන් නැගිටලා ගියේ මට රැවුමක් පා කරමින්..ඒ රැවුමට මගෙ හදවත ම පිච්චිලා ගියේ වේදනාවත් හිර කරගනිමින්..
රශ්මි කියන්නේ මේ ගෙදර කෙනෙක් තමයි අම්මේ..... ඒ වගේ ම මගෙ වයිෆ්...
පුතේ .... වාද නොකර අර දරැවා එක්ක ඇවිත් වාඩි වෙලා කන්න... අම්මා එක්ක වාද කරන්න යන්නෙපා... එයාගෙ හිතේ තියෙන වේදනාවට එයා කතා කරන්නේ...
එහෙම වෙන්න රශ්මි ට මොනා වෙලාද... මට මොනා වෙලාද.....රශ්මී එන්න කන්න...
මං පැත්තකින් ඉද්දී රදීශ් මාව අතින් අල්ලා ගෙනම කෑම මේසෙන් වාඩි කෙරෙව්වා.
නිංමි.
කතාවට ආස නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ...
ගොළු මනමාලි වගේ ම කළු මනමාලී ත් ලස්සන කතාවක් වෙයි කියලා මං හිතනවා. ඉතින් ආදරයෙන් රැඳී ඉන්න....
ආයේ එන්නම්....❤❤
~ishi tharuu