Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Choanoflagellates � level_badge

Choanoflagellates

Member

Jun 30 2024 @ 14:22

අදුරු රාත්‍රිය - 2



ඒක නම් කියටවත් වෙන්න බැහැ... යනුවෙන් මට හිතුනේ මනුස්සයෙක් තියා අඩුම සතෙක් වත් මේ හරියේ ඉන්න මම දැක්කේ නැති නිසා. මේ නිසාම මම ඇහුවේ " මාමා හරියටම දැක්කද " යනුවෙන්. මේ හමුවේ " දේවියනේ...  මම... මම හිතල කරේ නැහැ... එ මනුස්සයා හැප්පිල යට උනා... " යනුවෙන් දැන් බස්නායක අංකල් කියවන්නේ විශාල කම්පනයක් ඇතිව විය... මේ සියල්ල අස්සේ මට දැනෙන්නේ සමාධි මගේ අත තදින් අල්ලාගෙන සිටින බවයි.... ම්ම්ම් ඇයත් මේ දේවල් එක්ක විශාල කම්පනයකට මුහුන දෙන බව පෙනුණි... ඇත්තෙන්ම මේ ඔක්කොම එක්ක මටත් ලොකු shock එකක් ආවා නමුත් අර පෙර ඉඳලම කවුරුත් හැප්පෙනවා දැක්කේ නැති නිසා දෝ මන්දා මගේ ඔලුවේ තිබ්බ හැප්පුණේ නැහැ කියන සිතුවිල්ල නිසාම මට සිතෙන්න ගත්තෙ පැයට කිලෝමීටර් 60 කට විතර එන වාහනයක ඉස්සරහින් මනුස්සයෙක් වැදිලා... එ මනුස්සයා යට වෙන්න පුළුවන්ද... විසි වෙලා යන එක නේද වෙන්න ඕනේ... අනික මනුස්සයෙක් නෙමෙයි මනුස්සයෙක් ට වඩා පොඩි සතෙක් වාහනයට යට උනත් වාහනය ඇතුලේ ඉන්න අපිට ඒක දැනෙනවා නේ... නමුත් මේ කියන වෙලාවේ අපිට කිසිම දෙයක් දැනුනේ නැහැ.... නේ යන්න විය.

ඔය අස්සේ යළිත් හිතට ආවේ යට උනාම නම්... හැප්පිල යට උනත් දැන් යට උණු තැන ඉඳලා break ගහගෙන අපි අඩි 10 කට කිට්ටු වෙන්න ඇවිල්ලා නේ... එහෙම නම් හැප්පුණ එකා පිටිපස්සෙන් පේන්න ඉන්න එපැයි... යනුවෙන් විය. මෙක මගේ හිතට ආ නිසාම මම සැනෙකින් හිස හරවා පිටිපස බැලුවේ කව්රුන් හෝ පාරේ වැටිලා ඉන්නවද කියා විය...

ඒත් මොකෙක් වත් පේන්න නැහැ... ඒ කියන්නේ හැප්පුණ කෙනා වාහනයේ යට පැටලිලා වත් ද... හ්ම් මෙක හිතෙන කොට නම් ඇගේ මයිල් පාවා කෙලින් උනා... ඉතින් මම ටිකක් වෙලා කල්පනා කරලා හිතා ගත්තෙ බැහැලා වාහනේ යට බලනවා කියලා... මොකද ඉතින් ඇත්තෙන්ම එහෙම යට පැටලිලා නම් අපි එ මනුස්සයාව එළියට අරන් පුළුවන් තරම් ඉක්මනට hospital එකකට අරගෙන යන්න එපැයි... ම්ම්ම්ම් මම මෙහෙම හිතුවත් මට වාහනේ යට බලන්න හිතුනා ප්‍රධානම හේතුව මගේ හිත හැමතිස්සෙම කියපු දේ නිසා තමයි. එනම් මොකෙක් වත් හැප්පුණේ නැහැ කියන එක... ඇත්තෙන්ම මගේ හිත දිගින් දිගටම කියන්නේ හැප්පුණේ නැහැ කියලම තමයී...

