Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Drg No level_badge

Drg No

Member

Aug 04 2024 @ 13:13

උන්මාදේ ッ - 1



සඳගනාවට සඳලුතල සිප..... ලාල ලා ලල.....



මෝලයි මමයි ගැම්මට සිංදුවක් කිය කිය දත් මදින්න ගත්තෙ උදේම තියෙන මූසල ගතිය යන්නත් එක්ක.



මාර නිදහසක්...... උදේට පුදුම නිස්කලංක බවක්.......



"කයිල මහාලිපල විංජූ..... carry who can know.... පලයව් මගේ අඩවියෙන් එලියට.... who to..... හතා හී මන්මන්.... ජාහේ කරෝතී."



දත් මැද මැද ඉඳපු බුරුසුව ගිහින් උඩ තල්ලෙ වැදුනෙ නිකං නන්දිකඩාල් වලට ක්ලේමෝ ගහනව වගේ ලයින් එකේ.



නිස්කලංක උදේ ලෙප්ට්.



මමයි මෝලයි දෙන්නම සැනික ටැප් එක වහල දාල , බුරුසුවත් කටේ ගහන්ම කොරිඩෝව දිගේ අපේ කාමරේට දුවන් ගියා. ඒ වෙනකොටත් අල්ලපු කාමර වල උන් දොරවල් ඇරන් එලියට එනව මල පැනගෙන. අපිට එහා පැත්තෙ කාමරේ හිටපු සංක අයියා මමයි මෝලයි එනව දැකල අපිට කෑගැහුව.



"අප්පට හික්කඩුවෙ යවාගන්නැතුව අර පුත්තලම් කොරවක්කව යවපං මල්ලි බෝඩිමෙන් එලියට. මොන මගුලක්ද. ගෙදෙට්ට කෝල් එකක් ගන්න නෑ , මූ කුණුහරප කියනව උදේ පාන්දර. ගෙවල් වල මිනිස්සු හිතන් ඇත්තෙ අපි මුඩුක්කුවක ඉන්නව කියල"



"හරි හරි අයියෙ. ඇම්ඩා පොඩ්ඩක් එහෙම තමයි. ඌ බයයිනෙ අයියෙ. අයියා දන්නවනෙ ඉතින්"



සංක අයියටත් ශේපක් දාගෙන මම කාමරේ දොර ඇරන් ඇතුලට ආව. ඇම්ඩා වැලි අහුරක් අතට අරගෙන උගෙ ඇඳ උඩට වෙලා මතුර මතුර කාමරේ පුරා වැලි විසි කරනව.



"පිස්සු හැදිලද බල්ලො. කවුද who can know මේව අස් කරන්නෙ , තෝ වැලි ගහල දැම්මට පස්සෙ."



මෝලාටත් තද වෙලා ඇම්ඩට බැනගෙන බැනගෙන ගියා.



"තොපිලත් තාම බය සැක නැතුව ඉන්නෙ මේ භූත ගුහාවෙ ඉන්න හොල්මන් ටික මම පන්නන නිසා තමයි. නැත්තං තොපිලටත් මෙලහට දිශ්ඨිය වැටිල."



ඇම්ඩත් අරින්නෑ. ඌ නිදහසට කරුණු කියනව.



බෝඩිම් ජීවිතේ තිත්ත වෙන්නෙ මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයො මේකෙ වල බහින්න ආවම තමා ඉතින්.



මමයි මෝලයි දෙන්නම ඇම්ඩගෙ අතේ තිබ්බ ඉතුරු වැලි ටික අරන් එලියට විසික් කරල දාල ඌවත් ඇදන් ගියා ටැප් එක ගාවට.



"මේක හරියන්නෑ බං. මූ දැන් සතියකට පාරක් වත් මේ පිස්සුව කෙලිනව. අනිත් උන් අපිට ගහයි යකෝ"



මෝලා බුරුසුව හෝදන ගමන් මට කියනව. ඇම්ඩ නිකං උට නෙවෙයි වගේ පැත්තකට වෙලා , යක්කු පැන්නුව නිසා ගැම්මෙන් දත් මදිනව.



