Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Nov 20 2024 @ 18:42

වීදි පුරඟන - 1



This novel may contains contents of an adult nature. If you are easily offended or are under the age of 18, please exit now. Reader discretion is advised.


"මිස්ටර් පවන්... එහෙනං මට ගෙදර ගිහිල්ල ඩොකියුමන්ට් එක ඊමෙල් කරන්න. දැන් වෙලාවක් නෑනෙ"

අපේ ආයතනෙ ප්‍රධානියා උන , කරුණාදාස සර් මගෙ පිටට තට්ටුවක් දාල කිව්වෙ අපි දෙන්නම ලිෆ්ට් එකේ පහළට එන ගමන්.

"ආහ් මම එවන්නං සර්... සයින් කරපු දෙක මම ෆැක්ස් කරන්නං. සයින් මාක් එක අවුල් යයි ස්කෑන් කරල එවන්න ගියොත්"

"හරි එහෙම කරන්න. හදිස්සියක් නෑ. ඒ උනාට දැන්ම අපි ප්‍රොජෙක්ට් එක බාරගමු. මොකද පරක්කු උනොත් කොන්ත්‍රාත් එක වෙන කාටහරි යන්න පුලුවන්"

"ඔව් සර්"

තට්ටු පහ හයක්ම , අපි දෙන්න අතරෙ කිසිම කතාබහක් නැතුවම පහලට ආව.

"පවන්.."

"කියන්න සර්..."

"දැන් වයස කීයද?. 30ට කිට්ටුයි නේද?"

"ආ ඔව් සර්. මට 27යි තාම."

"හම්ම්. ඔය වයසට මෙච්චර උඩට ඇවිල්ල නෑ කවුරුත් මීට කලින් කම්පැනියෙ."

"තෑන්ක් යූ සර්. ගොඩක් අය කියල තියෙනව මට"

"කසාදයක් එහෙම කරගත්තොත් නරකද. තනියම උඩට යන එක අවදානම්..."

"මම විවාහයවත් ආදරේවත් විශ්වාස කරන්නෑ සර්. හැමතැනම තියෙන්නෙ වාසියයි ආසාවයි විතරයි. තනියම මේ දුර ආව නං , ඉස්සරහටත් තනියමම යනව සර්"

කරුණාදාස සර්ට හිනා ගියා ඒක අහල. වයසට ගිය බවක් මූණෙන් පෙනුනත් තාමත් , අපි සමහර අයට වඩා මිනිහ හෙන කඩිසරයි.

"දාර්ශනික උත්තරයක්. ඒත් ජීවිතයට නොවටින දෙයක්. ඒකට කමක් නෑ. පවන්ගෙ කැමැත්තට වැඩ කරන්නකො. පවන්ගෙ බොස් විදිහට නෙවෙයි. වැඩිහිටියෙක් විදිහට මම මේ දේ කියන්නං ඒ උනාට. ජීවිතේකට ගෑණියෙකුත් එන්න ඕනෙ. නැත්තං ඒක නිකං ගොනෙක් නැති කරත්තයක් වගේ. කරත්තෙ කියන්නෙ ජීවිතේ කියල හිතන්නකො. කරත්තයක් දක්වන්න පුලුවන් තනි මිනිහෙක්ට උනත්. ඒත් එක අවස්ථාවක ඒ මිනිහගෙ ශක්තිය හීන වෙලා ගිහිල්ල , අන්තිමට කරත්තෙ ඇදගන්න බැරුව යනවා. මම මේ අපහාස කරනව නෙවේ. කාන්තාවක් කියන්නෙ මෙන්න මෙතනදි ගොනාට. ගෑණියෙක් කරන සමහර වැඩ, ගෑණියෙක්ට තියෙන ශක්තිය, අපිට නෑ. ඒකයි ජීවිතේකට ගෑණියෙක් ඕනෙ කියන්නෙ"

සර්ගෙ කතාව නැවතුනේ අපි පහළම තට්ටුවට ඇවිල්ල ලිෆ්ට් එකේ දොර ඇරුන නිසා.

"ගොඩක් ස්තූතියි සර්. මම හිතල බලන්නං"

"හරි හරි. වැඩිය හිතන්න එපා."
කියාගෙන කරුණාදාස සර් ලොබි එක පැත්තට ගියා.

මම අනිත් පැත්තට හැරිල ඕෆ් එක දාන්න ගියා.

