Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Choanoflagellates � level_badge

Choanoflagellates

Member

Jun 29 2024 @ 14:11

අදුරු රාත්‍රිය - 1



මෙය සත්‍ය කතාවක් ඇසුරින් ලියන ලද්දක් වන අතර වින්දිතයාගේ අනන්‍යාවය හෙළි නොකිරීම වෙනුවෙන් මෙහි එන නම් සහ සරසවියේ ඇතැම් සිද්ධි පමනක් ව්‍යාජ වේ.


මම වෛද්‍ය ශිෂ්‍යයෙක්. දරුවන් දෙදෙනෙකු ගෙන් යුතු පවුලේ වැඩිමල් පුතා මම වූ අතැර මට සිටින්නේ නැගණියක්. අපි ජීවත් ව හිටියේ කොලඹ ට ආසන්න ම ප්‍රදේශයක වූ අතර කොලඹ වූ එ කලබලකාරී පරිසරයෙන් මිදීමටත් අපේ මානසික නිදහසටත් අපේ පවුලේ සැම අපිට විවේක කාළයක් ලැබුණු විට අපි වනගත පන්සලකට යන්න පුරුදුව හිටියා. අපි ගොඩක් පොඩි කාලේ ඉඳලම අම්මා තාත්තා එක්ක යනවා. ඔහොම යනකොට තාත්තගෙ University එකේ යාලුවෙක් එයාගෙ පවුලත් එක්කම අපි එක්ක යන්න එනවා... අනෙක් අතට අපි යන්න වූ පන්සලේ නායක හාමුදුරුවෝන්ගේ ගෝල නම එනම් දැන් මේ පන්සලේ සියල්ල බලා කරන ස්වාමින් වහන්ස අපේ තාත්තලා එක්ක එකට University එකේ ඉගෙනගත්ත ස්වාමින් වහන්ස නමක්. ඉතින් මේ නිසාම අපේ මේ ගමන තවත් සැහැල්ලු සහ සුමට උනා... අපි ඉතින් ගියාම දවස් කිහිපයක් නැවතිලා ඉඳලා එනවා...

ඔහොම කාළය ගෙවිලා යද්දී අම්මගෙ යෝජනාව උනේ වෙසක් පෝයට පන්සලේ සිල් සමාදන් වෙන අයට අපි ධනයක් දෙමු කියලා. ඉතින් මේ කතාව අපේ තාත්තගෙ මිතුරා වූ බස්නායක අංකල් ටත් කියලා අපේ පවුල් දෙක එකතුවෙලා ඔන්න ධානය දෙන්න කටයුතු කලා... ඉතින් මේ වැඩේ එක දවසක දීලා ඉවර කරන වැඩක් උනත් දෙන අපිට අඩුම දවස් කිහිපයක් ම සුදානම් වෙන්න දේවල් තියෙනව නෙ... මේ නිසාම අපි ඉතින් සතියකට කලින් ගිහින් නැවතිලා දේවල් සුදානම් කරන්න තියා ගත්තා.

ඉතින් මේ විදිහට සුදානම් වෙලා උදේ ධානය සහ දවල් ධානය දෙකම දෙන්නට වූ අතරම සියල්ල අවසන් කර අස්පස් කරන වැඩ අපි එක්කගෙන ආපු සේවකයන් කිහිප දෙනෙකුට පවරා ඔවුන්ටත් හැකි ලෙස උදවු කර ඉන්නකොට " දහම් හෙට 26 නේද" යනුවෙන් කලබල වූ කාන්තා කට හඩක් ඇසුනා. අහ් එ සමාධි... අපේ බස්නායක අංකල් ගෙ ලොකු දුව... එයත් ඉතින් මගේ වයසේ වගේම අපි දෙන්නම එකම faculty එකේ... කොහොම හරි ඇය මෙලෙස කියනු ඇසුණු මට කල්පනා උනේ හෙට... හෙට අනිවාර්යයෙන් University එකේ ඉන්න ඕනේ නේද කියා විය. මේ නිසාම " අප්පට සිරි." යනුවෙන් කියවමින් ඔලුවේ අත තියා ගත්තෙ මට මෙක කොහොම මතක නැති උනාද කියලා සිතමින්... හප්පා දැන් මොකද කරන්නේ කොහොම හරි යන්න ඕනේ... ඒත් ඉතින් යනවා කියා පොඩි දුරක් ද පේරාදෙණියටම යන්නත් එපැයි... පැය අටක වත් ගමනක් නේ...

