Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Eshani Chathumika level_badge

Eshani Chathumika

Content Writer

Jun 03 2026 @ 17:19

හෘද ලිලී - 17

_______*හෘදලිලී*__________
(*සම්මත අසම්මත ගැටුමක ජය කාට හිමිවේද?)~🤍🍃*

🚫 *(කතෘ අයිතියකින් තොරව උපුටා ගැනීම,වෙනත් සමූහවල පළකිරීම සහ අන්තර්ගතයන් වෙනස් කිරීම සපුරා තහනම්.මෙම කෘතියේ සම්පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන මා හට පමණයි.𝓐.𝓔.𝓒 )*

•••• *දහහත්වන කතාංගය* 🤍🍃

පෙර කොටසින්,,,,

තාදිනිගෙ පිටිපස්ස මත තද වෙනකොට තාදිනි ඒ ලෝකෙන් මේ ලෝකෙට ආවේ ගැස්සිලා ගැස්සිච්චි පාර තමන්ගෙ අතින් යෙධාරගෙ පපුවට හයියෙන් පාරක් දීලා

_________එතැන් සිට_______________


" තමුසෙට ඕනෙ මගෙන් පළිගන්නද?"

යෙධාරගෙ හැසීරීම ළග තාදිනිට දැනුනු බය එක්ක තාදිනි ඇහුවෙ යෙධාරගෙන් ඇස් වල කදුලු පුරෝගන්න ගමන්

යෙධාර නිහඩයි..තාදිනිගෙන් ලැබුනු පාරටත් දැන් තාදිනි ඇහුව කතාවටත් හරි සිහියට ආපු

යෙධාර ඉන්නෙ මොකද්ද කියන්නෙ තමන් ඇයි මෙහෙම කළේ කියලා හිතාගන්න බැරුව 
අමුතුම දුකකින්..

" මං දන්නවා ඔයාට..ඔයාට ඕනි අරයාගෙන් ගන්න තියෙන පළිය මගෙන් ගන්න යෙධාර

ඔයාව දැක්ක දවසේ ඉදන්ම ඔයාගෙ ඇස් වල තියෙන්නෙ මං ගැන කේන්තියක් කියන්න මට පෙවුනා

අනික එදායින් පස්සෙ ගෙවුනු අවුරුදු තුනට ඔයා මාව නොදැක්කත් මං ඔයාව දැක්කා

ඔයා පස්සෙන් ගියපු කෙල්ලො මොන වගෙද කියන්නත් මං මගෙ ඇස් වලින්ම දැක්කා

දැන් බොරුවට ඔයා මාව අන්දන්න එපා යෙධාර

මරන්න ඕන්නම් ම|ර|ලා දාන්න හැබැයි මට ඔහොම කරන්න එපා

එයාගෙ හු* වලට මං පළි නෑනෙ

ඔයාට මාව දකින එක වදයක් වගේ නම් කියන්න මං යන්නම් ඉස්කෝලෙන්

මට කොහොමත් ඉගෙන ගන්න ඕනෙ නෑ

අරයා 18 උනු ගමන් මාව බන්දලා දෙන්න මිනිහෙක් හොයලා තියෙන එකේ ඉගෙන ගත්තත් වැඩකුත් නෑ

ඇත්තම විතරක් කියන්න යෙධාර

පොඩ්ඩකට මං කවුද මා එක්ක අරයා එක්ක තියෙන කේන්තිය අමතක කරලා දාලා උත්තරයක් දෙන්න "

තමන්ගෙ වචන ගාවදි ලිහිල් උනු යෙධාරගෙ අත් තමන්ගෙ අත් වලින් මුදෝන ගමන් තාදිනි කියවගෙන කියවගෙන ගියෙ බිම බලන්

යෙධාර ඉන්නවා දැන් බිමට හැරවුනු ඒ මූණ දිහා බලන් කනස්සල්ලෙන්

තමන් දෙන්න ඕනි මොන වගෙ උත්තරයක්ද කියලා යෙධාරට ඇත්තටම හිතාගන්න බෑ

කාලයක් තිබ්බා තමන්ගෙ ලග ඉන්න මේ කෙල්ලත් එක්ක මාරාන්තික වයිරයක්

හැබැයි ටිකින් ටික කල් ගත වෙද්දි කෙල්ල තමන්ව දැනගන්න කලින් තමන්ට කෙල්ල ගැන තිබ්බ හැගීම ගැන මතක් වෙද්දි