ආදරේ කියන එක කාලයක් මම හිස් මුදුනින් කලා. එක පාරක් කරල පැරදුනාම ආපහු ආපහු කලා. ඒත් ඒ හැම පාරම මට වැරදුනා. මම පැරදුනා. ඉතින් මම මටම සීමාවක් දාගත්තා , ආපහු ආදරේ ගැන හිතන්නෙ නෑ කියල.

කොහොම උනත් මම ආත....

"පවනෝ... හිටාන් බං... උඹට යකා ආවේස වෙලා වගේනෙ ඇවිදින්නෙ"

පිටිපස්සෙන් ආව හුරුපුරුදු කටහඬ නිසා මම ඇවිදින එක නතර කරල පිටිපස්ස බැලුවා.

ඒ තුශාර. මගෙ classmate කෙනෙක්. හැබැයි මිනිහ ක්ලාක් කෙනෙක්. මම සාමාන්‍යෙන් තනතුර බලල යාලුවො ඇති කරගන්නෑ. මම ඒ ඒ කෙනාගෙ ගතිගුණ බලල යාලුවො හදාගන්න කෙනෙක්. ඇරත්, තුශාරය කියන්නෙ ඉස්කෝලෙත් මාත් එක්ක එකට හිටපු එකෙක්.

"මොකෝ කේස් එක."
මම තුශාර දිහා බලල ඇහුවෙ , මිනිහ හතිදානව දැකපු නිසා.

"කේස් එකක්ද කියල අහන්න තමා යකෝ ආවෙ. තෝ නිකං කරත්තෙකට ටර්බයින් හයි කරල වගේනෙ"

අද කරත්ත කතා ඇහෙනව වැඩී පොඩ්ඩක්.

"හරි හරි මොකෝ කේස් එක කියහංකො."

"මේ... දැන් අලුත් ප්‍රොජෙක්ට් එක කොහෙද තියෙන්නෙ. උඹට කන්ස්ට්‍රක්ශන් සයිට් එකට යන්න වෙනව නේද?"

"ආ ඔව් බං. ඒක බණ්ඩාරවෙල තියෙන්නෙ. අනිද්දට තමා කෝමත් යන්නෙ. කන්ෆර්ම් කරගන්න එපැයි. කන්ස්ට්‍රක්ශන් සයිට් එකක් නෙවෙයි මම හිතන්නෙ. තේ ෆැක්ටරියක්"

"ආ හරි හරි ඕයි. මේ එහෙනං අද යමන් ක්ලබ් එකට. ආතල් එකක් ගමු. ආපහු සති දෙක තුනකින් උඹව හම්බෙන්න වෙන්නෑනෙ"

"අද බෑ බං හෙට යමු."

"හෙට මම නෑ ඕයි"

තුශාරයටත් මොකක් හරි මගුලකට බීලා ආතල් ගන්න තියෙනව නං එතනින් එහා ලෝකයක් නෑ උට.

"හා හා එහෙනං යමංකො. ගොඩක් රෑ වෙනකං බෑ හොඳේ. ඉක්මනට ගෙදර යන්න ඕනෙ"

"ඉක්මනට යන්නෙ මොකද යකෝ. මොකෝ උඹලගෙ ගෙදර උඹ එනකං කවුරුවත් ඉන්න එකක්ද?. ඔන්න ඔය රෑ වෙනකං ඉමු"

මරුවගෙන් බේරුනත් තුශාරයගෙන් බේරෙන එක නං කරන්න අමාරු වැඩක්.

තුශාරයගෙ කතාවත් ඇත්ත ඒ උනාට. ගෙදර පාලු සොහොන වගේ. අම්මල මහගෙදර. කෙල්ලෙක්වත් නෑ. මම තනියම කුලියට ගත්ත ගෙදරකට වෙලා , කම්පැනියෙ කැන්ටිමෙන්ම කකා ඉන්නව. උයන්නත් බෑනෙ.

ඉතින් අපි පොඩ්ඩකට කතාව පැත්තකින් තියල මම ගැන දැනගෙන ඉමු...

මම පවන් වීරසූරිය. Vision Survey ආයතනයේ සිවිල් ඉංජිනේරුවරයෙක් හැටියට වැඩ කරන්නෙ. ඔය මිනින්දෝරු ආයතන කියන්නෙ. අපේ කම්පැනි එක පිටරට කම්පැනි එකකට අනුබද්ධ එකක්. ඉතින් තත්වයක් තියාගෙන ඉන්න තැනක්. හෙන කට්ටක් කාල මෙතනට ඇප්ලයි කරල රිංගගත්තෙ.