මේ සියල්ල මම හිතන අතරේ මන් ළඟ හිටපු සමාධි " දැන් මොකද කරන්නේ මටත් ඒක අමතකම වෙලා ගියා නේ..." යනුවෙන් කියන්නේ ඇයට නැති විසදුම් මගෙන් සොයන්නා වගේ. හ්ම් ඇය කොහොමත් මෙහෙම දෙයක් උනාම නායකත්වය මට දීලා මගේ තිරණ අනූගමනය කරන්න ඉස්සර ඉඳලම පුරුදු වෙලා හිටියා... කොහොම නමුත් දැන් මොකද මම කරන්න ඕනේ... යන්න ඕනේ නම් අද රැ ම යන්න ඕනේ... නැත්තන් ගියත් වැඩක් වෙන්නේ නැහැ...

---------------------------------------

" පුතේ යන්නම ඕනෙද..." යනුවෙන් අම්මා අහන්නේ අපි දැන් මේ සිද්ධිය කිව්වට පස්සෙ මේ ගොම්මන් වෙලාවේ අපි පිටත් වෙන්න හදනවාට අකැමැත්තෙන් වගේ. " ඔව් අම්මේ ඕකට හෙට නොගියොත් මහා වදයක් වෙනවා.." යනුවෙන් මම කියන්නේ අපේ තත්වය පිරිසට තේරුම් කරන්න උත්සහ කරමින් විය. මේ හමුවේ අම්මා සමාධි දිහා බලලා " දුවත් යනවද" යනුවෙන් අහන්නේ මට විතරද යන්න ඕනේ බලන්න වගේ... ඉතින් මෙකට " ඔව් නැන්දේ... හෙට යන්න ඕනේ" යනුවෙන් සමාධි ද කියන්නේ හිස වනමින්. එයා නේ ඉතින් මටත් මතක් කරේ...

" දැන් කොහොමද පුතා යන්න හදන්නේ" යනුවෙන් මේ සියල්ල හමුවේ බස්නායක අංකල් අහන්නේ දැන් නවත්තන්න කතා කරලා වැඩක් නැහැ කියලා තේරුම් ගෙන විය යුතුය. ඉතින් ඔවුන්ගේ ප්‍රශ්නයට" ම්ම්ම්ම් මෙහෙම්මම පේරාදෙණියටම අඳින්න වෙනවා මාමේ" යනුවෙන් මම කිව්වේ දැන් ආයේ කෝච්චි ගානේ යන්න දඟලන්න බැරි නිසා. මගේ මේ පිළිතුර හමුවේ නම් මෙතරම් වෙලා නිහඬව සිටි තාත්තා නළල රැළි කරමින් " ඔය දෙන්නා විතරක් මේ රැ" යනුවෙන් කියන්න උනේ ටිකක් අවුල් වූ හඬකින්. හ්ම් තාත්තා මෙතැන අදහස් කරන්න ඇත්තේ බොහෝ විට පාර ගොඩක් පාළුයි නේ... ඉතින් හොර හතුරෝ එහෙමත් ගොඩක් ඉන්නවා කියලා කියනවා.. අනිත් අතට අපි දැනුවත්ව පාවා දවාලේ ත් මංකොල්ලයක් වෙලා තිබුණා... ඉතින් ඒ ප්‍රශ්න වෙන්න ඇති... නමුත් ඉතින් සමාධි මෙක අරගෙන තිබුනේ වෙන තැනකින් ඉතින් එයා කියන්න තියා ගත්තෙ " අනේ මාමේ මම මීට වඩා රැ වෙලත් මෙයා එක්ක පේරාදෙනියේ ඉඳලා ඇවිල්ලා තියෙනව නෙ" කියා උනේ මාත් එක්ක ඇයට ගමන් යාම කිසිදු ප්‍රශ්නයක් නැති බව අඟවමින් විය..