"මොනා කරන්නද බං ඉතින්. කොහොමහරි වටේ පිටේ උන්ව ශේප් කරන් ඉමු. මෙතනින් ගිහිල්ල වෙන කොහේ යන්නද බං"



මොන ප්‍රශ්නෙ තිබ්බත් අපි තුන් දෙනා මේ බෝඩිමෙන් යන්නැත්තෙ , මෙච්චර අඩුවට වෙන කොහෙවත් ඉන්න බැරි නිසා. අනිත් එක තමයි වෙන බෝඩිම් වල නැති විශේෂ දෙයක් මේකෙ තිබ්බ.



මම ගිම්හාන් පතිරාජ. ඈත ගමක ඉඳන් කොළඹට රස්සාවක් හොයන් එන අතරෙ මීට අවුරුද්දකට උඩදි මට රජයේ ආයතනයක පොඩි රස්සාවක් හම්බුනා. ඒ අපේ දෙපාර්තමේන්තුවෙ කම්පියුටර් ඔපරේටර් කෙනෙක් හැටියට. රස්සාවෙ හැටියට මට එච්චර වැඩ නෑ.



ඉතින් ගමේ ඉඳන් උදේ හවස කොළඹ යන එක මාර කට්ටක් නිසා තමා , හොයල හොයල අන්තිමට මේ බෝඩිම හොයාගත්තෙ. බෝඩිමක් කිව්වට නිකං කාමර දෙකේ තුනේ බිත්ති හතරක් නෙවෙයි. කෙලින්ම අක්කර බාගයක් විතරම බිල්ඩිම. තට්ටු පහයි. කාමර 37ක් තියෙනව සම්පූර්ණෙන්. අපි ඉන්නෙ උඩම තට්ටුවෙ.



ඇම්ඩා කියල කියන්නෙ මට දෙපාර්තමේන්තුවෙන් හම්බුනු යාලුවෙක්. මිනිහගෙ ඇත්ත නම අමිශ්ක. ඌ නං ටිකක් ලොකු පෝස්ට් එකක එකෙක්. උට ඇම්ඩා කියන නම වැටුනෙ ඌ තරම් ඇම්ඩගෙ කතා දන්න එකෙක් මේ හතර මායිමේම නැති නිසා. සමහර කතා ඌම හදල කියනවද මංද. ඌයි මමයි බෝඩිමක් හොය හොය ඉන්නකොට අපි දෙන්නටම මේක හම්බෙලා තමා අපි දෙන්නත් මේකට සෙට් උනේ. කාමරේ භූත දෝසද මංද ඇම්ඩා මේකට ආපු දවසෙ ඉඳන් උට හොල්මනක් කරදර කරනවලු. උගෙ නැති උන මාම කෙනෙක් ඌ එක්ක සීන් එකට එන්න හදනව කියල , අංජනමකින් කියල තියෙන්නෙ.



ඇම්ඩයි මමයි බෝඩිමට එනකොට අපිට හම්බුනු කාමරේ හිටපු අනිත් එකා තමයි මෝලා. ඌ අපිට වඩා අවුරුද්දක් බාලයි. මිනිහගෙ ඇත්ත නම දිල්ශාන්. උට මෝලා කියන්නෙ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ. ඌ තමා බෝඩිමේ ලොකුම අසහනකාරය. බස් එකේ ඇන්ටි කෙනෙක් අක්ක කෙනෙක් තියා , අඩු ගානෙ කඩේක රෙදි අන්දපු ඩමියක් දැක්කත් මූ ජැකක් ගහන්නමයි යන්නෙ. ජැක සෙට් නැත්තං අඩු ගානෙ ගෑවෙන්න හරි බලනව. ඉතින් මූ එක්ක බස් එකේ යන දවස් වලට අපි ෆුට් බෝඩ් එකට බහිනව. හදිස්සියෙ දුවන්න උනොත් එහෙම. අනික් කාරණේ තමා මෝල තමා මුලු බෝඩිමටම "යටිතල පහසුකම්" සපයන්නෙ. මුගෙ 1TB හාඩ් ඩිස්ක් එකක් පිරෙන්නම තියෙන්නෙ අමුද්‍රව්‍ය. මෝලා හෝටලේක කුක් කෙනෙක්. ඉතින් බෝඩිමේ උයන්නෙත් ඌම තමා.