ගෙදර ඉඳන් වැඩට එන්න ගියොත් , ගොඩක් දුර නිසා මම අපේ කම්පැනිය ගාවම තිබ්බ කුලියට දීපු ගෙදරකට පදිංචියට ආව. අම්මලට මහ ගෙවල් දාල එන්න බෑ කියපු නිසා එයාල එහෙටම වෙලා හිටිය. අනික අම්මල මාත් එක්ක තරහින් ඉන්නෙ, තාම කසාදයක් කරගන්නෑ කියල. මට තනියම ඉන්න බැරි බව ඒත්තු ගන්නන්න තමයි ඔය එයාල මාව බලන්නවත් මෙහෙ එන්නැත්තෙ.

කසාදය කියන්නෙ නමට විතරක් කරන දෙයක් නං මම ඒක කරනවා. ඒත් කසාදයක් කියන්නෙ දෙන්නෙක්ගෙ ආත්මයන් එකිනෙකට බන්දන දෙයක්. එහෙම දේකට , අඩු ගානෙ ආදරේ කරන්න කෙනෙක්වත් හොයාගන්න ඕනෙ.

ඒත් ආදරේ කියන්නෙ මට වහ කදුරු වගේ. ආදරේ කියල දෙයක් ඇත්තටම තියෙනවද කියලත් මට අවිශ්වාසයි. මිනිස්සුන්ගෙ එක එක ආසාවල් පිරිමහගන්න , තණ්හාවට , කෑදරකමට ආදරේ කියන වචනය අලවල ළං වෙනවා. පස්සෙ ඔක්කොම කරගෙන ඈත් වෙනවා.

ර්‍ඇරත් මම ඉස්සර තරන් ආදරයට ළැදි කෙනෙක් නෙවෙයි දැන්. ජීවිතේ උගන්නපු සමහර පාඩම් නිසා මම වැඩිපුර යැපෙන්නෙ මොළෙන් කියන දේවල් අනුවයි. හිත කිව්ව සමහර දේවල් නිසා මගෙ නමට සදාකාලික පැල්ලම් කීපයක්ම එකතු වෙලා තියෙනව.

හිත හිත එන අතරෙ මම ෆින්ගර්ප්‍රින්ට් මැශින් එක ගාවටම ආව.

එතනින් ඕෆ් එකත් දාල කෙලින්ම ගියේ කැන්ටින් එකට. ඒ මගෙ රෑ කෑම එක අරන් යන්න. මම කලිනුත් කිව්වනෙ. මට උයන්න බෑ. කොහොමටවත්ම ඒකනං බෑ.

"ආ... පවන් මල්ලිගෙ කෑම එක දෙන්න සුනිල්..."

කැන්ටින් එකේ අක්කා ඈත තියාම මාව දැකල කැන්ටිමේ වැඩ කරන කොල්ලට කතා කලා.

මම ඒ අක්ක දිහා හැරිල හිනාවක් දාල , සුනිල් ගෙනත් දීපු පාර්සලේ ගත්තෙ , "ස්තූතියි" කියන ගමන්.

ඒකත් බෑග් එකට දාගෙන මම කාර් එක ගාවට එන්නත් කලින්ම , තුශාරයත් කොහෙද ඉඳන් දුවන් ආව බෑග් එකකුත් පිටේ එල්ලන්.

"අඩෝ පවනා... යමං එහෙනං... උඹ ඕෆ් එක දැම්ම නේ. මම නං දැම්මා. බැංකුවට ගිහින් සල්ලිත් අරන් ආව."

මූ ඒ ඩිංගට සල්ලිත් අරන් ඇවිල්ල.

"ඔහොම නාස්ති කරන්න එපා බං නිකරුණේ"

"උඹලගෙ ජීවිත නිකං වැල්පෙනෙල වගේ තියෙන්නෙ ඔය හිතන විදිහ නිසා බං. ජීවත් වෙන කාලෙ ආතල් අරන් වියදම් කරන්න ඕනෙ. මලාට පස්සෙ මොකා හරි වියදම් කරල අපේ මල ගේ කරයිනෙ."

"පිස්සු බං උඹට. උඹ වියදම් කරන්න ඕන්නෑ. මම දෙන්නං. මමනෙ අනිද්දට යන්නෙ. උඹ නෙවේනෙ"

"අඩෝ අඩෝ... ඔන්න ආව රියල් පවනා. නැගහන් නැගහන්. ක්ලබ් එක 5ට අරිනවා. ඉක්මනට ගිහින් ශොටක් දාල 6 වෙනකොටම නටන්න ගන්න ඕනෙ. අද නං කෑල්ලකට තට්ටු කරනවමයි ඈ. උඹත් හොඳ එකක් බලල හේත්තුවක් දහන්. ගිය පාර වගේ."