හහ් හරි... සමාධි සහ මම පොඩි කාලේ ඉඳලම එකට හැදුණු වැඩුණු දෙනෙක් දෙදෙනෙක්... ඒක ඉතින් තාත්තලා ගෙ මිත්‍රත්ව නිසා බොහෝ විට ආරම්භ වෙන්න ඇති කොහොම නමුත් අපි එකම ඉස්කොලේ... එකම පංතියේ... අපි o/l කරේ එකට... A/L වලට පාඩම් කරේ එකට... Class ගියේ... A/L කරේ එකට... ඔක්කොම එකට... ඉතින් මේ නිසාම වෙන්න ඇති සමාධි සැමවිටම මා වෙත නිරපේක්ෂ විශ්වාසයක් තබනවා කියලා මට දැනිලා තියෙනවා...

ඇත්තෙන්ම ඉතින් සමාධි ගෙදරින් මෙච්චර දුර පේරාදෙණිය වගේ University එකක් තෝරා ගන්න හේතුවත් මමම තමයී. මොකද අපේ A/L result ආවම අපි දෙන්නටම A 3 ගානේ තිබුණා... එ results වලට අනුව අපි දෙන්නටම කොළඹ University එකේ medicine යන්න හොඳටම ඇති... ඉතින් සමාධි ට ඕනේ උනේ ගෙදර ඉඳලා යන්න පුළුවන් නිසා කොලඹ විශ්ව විද්‍යාලයේ මෙඩිසින් යන්න... ඉතින් ඇය මටත් ගෙදර ඉඳලා යන්න පුළුවන් නිසා කොළඹ යමු කියලා ඒත්තු ගන්වන්න ගොඩක් උත්සහ කලා... නමුත් ඉතින් මම මුරණ්ඩු ලෙස මම යන්නේ පේරාදෙනියේ medicine කියලා වෙනස් නොවෙන තිරණයක හිටිය නිසාම අවසානයේ සමාධි ද මා පසුපස පේරාදෙණියේ යන්න ආවා...

මේ ඔක්කොම එක්ක ඇත්තටම කොලඹ ගියා නම් හොඳයි කියලා හිතෙන්නේ මේ වගේ වෙලා වලට තමයී...

---------------------------------------

" ස්වාමින් වහන්ස අපි යන්න කියලා" කියමින් මම සමාධි එක්‌කම ගිහින් පොඩි හාමුදුරුවන් ට වැන්දේ යන්න කලින් කියලා යන පුරුද්ද නිසා. මේ හමුවේ " හදිස්සි ගමනක් වෙන්ටෑ" යනුවෙන් පිටුපසින් බොහෝ බර සහ වියපත් හඬා අසුනේ පොඩි හාමුදුරුවෝ අපිට ප්‍රතිචාර දක්වන්න කලින්ම විය. මේ හමුවේ මම හිස ඔසවා බැලුවාම දැක්කේ ලොකු හාමුදුරුවෝ... හ්ම් ලොකු හාමුදුරුවෝ වැඩිය මේ පන්සලේ කටයුතු වලට සහභාගි නොවෙන වෙන් වූ චරිතයත් වූ අතරම එතුමන් වහන්ස දකින්න ලැබෙන්නේත් බොහොම කලාතුරෙකින්. මොකද ස්වාමින් වහන්සේ ගොඩක්ම වනගත වෙලා භාවනා යෝගීව ඉන්න නිසා.

ඉතින් ලොකු හාමුදුරුවෝ දැක්ක අපි එතුමා ටත් වැදලා " එහෙමයි ස්වාමින් වහන්ස හෙට University එකට යන්නම ඕනෙ" යනුවෙන් කිව්වේ පසෙකින් හිට ගන්න ගමන්. මේ හමුවේ අප දෙදෙනා දිහාම බලාගෙන ඉඳලා " හ්ම්... එ දේවලුත් කෙරෙන්න එපෑය..." යනුවෙන් පැවැසීය. නමුත් මම ලාවට දැක්කේ ස්වාමින් වහන්ස ඒක කියන කොට නළල ටිකක් වෙන්න රැළි වෙලා තියෙනව... මෙක ඉතින් මගේ ඇස දැක්ක විඳිය ද දන්නෙත් නැහැ...

