කොටස් තුනක කතාවකී..
______________________________
".. අනේ මට බෑ රෝසී..
අතේ තිබුන ෆයිල් එකත් පැත්තකට විසි කරපු මා පුටුවකට හිඳ ගත්තේ රෝසී දෙස බලමින්.. ඇඹුල් කරගත්ත මූණ දිහා රෝසි බැලුවේ මගේ මූඩ් එක අවුල් වෙන්න හේතුව ඇය හොඳාකාරවම දන්නා හෙයිනි.
"... ඒ ගිය ගමනත් වැඩක් නැද්ද.. ?
" නෑ බං.. ජොබ් හොයන්න ගියාට හැමදාම වුනේ හිස් අතින් ගෙදර එන්න වුන එක..බලපං මාස කීයක් ද මේ කට්ට.. ඔය ටවුන් එකේ ගියපු ඉන්ටවීව් නැති තරම්. හිතුනොත් ආයෙම ගමේ යනවා..
" ගමේ ගිහින් මොනා කරන්න ද ආශී.. ගෙදරින් ආව ප්‍රපෝසල් එකට අකමැත්තෙනෙ ජොබ් කරන මුවාවෙන් මෙහෙට පැන්නෙ..
" දැන් ඇවිල්ලත් මාස හයක්.. තාම ජොබ් එකක් නැති එකට මං මොනාද එයාලට දෙන උත්තර.. ජොබ් මොකටද කසාද බඳින්න ඔන්න මෙන්න කාලේ කියලා එයාලා ඒ මතේ හිටියේ.. යන්තම් අම්මගෙ කැමැත්තට මම බේරැනේ..
දිගු සුසුමක් හෙළුෑ මා ඔහේ කියවගෙන ගියේ ය.
" හරි හරී.. අපි දිගටම ට්රයි කරමු.. උඹ ඔය ඇඳුම් මාරැ කරන් වරෙන්කෝ..
මඳකට එලියට ගිය මා එහි පැද්දෙන ඔංචිල්ලාවේ අසුන් ගත්හ.
" මම ආශිකි ෆරෙනෑන්ඩෝ.. විසි හතරක යුවතියක් වූ මා ජීවත් වෙන්නෙ නවගම්පුර .. ඉගෙන ගෙන උපාධියක් ගත්තත් තවම ජොබ් එකක් නැති එක නම් මට ඉවසුම් නැ. පවුලේ බාලම කෙල්ල වු මට ඉන්නෙත් එකම අක්කා කෙනෙක් විතරයි . ඇයත් මීට වසර දෙකකට කලින් විවාහා වුනා.
ගෑණු ළමයි ඉක්මනට කසාද බඳින්න ඕන කියලා අපෙ අයට තිබුණ විකාර අදහසක්.. ඒ හින්දම අක්කිවත් ඉක්මනට දීග දුන්නා. වයස නම් විසි හතරක් වුවත් මං කරන්නෙම දහ අටේ වැඩ.. එතකොට රොසි .. ඒ තමයි මගේ හොඳම යෙහෙලිය. එයාගෙ අම්මා තාත්තා දෙන්නම පිටරට නිසා ඇය ඉන්නෙ සර්වන් වුන ඇනී ආන්ටි එක්ක.
රොසි ගෙ ගෙදර ඇවිත් සය මසක් . නමුත් තවම ජොබ් එකක් නැති එකනම් මට හිකට වද දෙන ප්‍රශ්නයක්.
"... ආශී... මම හැමතැනම හෙව්වා.. ආ මේ ටී එක බීලා ඉදින්.. දැන් ටෙන්ශන් ගන්නැතුව රිලැක්ස් එකේ ඉන්න .. අපි බලමු මොකක්ද කරන්න පුළුවන් කියලා ..
" අනේ මන්දා රෝසි.. මම ආයෙ ගමේ ගියොත් අම්මලා මාව දීග දෙයි කියලා තමයි මට බය.. නැත්නම් මම මෙලහකටත් ගිහින් ..
" ටිං ටිං.. ☎
" දන්නැති නම්බර් එකක්.. ආන්සර් කරනවද රෝසි..
