රදීශ් , සුමනේ ඇන්ටි එක්ක ම ගියේ එයාව මගින් බස්සලා තම රාජකාරි කටයුතු වගයකට යන්නට වුවමනා නිසයී.
මහත්තයා ට ගොඩක් පිං එහෙනම් මං යන්නම් මහත්තයෝ.." ඇන්ටී වාහනයෙන් බැහැ ගත්තේ රදීශ් ට පිං දීලමයී.
හරී ඇන්ටී එහෙනම් පරිස්සමෙන් යන්න කෝ.. මං එද්දි කොහොම වෙයි ද දන්නැහැ නේ.. "
අනේ ඒකට කමක් නැ මහත්තයා යනගමන් ගමේ බස් එකට ගොඩ වෙන්න පුළුවන් .. හරි මහත්තයා පරිස්සමෙන් යන්නකෝ බුදු සරණයි .."
රදීශ් ගියත් එකයි මං නම් ගෙදර හිටියේ ගොඩක් පාළුවෙන්..
ඒ හින්දා මං අපේ පුංචි ගෙදර ආස විදියට වෙනස් කරලා පිළිවෙළක් කරන්න හිතුවා.
ඉස්සෙල්ලා ම මං කුස්සියේ ඉඳලා වැඩේ පටන් ගත්තා . තුනපහ බෝතල් ටික හෝදලා වේලෙන්න තිබ්බා.
ලිප හොඳට පිහිදලා අළු අයින් කරා. පරණ පාට වෙලා තිබ්බ නිසා ම ආයේ පිටිපස්ස පැත්තේ තිබ්බ පොල් වත්තට ගියේ මැටි ටිකක් කඩා ගන්න කියලා ..
පුංචි වත්තක් වුනත් වත්තේ පොල් ගස් නම් පහ හයක් තිබ්බා . පොල් එහෙමත් සරැවට තිබ්බ නිසා මං හිතුවා මහත්තයා ආවම කාටහරි කියලා පොල් ටික කඩව ගන්න .
පොඩි බකට් එකක් අරන් හුඹස් මැටි ටිකකුත් පරිස්සමෙන් කඩාගෙන මං ආයේ කුස්සියට ආවා. ලිප ලස්සන ට මැටි වලින් ගාලා වේලෙන්න තියලා ඉතුරැ වැඩ ටිකත් කරා.
මට පහසු විදියට කුස්සිය පිළිවෙළට තියලා ආයෙම සාලේ කෑල්ල අල්ලා ගත්තේ පිළිවෙළට හදන්න... අස් කරන්න හිතුවට කියන තරම් පහසුත් නැ... තනියෙන් මේවා කරනවා කියන්නේ ඉතින්..
ඒ ඔක්කොම අමතක වෙලා යන්න තිබුන පරණ රේඩියෝ කෑල්ල දාලා බැලුවා වැඩ කරනවද කියලා .. පුදුමයි පරන වුනාට ඒක තාම වැඩ...
මං ඉතින් රේඩියෝව ටිකත් දාලා ඒකේ චැනල් එකක් දාලා ඒකත් අහන ගමන් අස්පස් කරන්න පටන් ගත්තා ..
සුපෙම් සුවදක් අරන්........
මං ආසම ගීතයක් ,,
ඒක රේඩියෝවේ යද්දි මාත් ඒක ඒ තාලෙට කිය කිය අස්පස් කරා.
ආ.... මේ අපේ පුංචි මහත්තයා ගේ නෝනා නේ....?
කව්දෝ මන්දා උළුවස්සට ඔළුව දාලා බලද්දි මාත් එකපාර ගැස්සුනා.
මං සාලේ හිටපු නිසා ම මං ආයේ කව අඩියක් ඉස්සරහට නොතියා අතුගගා ම හිටපු කොස්ස අත තියාගෙන ඒ රැව දිහා බලාගෙන හිටියා.
මං බැලුවේ.. කව්ද මේ මෙච්චර ලස්සනට සිංදු කියන්නේ කියලා .. පාරටත් ඇහෙනවා කටහඬ "
තාමත් මං නම් වුන්නේ නිහඩවයි.