ඔය අතරේම ලොකු ස්වාමින් වහන්සේ අපි දෙන්න දිහා යළිත් බලලා " ඔය ඇතතෝ ටිකක් මෙහාට ආවනම් " කියලා කියාගෙන ගියේ එ අසල තිබුණු බුදුපිළිමයක් ළඟට විය. ඉතින් මේ කැදවීම හමුවේ අපි දෙන්නා ද එ අසලට ගිය අතරම ස්වාමින් වහන්සෙ නූලක් ගෙන ගාථා වගයක් කියමින් අපේ අත් වල බඳින්න වූ අතරම එතැන තිබුණු පහනකින් තෙල් ටිකක් ද ගෙන අපේ හිසේ ගාන්නට විය.

" මේ ඇතතෝ යන්න සුදානම් උණු ගමනට මම බාධා කරන්නේ නැහැ... පරිස්සමින් ගිහින් එන්න... යන මග දේවල් ගැන හිත යොදවන්න එපා... " යනුවෙන් පවසා අපිටත් කිසිත් කියන්න නොදී ම යන්නට ගියා.

හ්ම් මේ වෙලාවේ මගේ හිතට ආවේ යම් අමුත්තක්... පිරිත් නූල් ගැට ගසා තෙල් ගෑම තවමත් කම් නැත ඒවා ඉතින් සාමන්‍යයෙන් වෙන් දේවල් නේ... නමුත් මොකද්ද එ කිව්ව දේ. ' යන මග දේවල් ගැන හිත යොදවන්න එපා' අන්න ඒක... මම මෙක හිතන ගමන් සමාධි දිහා බැලුවේ එයා ටත් එක තේරිලා ද බලන්න. හහ් මම බලන කොට එයත් මන් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මමත් මටත් නොතේරුණු බව අඟවමින් හිස වැනු අතරම පසුව ඉතින් යන්න තියෙන ගමන ගැන මතක් වීම නිසා ඔය දේවල් හිතන එක පසෙක දමා එතනින් ආවේ ඉක්මනින් පිටත් උනොත් තවත් රැ වෙන්න කලියෙන් මේ පාළු පාරවල් ටික පහු කරගන්න පුළුවන් නිසා.

---------------------------------------

" පරිස්සමින් යන්න ඕනේ හරිද" " පුතේ නිදිමත නම් අයින් කරලා නිදිය ගන්න" " සමාධි දුවේ ටිකක් බලන්න මෙයා ට නින්ද යයිද දන්නේ නැහැ..." " මම නම් මේ ගමන යනවාට පොඩ්ඩක්වත් කැමැති නැහැ" "ගිහින් call එකක් දෙන්න ඕනේ හරිද"

ඔන්න ඉතින් පිටත් වෙන්න හදද්දි අපේ අයගේ වචන. ඔවුන් ඉතින් සාධාරණයි. මෙච්චර රැ වෙලා මෙහෙම ගමනක් යන එක හරි නැහැ තමයි නමුත් ඉතින් දැන් මොනවා කරන්නද දින අමතක උනා නේ...

අපි ඉතින් යන්න ලෑස්ති උනේ අපේ van එකේ. කොහොමත් ඉතින් එකයි බස්නායක අංකල් ලා ඇවිල්ලා තිබුණේත් එයාලගෙ van එකේ ඉතින් මම අපේ එකේ යන්න තෝරා ගත්තෙ මට හුරු එක සහ මොනවා උනත් තමන්ගේ එකේ යන කොට හිතට fit එකක් තියෙන නිසා. ඔක්කොම ලෑස්ති කරගෙන මම නිකමට බැලුවේ මගේ licence එක තියෙනව ද කියලා...

