Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 01 2026 @ 08:47

හෘද ලිලී - 15

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *පහළොස්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,


කොල්ලො ටික යෙධා දිහා නොරිස්සුමෙන් බලා ඉන්නවා කියන්න දැන දැනම

පොඩි හු* මූනත් ඇස් දෙක අස්සෙ ලාවට ඇදගෙන

________එතැන් සිට ________________

යෙධා ඉතින් ඒ විදිහට හැමදාම වගේ තමන්ගෙ ප්‍රශ්න හංගගෙන නිශ්ශබ්ද උනහම

යෙධාගෙ හැටි හොදට පුරුදු කොල්ලො කට්ටියත් තම තමන්ගෙ වැඩ වලට අවධනය දෙන්න 

පටන් ගත්තෙ යෙධා නැතුව හෙට ඉදන් ටියුෂන් ක්ලාස් ටිකට යනවා කියලා තීරණය කරන්.

ඉතින් ඒ විදිහට 

කොල්ලො ටික තම තමන්ගෙ වැඩ වලට හිරවෙලා යෙධා තමන්ගෙ සැප නින්දේ ඉන්නකොට

යෙධාගෙ පොඩි හු* මේ වෙලාවෙ හිටියෙ තමන්ගෙ ගෙදෙට්ට වෙලා 

හෙට එලබෙන සෙනසුරාදා දවස ගැන කනස්සල්ලෙන්


" අයියෝ හෙට දවස මං කොහොමද ගෙවාගන්නෙ

අර මෝඩයත් හෙට එයි මේ පැත්තට

නිකන් හරි අරයා හෙට ගෙදර ඉන්නවා දැක්කොත් නම් ආපහු යකා නටන්න ගනිවී.

එක්කො මං හෙට දම්රෝ ප්‍රජා මූලස්ථානෙට යනවා

එතකොට බැරියෑ ගෙදර ඉන්න කෙනාගෙන් බේරිලා ඉන්න

අර දිග් දණ්ඩා ඇවිත් 
යකා නැටුවට කමක් නැ

මෝකො ඒවා මං කරපු දේවල් යෑ "

තාදිනි කැඩපතෙන් පේන තමන්ගෙ රුව දිහා බල බලම තනියෙන් කියවනවා ජීවිතෙ එපාම කරපු දවස හැම සිකුරාදා දවසකටම පස්සෙ හෙටත් සුපුරුදු විදිහට ම එලබෙන නිසා..

ම්ම් ඔව් 

සෙනසුරාදා .තාදිනිට ජීවිතෙ පේන්නම බැරි දවස කිව්වොත් හරි.

හැබැයි ඒ දවස හැම මාසෙම අග එන සෙනසුරාදා තමන් කැමතිම දවස වෙන්නෙ එයාගෙ හිතට විතරක් වෙන් උනු රහසක් වටා ගෙතුනු කෙනෙක් හැම මාසෙම සෙනසුරාදා වගේම ඉරිදත් එයාට පේන්න එන නිසා ..

ම්ම් 

ඒත් ඉතින් වැඩක් තියේද?

ඒ කෙනා නිසාම ඒ දවසත් ඊට පස්සෙ දවසත් තාදිනි ගෙවන්නෙ සතුට මික්ස් උනු පුංචි දුකකින්..

කණ්නාඩියෙන් පේන තමන්ගෙ රුව අස්සෙන් 

හැම සිකුරාදා දවසකම පෙන්නුම් කරවන ජීවිතෙ අප්පිරිය කියන්නත් බැරි හැබැයි එහෙමයි කියලා නොකියන්නත් බැරි

රූපෙ ඇස් වලට අහු වෙනකොට

තාදි ඉදන් උන්නු පුටුවෙන් නැගිටලා තමන්ගෙ කාමරේට ඇවිදන් ගියේ තාදි ගාවම උන්නු තාදිගෙ පූස් තඩියත් තාදි පස්සෙන්ම වැටෙනකොට 

,,

පුරු පුරු ගගා දැවටි දැවටි තාදිනිත් එක්කම තාදිනිගෙ කාමරේට රිංග ගත්තු පූස් තඩියා තාදිනිගෙ ඔඩොක්කුවට පැන්නෙ

තාදිනි ගිහින් ඇදෙන් වාඩි උනාට පස්සෙ

තාදිනිට දැන් කේන්තියි දුකයි සමාන ගානටම.