ගිය පාර ගැන මම එච්චර කතා කරන්න කැමති නෑ. මොකද ඒ වෙලාවෙ මම ඉඳල තියෙන්නෙ සිහියකින් නෙවෙයි.

ක්ලබ් එකේ ඩාන්ස් කරන්න ආපු කෙල්ලෙක් කියල හිතන් මම ගිහින් තියෙන්නෙ , ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගාවට. (ගණිකාව).

ඉතින් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. ඒ ගෑනි මාව කුදලන් ගිහිල්ල ඇඟ වනල මගෙ සාක්කු දෙකේ තිබ්බ සල්ලිත් උස්සන් යන්න ගිහිල්ල.

"අපෝ මේ... පිස්සු වේ@යොන්ට් නං අහු වෙන්න බෑ ආපහු. සල්ලිත් කුඩු එදා"

"මේ මේ ඒම කතා කරන්න එපා බං ඈ. උනුත් ඒ රස්සාවක්නෙ කරන්නෙ, උඹල වගේ. උඹට එදා ආතල් එක හම්බුන්නැද්ද කියපං. හම්බුනානෙ. ඉතින් උඹ ඒකට ඒකිට ගානක් ගෙව්වා. වෙන මුකුත් නෑ."

"උඹ ඕනෙ දෙයක් කියපං. වේ@ වේ@මයි. ඒක එදත් එහෙමයි , අදත් එහෙමයි."

"හා හා මාත් එක්ක මරාගන්න එපා දැන්. යමංකො අපි"

ඒ කතාබහ එතනින් ඉවර උනා. මම තුශාරයත් එක්ක පහයි කාලට විතර ක්ලබ් එකට ඇවිත් , කාර් එක පාක් එකෙන් නවත්තල ඇතුලට ගියා.

තුශාර කියන්නෙ බොන්න දෙනවනං , මිනිහෙක් උනත් වලපල්ලට යවන ජාතියෙ එකෙක් කියල දැන් තේරෙනවනෙ. ඉතින් අදත් එහෙමම තමයි. ක්ලබ් එකේ බාර් එක ගාවම වාඩි වෙලා පත වීදුරු වලට පුරෝ පුරෝ ගිලිනව.

මමත් ගිහින් ශොට් දෙක තුනක් ගහනකොටම ලාවට මත් වීගෙන ආපු නිසා මම නැවැත්තුව. ඩ්‍රයිව් කරන්නත් එපැයි දැන් ආපහු.

"අඩො... හික්.... පවනා... උඹ හෙන.... හික්... හොඳ එකා බං... හික්..."

තුශාරය වෙරිමතේ කියවනව මගෙ ඇඟේ එල්ලිලා.

"උඹට... හික්... කෙල්ලෙක් නැතිවෙන්න බෑ... හික්... ඕම හිටාංකො..."
කියල ඌ මාව අතෑරල ඩාන්ස් ෆ්ලෝර් එකට ගිහින් හිටගත්ත.

ඊළඟට ඌ කරපු දේ නිසා මම තක්බීර් උනා.

තුශාරය මගෙ දිහාට අත දික් කරල මහ හයියෙන් කෑගහන්න ගත්ත.

"ආන්.... අර බුවා... හෙන හොඳ එකා... ඔය කෙල්ලො.... හික්... ඉන්නව නං... ඌට ලව් කරපං... උගෙ පරණ ලව් එකක් කැඩිලා උට ලව් කිරිල්ල එපා වෙලා ඉන්නෙ... බඩු නං එන්න එපා... පට්ට වේ@යො... ඌ කියන්නෙ ඒමයි... ඒ නිසා උන් එපා..."

මම ඉක්මනට තුශාරය ගාවට ගිහින් , උගෙ ශර්ට් එකෙන් ඇදල අරන් , ඩාන්ස් ෆ්ලෝර් එකෙන් අයින් උනා.