ආණ්ඩුවට පින්සිද්ද වෙන්න ඉතින් අපිට licence කියලා හම්බු වෙලා තියෙන්නේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් පොඩි card නෙමෙයි නේ කෙලින්ම A4 size කොළ... ඉතින් ඕක laminate කරලා රෝල් කරලා van එකේ ඉස්සරහ ලාච්චුවේ දාලා තියෙන්නේ... නමුත් මම ඒක බලද්දී එතැන නැහැ.. මේ හමුවේ මම අම්මා ගෙන් ඇහුවේ " අම්මේ ඔයා licence එක අරගෙන තිබ්බ ද" යනුවෙනි. මොකද ඉතින් එද්දි මට හොඳටම මතකයි ඕක මම දාගත්තා කියලා. මේ හමුවේ අම්මා " නැහැ පුතේ ඔය ලාච්චු වෙ නේ" යනුවෙන් කියමින් බලන්න පැමිණි අතරම අන්තිමට මුළු van එකම සහ අපේ bag පාවා හෙව්වත් මට licence එක හොයාගන්න ලැබුණේ නැහැ... අනික් අතට ඒක වෙන කෙනෙක් ගත්තා කියලා හිතන්න අමාරුයි මොකද van එකේ යතුර ඊයේ ඉඳලම තිබුණේ මගේ ළඟ. ඉතින් lock කරලා තිබුණු van එකෙන් ඕක විතරක් නැති වෙන්න බැහැ නේ...

ඔහොම වෙද්දී සමාධි කිව්වේ " මම අරගෙන යන්නම්..." යනුවෙනි. හ්ම් ඇයටත් licence නම් තිබුණා... හැබයි ඉතින් එයාගෙ license ගැන මම හොඳටම දන්නවා නේ... මාත් එක්කම නේ licence ගත්තෙ... ඔච්චර දුර ගෙනියන්න දුන්නොත්... විශේෂයෙන් අර වංගු එක්ක කදූ පාරේ... හෙහ් අපි ට ඉන්න වෙන්නේ කදු බෑවුමක තමයී... ඉතින් ඕවා හිතට ආවත් මම ඒවා නොකියා කිව්වේ " එච්චර දුර ඔයාට තනියෙන් ගෙනියන්න බැහැ" යනුවෙනි. ඉතින් මගේ මේ කතාව එක්ක ඇය යළිත් තර්ක කරන්න ආවේ නැහැ... එයත් ඉතින් එයාගෙ driving ගැන දන්නවා නේ... එ නිසා වෙන්න ඇති.

කොහොම කොහොම හරි මගේ licence එකත් නැති වෙලා... අනිත් අතට සමාධි ව නම් sure නැහැ ඔහොම පාරවල් වල යවන්න... ඉතින් අපිට යන්න වෙන්නේ නැති තත්වයක් එද්දි අවසානයේ " දැන් පුතාලා ට යන්නත් එපැයි... එහෙනම් මෙහෙම කරමු මම පුතාලා ව එක්කගෙන යන්නම්..." යනුවෙන් කියන්න උනේ බස්නායක අංකල් විය.

මෙය ඇසූ තාත්තා ද කෙලින්ම ඒකට එකඟවූ අතරම බස්නායක අංකල් අපි සමග යන එක හොඳ බව අනිත් අයත් කිසිම විරෝධයක් නැතුවම එකඟ උනා... ඉතින් මේ හමුවේ මට වත් සමාධි ට වත් විරුද්ධතා තිබුණේ නැහැ... මොකද ඉතින් අපි යන්න හැදුවේ හොර ගමනක් නෙමෙයි නේ... ඉතින් කොහොම හරි අපිට University එකට යන්න තිබුණා නම් අපේ ප්‍රශ්නෙ ඉවරයි.

---------------------------------------

" අනේ මට පිටිපස්සේ තනියෙන් යන්න භයයි" කියමින් සමාධි ද ඉස්සරහ සීට් එකට නැග්ගේ මාවත් පසෙකට තල්ලු කරමින් මගේ සහ බස්නායක අන්කල් ගෙ මැද්දට. ම්ම්ම් අපේ van එකේ ඉස්සර driver සිට් එකට අමතරව තව දෙන්නෙක්ට යන්න ෂීට් තිබුණා. ඉතින් මෙයාගේ මේ වැඩෙන් හොඳ සැප පහසුවට යන්න තිබුණු අවස්ථාව නැති උනත් ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්... ඉතින් කොහොම හරි license හොයන්න ගිහින් ඇති උනු ප්‍රමාදයන් නිසා සහ ඒක එක කරුණු නිසා හවස 6.30 ට විතර යන්න සුදානම් උණු ගමන අපිට යන්න ලැබුණේ රාත්‍රී 8 ට විතර. නමුත් ඉතින් දැන් බස්නායක අංකල් අපි එක්ක යන නිසා කවුරුත් මුකුත් කිව්වෙත් නැහැ. ඉතින් ඔන්න අපි පිටත් උනා.