මම දැන් බැහැලා බලනව කියල තීරනයක් ගත්ත නිසා තවත් ප්‍රමාද නොකරම බැහැලා බලන්න සුදානම් උනේ ෂීට් belt එකත් ගලවලා... මේ හමුවේ මම කරන්න යන දේ තේරුම් ගත් සමාධි " අනේ බහින්න එපා" කියමින් මගේ අත බදා ගත්තෙ මට යන්න නොදෙමින්. ආහ් සමාධි නම් දැන් හොඳටම භය වෙලා. අඩුම අපි දෙන්නගෙන් කඳවුරු වත්ම එළියට බහිනවා ට වත් කැමැති නැහැ. නමුත් ඉතින් දැන් මෙකේ අපි අවසානයක් දකින්න එපැයි... උදේ වෙනකන් මෙතැන ඉන්නත් බැහැ නේ... මේ නිසාම මම ඇයට තට්ටුවක් දමා ටිකක් සන්සුන් කර කොහොම හරි van ඒකෙන් එළියට බැහැ ගත්තෙ Phone එකේ touch එකත් දාගෙන විය.

Van එකෙන් එලියට බැස්ස මට phone එකේ touch එළියෙන් වැඩි දුරක් පේන්නේ නැහැ ඉතින් නමුත් මම වටේට අල්ල අල්ල බැලුවේ ළඟ පාත මොනවද තියෙන්නෙ කියල. ඔය අතරම මට van එකෙන් බැස්ස වෙලාවේ ඉඳලම  මට දැනෙන්නේ මහා අත්භූත බවක්... අමුතුම ආකාරයේ අස්වභාවික නිහැඬියාවක්... හරි අපි එන මග දිගට කෑ ගහන්න තියාගත්ත රැහැයියන් පාවා දැන් නිහඬ බව මට මොහොතක් යද්දී ම තේරුණා... මේ හමුවේ මගේ යටි හිත දිගටම කියන්න ගත්තෙ හැකි ඉක්මණින් මෙතැනින් යන්න වගේ දෙයක්... නමුත් ඉතින් බැස්ස එකේ වාහනේ යටත් බලලම යනවා කියලා හිතපු මම  වාහනේ යටට touch එක ගැහුවා. මේ හමුවේ මට දකින්න ලැබුනේ...ආහ් හරි... මගේ නිගමනය හරි... මොකෙක් වත් යට නැහැ...

මේ දේ තහවුරු විමත් එක්කම මට තව ටිකක් වටේ බලන්න ඕනේ උනා... නමුත් අපි අවට පරිසරය වසාගෙන තිබුණු අමුතු මූසල මළ නිහැඩියාවත් මගේ යටි හිත දිගින් දිගටම මෙතැනින් යන්න බලපෑම් කරන නිසාත් මම van එකට නැග්ගේ " මොකෙක් වත් නැහැ මාමේ..." යන්න කියමින්. ඉතින් මම van එකට නැගල දොර වහනවා දුටු සමාධි හැකි ඉක්මනින් දොරේ lock එකත් දැම්මා...

" කෙනෙක් හැප්පෙනවා මම හොඳටම දැක්ක පුතේ..." යනුවෙන් දැන් බස්නායක අංකල් කියන්නේ මද වේලාවක් ගතවීම නිසා පෙර කම්පනයෙන් යම් තරමකට මිදී විය." මොකෙක් හරි පියාඹන සතෙක් ගියාද දන්නෙ නැහැ නේද..." යනුවෙන් මම කිව්වේ මට මෙකට දෙන්න වෙන උත්තර නොවූ නිසාවෙන් විය. මේ හමුවේ මඳක් අපහැදිලි උනත් දැන් හැප්පුණ කෙනෙකුත් නැති නිසාම බස්නායක අංකල් ද යළිත් van එක ඉදිරියට ගෙන යන්න ගත්තෙ මේ සිදුවිම මඳකට පසෙකින් තබා විය.

ඔහොම අපි තවත් වැඩිම පැය බාගයක් ඉස්සරහට යන්න ඇති. ඔන්න බස්නායක අංකල් යළිත් එක වරම van එක එහෙට මෙහෙට කරකවා යාන්තම් පාරේ තියාගෙන එක වරම බනින්න තියා ගත්තෙ කාගෙ හරි අම්මා මතක් කරලා... නමුත් ඔහු බනින්නේ කාටද... මෙතැන ඉන්නේ අපි තුන්දෙනා විතරයි නේ... ඉතින් මේ...