"පිස්සුද හිකනලෝ... ගොන් ආතල් නොදී පාඩුවෙ ආතල් එකක් ගනින්කො. මමත් නෝන්ඩී උඹත් නෝන්ඩී. තව ටිකෙන් අපි දෙන්නවම කුදලන් ගිහින් එලියට දානව"

"ඒ.. උනාට... හික්... උඹට කෙල්ලෙක් ලැබෙන්න ඕනෙ බං... උඹට ගෑණියෙක්ගෙ පහසක් ලැබෙන්න ඕනෙ බං... මේ ක්ලබ් එකේ ඉන්නවා... පන්දාහකට ටෝක් කරමු"

"මම උඹට කිව්වනෙ. ඔය වේ@යො එක්ක මගෙ ගණුදෙනුවක් නෑ කියල. නවත්තහන් ඔය මගෙ කරේ නගින එක"

තුශාරය මගෙ ඇඟ දිගේ යන්න හදන නිසා මම ඌව එහාට කරන ගමන් කිව්ව.

ඌව ඒ ළඟ තිබ්බ මේසෙකින් වාඩි කරල මම ආපහු බාර් ටේබල් එක ගාවට ගිහින් , තව ශොට් එකක් දාගත්තා. වෙරි හිඳෙනවනෙ මේ යකා කරන වැඩ වලට.

මම එහෙම්ම පොඩ්ඩක් මේසෙට ඔලුව තියාගත්තා , කැරකිල්ල වගේ ආපු නිසා. බාර් එකේ දාල තියෙන සිංදු වල සද්දයි, මිනිස්සුන්ගෙ හිනා සද්දයි මැද්දෙ මගෙ ඇස් දෙකත් හිමීට පියවුනා.

"ම... ත්මයා.... මහ.... ප්‍රශ්...ද?"

කවුද මංද හීනෙන් වගේ කතා කරනව ඇහුන නිසා මම ඔලුව උස්සල බැලුව. කලු ඇඳගත්ත, ක්ලබ් එකේ ගාඩ් කෙනෙක් ඇවිත් මං ගාව හිටගෙන හිටිය. මං ඔලුව උස්සනව දැකල එයා ආපහු මට කතා කලා.

"මහත්මයා... මොකක් හරි ප්‍රශ්නයක්ද? ගොඩක් වෙලා තිස්සෙ ඔලුව තියන් ඉන්නව දැකපු නිසා ඇහුවෙ"

මම ඉක්මනට මූණ අතින් පිහිදල දාල, ඔරලෝසුවෙන් වෙලාව බැලුවා.

දහයයි තිහයි !

මල කෙලියයි... මෙච්චර වෙලා නින්ද ගිහිල්ලත් මොකාවත් මාව ඇහැරලවල නෑනෙ.

මම ඉක්මනට පුටුවෙන් නැගිට්ටෙ, සාක්කු වලට අත යවල මගෙ පර්ස් එකයි ෆෝන් එකයි තියෙනවද කියල චෙක් කරන ගමන්.

"ආහ් නෑ නෑ. සොරි කරදරයක් උනා නං. මම දැන් යන්න ඕනෙ. ගොඩක් ස්තූතියි හොයල බැලුවට."
කියල මම තුශාරය හිටපු මේසෙ දිහා බැලුවා.

ඉවර උන බෝතල් කීපෙකුයි සර්වන්ට් කෙල්ලෙකුයි ඇරෙන්න වෙන කවුරුත් එතන හිටියෙ නෑ.

මම ආපහු ගාඩ් පැත්තට හැරිලා,
"excuse me... අර ටේබල් එකේ හිටපු කෙනා කොහෙද? ලා නිල් පාට ශර්ට් එකක් ඇඳන් හිටියෙ"
කියල තුශාරය හිටපු ටේබල් එක පෙන්නුවා.

ගාඩ් උත්තර දෙන්න කලින් බාර් එක කරන අයියා අපි ගාවට ඇවිල්ල කතා කලා.

"මෑන් ගියා මල්ලි. බෝතල් පහ හයක්ම හිස් කරල , මල්ලිව පෙන්නල , මූව කවුරුත් ඇහැරවන්න එපා ඌ හිතේ දුකින් ඉන්නෙ කිය කිය කෑගැහුව. පස්සෙ මිනිහා කාත් එක්කද මංද යන්න ගියා."

"ආහ් හරි හරි. thank you information එකට. මට බිල් එක දාල දෙන්න පුලුවන්ද?"

"ඒව ඒ මෑන් ගෙවල මල්ලි ගියේ. ඔක්කොම සෙට්ල්..."

මූ මොන මගුලෙ ගියාද දන්නෑ. මම ෆෝන් එක අරන් බැලුවා. මිස් කෝල් හයකුයි එක මැසේජ් එකකුයි.

