අ...ම්මේ..." කෑ ගහගෙනම රදීශ් අම්මා ලඟට ගියා. මං එතනම ගල් ගැහුනේ කියා ගන්න බැරැවයි.
එපා......තෝ තමා මෙි ඔක්කොටම මුල.. පලයන් මෙතනින්....පාහරයා.. තෝ අම්මට වඩා මෙි ගෑණිව ලොකු කරගත්තා.." සංදේශ් රදීශ් ගෙ ඇගට ගොඩ වුනා.
තමන්ගෙ අම්මා ට එච්චර දෙයක් වෙලත් රදීශ් කොච්චර තමන්ගෙ අම්මා ලඟට යන්න හිතුවත් රදීශ් ට වුනේ සංදේශ් ගෙන් ගුටි බැට කන්නයි.
ලොකු පුතා..... නවත්තපාං... ඕක.... මෙච්චර අම්මා දෙයක් වෙලා තියෙද්දි උඹලා මරා ගනිල්ලා..." තාත්තා එහෙම කියද්දි අම්මට යන්තම් සිහිය ආවත් ඈ තවමත් විඩාබරව උන්හ.
මේ ගෙදර හැමදේටම මුල තමුන්.... තාමත් ලැජ්ජ නැතුව මෙතන හිටගෙන ඉන්නවා... හැම බැඳීමක් ම නැති වෙලා මේ ගෙදර හැමදේම විනාස වුනා... ඒ තමුන් නිසයි..." තාත්තා මට ඇගිලි දික් කරද්දි මට ගොඩක් ඇඩුනා.
තවත් ඉවසගන්න බැරැව මං කාමරේට දිව්වා.
තාත්තේ ..... මොකක්ද ඒ කරේ..?රශ්මී... " රදීශ් මගෙ පස්සෙන් ආයෙම කාමරයට ආවා.
පේනවනේ තාත්තේ .... මල්ලි ට මොනා වුනත් අර ගෑණි තමයි ලොකු... මගෙ මල්ලි වුනත් මට ඕකව මරන්නමයි හිත.... අම්මා එහෙන් ලෙඩ වුනා.... ඉන්න තාත්තේ මං කතා කරලා එන්න..." සංදේශ් තරප්පු පෙළට නගිද්දි තාත්තා ආයෙම කෑ ගහන්න ගත්තා.
ඕක නවත්තපං මිනිහෝ.... උඹලා ඔක්කොම මේ ගෙදරින් පලයල්ලා මටයි අම්මා ටයි පාඩුවේ ඉන්න දීලා එක්කෝ....
තාත්තේ ..... සංදේශ් ගෙ තරහව සාධාරණයි නේ... ඇයි සංදේශ් ට කෑ ගහන්නේ .. "
මේ ගෙදර පොඩි පුතා කියලා අපි සලකපු අපේ ම දරැවා අපිට ම අකීකරැ වෙලා. එයාට යන්න හරින්න .අපේ අගේ තේරැනාම එයී... ආයේ මේ ප්‍රශ්නේ මෙතනින් ඉවරයී... ආයේ ඒ ගැන කතා කරන්නෙපා.."
තාත්තා එහෙම කියාගෙන එතනින් නික්මුණා. ඒ අතරම අඩ අඩාම රෙදි හදාගන්න මාව සනසන්න රදීශ් ගොඩක් උත්සාහ කලා.
රදීශ්..... මං යන්නම් මහත්තයා ... ඔයා එන්නෙපා... එයාලා එපා කියන්නේ මාව මිසක් ඔයා නෙවෙයි.... ඔයාගෙ අම්මා ට ඔයාව ඕන.... අද ඊයේ හම්බ වුන මට වඩා අවුරැදු ගානක් ඔයාව බලාගෙන ඔයාව බිහි කරපු අම්මට ද්‍රෝහි වෙන්නෙපා.... මේ සේරම ප්‍රශ්න මං... " මං අඩන්න ගද්දි රදීශ් ගෙ හිත වාරැ නැතුව ගියා .
නෑ.... සුදූ මට ඔයා ඕන...එයාලා මට ආදරේ නම් ඇයි මං ආදරේ කෙනෙක් ට ආදරේ දෙන්න අයිතියක් දෙන්නැත්තේ..... මට ඔයා නැතුව ජීවත් වෙන්න බැ සුදු තේරැම් ගන්න ...
රදීශ්......" මං කොච්චර තේරැම් කරත් රදීශ් ට ඕන වුනේම මං එක්ක ඉන්න .
රදීශ්.....??
අවසානයේ මාත් රදීශ් ගෙ අදහසට කැමති වුනා.
මේ ගෙදර රශ්මි ට ඉඩක් නැත්තම් , මාත් ඉන්නෙ නැ...."
පහලට ආ රදීශ් හැමෝමට ඇහෙන්න කියලා මාවත් ඇදගෙන ගියා.ඉන් එහාට කාටවත් කිසි දෙයක් කරගත නොහැකි විය.
රදීශ් තම වාහනය රැගෙන මං එක්ක ගමනට ගියා. කොහේද යන්නේ කියලවත් හිතා ගන්න බැරැව අපි ගොඩක් දුර ගියා.
මං රදීශ් එක්කවත් රදීශ් මං එක්කවත් වචනයක් කතා නොකලහ. සතුටක් නැතිවම මං වාහනයේ ශටර් එකට ඔළුව තියන් හිටියේ ය. ටික වෙලාවකින් මට එහෙම්ම නින්ද ගියා.
ඒ අතරේ ගෙදර නම් ලොකු කාලගෝට්ටියක් වුනා. මොකද අම්මට හදිසියේ අසනීප වෙලා. පුළුවන් ඉක්මනට ගෙදර අය රදීශ් ගෙ අම්මව එනම් වසූදා ව රෝහල් ගත කලා.