අපේ බෝඩිම පවත්වාගෙන යන්නෙ ලොකු මහත්තයෙක්. බෝඩිම බලාගන්න දාල ඉන්නෙ ඇන්ටි කෙනෙක්. අපිට කන්න බොන්න නං හම්බෙන්නෑ. අපිම උයන් කන්න ඕනෙ. බෝඩිමේ උයන්න පුලුවන් උන් සෙට් වෙලා උයනව. අනිත් උන් බඩු ගේන්න සල්ලි දානව. කට්ටියම සහයෝගෙන් ගහන ගේමක් ඉතින්.



අපේ බෝඩිමේ තව විශේෂත්වයක් තියෙනව කියල මම කලින් කිව්වනෙ.



අපේ බෝඩිමේ ගෑණු පිරිමි දෙගොල්ලොම ඉන්නව. බෝඩිමේ දෙකයි තුනයි තට්ටු දෙක ගෑණු. බෝඩිමේ ඇන්ටි ඉන්නෙ පහළම තට්ටුවෙ. කුස්සිය තියෙන්නෙත් පහළ. පිරිමි ඉන්නෙ උඩම තට්ටු දෙකේ. ඒ කියන්නෙ හතරවෙනි තට්ටුවයි පස්වෙනි තට්ටුවයි. බෝඩිමේ ගෑනු පිරිමි පොඩ්ඩක් හරි එකතු වෙන තැන් තියෙන්නෙ මුලු බිල්ඩිමටම එකම එකම තැනක් විතරයි. ඒ කුස්සියෙ. පහලම තට්ටුවෙ තියෙන ලොකු කුස්සියක් දෙකට බෙදල තියෙන්නෙ. ගෑනු අයටයි පිරිමි අයටයි. ආයෙ ඉතින් අඟල් හතක විතර ඝනකම් බිත්ති තියෙන්නෙත්. හිලක් විදල ඇතුල බලනව වගේ වැඩ හරියන්නෙත් නෑ. මැරෙනකං හිල විද විද ඉන්න වෙන්නෙ.



හැබැයි පොඩි අවුලකුත් තියෙනව. ගෑණු පිරිමි දෙගොල්ලොම ඉන්න නිසා පොශ් කෑලි බහින්නෑ මේකට. නුවර කොල්ලො උනත් ආ.... කොළඹ කොල්ලො උනත් ආ.... සීන් එකේ ලපයි සිපයි කෙල්ලො විතරයි බෝඩිමට එන්නෙ.



අපිට අල්ලපු කාමරේ ඉන්නෙ සංක අයියා. මෑන් මේ දවස් වල ප්‍රොජෙක්ට් එකක් කරන ගමන් ඉන්නෙ. සංක අයියා හෙනට ඉගෙනගත්තු ඩයල් එකක්. මූණෙන්ම පේනව බුද්ධිමත් බව.



අපේ බෝඩිමට අල්ලපු වැටේ තියෙන්නෙ පරණ බිල්ඩිමක්. ඒකත් ඉස්සර මේ බෝඩිමේම කෑල්ලක් කියල තමා අපේ බෝඩිමෙ බාර ඇන්ටි නං අපිට කිව්වෙ. පොඩි පොඩි සිද්ධි නිසා ඒක අතෑරල දාල. හොල්මන් සීන්ද කොහෙද.