" කරලා බලපං ..
ඇමතුමට සම්බන්ධ වු මා කතා කරන්න ට විය.
" හෙලෝ.. කව්ද මේ..
" හෙලෝ .. ආයුබෝවන් මිස්.. අපෙ ආයතනයට මිස් ගෙ.ඩිටෙල්ස් දීලා තියෙනවා සමීක්ෂණයක් සඳහා.. මිස් රැකියාවක් බලාපොරොත්තුවෙන් නේද අපට සම්බන්ධ වුනේ..
" මේ මොන ආයතනයෙන් ද ?..
" මේ.. AVQ ආයතනයෙන්..
" ආ... මං දැන් සතියකට කලින් දාපු එක..
" ඔව් මිස් .. ගොඩක් දෙනෙක්ගෙ ජොබ් ෆොමේශන් තියෙනවා. වන් වීකෙන්ඩ් එකක් මිස් වුනා.. මිස් ව හෙට ඉන්ටවීව් කරනවා අපී.. මිස් ට පුළුවන් ද හෙට එන්න ..
" අනිවාර්යයෙන් එනවා මිස්. තැන්කියු සෝ මච්..
සතුටින් ඉපිලී මම දුරකථන පසෙක තබා රෝසී ව වැළද ගෙන උඩ පැන්නෙ.. රෝසී ටත් වුන දේ සිත ගත නොහැකිවයි.
" ආශී.. මොකද මේ.. මොකක්ද වුනෙ..
" රෝසි මට හෙට ඉන්ටවීව් එකක්.. ඔයාට මතකද මම ගිය වීකෙන්ඩ් වල දාපු ලෙටර් එක.. ඒ වී කියු.. අන්න එකෙන් කතා කලේ..
"වාවි ලකී ගර්ල්.. ඒකනේ මං කිව්වෙ.. ඉවසන්න කියලා .. බලන්න කෝ ඇඹුල් වෙලා තිබ්බ කෙල්ලගෙ.මුනෙ හිනාව..
එදා දවසම ඉවසිල්ලක් නොකොට මා ගෙවා දැම්මේ කාලෙ කන්නා සේ.. ඉක්මනට ලක ලෑස්ති ව ලා රෝස පාට අත් දිගු ශර්ට් එක යට කරපු කළු පැහැති ටයිට් ස්කර්ට් එකට මාව තවත් හැඩ විය.
" ආ... කෙල්ල ලෑස්ති ත් වෙලා.. ලස්සනයි අද නම්..
කණ්ණාඩිය වෙත මුහුණ එබු මා රෝසි ගෙන් මගේ අඩුපාඩු බලන්න ට ඉඩ දුන්හ.
" හෙයාර් එක පෝනියක් දාපං.. ඒක ලස්සනයි උඹට..
කෙටි දුඹුරැ පැහැති කෙස් වැටියට පොනියක් දැමු මා ෆයිල් එකේ තබුණ සර්පිකට් ටිකත් රැගෙනම එලියට පා තැබුවේ රෝසි ට හග් එකක් දී ය.
පරක්කු නොවී ඉක්මනට යන්නට පාරට වැටී මා කෙටි දුරක් පයින් ම ආවේ බසයකට ගොඩ වෙන්නට පෙරැම් පුරමින්.
ගත්ත.ෆයිල් එකත් චෙක් කරමින් මා ගියේ යම් දෙයක් අඩුවක් වේදැයි යන බියෙනි.
දඩාස්..;;
" ඕ මයි ගෝට්..
" අනේ ඔයාට තුවාලද.. ??
හදිසියේ ම මගේ ඇඟේ වැදුන දැඩි දැඩි පිරිමියෙකු ය. ඔහු කණ තබා ආ දුරකථන සාක්කුවේ ඔබා මගෙ විසිරි ඇති කොළ ඇහිදන්නට විය.
" තුවාල....අහන ලස්සන .. පෝන් එක කනෙ ගහගෙන මොන ලෝකෙද යන්නෙ..? බලන්න මගෙ ඩොකියුමන්ට්ස් ඔක්කොම හැමතැනම..