සංදේශ් කල්පනා කර කර ඉද්දි ඩිස්නි ඇවිත් කිව්වෙම මල්ලි ඒ කියන්නේ රදීශ් ට ආයේ එන්න ම කියලයි.
නෑ නෑ.... රදීශ් ට ආයේ ඒ දේවල් දැනගන්න ඕන්නැ.... එයා ගිය තැනක හිටපුවාවේ....
තාත්තා එහෙම කියාගෙන එතනින් යද්දි ඩිස්නි සංදේශ් දිහා ම බලා වුන්නා.
ඩිස්නි ඔයා ගෙදර යන්න... මයෝන් එක්ක" සංදේශ් කීවේ හැම පැත්තම හිතන්නෝන නිසා .
අම්මගේ තත්වේ කොහොමද කියලා දැනගන්නෙපයි......"
මං ඩොක්ටර් එක්ක කතා කරලා එන්නම්.." සංදේශ් එතනින් පිටත් විය.
ඒ කිසිත් නොදත් අපි දෙන්නා තවමත් වාහනයේ ගොඩක් දුරකට යනගමනුයි හිටියේ..
මුහුණේ කෙහෙරැල් වැටී ඒවා වාහනය ගැස්සෙන හැම වෙලේම මගෙ මුහුනට වැටෙන්න ගත්තා.
රදීශ් අවිහිංසක ලෙස මං දිහා බලාගෙනම දෙපැත්තේ විශාල මාර ගස් තියෙන ප්‍රධාන මාවතේ තේ කඩයක් ළඟ නතර කලා.
ලෑලි පෙට්ටි කඩයක් වුන කඩේ ට ම සකසා තිබූ ලී බංකුව උඩ කිහිප දෙනෙක් වාඩි වී සිටියා. රදීශ් මං වාහනයේ ඉද්දි ම වාහනයෙන් බැස්සේ ඒ කඩේ දිහාවටයි.
දුම් දමමින් ඒ එක්කම පොඩි පොඩි වීදුරැ වලට කිරි තේ දාන මුදලාලි ලඟට රදීශ් කිට්ටු විය.
අංකල්..... කිරි තේ දෙකක් දෙන්නකෝ... මේ බඩ ඉරිඟු ත් ඕන දෙක තුනක්.." රදීශ් එහෙම කියාගෙන මහ හට්ටියකින් ගන්න උණුම උණු බඩ ඉරිඟු කරල් ගන්න අයුරැ දිහා බලා උන්හ.
මඳකින් මට ඇහැරැනත් රදීශ් වාහනයේ නොවීය. ශටර් එකෙන් එපිට බලද්දි මං දැක්කේ රදීශ් තේ කඩේක සිටිගෙන සිටි අයුරැයි.
මාත් තේ කඩේට කිට්ටු වුනා.
සුදූ.... ඔයා ඇහැරැනාද..? නිදි නිසා මං ඇහැරැවේ නැ... "
ම්..... " ලොකු සතුටක් මගේ හිතේ නොවුණි.
මේ... සුදූ තේ එකක් බීලම යමු...." එහෙම කියලම දාපු කිරි තේ එකක් ඔහු මා අත තැබීය.
අංකල්... නෙළුන්දෙණිය ට තව කොච්චර දුරද...??
තේ එක බොන අතරතුර රදීශ් මුදලාලි අංකල් එක්ක කතා කරද්දි මාත් අහන් හිටියා.
තව කිලෝමීටර් දෙකක් ගියාම පාලමක් අහු වෙයි මහත්තයා ... එතනින් ටිකක් එහාට ගියාම බස් ස්ටෑන්ඩ් එක හම්බෙයි..ඒ නෙළුන්දෙණිය බස් ස්ටෑන්ඩ් එක...." තව තේ දෙක තුනක් වක් කරන මුදලාලි කීහ.
ලොකු දුරක් නැ නේද එහෙනම්..."
ඔව් මහත්තයා ... මේ.. ''' මහත්තයලා කොහේද..??
ආ.. අපි මේ මීගමුව.. "
එච්චර දුර ඉඳලා ද මහත්තයා ලා ආවේ....??
ඔව් අංකල්...මේ... අපිට පරක්කු වෙනවා එහෙනම් රෑ වෙන්න කලින් යන්නත් ඕන නේ... ගොඩක් තෑන්ක්ස් අංකල්.. මෙන්න ඉතුරැව තියාගන්න කෝ...."
ආදරණියවම කඩේ අංකල් ට සමු දීලා ආයෙම වාහනයට ගොඩ වුනු දෙන්නා ආයෙම ගමනට එක් විය.
සුදූ......ඔයා තාම මං එක්ක වචනයක් කතා කරේ නැ... ඇයී ඒ..?
මගේ හිතට හරි නැ රදීශ්....අද වුන දේ ගැන..." මං ඉස්සරහ බලාගෙන ම කීහ.
ඒ වෙලාවෙි මං කරේ මට හරි කියන දේ... ඔයා අච්චර අසරණ වෙලා තියෙන වෙලාවක මං කොහොමද ඔයාට ද්‍රෝහි වෙන්නේ.... මට එහෙම කරන්න බෑ..."
තවත් කිසිදු වචනයක් කතා නොකර මං නිහඬ වුනා.
රදීශ් ගෙ.අම්මගේ තත්වය සාමාන්‍ය වුවත් ඇයව ස්ට්‍රේස් නොකරන්න යැයි කිවු නිසා ම සංදේශ් හා සේනක පමනක් සිටිය අතර අනෙක් අය ගෙදර වුන්හ.
ඊළඟ කොටසට ...🖤💍
~_ishi tharuu_