පන්සලත් තාර පාරත් යා කරන බොරළු පාරේ අපි ඉදිරියට ගියේ බොහොම හෙමින්. මොකද ඉතින් කිසි දිනක තාර කියන දෙයක් නොදැක තිබුණු මේ පාරේ වතුර ගලාගෙන යාම නිසා ඇති උනු විශාල වලවල් සමග හොඳින් එළිය ඇති දවල් ට පාවා යන්න ගොඩක් අමාරු යි. ඉතින් ආලෝකය ද අඩු රාත්‍රිය ගැන කවර කතාද. අපි ඉතින් පුළුවන් තරං පරිස්සමින් සහ පාරේ යා හැකි උපරිම වේගයෙන් මේ ටික පසු කරගෙන යන්නට උනේ තවත් පැය දෙකක් පමණ මේ පාරට ගත කරමිනි.

එම පාර පසු කර ප්‍රධාන පාරට දමා ගත් බස්නායක අංකල් ලොකු සුසුමක් හෙළුවේ " ලොකු ඔලුවේ කැක්කුමක් ඉවරයි" කියන ගමන් විය. ඇත්තෙන්ම ඔහු හරි. මොකද මේ පාරේ දෙපැත්තේ තියෙන්නේ මහා ඝන වනය විතරමයි. අඩුම පේන තෙක් මානයක light එකක් වත් නැහැ... අපේ වාහනය යනවා නම් අපේ එළිය විතරයි... පාරත් සවුත්තු නිසා හරියට යන්නත් බැහැ... ඉතින් මේ වගේ තැනකදී මොකෙක් හරි පිහියක් දික් කරොත්... හහ් එක.... විශාල අවාසනාවක් තමයී... අනික් අතට මේ කැලේ ඉන්න වන සතුන්... ඕවා ඔක්කොම ගත්තම... ඇත්තෙන්ම මේ පාර විශාල හිසරදයක් තමයී.

තාර පාරට දාගත් අපි... ආහ් මෙක තාර පාරක් කිව්වට carpet පාරක්... ඉතින් බස්නායක අංකල් පාරේ සාමන්‍ය වේගය එක්ක එන්න තියා ගත්තෙ අපි අර බොරළු පාරෙන් එළියට ආවත් තාමත් ඉතින් මේ දෙපස තියෙන විශාල කැලය නිමක් නැති නිසාවෙනි. නමුත් ඔහු ගොඩක් වැඩි වේගය ගන්න ගියේ නැහැ. බොහෝ විට මේ පාරවල් වල සත්තු හරියට එහෙට මෙහෙට යන නිසාත් ... කරුවල නිසා වැඩි වේගයක් විශ්වාස නැති නිසාත් වෙන්න ඇති... ඔහොම අපි පැය බාගයක් විතර ඉදිරියට ඇදුණත් ඉඳහිට දක්නට ලැබෙන පාරේ ආලෝක පහන් හැර අපිට වෙන කිසිම දෙයක් දකින්න නැහැ. අඩුම ගෙයක් දොරක් තබා මනුස්ස වාසයක් ඇති කිසිම දෙයක් නැහැ. තියෙන එකම දෙය නම් තෝරා තෝංචියක් නැතිව ශබ්ද කරන රැහැයියන්ගේ හඬ විතරයි.