" කාටද තාත්තේ ඔය බනින්නේ" යනුවෙන් සමාධි ඇහුවෙ මටත් තිබු ප්‍රශ්නයම විය. මේ හමුවේ ඔන්න බස්නායක අංකල් කියාපි " ඇයි දැක්කේ නැද්ද අර හරකෙක් වගේ පාර පනින්න හැදුවේ එකෙක්" යනුවෙන්. මෙක ඇසුණු මට " මොකා" යනුවෙන් කියවුනේ මම මෙවර පෙරටත් වඩා හොඳින් බලාගෙන ආවා නමුත් මොකෙක් වත් හිටියේ නැහැ නේ... මගේ වචනෙ ඇසුණු බස්නායක අංකල් " ඔව් පුතේ දැක්කේ නැද්ද..." යනුවෙන් කියන්න තියා ගත්තෙ යළිත් එ පනින්න හදපු එකා ට බනිමින්. මේ හමුවේ මම සමාධි දිහා බැලුවේ එයා වත් දැකල ද බලන්න. නමුත් එයත් දැක්කේ නැහැ කියලා හිස වනන්න තියා ගත්තෙ බොහෝ විමතියට පත් බැල්මකින් විය. මෙක ඉතින් දැන් ඉන්න තත්වය උඩ බස්නායක අංකල් ට හිතුනේ නැතුව ඇති නමුත් මට දැන් ඔලුවට එන්නෙ මේ මහ රෑ මේ කැලේ මැද්දේ මොන මිනිස්සු ද කියලා

ම්ම්ම් මෙක මේ මොන විකාරයක් ද... අපි දෙන්නට පේන්නේ නැහැ... බස්නායක අංකල් ට පේනවා... මෙක වෙන වෙලාවක වගේ නම් හිතන්න තිබුණා විහිලුවක් කියලා. නමුත් දැන් ඔහුගෙ මේ වචන... හැසිරීම... ස්වරය ඔක්කොම එක්ක මෙක නම් ඔහුගෙ විහිලුවක් නොවෙයි කියලා අපිට හිතනවා හැරෙන්න වෙන දෙයක් නැහැ.  නමුත් ඉතින් මෙක මොකද්ද...  ඊයේ පෙරේදා දවස් වල විඩාව නිසා නිදිමත එක්ක මෙයා ට illusions වත් පේනවා ද... ඒත් ඉතින් ඒකත් එක පාරක් නම් කමක් නැහැ මේ දිගින් දිගටම... මෙතැන අවුලක් තියෙනව...

" මාමේ මේ පාළු පාරේ පොලිසිය නැහැ නේ... එ නිසා මම ටිකක් ගෙනියන්නම්... මාමා ටිකක් පිටිපස්සට ගිහින් නිදා ගන්න" යනුවෙන් මම කියන්න උනේ දිගින් දිගටම මේ වෙන දේවල් එක්ක බස්නායක අංකල් ද ටිකක් අවුල් වෙලා කියලා තේරුණු නිසාමයි. මේ හමුවේ " ඔව් තාත්තේ... තාත්තා ටිකක් නිදියගන්න... මම දහම් එක්ක ඉන්නම්" යනුවෙන් සමාධි ද මගේ වචන වලට සහය වූ අතරම මද කතා බහකින් පස්සේ බස්නායක අංකල් ද එකඟ උනේ ඔහුටත් මේ වෙන දේවල් එක්ක මනස අවුල් වෙලා තිබ්බ නිසා විය යුතුය. ඉතින් අපි පාරේ ආලෝක පහනක් ළඟ වාහනය නවත්තලා ආසන මාරු කර ගත්තෙ මම රියදුරු අසුනට සහ බස්නායක අංකල් van එකේ පිටිපස ආසනයකට විය.

හ්ම් එවෙලේ වගේමයි. පරිසරය හරිම නිහඬයි. අඩුම තරමේ ඉඳහිට වත් සතෙකුගේ හඩක් නැහැ. ඉටත් වඩා මේ සීතල... මේ ඔක්කොම එක්ක මට දැනුනේ කවුරු හරි අපි දිහා බලාගෙන ඉන්නවා වගේ. මම දන්නේ නැහැ එ ඇයි කියන්න... මම දැක්කෙත් නැහැ කවුරුත් ම නමුත් මට දිගින් දිගටම දැනුනේ කව්රුන් හෝ බලාගෙන ඉන්නවා වගේ. ඒක අමුතුම සංජානනයක්... මේ හැගීම නිසාම මම හැකි ඉක්මනින් වාහනය ඉදිරියට ධාවනය කරන්න ගත්තෙ පුළුවන් තරං ඉක්මනින් මේ පාළු පාරෙන් ඉවතට පැනගන්න හිතාගෙන.