මේ හරියෙ තව බෝඩිම් දෙක තුනක්ම තියෙනව. හැබැයි ලොකු ඒව නෙවේ. සාමාන්‍යය කාමර දහයෙ දොළහෙ ඒව.

............................................



"ගිමා.. අද පොඩ්ඩක් අපේ බ්‍රාන්ච් එකට වරෙන්. අර ළමයෙක්ගෙ පීසී එකක පොඩි අවුලක් වෙලා."



ඇම්ඩා ලෑස්ති වෙන ගමන් මට කිව්ව.



"කෙල්ලෙක්ගෙද?"

මෝලත් සෙට් උනා කතාවට.



මම කිව්වනෙ. ඕකාට කෙල්ලෙක්ගෙ සුවඳක් ආවත් ඇති කියල.



"ඔව් ඔව් බං. අලුතෙන් ආපු කෙල්ලෙක්."



"අඩෝ ටෝක් කරල දිහංකො"



"පිස්සුද යකෝ."



මෝලගෙ අසහනේ පියවන්න පුලුවන් ඉතින් මියා කලීෆා වගේ ගෑණියෙක්ට විතරයි.



මම මෝල දිහාට හැරිල,

"ඉතින් මේ බෝඩිමෙන් එකක් ටෝක් කරහංකො. ඔය ඉන්නෙ හැට හුටාමාරක්"

කියල කිව්ව.



මෝලා කලිසමේ බටන් එක දාන එක නවත්තල මගෙ දිහා හැරුනා.



"ටෝක් කරන්න? මේ බොඩිමෙන්? මේකෙ ඉන්න එකියක්ව?"



"ඔව්. ඇයි ඔය ඉන්නෙ ලස්සන කෑලි"



"ඉන්නව රෙද්දක්. මේ මගුල් බෝඩ්මේ පොශ් පට්ට කෑල්ලක් කියන්නෙ නිකං හේලිගෙ වල්ගා තරුව වගේ. අවුරුදු 76කට පාරක් එන්නෙ."



ඇම්ඩත් කට වහන් සේපට හිනා වෙනව.



"ඉතින් උඹ කියන්නෙ මේකෙ ඉන්න කෙල්ලො නරකයි කියලද?"



"අපෝ නෑ. නරක් වෙන තරමට හොඳයි. පත්තිනි අම්මල එක්ක කොහෙද කියහංකො සැපක්වත් ගන්නෙ."



"ඉතින් මොකක්ද මේකෙ කෙල්ලොන්ගෙ තියෙන අවුල"



"මෙලෝ පිලිවෙලක් නෑනෙ බං. දැන් බලහන් ඔය පඩිපෙල ගාවින්ම. අපේ පැත්තෙ කොල්ලො පඩිපෙලත් අතුගානව හැමදාම. උන් මොනාද කරන්නෙ. දවල් වෙලා නැගිටල , මායාකාරියො වගේ කොණ්ඩෙත් කඩාගෙන ෆෝන් ඔබ ඔබ ඉන්නව දවසම. ඕකුන් රස්සාවලට ගිහිල්ල කරන්නෙත් ඕක , බැන්ද දවසකට ගෙදරට වෙලා කරන්නෙත් ඕක. මිනිහට අබ සරණයි. අනිත් එක බලහන් උන්ගෙ කටවල්. මම කියන්නෑ කෙල්ලො සද්දෙන් කතා කරන්න හොඳ නෑ කියල. අඩු ගානෙ සංවරව කතා කරපං. යකෝ මමවත් ප්‍රසිද්ධියේ කුණුහරප කියන්නෑ. කුස්සියට ගියාම මට ඇහෙනවනෙ බිත්තිය එහාපැත්තෙන් කියවන දේවල්. යකෝ අහන්න බෑ ඒව"



මෝල අසහනකාරය උනාට , ඌ හොයන්නෙ විසේ වගේම පිළිවෙලට ඉන්න කෙල්ලෙක්ව. ඌ කියන කතාවත් ඇත්ත ඉතින්. කෙල්ලෙක් ආතල් එකේ ජීවත් වෙන එක වෙනම දෙයක්. ඒ උනාට දැන් කාලෙ කෙල්ලො කුණුහරප කියාගෙන , හෙන සීන් එකේනෙ ඉන්නෙ. ඒව ගැලපෙන්නෑ ඉතින්.