ඒ තරහා වයිරය තමන්ගෙ හිතින් ඇත් වෙලා ගියා කියන්නත් යෙධාර දැනන් උන්නා

බර හුස්මවල් එක දෙක පිට කරමින්

කෙල්ල දැන් කිව්ව මිනිහගෙ අලුත් කතාව ගැනත් හිත හිත උන්නු යෙධාර 

අවසානෙදි තාදිනි ඉස්සරහා කටහඩ අවදි කලේ ..මට තමුසෙගෙන් පළිගන්න ඕනිකමක් නෑ ..කියලා 

" එහෙනම් ඇයි මේ "

යෙධාරගෙ වචන ඉස්සරහා නිරායාසයෙන් තාදිනිගෙ මුවින් පැන්නෙ මෙහෙම

.. මං දන්නෑ,සමහරවිට මං නරක එකෙක් නිසා පොඩියට හිටියත් තමුසෙ කෙල්ලෙක් නිසා වෙන්න ඇති

මොකද්ද අර බන්දලා දෙනවයි කිව්ව කතාව..


යෙධාර අහන්නෙ කොයිදේටත් වඩා තාදිනි කිව ඒ වචන ටික යෙධාරගෙ ඔලු ගෙඩියට වැටුනුනිසා

" එයා දන්න කොල්ලෙක් ඉන්නවලු,මාව බන්දලා දෙනවා කිව්වෙ මට 18 උනුගමන්ම 

මොකාද මොන වගේද කියන්න නම් මං දන්නෑ ,ඕක කිව්වට පස්සෙ දවසෙ ඌව එක්කන් ආවාට අපෙ ගෙදෙට්ට ඌ එන්න කලින් මං පැන්නා ගෙදරින්

දැන් උනත් එයා එන්න කලින් කොහෙට හරි යන්න ඕනි.මට එපා කරපුම දවස තමයි අප්පා සෙනසුරාදා කියන්නෙ "

යෙධාර ගාවින් ඈත් වෙලා ලග තිබ්බ වැටකෙයියා ගහට හේත්තුවක් දාන ගමන් තාදි කියන්නෙ

පොඩි වෙලාවකට යෙධාරගෙ හැසිරීම අමතක කරලා

තමන්ගෙ මතකෙට ආව තවත් එක් අප්පිරිය දවසක් මතකෙට අරන්

තාදිනිගෙ ඒ වචනත් දැන් තාදිනිගෙ මූණෙ තියෙන කලකිරිමත් එක්ක්
තමන්ගෙ ඇගෙ තියෙන ලේ රත් වෙනවා වගෙ දැනෙනකොට 

යෙධාර ඇහුවෙ දැන් තමුසෙ ඌව කසාද බදිනවද කියලා

" ලස්සනයි නම් හිතලා බලනවා"

තාදිත් කියනවා ඇස් වලින් පාර දිහාටත් බැල්මක් දාලා ඔහේ ගානක් නැතුව 

.. දැන් උබ හිතන්නෙ හැ* එක විතරයි කසාදයක් ඇතුලෙ තියෙන්නෙ කියලද?

වගේ වගක් නැතුව දුන්නු පිළිතුරත් එක්ක හිතට දැනුනු කේන්තියට යෙධාර අහන්නෙ රිදෙන්නම තාදිගෙ දකුනු අත් බාහුවටත් පාරක් දීලා 

" ආව් හු* රිදෙනවනෙ,දැන් තමුසෙ කියන්නෙ මට පැනලා යන්න කියලද?

දන්නවනෙ එයාට මාව බරක් කියන්න .එයාමොනවා කිව්වත් මගෙ පවට මට ඒ දේ කරන්න වෙනවා

කැත උනත් ලස්සන වෙන්න බෙහෙතක් බීපන් කියලා හරි බදින්න බැරියැ

මට ඔය වෙන උන් වගේ පැනලා ගිහින් තනියෙන්ජිවත් වෙන්න තෙරෙන්නැ ඕයි"

තාදිනි කියන්නෙ යෙධාර දුන්නු පාරට රිදුනු නිසා මූණ ඇද කරන්

තාදිනිට මේක සැහැල්ලු දෙයක් උනත්

සමාජෙ ගැන මිනිස්සු ගැන තාදිනිට වඩා ලොකු දැනුමක් තිබ්බ යෙධාරට නම් මේ කතාව සැහැල්ලු දෙයක් උනෙ නැ

තමනුත් හරි නම් මේ සමාජෙ
ඉන්න නරක මිනිහෙක් බව දන්න යෙධාරට කොහොමත් මේ මොකුත් නොදන්න තාදිනිව බිල්ලට දෙන්න හිතකුත් නෑ 

තමන්ට වඩා හැම අතකින්ම පොඩියට ඉන්න තාදිනිව දකිද්දි තාදිනිව දැක්ක දවසෙ හිතට ආපු අමුතුම හැගීම ආයෙ ආයෙම අලුත් වෙවි තමන්ගෙ හිත ඇතුළෙ පොර කනවා දැනෙනකොට 

 තාදිනි දිහාන බලා හිටියෙ

ඒ කම්බුලක් අතගාන්න ආසා හිතෙන තමන්ගෙ ආසාවත් පාලනෙ කරගන්න ගමන් 

,, විනාඩියක් දෙකක්..