නමුත් මට දැන් තේරෙන්නේ වාහනමුත් මට දැන් තේරෙන්නේ වාහනය ඕනවට වඩා මම accelerate කරනවා කියලා... ආහ් නැහැ...  මට acceleration අඩු කරගෙන එ වේගයන් යන්න 4th gear එකට ශිෆ්ට් වෙන්න බැහැ.... 3rd එකෙන් 4th එකට ශිෆ්ට් උන ගමන් van එකේ engine එක ගැහෙන්න ගන්නවා...  ඒක... ඒක හරියට වාහනයට ලොකු බරක් පටවලා වගේ... ඔව් එ වගේ තමයී. මෙක මගේ හිතලුවක් වෙන්න බැහැ. මොකද මේ අපේ van එක... මම මෙකෙන්ම තමයි driving licence ගන්න පාවා පුරුදු උනෙත්... Licence ගත්ත දවසේ ඉඳලා වැඩියෙන්ම පැදපු වාහනයත් මෙක තමයී. ඉතින් මට මෙච්චර හුරු van එකේ මේ වගේ වෙනසක් මගේ හිතලුවක් වෙන්න බැහැ. නමුත් ඉතින් ඉන්නේ අපි තුන්දෙනා විතර නේ... අනික මම මේ van එක full දාලා පාවා පැදලා තියෙනව... එ කියන්නේ 13 ක් එක්ක... ඒත් මෙච්චර බර බවක් අමාරු බවක් මට දැනිලා නැහැ...

මේ දේවල් කොහොම හිතට ආවත් මම හිතා ගත්තෙ මොන මගුල උනත් කමක් නැහැ මේ රෙද්දෙ පාරෙන් එළියට ගිහින් මිසක් බලන්න නවත්තන්නේ නැහැ කියලා. ඉතින් මම ආරක්ෂිතව යන්න පුළුවන් උපරිම වේගයෙන් van එක අරගෙන ගියේ පාර දිහා හොඳ අවධානයකින් බලාගෙන. මොකද එවෙලේ බස්නායක අංකල් ට උනා වගේ මටත් නොවෙයි කියලා කව්රුත් ස්ථර කරලා නැහැ නේ...

නමුත් ඇත්තෙන්ම මම van එක ගත්ත වෙලාවේ ඉඳලා එහෙම කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. සතෙක් වත් පාර හරහ පැන්නේ නැහැ... ඉතින් මේ නිසාම මම එකම වේගයෙන් van එක අරගෙන ගියේ ඉක්මනින් ප්‍රධාන පාරට පිවිසෙන බලාපොරොත්තුවෙන්. මෙහෙම එක දිගට ඉස්සරහට යන මට van එකේ light එළියෙන් දකින්න ලැබුනේ ඉස්සරහ පාර හොඳටම කැඩිලා අබලන් වෙලා කියලා... ආයේ ගන්න දෙයක් නැහැ... මෙක දැක්ක ගමන් මට කියවුණේ " මේ මොන මගුලක් ද මේ" කියලා. මොකද ඉතින් පොඩි කාලේ ඉඳලම මේ පාරේ ආවා ගිය මම මේ පාරට carpet අතුරන්න ගල් දාලා තලන දවසේ ඉඳලා මුළු පාරම carpet අතුරා සම්පූර්ණයෙන්ම නිම කරන තුරුම දැකල තිබුණ. ඉතින් මේ එහෙම එකේ මේ පාර මෙච්චර අබලන් උනේ කොහොමද...

එ ඔක්කොම අමතක කරලා දැම්මත් එද්දි හොඳට තිබුණු පාර මේ දවස් පහකින් හයකින් මෙච්චර අබලන් වෙන්න පුළුවන්ද... ඔය අතරේ " යනකොට හොඳට තිබ්බ නේ... කොහොමද මෙච්චර කැඩුනේ..." යනුවෙන් දැන් සමාධි ද කියන්නේ වෙලා තියෙන දේ හිතාගන්න බැරුව. ඇත්තෙන්ම ඉතින් අපි දෙන්නම හොඳටම confuse වෙලා ඉන්නේ...