ඊටත් වඩා හිත කඩාගෙන යන කනස්සල්ලක් එයා ගැන තමන්ගෙ හිත ඇතුල්‍රෙ තියෙනවා කියන්න තාදිනි ඕනිවටත් වඩා හොදට දන්නවා

ඒත් මොනා කරන්නද?

තමන් කරන දේවල්නෙ දවසක තමන් අරන් යන්නෙ

හොදට හිටියොත් තමන්ට දෙවියො උනත් බලනවා 

සාලෙ දිහායින් ඇවිදන් ඇවිත් ටිකක් සද්දෙට දොර වහන ගමන් එයා එයාගෙ කාමරේ ඇතුලට යනවා ඇහෙනකොට

තාදි පූස් තඩියවත් තුරුල් කරගෙනම ඇදේ දිගා උනේ 

කල් ඇතුවම රෑට කාලාත් ඉන්න නිසා ඔන්න ඔහෙ කල් ඇතුවම නිදාගන්නවා කියලා හිතන්.


________________________

තාදිනි එහෙම නින්දට වැටිලා නිදි දෝනිව බදාගන්නකොට 

වේලාව ඉක්මනින් ඉක්මනින් ගෙවිලා ගිහින් 

තාදිනි ට එපා කරපු හැබැයි මාසෙ අග සෙනසුරාදා නිසා ලාවට ආසා කරපු ඒ සෙනසුරාදා දවස උදා උනේ

කුස්සියෙන් ඇහුනු සද්ද බද්දවලට

තාදිනිගෙ නින්දත් කඩලා...

ඇද පුරාම එලපු බෙඩ් ශීට් එක එහෙ මෙහෙ ගිහින්

තාදි ඉන්නෙ තමන්ගෙ නින්ද කඩන්න සද්ද දාපු එකට

කුස්සියෙ ඉදන් සද්ද,බද්ද දාන එයා එක්ක තරහින්.

" මොන මගුලක්ද මන්දා,ඉදලා ඉදලා එනවා සිකුරාදා රෑට සෙනසුරාදා ඉදලා යන්න මගෙ නින්දත් කඩන්න බලන් "

ඇද විට්ටමේ ඉදන් විසිරුනු තමන්ගෙ කොණ්ඩේ දෑත බැදලා අල්ලගන්න ගමන්

තාදි මුමුණන්නෙ තනි හිතට 

*තාදිනී.ගෑස් එකේ මං සැමන් එකක් උයලා තියලා යනවා පාරට පොඩ්ඩකට*

*තව විනාඩි දහයකින් වගේ ලිප ඕෆ් කරන්න*

සද්ද බද්ද දාලා තාදිනිගෙ නින්ද කඩපු එයා තාදිනිට කියන්නෙ ටිකක් සද්දෙන් 

" බෑ අනේ මට බෑ.

බල කරොත් මං මැරෙනවා "

කුස්සියෙන් ඇහුනු කටහඩ අවසන් වෙනවත් එක්ක 

කොන්ද කෙලින් කරලා ඇදේ ඉදගන්න ගමන් සද්දෙ එලියට නොහැන තරම් සද්දෙකින්

තාදිනි කිව්වෙ තමන් ගාව නිදන් උන්නු පූසට

නින්ද කැඩුවා මදිවට සෙනසුරාදා දවසෙ නිදහසෙ ඉන්න එකත් නැති කරනවා මදිවට

තව ලිපුත් ඕෆ් කරපන්කො.

තාදිනි ඉන්නෙ උදේ පාන්දරම නොවුනත් උදෙන්ම යකාගෙ මල ඉස් මුදුනට අරන්

කුස්සියෙන් ඇහුනු සද්දෙ තාදිනිගෙ චර්‍යාව ගැන දන්න නිසා ආයෙම නොනැගෙද්දි

කුස්සියෙ ඉදන් එළියට ආපු එයා ලෑලි ගහපු ගෙදර දොරත් වහන් පාරට බැස්සේ

එයාගෙ ආදරවන්තයව මුණ ගැහෙන්න යන්න.