දාර්ශනික ටෝක්ස් වලින් පස්සෙ මෝලා පහලට බැස්ස. උට උදේම හෝටලේට යන්න ඕනෙ නිසා. මමයි ඇම්ඩයි හිමීට ලෑස්ති වෙලා පහළට බැස්ස.



"මොනා උනත් මෝලාගෙ තේරීම් නං මරු. ලස්සනටම වහල් වෙලා කෙල්ලො ටෝක් කරන එකෙක් නෙවේ ඌ. උට සෙට් නැත්තං ඌ ටෝක් කරන්නෑ. බොරුවට ටෝක් කර කර සෙට් වෙන කෙනා හොයන් යන්නෑනෙ"

ඇම්ඩා පඩිපෙලේදි මට කියනව.



"එහෙම තමා බං. ඔය අමු සක්කිලි වගේ හිටියට ගොඩක් උන්ගෙ හිත හොඳයි බං"



"හම්ම්"



අපි දෙන්නම පහළ බයිසිකල් නවත්තල තිබ්බ මඩුවට ඇවිල්ල බයික් එකට නැග්ගා. බයික් එක ඇම්ඩගෙ. මට තාම බයික් එකක් ගන්න තරන් පඩියක් හම්බෙන්නෑ. ස්ථිර කරල නෑනෙ රස්සාව.



අපි දෙන්න කඩේකින් ඉඳි ආප්ප මුලකුත් අරගෙන ඔෆිස් එකට ගියා. ඇම්ඩගෙ බ්‍රාන්ච් එකේ කැඩුනයි කිව්ව පීසි එකත් බලාගෙනම මම වැඩ පටන් ගත්ත.



කවදාවත් නැතුව අද තියෙන තියෙන හැම මගුලම කැඩෙන්න අරන්. එකෙක් කම්පියුටරේට තේක හලල. පිස්සු උට්ටො ඉන්නෙ මේ රජයේ සේවයේ.



වෙනදට වඩා වැඩ තිබ්බ නිසා මට හතරට ඕෆ් එක දාන්න උනේ නෑ. ඇම්ඩට යන්න කිව්වත් ඌ මම එනකං හිටිය නිසා පහමාරට විතර අපි දෙන්නම ඔෆිස් එකෙන් ආව.



රෙද්දෙ රෙවිල ඉන්න වෙලාවෙ අතීසාරෙ හැදුන වගේ එක පාටම මහා වරුසාවකුත් වැටෙන්න ගත්ත. එහෙ මෙහෙ නවත්ත නවත්ත ඉඳියොත් තව පරක්කු වෙන බව දන්න නිසාම ඇම්ඩා , අභීත යක්ක පුතා වගේ වතුර කපාගෙන බයික් එක දක්කන් කෙලින්ම බෝඩිමට ආව.



"මේ අඩෝ මෝලා ඇවිල්ල ඇති නේ. ඌව ගන්න ආපහු යන්න වෙයිද දන්නෑ"



බයික් එක ගරාජ් එකට දාල ස්ටෑන්ඩ් එක ගහන අතරෙ ඇම්ඩ මගෙන් අහනව.



"ඇවිල්ල ඇති බං. ඌ හරකෙක්ව ටෝක් කරන් හරි නැගල හරි එන ජාතියෙ එකෙක්නෙ."



"ගිහින් බලමුකො."



වෙලාව හයත් පහු වෙලා. ශික්. දැන් ඉතින් උණුවතුර රත් කර කර හුමාලෙ අල්ලල , පැරසිටමෝල් බීල හෙන ප්‍රොසෙස් එකක් තියෙනව කරන්න. වැස්සෙ තෙමුනනෙ.