" අයි ම් වෙරි සොරි මිස්..
" සොරී.. වැරැද්ද කියලා සොරි කියන්න හරි ලේසියි නෙ.. මගෙ එක ඩොකියුමන්ට් එකක් හරි නැති වෙලා තිබුණොත් මම තමුන් ගැන බලා ගන්නම්..
මම තරහෙන් ඔහු ට බැන වැදී ඉදිරියට ආවේ ය.
" ඇයි මම සොරි කියලත් ඒ ගර්ල් මට බැන්නෙ.. ඒ මොකක්ද එි වුනෙ..
ඔහු ඈ යනතෙක් ම බලා හිඳින්නට විය.
බසයකට නැග ගත් මා තිබුණු සතුටත් මැකි යද්දී වුන දේ නැවත සිහිපත් කරන්නට විය.
________________________________________________
" ආශිකි ෆ්‍රෙනෑන්ඩෝ..
" යස් මිස්..
" ඔයා ද.. හරි ඕකේ සිට්.. දැන් සර් එයි...
ටික වෙලාවක් ම පුටුවේ හිඳිමින් වුන් මා අහම්බෙන් දුටුවේ උදේ මගෙ ඇඟේ හැප්පුනු මනුස්සයවයි. හිතට ආ කේන්තිය ට ඔහුට ආයෙම බැන වදින්නට යත්ම ඔෆිස් එකේ ලේඩි කෙනෙක් ඉදිරියට ආහ.
" මේ අර බෝයි මෙහේ මොකද කරන්නෙ ..? එයා මේකේ වැඩ කරන කෙනෙක් ද..?
" කව්ද අර බෝයි..
" ඔව්..
" අයියෝ... ඒ අපෙ මැනේජර්.. එයා තමා මේකේ අයිතිකාරයා ..
මට උන් හිටි තැන් අමතක විය. මම ඉබේම පුටුවේ හිඳ ගත්හ
" ගුඩ් මෝර්නිම් සර්..
" ගුඩ් මෝර්නිම් රදීශා..
ඒ හාදයා මං දෙස බැලුවේ විමතියෙන් වත් නොව කිසි නුවමනාවකින් ය.
" සර්.. ඉන්ටවීව් එකට ගොඩක් අය ඇවිත් ඉන්නවා..
" ඕකේ එවන්න..
ඒ යනතුරැත් ඔහු මා දෙස දෑස් හීනි කොට බැලුවාය.
පැය ගණනාවක් හිඳිමින් සිටියදී අහම්බෙන් රදීශා මිස් මා අසලට පැමිණියා.
" මිස් ට ගොඩ වෙලාවක් ඉන්න වුනා නේද.. අපරාදේ මිස් ට මීට කලින් එන්න තිබුනෙ.. සර් කියනවා දැන් ඉන්ටවීව් එක ෆිනිශ් කියලා..
" වට්.. අනෙ ඇයි ඒ.. මං විතරයි නේ..
" අයිම් සොරි මිස්.. මට සර් ගෙ වචනෙට එහායින් යන්න බැහැනේ..
" හරි හරි මට තේරෙනවා.. මම එහෙනම් යන්නම්..
මම වේදනාව හිතේ බරකරගෙනම එලියට ආවා. අපරාදේ ඒ මනුස්සයා ට බැන්නෙ.. මං නිසා අද මටම දුක් විදින්න වුනා..
" මිස්.. මිස්.. ඔහොම ඉන්න .. මිස් සර් ඔයාට කතා කළා.. ඉක්මනට යන්න කැබින් එකට සර්ගෙ..
තෙත් වුන දෑස් පිහලමින් ඉක්මනට රදීශා මිස් පෙනුණු අර හාදයාගෙ.කැබින් එකේ දොර අසලට මා පැමිණියා..
හිත ශක්තිමත් කරගෙන හුස්ම හිර කරගෙන මා ඔහුට කතා කළා..
" එ/ක්/ස්/සි/යු/ස්/මී ස්සර්...