කෝ ?.... මහත්තයා නැද්ද.."
නෑ.... එ/එයා.. ටවුන් එකට ගියා.."
නෝනව දාලා..?
ඔව්...?? ඇයී..? " මං ඇහුවේ චකිතයෙන්.
නෑ නිකන්... බය වෙන්නෙපා නෝනා.. අපිත් මේ ගමෙි මිනිස්සු ... රදීශ් මහත්තයා ලා මේ ගමේ උන්දැලා තමයි දැන් ඔය ලොකු ලොකු වාහන අරගෙන ගමෙන් පිට ජීවත් වුනාට..."
රැලි රැලි කොන්ඩේ, කොටු කොටු සරම බාගෙට නවාගෙන ,ටී ශර්ට් කෑල්ලකුත් දාගෙන සිගරැට්ටුවකුත් කටේ ගහගෙන කිසි චාරයක් නැ වගේ හිටියත් එච්චර වයසක් නම් පෙනුණේ නැ..
මේ.... නෝනා කොයි පලාතෙද..?
ඒක මොකටද ඉතින් මහත්තයා ට...?" මං ඇහුවේ රැවුමක් පා කරමින්..
ඔන්න ඔන්න ඉතින් .. මට මහත්තයා කියලා කතා කරන්නෙපා නෝනේ... මං ධර්මසේන... දර්මේ අයියා කියලා කතා කරන්නකෝ..."
සිගරැට්ටුව අහකට විසි කරලා තාමත් උළු වස්සට හේත්තුව දාගෙන ඉන්න ඒ හාදයා යන්න නම් උවමනාවක් නැ වගේ හිටියේ ..
නෝනේ....ගෙදර එන මනුස්සයෙක් ට ගෙට කතා කරලා තේ එකක් එහෙම හදලා දුන්නොත් නරකද...?"
හස්බන්ඩි ගෙදර නෑනේ දර්මේ මහත්තයෝ... එයා ඉන්න වෙලාවක එන්න තේ බොන්න... "
මේක අපෙ ගම නෝනා.. අනික පුංචි මහත්තයා දන්නේ අපි අද ඊයේ නෙවෙයි.. ඔන්න තේ එකක් හදලා ගන්න නෝනා... මං නෝනට කිසි කරදරයක් කරන්නෑ බය වෙන්නෙපා.. ඔන්න මං මේ පුටුවේ වාඩි වෙලා ඉන්නේ..."
එහෙම කියලා ඒ රස්තියාදුකාරයා ගෙට ම රිංගලා දොර ලඟින් පුටුවක් තියාගත්තා.
මටත් ඉතින් මළ... ඇයි යකොි මහත්තයා නැ කිව්වම .. තරහවයි බයයි දුකයි ඔක්කොම එක්ක මං දෙගිඩියාවෙන් කුස්සියට ගිහින් වතුරෙකක් උණු කරන්න පටන් ගත්තා ..
මං මොනා වුනත් අවදානෙන් හිටියා.. කෝකටත් කියලා පිටුපස දොරත් ඇරියා..
හොරෙන් හොරෙන් බැලුවත් හාදයා උන් හිටි තැනම හිටි නිසා ම මං ශේප් එකේ ටග්ගාලා තේ ටිකත් හදා ගන්න උත්සාහ කරා.
ලිපත් බාගෙට තෙත නිසා වතුර උණු කරන්නත් වෙලාවක් ගියා..
උඩින් පල්ලෙන ම තේ එක හදාගෙන මං ගිහින් දුන්නා.
දැන් රෑ වෙන්නත් ලඟයි.. දැන් වත් තේ එක බීලා යනවද ... මහත්තයා ආවොත් ප්‍රශ්නයක් වෙයි... අනික ගමෙි මිනිස්සු වුනත් මොනා හිතයිද... නේද..."
නෝනා බය වෙන්නැතුව ඉන්න මං බලා ගන්නම්.... "
ඊළඟ කොටසට 💌💌
~ishi tharuu