ඇම්ඩ ජැකට් එකයි හෙල්මට් එකයි අරගෙන සුන් ගාල විදගෙන ගියා. ඌ මට වඩා තෙමුනනෙ. මම නං උට කවර් වෙලා ආවෙ.



මම හිමීට සපත්තු දෙකත් main door එක ගාවින්ම ගලවල අතට අරන් අපිට ආපු ලියුම් අනං මනං තියෙනවද කියලත් බලල එහෙම පඩිපෙල නගින්න ගත්ත.



මැරිල මැරිල බෝඩිමට ආවම නැගපංකො තට්ටු පහක් ආපහු. සියලු සංස්කාර සර්පයෝ මල පෙරේතයි කියල හිතෙන්නෙ මෙන්න මේ වෙලාවට.



තුන් වෙනි තට්ටුව නැගල හතර වෙනි තට්ටුවට නගින්න පඩිපෙලට කකුල තියෙනකොටම ඇස් කොනින් දකුණු පැත්තෙ කොරිඩෝවෙන් ඡායාවක් දැක්ක නිසා , පඩිපෙල නගින එක පැත්තකට දාල ඒ දිහා බැලුන.



දේව නැකතින් උපන් ජපන් පෙරේතයෙක් කිව්වලු......



සාරියට හැඩට පේන ඉන....

සාරි පොට අස්සෙන් පේන ලස්සන බංඩිය....

හැට්ටෙට තද වෙලා පිපිරෙන්න හදන සීනි බනිස....

කුරහන් ගල වගේ බැඳපු කොණ්ඩෙ.....

පෝයට පහුවෙනිද පෑයුව හඳ වගේ දිලිසෙන මූණ.....



උගෙ අප්පගෙ කාන්තා රූප විග්‍රහයක් නේ බං. මට නිසදෙස් බෑනෙ. ගොන් ලබ්බවල් ලියවෙන්නෙ.



කවුදෝ මංද හුරුබුහුටි කෙල්ලෙක් කොස්සකුත් දෑත දරාගෙන දාඩිය පිහිදදා කොරිඩෝව අතුගානව. ගෑණුන්ගෙ කාමර වලින් කොරිඩෝව අතුගානව දැක්ක පළවෙනි පාර.



මෝලා උදේ පායනව කියපු හේලිගෙ වල්ගා තරුවද මේ!



"ම්ම්ම්හ්හ්හ්ම්ම් excuse me?"



මල හත්තිලව්වයි. මටත් නොදැනිම මගෙ කට වැඩ කරන්න ගත්ත.



අර කෙල්ල අතුගාන එක පැත්තක දාල මං දිහා බැලුව.



"කියන්න අයියෙ"



අඩේ... අයියලු. නංගි බබෙක්ද කොහෙද. මේකිව දැන් අතෑරල ගියොත් හෙට උදේ වෙනකොට, වෙන එකෙක් මේකිට අයිතිවාසිකම් කියාගෙන එනව ලොවෙත්. ලව් සික් එකේනෙ ඉන්නෙ අපේ උන්. ඒ නිසා දැන්ම මේකිව මගෙ නමට රිසව් කරන් යන්න ඕනෙ.



"ආ නෑ මේ. නංගි අලුතෙන්ද බෝඩිමට. මම කලින් දැකල නැති නිසා ඇහුවෙ"



"අනේ ඔව් අයියෙ. මම අද උදේ ආවෙ. දැන් ඔෆිස් එකෙන් ආවෙ."



"ආ හරි හරි. ඇයි මේ අතුගාන්නෙ හදිස්සියෙම"



"පොඩ්ඩක් අතුගෑව අයියෙ. දූවිලි හරියට. හොඳ නෑනෙ බෝඩිමක උනත්"



"ඒකනං ඇත්ත. පඩිපෙල අතුගාන්න ඕන්නෑ. ඒක අපේ අය බලාගන්නව උදේට. නංගි ඕක අතුගාල යන්න. මොනා හරි ඕනෙ උනොත් කියන්න. මම පස්වෙනි තට්ටුවෙ ඉන්නෙ"



"අනේ හරි අයියෙ. ගොඩක් ස්තූතී."