______,, 𝓐.𝓔 𝓒 

එයාඉතින් ඒ විදිහට කිසිම කලබලයක් නැතුව පාර දිගෙ තාලෙට අඩිය තියමින් තමන්ගෙ ආදරවන්තයගෙයි එයාගෙයි ලව් කරන තැනට

ඇවිදන් යනකොට 

යෙධාර හිටියෙ බැට් එකත් අතේ තියාගෙන තාදිනිගෙ ගේ ඉස්සරහා තිබ්බ පිට්ටනියට වෙලා 

කොල්ලො සෙට් එක ක්‍රිකට් ගහන්න එනකම් පෝන් එක ඔබ ඔබා..

 .ම්ම්හ්.. තාදිනි, වහපු දොරත් ඇරන් කේන්තියෙන්ම එලියට එනවා දත් බුරුසුවත් අතේ තියාගෙන 
දත් මදින්න හිතාගෙන ගේ ඉස්සරහා පැත්තකින් වෙන්න ඉටි කොලයක් ගහලා වට කරලා තිබ්බ 
නාන කාමරේට

" සැක් හිටපන්කො සැමන් එක රොස් වෙන්න ඇරලා තමයි මං ලිප වහලා දාන්නෙ

එයාට ලව් කරන්නයි මං ලිප් ඕෆ් කරන්නයි

යකාගෙ මගුලක්නෙ යකෝ.ඉදලා ඉදලා ගෙදර එනවා මදිවට මට වැඩ පවරන්නත් එනවා "

වට කරපු ඉටි කොලෙට පිටතින් කණුවකට බැදලා හදලා තිබ්බ ටැප් එකට දත් බෙහෙත් තිබ්බ බුරුසුව අල්ලන ගමන් තාදිනි කියන්නෙ යෙධාර පිට්ටනියට වෙලා ඉන්න බවක් නොදැන

.. යසයි කෙල්ලො දවස පටන් ගන්න විදිහ

මේකි නම් මොන නැකතින් ඉපදිලාද මන්දා බලන බලන සැරේ යකා ආවෙස කරන්ම ඉන්නෙ

ඒ මදිවට කොණ්ඩ වහල්ලත් මල පේරෙතියෙක්ගෙ වගෙ හදන්

කෝටු කකුල් එලියෙ දාගෙන කොට කලිසමක් ඇදන් ප්‍රදර්ශනෙ වෙනවා

මෙව්වාට තමයි යෙධාර උබට පෙසර් නගින්නෙ..

ලෑලි ගහපු ගෙදර දොරත් ඇරල කේන්තියෙන්ම තනියෙන් කියො කියෝ

කේන්තිය තමන්ගෙ දත් ටිකෙන් පිරිමහගන්න වගෙ දත් මදින කෙල්ලව දැකලා යෙධාර හිතන්නෙ තමන්ගෙ කොණ්ඩ ගස් අස්සෙන් 

තමන්ගෙ දෑගිලි යවන ගමන්

.. පුහ්.ඔය කේන්තිය දෙපිටින් යවන්න තිබ්බා දැන් ගිහින් පයින් පාරක් දුන්නා නම්..

යෙධාර ආයෙම හිතන්නෙ තාදිනි දිහාම ඇස් කෝණෙ දශමයක්වත් වෙනස් නොකර
මාසෙ අග හැමදාම තාදිනි දිහා බලන බැල්මෙන්.

තවත් ටික වෙලාවක් ගත වෙලා ගිහින් තාදිනිගෙ කේන්ති ඇස් වලට

තමන් දිහා කන්න වගෙ බලන් ඉන්න යෙධාරව අහුවෙද්දි

ඇස් දෙක ලොකු කරගෙන තාදිනි යෙධාර දිහා බැලුවෙ දත් බුරුසුවත් කට ඇතුලෙම තියන්

________________________