ඒ ඔක්කොම තුශාරයගෙන්. මම මැසේජ් එක ඕපන් කරල බැලුවා.

'පවනා. බිල් එක මම ගෙව්වා. උඹ නිදාගෙන ඉන්න වෙලේ පර්ස් එක අවුස්සන එක හරි නෑනෙ. සල්ලි නං ඕන්නෑ මට. පරිස්සමින් ගෙදර පලයන්. මට මේ අඳුරන එකෙක් හම්බුනා. මම හිතන්නෙ මම ඌව අඳුරනව. මාව බ්ලැක්මේල් උනොත් අම්මට කියහන් රෑට කෑම තියන්න එපා කියල බං... ආදරෙයි... මම ඌ එක්ක ගෙදර යනවා. bs බං'

මුන් මහ whoca... චරිතනෙ ඉතින්.

කල්බ් එකේ සාමාන්‍යෙන් මේ වෙලාවටත් හෙන සෙනඟක් ඉන්නවා. අද නං පොඩ්ඩ දෙනයි. නටන කෙල්ලෙක්වත් නෑ.

තව බලන්න දෙයක් නැති නිසා මමත් කාර් එකට ආව ආපහු.

තාම නිකං ඔලුව කැරකෙනව වගේ.

කාර් එක ක්ලබ් එකේ පාක් එකෙන් එලියට අරන් මේන් රෝඩ් එකට දානකොටම මම දැක්කෙ , කොට සායක් ඇඳගත්තු කෙල්ලෙක් සයිඩ් බෑග් එකකුත් එල්ලන්, පාරෙන් අනිත් පැත්තෙ ලේන් එක දිගේ යන හැටි. ඒ කෙල්ල පිටිපස්ස හැරි හැරි බයෙන් වගේ යන බවක් මම දැක්කෙ.

මේ මහ රෑ කෙල්ලෙක් තනියම ඇයි කියල කල්පනා කරද්දි මට හිතුනෙ ඒ ක්ලබ් එකේ වේටර් කෙල්ලෙක් හරි ක්ලබ් එකට ආපු නෝමල් කෙල්ලෙක් හරි වෙන්නැති කියල.

මම කාර් එකෙන්ම ගිහින් ඒ කෙල්ල ගාවින් නවත්තල ශටර් එක ඇරියා.

මම කලින් මූණ දැක්කෙ නෑනෙ ඈතට. ඒ උනාට පාරෙ ලයිට් එකකින් ආපු එලියකින් මම ඒ කෙල්ලගෙ මූණ දැක්කා. මහ වයසක් පේන්නෑ. 25ක් වගේ. කොහොම උනත් මූණෙ තිබ්බෙ බය උන පෙනුමක්.

"Excuse me මිස්... ළඟටනං යන්නෙ රයිඩ් එකක් දෙන්න පුලුවන් මට"

ඒ කෙල්ල ගැස්සුනා මගෙ කටහඬට. එයා ඇවිදින එක නවත්තල කාර් එක දිහයි මම දිහයි මාරුවෙන් මාරුවට බලල , ආපහු ගොත ගගහ කතා කලා මට.

"අ... හ... හා..."

"නගින්න මිස් එහෙනං"

මිස් කියල කිව්වෙ ඉතින් කාට උනත් වැදගත් විදිහට කතා කරන්න එපැයි.

ඒ කෙල්ල වටෙන් ඇවිල්ල කාර් එකේ ඉස්සරහින් නැග්ගා. සීට් එකෙන් වාඩිවෙද්දි, ඒ කෙල්ල ඇඳන් හිටපු සාය තවත් ටිකක් උඩට ඉස්සුන නිසා මට ඒ දිහා බැලුනා නොදැනුවත්වම.

මම කාර් එක ආපහු පාරට දැම්මෙ, එහෙම එක පාරටම අඳුරන්නැති කෙනෙක්ගෙ කාර් එකකට නැග්ග එක ගැන පුදුම වෙන ගමන්.

"මිස්ට කොහෙටද යන්න ඕනෙ මිස්"

"ඔ... ඔයා... ට කැමති තැනකට යමු සර්..."

ඒක ඇහුන ගමන් මම ඇස් දෙක ලොකු කරන් ඒ කෙල්ල දිහා බැලුවෙ පිළිකුලකින් යුතුව, දිව අගට ආපු වචන කීපය එලියට දාන ගමන්.

"බැහැපිය.. පට්ට වේ@ එලියට..."

මතු සම්බන්ධයි...