තව පොඩ්ඩෙන් ළය පැලී මිය යන්න ගිය නිසා මම පඩි දෙක දෙක නැගල උඩට ගියා.



අන්න කෙල්ලො. බය නැතුව කතා කරනව මූණටම. සිඟිති බබාල නෙවේ. පොළවෙ පය ගහපු ,(දේවිබාලිකා නොවන) කෙල්ලෙක්.



ඒකිව රිසර්ව් කරගත්ත කියල ආතල් එකේ උඩට ආවත් , ආවම තේරුනා මම විනාඩි හතලිස් පහක් පරක්කුයි කියල. මෝලටත් මෝල තද වෙලා මරු කියෝනව. ඇම්ඩ විදගෙන ආපු නිසා ඌ දැකල නෑ. මුලු බෝඩිමේම කොල්ලො හෙන බරපතල ලුක් එකේ. අර කෙල්ලව ටෝක් කරන්නද කොහෙද. දැන් ලොවෙත් හෙට අනිද්ද මෙතන battle royale එකක් පටන් ගන්නව.



"යකෝ.... ගිමා..... අන්න කෙල්ලො. අන්තිමට මේ කාන්තාරෙටත් දිය බිංදුවක් වැටුන එහෙනං. බලපං ඒකිගෙ පිළිවෙල. සාරිය උනත් ඇඳන් ඉඳපු විදිහ දැක්කද. අනිත් එක මහන්සි වෙලා ආව කියල නෑ. තමන්ගෙ කොරිඩෝව අතුගාල දානව. මේක නිකං ගොමහැලියට කිරිබිංදුවක් දැම්ම වගේ. මට බය මේකෙ ඉන්න අනිත් අම්මන්ඩිල නිසා ඒ අහිංසක කෙල්ල වෙනස් වෙයිද කියල"



මෝලා හෝ ගාල කියවනව. උට පුදුම අදහස් එන්නෙ. හැබැයි ඒ ඔක්කෝම චීත්තයක් නිසා විතරයි.



මෝලට කින්ඩි දැම්මට මටත් අමුතු මෙව්ව එකක් හිතට ඇවිල්ල තිබ්බෙ.



සිරාවටම සාරිය උනත් හෙන ලස්සනට පිළිවෙලට ඇඳන් ඇවිල්ල තිබ්බෙ. අපේ බෝඩිමේ අනිත් ගෑණු සාරි අඳින්නෙ නිකං රීරි යකා අමුඩෙ ගහනව වගේ. උදේට අපි දකිනවනෙ. ආපහු හවසට එන්නෙ පටාචාර වගේ. මුන් ඔෆිස් යනව කියල ඇඩ්වෙන්චරස් ගමන් යනවද කොහෙද.



මෝලා ටිකකින් පහළට බැස්ස කුස්සියට යන්න. කවදාවත් නැතුව අද වැල වගේ කොල්ලො ටිකත් පෝලිමට බහිනව පහලට. උයන්න නං නෙවේ. හේලිගෙ වල්ගා තරුව බලන්න. බෝඩිමේ කොල්ලො සේරම පහලට බැස්සත් මොකාටවත් චාන්ස් එක හම්බුන්නෑ. ගෑණුන්ගෙ පැත්තෙ ඔත්තුකාරියක්ගෙන් අපිට රහස් පණිවිඩයක් ආව අපි ඒ හොයන කෙල්ල කුස්සියට බැස්ස කියල 18:45 පැයට.



අත ළඟ කෙල්ලො හිටියත් අඩු ගානෙ ඇස් දෙකෙන් බලාගන්න හරි වෙන්නෙත් උදේටයි හවසටයි විතරයි. මේව පෙර කරපු පව්.