.. තමුසෙට මං පැනලා ගිහින් ජීවත් වෙන්න උදව් කලොත්

විනාඩි කීපයක් තමන්ගෙ හිතත් එක්කම ගනුදෙනු කරලා යෙධාර අහන්නෙ තාදිගෙ බැල්ම ඒ නිකටින් හරෝලා තමන් ගාවට ගන්න ගමන්

දන්න දවසේ ඉදන් තමන්ට වයිර කරන තමන්ව පේන්න බැරි යෙධාර කවදාවත් ඔහොම් කතාවක් කියයි කියලා විශ්වාස නොකරපු තාදියෙධාර දිහා බැලුවෙ ඇස් දෙක ලොකු කරලා ඈ ගාලා කටින් සද්දෙකුත් දාලා 

ඇයි යකූ කවුද හිතන්නෙ මේ වගෙ යකෙක් එහෙම කතාවක් ජෝක් එකටවත් කියයි කියලා 

ඉතින් තාදිනි ඒ මූණට එබෙන ගමන් යෙධාර දිහා බැලුවෙ ඇස් ලොකු කරලා


.. ම්ම්.මට පුලුවන් තමුසෙට කන්න දෙන්න.කොහොමත් ඒක එක පැත්තකින් මගෙ වගකීමක් වෙනවනෙ

දැන් උනත් පුලුවන් මට තමුසෙව අරන් යන්න

හැබැයි අර වේ* පොලිසි ගියොත් වැඩෙ දෙල් වෙන නිසා තාම බෑ

හැබැයි තමුසෙට 18 උනාම මට පුලුවන් 

මොකද කියන්නෙ,ගෑනියි මිනිහයි වෙන්න ඕනි නෑ පැනලා ගිහින් ජීවත් වෙන්න..

තමන් දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න කෙල්ලගෙ හිස අතගාන ගමන් කොල්ලා කියන්නෙ

ආදරේකින්

" හෑ ඕයි..තමුසෙ බීලාවත් ආවද මොකද මේ කවදාවත් නැතුව මං ගැන සත්ත්ව කරුණාව පහල වෙලා

ම්ම් සැක සහිතයි"

ඇස් දෙකත් හීනි කරලා කෙල්ල කියවන් යන්නෙ යෙධාරගෙ වටෙ වටයක්ම කැරකිලා ඒ අතැගිලි වලින් තමන්ගෙ නිකටටත් තට්ටු කරලා..


කොච්චර ඈත් කරන්න හිතුවත් ඈත් කරන්න බැරි මොකද්දො හේතුවකට

හිත පතුලෙන්ම අවංකව කිව්ව කතාවත් එක්ක කෙල්ලගෙ විශ්වාස නැති කතාව ඇහිලා

යෙධාරට ඉවසිමෙ සීමාව පනිනකොට 

.. ඕන හු* කරගනින්,අරූව බැදලා හු* න ඒක මදි නම් මං ගාවටත් වරෙන් මාත් උබට හු* දෙන්නම්

ඇයි හු* පව් කියලා උදව් කරන්න හදද්දි ඒකටත් ප* කියනවා

ආයෙ තෝ මැ|රි|ලා වැටිලා හිටියත් මං නම් බලන්නෑ...

කියපු යෙධාර 

තාදිනිගෙ වචන ඉස්සරහා කේන්තියටත් වඩා තමන්ගෙ හැගීම් බාල්දු කරපු එකට

මහා ලොකු වේදනාවකින් 

තාදිනිට බැනලා තාදිනි ගාවින් යන්න ගියෙ

තාදිනි මොකද්ද කියන්න ඕනි කියලා හිත හිතා යෙධාර යන දිහා බලා ඉද්දිමයි..

_______________________

ඔන්න දෙන්නව සෙට් කරන්න හදද්දි ඒ වැඩෙත් ලප් තැනම ලොප් වෙන්න වැඩේ සිද්ධ උනා ළමායි 😪

ඔන්න ඔහෙ අපි අර ගෑනු රූපෙයි යෙධාරවයි සෙට් කරමු.

ඊගාව කොටසින් එනකම් රියැක්ට් කරලා අදහස් කියන් යන්ඩෝ..