මේ දේවල් හමුවේ මට හිතුනේ " දවල්ට යද්දීත් මේ පාර පාළු එකේ මේ රැ කවුද මෙහෙම යන්නේ..." කියලා. මම ඉතින් ඕවා හිතනකොට මට දැනුනේ කවුරු හරි මගේ උරහිසට ඔලුව තියාගෙන ඉන්නවා කියලා. ඉතින් බැලින්නම් මෙන්න සමාධියා මගේ උරහිසට ඔලුව තියාගෙන හොඳට නිදි. මරු හැබයි... අපිව ඇහැරලා තියන්න කතා කරපු කෙනා ගමන පටන් ගෙන පැය දෙකක් තුනක් යද්දි නිදි.

" පේරාදෙණියට යනකම් නින්ද නොයන්න කතා කරන්න බාර ගත්ත කෙනා නේද මේ..." යනුවෙන් බස්නායක අංකල් අහන්නේ මගේ උරහිසට හේතු වෙලා හොදට නිදියන් ඉන්න සමාධි දිහා බලාගෙන... " ඒක තමයී මමත් බැලුවේ... හොඳටම නිදි නේ" යනුවෙන් මම කිව්වේ ඇය මගේ උරහිසට ඔලුව තියාගෙන නිදියන එකට බස්නායක අංකල් කිසිත් නොකියන බව දන්නා නිසාම විය. ම්ම්ම් ඇත්තෙන්ම බස්නායක අංකල් සහ අපේ තාත්තා, සමාධි ගෙ සහ මගේ මේ සමිප ක්‍රියා වලට කිසි දිනෙක විරුද්ධ ව හෝ පක්ෂව දෙයක් කියා නැති අතරම ඇතැම් අවස්ථා වලදී නම් මම සමාධි එක්ක මෙහෙම කුළුපග ලෙස ඉන්නවට බස්නායක අංකල් ගේ කැමැත්තක් ඇති බව පාවා මට දැනිලා තිබුණා...

ඉතින් ඇයට එහෙම් නිදියන්න ඉඩ දීලා මම බස්නායක අංකල් එක්ක කතාවක් දාගෙන ආවේ දැන් 11 ත් පහුවෙලා නිසා ඊයේ පෙරේදා එක දිගට මෙහෙ දානේ වැඩ වලට මහන්සි වෙලා වැඩ කරපු එයාටත් නිදිමත එන්න පුළුවන් නිසා. අපි දෙන්නගෙ කතාවේ මාතෘකාව උනෙත් ධානේ ගැනම තමයී... ඔහොම කතාවෙන් කතාවෙන් යද්දී එක පාරට ම බස්නායක අංකල් " අයියෝ" කියලා කෑ ගහගෙන break ගැහුවා... හ්ම් එක break ගැහුවා නෙමෙයි break paddle එක උඩ හිට ගත්තා කියලා කියමුකො... මේ හමුවේ ඉතින් අපිවත් ඉස්සරහට විසි කරගෙන 60km/h වලට විතර ආපු වාහනේ "ක්‍රිංං" හඩ නංවමින් තවත් අඩි 5 ක් 10 ක් විතර ගිහින් නැවතුනා...

" ඇයි... ඇයි... මේ... " යනුවෙන් මට කලින් ම සමාධි අහන්න තියා ගත්තෙ සැප නින්දේ ඉඳලා break පාර හමුවේ ඉස්සරහට විසි වෙලා ගැස්සී ඇහැරුනු shock ඒකෙන්ම විය. මේ හමුවේ තවමත් අත් පා වෙව්ලමින් සිටින බස්නායක අංකල් කියන්නේ " කාවහරි... කාවහරි හැප්පුණා" යනුවෙනි. මෙක ඇසූ සමාධි නම් මොනවා හිතුවද දන්නේ නැහැ... නමුත් මම නම් තනිකර ම අවුල් උනා... මොකද ඉතින් මම බස්නායක අංකල් එක්ක කතාව දාගෙන ආවත් පාර ගැන හොඳ කල්පනාවෙන් ආවේ. මොකද මගේ ඔලුවේ තිබුණා මේ පාරේ සත්තු පනිනවා කියලා... ඉතින් ඒ නිසා හොඳ අවධානයකින් ආවා එහෙම පනිනවා දැක්කොත් කියන්න බලාගෙනම... ඉතින් එහෙම තිබෙද්දී මේ මනුස්සයා දැන් කියනවා වාහනේ ට මනුස්සයෙක් හැප්පුණා කියලා...