°|° දඩබ්බර ආදරේ ❤️🔥 °|°
_____________________
45th Episode ❤️🔥🥀
____|||
පැය තුනක් විතර ටීවි එකෙ ගියපු විජෙයිගෙ ෆිල්ම් එක බලපු මං ටීවි එක ඕෆ් කලෙ අරකි මහා සද්දෙන් බෙරිහන් දෙද්දි...
මේකි මේ ගෙදර කියලා හිතන් ඉන්නවද දන්නෙ නැ මෙහෙම බෙරිහන් දෙන්න.
.. මොකද හු* කෑගහන්නෙ.කට වහපන් කන පලාගන්නැතුව ..කියලා කියපු මං දකුනු අත ඒකිට ගහන්න ඉස්සුවෙ ඒකි මටත් රවලා ඒ පුටුව පස්සට ඇදන් ගිහින් අහක බලන් ඉදගද්දි...
ටීවි එක වැහුවා කියලා ඔය .
මල සමයම්..ගෑනුන්ගෙ.රතු උනු ඇස් වලින් බලා ඉන්න මගෙ දිහා බල බලා මුන මෙහෙක් මොහොක් කරන් රවන එකිට ගහන්න ආයෙමත් අත උස්සපු මං ඇගිල්ලකුත් දිග් කරලා කට වහපන් කියලා ලග තිබ්බ පෝන් එක අරගත්තෙ තාමත් මට රවන කෙල්ලට තරගෙට මාත් රවන ගමන්.....
දෙන්ඩ හිතෙයි මැරිලා වැටෙන්න අම්මපා...ශික් 😒
,,,,,
අරකිටත් සැරින් සැරෙ රවපු මං පෝන් එක අරන්
එෆ්බි ගියෙ ඇස් කොනට අරකි රවනවා පේද්දි....
ඒකිටත් ඔනෙ වෙලා තියෙන්නෙ මාව අවුස්සලා මාව ජොකෙට ගන්න කියලා දන්න නිසා නොදැකපු ගානට හිටපු මං දොර ලගින් ඇහුනු සද්දෙට ඔලුව උස්සලා බැලුවෙ කවුද ආවෙ කියලා බලන්න...
දැන් ඉතින් හොදයි.අර අම්මන්ඩිට කන්න ජාති ඇවිත් ඇතිනෙ...
මං වගෙම අර අම්මන්ඩිත් ඔලුව උස්සලා දොර දිහා බලද්දි
ඇවිත් හිටපු ඒ රූපෙත් එක්ක මං ගැස්සිලා ගියෙ ඇවිත් හිටපු මහ මූසල වහන්තරාව මාව ඇවිත් බදාගද්දි....
.
" අනේහ් අයියා.සුදු අයියා.මොකද අනා උනෙ..සුදු අයියා "
,,
ටනාශා වනිගරත්න.මගෙ අම්මගෙ පුංචිගෙ මහලොකු පොඩි දුව...ඇවැස්ස නෑනා කියන එකි...
කොටට කොටෙ උඩටත් නැති යටටත් නැති රෙදි කෑල්ලක් ඇදන් ඇවිත් අඩ අඩා මාව බදාගනිද්දි එදා ඉදන්ම එකිට අකමැති මම එකිව එහාට තල්ලු කලෙ ආයෙමත් ඒකි මල මොහිනි වගෙ අනා සුදු අයියෙ ගගා නැලවෙද්දි...
ශික්.පොටි උලලා වගෙ ඉන්නවා මදිවට මගෙ මුනෙත් ඉලුවනෙ අම්මපා.අම්මපා මෙ වෙ* මගෙ නැනා උනෙ නැත්නම්.අර්ර්....
මුනෙ ගැවුනු අරකිගෙ මල ජරාව දෑතින්ම පිසදාපු මං ඇස් අරන් ගියෙ මගෙ ලග හිටපු අනිත් වහන්තරාව ලගට..
ම්හ්.ඒ ගමන මේ හු* මොකද උනෙ....
මගෙ ඇස් ගිහින් නැවතුනෙ අරකි ලග.සිරාවටම මොකි වැහිලද මන්දා මේකිට...
කටත් ඇරන් ඇසුත් පොල් සයිස් කරන් කන්න වගෙ මාරුවෙන් මාරුවට මගෙයි අර මල මොහිනි දිහයි බලනවා.....
විනාඩි පහක් විතර ම එහෙම බලපු කෙල්ල එකපාරටම පුටුවෙන් නැගිටලා පපුවෙන් අතක් තියන් අම්මෙ ගාගෙන කෑගහන්න ගත්තෙ විසි වෙලා හිටපු මල මොහිනිත් එක්ක මාත් උඩ යද්දි...
.. මොකද ඕයි මෙ,මෙක සෙල්ලම්කරන වෙලාවක් නෙමෙ..
" අ..නෙ..අ..ම්..මෙ " ඇස් දෙකෙ කදුලු පුරවන් කෙල්ල ඉකි ගගහා අඩනවා ...
මෙච්චර වෙලා හොඳට හිටපු එකිනෙ මෙ...සිරාවටම මෙකිට මොකිද වැහුනෙ කියලා හිතාගන්න බැරුව අඩියට දෙකට ලං උනෙ මං කෑගහලා පයිප්පෙ ඇරන් දගලන කෙල්ල ලගට....
.. මොකද ඕයි මෙ ආ..අඩන කෙල්ලගෙ මූන දිහා බලන ගමන් මං ඇහුවෙ එහෙම ...
මොකුත් නොකියා තව සද්දෙන් ඒ ගමන මෙකි අඩනවා....මොකද උනෙ කියලා හිතාගන්න බැරුව අතරමං වෙලා ඉන්න මං එකිගෙ ඔලුවෙන් අත තිබ්බෙ ඒ සැනින් අඩපු එකි මගෙ ඇගට පැනලා මගෙ බෙල්ල බදාගද්දි....
______________________________
.
කතාව කියොන කමෙන්ට් කරන හාට් දාන සෙට් එකටම පැලෙන්න ආදරෙයි....
🖤