
කොටස් තුනක කතාවකි.
________________________
"..... ස/ර්..
" කමීන්..
පුටුව තමාට පිටුපා වාඩි වී සිටි ඔහු එකවර මා දෙසට හැරීය. මා තිගැස්සිණි.
හිමිහිට ඔහු වෙත ආ මා ඔහුගෙ මුහුණ දෙස බලා සිටියේ ද ලැජ්ජා ශිලී ය.
" මොකද හිටිගෙන .. වාඩි වෙන්න..
" තැන්කියු සර්..
" කියන්න.. ආව කාරණය..
" සර් මං ඉන්ටවීව් එකට ආවේ.. සර් මට ස..
" ඕකෙ.. ඩොකියුමන්ට් ඔක්කොම මේසේ උඩින් තියලා තියන්න..
මම දෙ අත් වෙව්ලමින් ෆයිල් එක මේසය මත තැබූහ. ඔහු කිසිත් නොතකා එහි සියල්ලම පරික්ශා කරන්න ට විය.
" ඔයාව ඉන්ටවීව් එකෙන් මං සිලෙක්ට් කරා.. හෙට ඉඳලා වැඩට එන්න ..
සැලරි මන්ත් එක රැපියල් පන්දහසක් පන්සීයක්..
ඔහු මගෙ.මුවට එබී කීහ.
හරි දැන් යන්න .. හෙට ඉඳලා කරන්න ඕන වැඩ ටික ඔයාට රදීශා කියලා දෙයි.
" සර් අයි ම්....
" ඔයාගෙ ටයිම් එක ඉවරයි... යන්න දැන්..
වුන වැරැද්ද ට වත් සමාව ගන්නට ඉඩ නොදි ඔහු මාව එලෙව්වා සේ මට දැනුනි. මා ෆයිල් එක බදා ගෙන මුකුත් හිතා ගන්න බැරැව කල්පනා ලෝකෙක් වැටුණි.
" ආශිකි... ඉන්ටවීව් එක කොහොමද?..
" මං එකෙන් නම් පාස් රදීශා මිස්..
" වාව් කන්ග්රැගුලේශන්ස් ආශිකි..
" තෑන්ක්ස් මිස්.. මං ගිහින් එන්නම් ..
_______________________________________________
මම එතනින් නික්ම ගෙදර ආවේ ය.
" ආ කෙල්ල.. කොහොමද ගිය වැඩේ..
මලානික ව යහනට බර වු මා රෝසි ගෙ වචන වත් අහකට දැම්මාය.
" ඇයි බං.. හරි ගියේ නැද්ද ..
" හරි නම් ගියා..
"අම්මෝ... ඉතින් .. මට නම් සතුටුයි ඒයි..
මොකද බං අවුලෙන් වගෙ.. මාස ගානක් මෙි කට්ට නේ කෑවේ.. දැන් වත් පොඩ්ඩක් සතුටු වෙයං කෝ..
" ඒක නෙවෙයි බං ප්රශ්නෙ.. මට ජොබ් එක හම්බ වුනා තමයි ඒත්..
" ඇයි මේ.. ?
වෙච්ච හැමදේම මම රෝසිට කියන්න වුනා.
" ඒක එච්චර හිතන්නෙපා.. පර්සනල් දේවල් රස්සාවකට ගාවගන්නැති එකෙක් වෙන්නැති.. හෙට ඉඳලා ගිහින් හරියට වැඩ ටික කරපන්කෝ..
" මට පුදුම ඒ මනුස්සයා මට සමාව වත් දෙන්න ඉඩ දුන්නෑ..
" සමාව දෙන්න තරම් මහ වැරැද්දක් උඹ කරලා නැහැනෙ.. ඌ ඒවා අමතක කරලා ඇති.. දැන් ඔුවා හිතන්නැතුව හිටපන් කෝ..
පසු දා මා ලක ලෑස්ති ව ගියේ ඔෆිසයට යි. රදීශා ඇතුලු සැවොම මාව පිළිගත්තා.
" රදීශා ...
" ස්සර්..ගුඩ් මෝර්නිම්
" ගුඩ් මෝර්නිම් .. මේ මොකද මෙතන වෙන්නෙ..
" නැ.. මෙයා නිව් නිසා පොඩ්ඩක් අපෙ අයට අදුන්වලා දුන්නා..