"ගිමා. උඹ මොකෝ අද සයිඩ් ගහල. උඹටත් අර කෙල්ල ගැන හිතක් පහල වෙලාද තියෙන්නෙ."

ඇම්ඩ , මම පැත්ත ගහල ඉන්න නිසා ඇහුව.



"පොඩ්ඩක් විතර ඒ වගේ බං. මම නං හවසත් පොඩියට කයියක් ගහල ආවෙ"



ඇම්ඩ පුදුම වෙලා වගේ මං දිහා බැලුව.



"අඩෝ සිරාවටද. එහෙනං ඒකිට මුලින්ම කතා කරල තියෙන්නෙ උඹනෙ. කොල්ලො මේ දත කාගෙන යන්න හදන්නෙ ඒකිව මුලින්ම ටෝක් කරල වෙන් කරගන්න."



මට කලින් මගෙ කාලකන්නි කට ඉස්සර උනා කියන්න බෑනෙ දැන්. ඉතින් මමත් වීරය වගේ හිටිය.



"එහෙම තමා බං. ගැලපෙන අය හමුවෙනවා. ඒක ලොවේ සොභාව. ගුත්තිල කාව්‍යයේ සොළොස්වැනි කවි පදයේ තුන් වෙනි පේලිය"



"ඕව නං මං දන්නෑ. උඹත් කරල බලහන්. මමත් ට්‍රයි එකක් දෙන්නං. මෝලට කියහං උඹ කලින්ම කතා කලා කියල. නැත්තං ඌත් ඕකිට ට්‍රයි කරන්න අරන් අපේ කාමරේ ඇතුලෙ යුද්ධයක් පටන් ගනී"



"හරි හරි මම කියන්නං. ආ මේ. මට හෙට දෙහිවල නැනෝ ටෙක් එකට යන්න ඕනෙ. බඩු වගයක් ගන්න. අපේ ලොක්කට කියහං ඈ. පීසී දෙකක සප්ලයි කෝඩ් ගිහිල්ල."



"එල එල මම කියන්නං"



හත හමාරට විතර මෝලා ප්‍රමුඛ අපේ කෝකියො සෙට් එක උයල ඉවරයි කියල නිව්ස් එක දීපු ගමන් කොල්ලොන්ට ගෑණු අමතක උනා.



නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා සීන් එකම තමා.



මම බොසාට දෙන්න කෝටා එක ලියන්න ඕනෙ නිසා පැය කාලක් විතර ඒක කරල පහලට බැස්සෙ. හෙනම මූසලයි උඩ තට්ටුව. අපේ උන් ඔක්කොමල බැහැලනෙ පහලට.



ඔහොම බැහැගෙන බැහැගෙන එන අතරෙ ආපහු පාරක් වාසනා චක්‍රය ගිමාගෙ නමට කැරකුනා. අර ලස්සන සීදේවි කෙල්ල දෙවනි තට්ටුවට එන ගමන් හිටියෙ පඩිපෙල නැගගෙන.



කෙල්ල මාව දැකල කටපුරා හිනාවක් දාල කතා කලා.



"කොහොමද අයියෙ ඉතින්"



"ආ නංගි. වරදක් නෑ. ඔයා දැන් අතුගාල ඉවර වෙලා උයන්නත් ගියාද?"



"ඈහ්. කවුද අයියෙ අයියට කිව්වෙ?. උයන්න දන්නෑනෙ අයියෙ මේකෙ ගොඩක් අය. මම ඉතින් උදව් කරන්න ගියා"



"අපිටත් ආරංචි එනවනෙ ඇතුලෙන්. ඒක නෙවේ. නංගිගෙ නම මොකක්ද කිව්වෙ?"



"මම ශලනි අයියෙ....."



ශලනි.......



ටයිටැනික් සිංදුව මතක් කර ගනිම්....



මතු සම්බන්ධයි....