මේ ආතභූත තත්ත්වය මැද්දේ මම වට පිට බලන්න උනේ මොනවා හරි පේන්න සලකුණක් හොයන්න... හ්ම් මොන සලකුණු ද තිත්ත කරුවල එක්ක මෙලෝ රෙද්දක් පේන්නේ නැහැ. දැන් ඉතින් මොනවා කරන්නද කැඩිලා කියලා නොගිහින් ඉන්න බැහැ නේ.. මෙකට දාන්නම ඕනේ... නැත්නං යන්න බැහැ නේ... ඉතින් පාරට දාන්න හදද්දි මගේ යටි හිත නම් කියන්න උනේ මෙතැන මොකක් හරි වරදක් තියෙනව කියල... මොකද ඉතින් අපි දැන් මේ පාරේ පැය තුනක් විතර ආවා නේ... මමත් වාහනය අරගෙන පැයක් විතර ආවා... හරි නම් මේ වෙද්දි අපි ප්‍රධාන පාරට යන්න එපැයි... සාමන්‍යයෙන් දවල් ට නම් අපිට ප්‍රධාන පාරේ ඉඳලා මෙහෙට එන්න යන්නේ පැය එකහමාරක් විතර... නමුත් මේ රාත්‍රිය නිසා පරක්කු උනා කිව්වත් දැන් පැය තුනක් ඇවිල්ලා නේ... එහෙම ඇවිල්ලත් අපිට හමුවුණේ කැඩිච්ච පාරක්... මෙතැන අවුලක් තියෙන බව හොඳටම ස්ථරයි... ඉතින් මේ නිසාම " සමාධි Google maps එක දාන්නකෝ ටිකක්" යනුවෙන් කිව්වේ පාර වැරදුනාවත්ද කියලා හිතට ආපු සැකය නිසා.

මගේ මේ කීම නිසා සමාධි phone එක අරගෙන map එක දැම්මා... " දෙයියනේ අපි මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ" යනුවෙන් මට කියවුණේ map එක දැක්කම... හහ් අපි මෙච්චර වෙලා යන්න ඕනේ පැත්තට නෙමෙයි තනිකරම අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ... හරියට අපි ගිය පැත්තෙන් අනිත් පැත්තට හරවා ගෙන ආවා වගේ. නමුත් මම හැරෙව්වේ නැහැ නේ... එහෙනම් කොහොමද..." මෙක වෙන්නේ කොහොමද... අපි ඉතින් හැරෙව්වේ නැහැ නේ..." යනුවෙන් සමාධි ද කියන්න තියා ගත්තෙ හොඳටම අවුල් වෙමින්. හ්ම් ඇත්තෙන්ම දැන් නම් අපි දෙන්න හොඳටම අවුල් වෙලා...


මේ අවුල් බව අතරේ අද සිදුවූ සිදුවීම් සියල්ල එක දිගට මගේ හිතට ගලාගෙන ආ අතරම ඒ එකින් එක ගැට ගැහෙන විට නම් ඇත්තෙන්ම සාමන්‍යයෙන් භය නොවන මගේ හිතට ආවේ අමුතුම භයක්... මේ භය එක්කම මම බැලුවේ සමාධි දිහා... හ්ම් එයත් මට දෙවැනි නැහැ... හොඳටම භය වෙලා ඉන්නේ. කොහොමත් කරුවල ට භය ඇය තාමත් කෙලින් සිටින්නේ මගේ සහ බස්නායක අංකල් ගෙ හයිය අරගෙන වෙන්න ඇති... බස්නායක අංකල් දැනටමත් නිදි... එසේම ඔහු දැන් සාමාන්‍ය තත්ත්වයේ නැහැ... ඉතින් දැන් මමත් භය උනොත් සමාධි ට මොකද වෙන්නේ... අපි හැමොටම මොකද වෙන්නේ... ඉතින් මේ නිසාම මට හිතට ආවේ මේ වෙලාවේ මම භය වෙලා බැහැ... මම කොහොම හරි අපිව මෙතනින් අරගෙන යන්න ඕනේ කියලා සිතුවිල්ලක්... මේ නිසාම " අපි යමු." කියාගෙන ම van එක රිවස් කරන්න ගත්තේ හරවන්නට පුළුවන් තැනක් බලල හරවාගෙන යළිත් අපේ ගමන ආරම්භ කරන්න.

-----------------

" එ මොකෙක් ද" යනුවෙන් එක පාරට සමාධි ඇහුවෙ කලුපාට ඡායාවක් වගේ අපේ van එක ඉස්සරහින් ගිය දේ දෙස හැරිලාත් බලමිනි. " කළු බල්ලෙක් නේද " යනුවෙන් මම ඇසුවේ එ ඡායාව අනුව අනුමාන කරමින්. නමුත් ඉතින් මම ඒක හරියටම දැක්කේ නැහැ. ඉතින් මේ හමුවේ සමාධි ද කියන්නේ " එ වගේ නේද" යනුවෙනි. මේ අපි වැරදී පාරේ ගිහින් දැන් වාහනය හරවාගෙන එන අතරතුර විය. සමාධි එය දැක්කේ දැන් උනාට මම ඔවැනිම ඡායාවක් මීට කලිනුත් දැක්කා. එහෙම උනත් මම ඒක එයා ට කිව්වේ නැහැ. ඇත්තෙන්ම මට ඕනෙ උනේ නැහැ භය වෙලා ඉන්න එයාව තවත් භය කරන්න.