" රදීශා ඒවා වැඩ කරන වෙලාවට තියා ගන්නෙපා.. ඕවා කරගන්න එලියට ගිහින් .. මෙයාට කරන්න තියෙන වැඩ ටික බාර දෙන්න ..
සර් රැවුමක් පා කරමින් ඔෆිස් එකට ගියා..
" රවීන් සර් ඔච්චර සැර නැ ආශිකි.. බය වෙන්නෙපා.. එයා හරි විහිළු කාරයෙක්.. එන්න කෝ ඩාර්ලින් මං ඔයාට ඔයාගෙ තැන පෙන්නනම්..
රදීශා මට මගෙ වැඩ කරන තැන පෙන්නුවා. ඒක තිබුනේ අර නපුරා ඉස්සරහමයි.
කරන්න ඕන වැඩ කොටස රදීශා මට කියලා දුන්නා. මටහොරහින් බැලුවේ අර නපුරත් මේ පැත්තමද බලන් ඉන්නෙ කියලා.. ඔව් හිතුවා හරී.. මං රදීශා ගෙන් කරන්න තියෙන වැඩ ටික අහගෙන ඒ වැඩ ටික කරන්න පටන් ගත්තා ..
හරියට වැඩක් කරගන්න බැරිව මං අසරන වුනා. සමහර යිට අර යකා මාව ඌ ඉස්සරහ ම වාඩි කරව ගත්තෙ මට බනින්නට හේතු හදා ගන්න වෙන්නැති.
මම හොරෙන් ආයෙම ඒකා දිහා බැලුවා. සැරින් සැරේ බැලුවා. එයත් එහෙමයි.. එයා මට අත වනපු නිසා ම මම බයෙන්ම ගියේ එයාගෙ කැබින් එකට.
" මේ අයි කමින් සර්.. ස්සර් මට කතා කලේ..
" කතා කලේද... වැඩ කොහොමද අමාරැයි ද..?
" නැ සර්..
මා මඳක් සිනා සිය.
" අමාරැ නැත්නම් වැඩ නොකර මොකක්ද කරන්නෙ ... වැඩ කරන්න ආව නම් ඒකට ෆොා්කස් කරන්න ..මං බලන් හිටියේ මෙච්චර වෙලා..
" නැ නටන්න ආවේ.. මම මුමුණන්නට විය.
", මොකක්ද කිව්වෙ..?
" මුකුත් නැ සර්..
" ගේනවා ගිහින් ෆයිල් එක..
මම ඉක්මනට මගේ ෆයිල් එක රැගෙන අර හාදයා අභියසට ආවා.
" කෝ කරලා නැ නේ හරියට. මොනවද මෙි කරලා තියෙන්නෙ .. කිසිම ගැලපීමක් නැ..
" සර් මං තාම අලුතින් නේ ..
" අලුත් ද.. ඇයි ඔයා මොන්ටිසොරි ලමයෙක් ද..
ඒ නපුරා ඉක්මනට කෝල් එකක් ගත්තා කාටදෝ..
" හෙලෝ ... රදීශා එනවා මගේ ඔෆිස් එකට..
" සර්.. රදීශා ට බනින්නෙපා.මං වැඩ ටික කරන්නම් හරියට..
" සර්..
" ආ රදීශා .. ඔයා මොකක්ද මෙයාගෙ.නම කිව්වෙ..
", ආශිකී.. සර්
" ආ ආශිකී.. නෙ.. ආශිකිට වැඩ ටික හරියට කියලා දුන්නද..?
" ඔව් සර්..
රදීශා මා දෙස බැලුවේ විමතියෙන් ය.
" අනේ සොරි රදීශා .. මං හරියට වැඩ ටික කරන්න ම් කියලා සර් ට කිව්වා..
" සර් එයාට අදට විතරක් චාන්ස් දෙමු.. තාම අලුතින් නෙ..
" ඕකේ.. දෙන්නම යන්න මෙතනින්.. හරියට වැඩක් කරගන්න බෑ..
එදා දවස මං ගියේ පුදුම අවුලකින්.. ඉස්සරහට කොහොම වැඩ කරගන්නද කියලා හිතා ගන්න බැරැව අසරණ ව ගෙදර ආවා. රොසිට හැමදේම නො හංගන මා හැමදේම ඇයගෙ කන තැබුවේය. ඇය මට කියන්නෙ එක්කෝ නොගිහින් ඉදින් කියලා .. එත් නොගිහින් මොනා කරන්නද.. ?
අවසාන කොටස දිග කොටසක් දෙන්නම්..
නිංමිං..