විසිහතරවැනි දිගහැරුම...❤️
නෝට් එක කියවපු කොල්ලගේ අත ඉබේටම ගියේ බෙල්ලට.
බෙල්ලේ තිබ්බ රින්ග් එක නෑ කියලා තේරුන කොල්ලට යකා නැග්ගේ පහුගිය අවුරුදු පහම කොල්ලා ඒ රින්ග් එක පණ වගේ බලාගත්ත හින්දා.
ඒක නුහීගේ රින්ග් එක...
ඒත් එක්කම කොල්ලාගේ රූම් එකේ බෙල් එක රින්ග් වුනා..
" සර් මේ මම..." ඇවිත් හිටියේ කුෂාන්.
" එන්න ඇතුළට..."
ඇතුළට ආපු කුෂාන්ට හිතාගන්න බැරි වුනේ කොල්ලා රෑ ගත කරලා තිබ්බ විදිහ දැකලා.
" මට දැන්ම මගේ මුද්ද හොයාගන්න ඕනේ..." කියපු කොල්ලා කුෂාන් ඇඟට මුද්දක් විසි කරලා බාතෲම් එකට ගියා.
ඒ මුද්ද වෙන කාගෙවත් නෙවෙයි නේශ්ගේ.
නුහී තමා නේශ්ට ඒ රින්ග් එක දුන්නේ. නුහීගේ රින්ග් එකයි නේශ්ගේ රින්ග් එකයි දෙකම එකට connect වෙලා තියෙන්නේ. නේශ්ගේ රින්ග් එකෙන් නුහීගේ රින්ග් එකේ ලොකේෂන් එක වගේම නුහීගේ රින්ග් එකෙන් නේශ්ගේ රින්ග් එකේ ලොකේෂන් එක බලාගන්න පුලුවන්.
නේශ් ආයේ රූම් එකට එද්දී කුෂාන් ලොකේෂන් එක හොයාගෙන තිබ්බා.
" සර් තැන හොයාගත්තා...."
" යන්... මට දැන්ම රින්ග් එක ඕනේ..."
අන්තිමේටම නේශ්ලා ගිහින් නැවතුනේ ලොකු ගෙයක් ළඟ.
ඒක ගේකට වඩා මාලිගාවක් කිව්වොත් හරි.
" සර් මේක තමා පෙන්නන්නේ..."
" කාගෙද මේ මැන්ෂන් එක..."
" අදේශ් වීරක්කොඩිගේ සර්..."
" ම්ම්ම්.... අදේශ්... රින්ග් එකේ ලොකේෂන් එහාට පෙන්නන්නේ ඇයි...අදේශ්ගේ ගෙදර ඉන්න කවුරුහරි තමා ඊයේ රෑ... "
" සර් ලොකේෂන් එක වෙනස් වෙනවා....මැන්ෂන් එකෙන් එළියට එනවා.. "
" ෂහ්... බලන්න කවුද එන්නේ කියලා..."
" සර් කාර් එකක් එන්නේ... "
" ෆලෝ කරහන්..."
කට්ටිය අන්තිමට නතර වුනේ හොස්පිටල් එකක් ළඟ...
ඒ කාර් එකෙන් එළියට බැස්සේ ගෑනු ළමයෙක්. මාස්ක් එකක් දාගෙන හිටපු හින්දා මූණ දැක්කෙ නෑ.
කුෂාන් කාර් එකෙන් බැහැලා යන්න ගියත් නේශ් නැවැත්තුවා.
" ඇයි සර්... රින්ග් එක ගන්න ඕන නේද..."
" පිස්සෙක් වගේ හැසිරෙන්නේ එපා යකෝ.. බලපන් අර..." නේශ් පෙන්නුවේ ඒ ගෑනු ළමයා පස්සෙන් එන ගාඩ්ලා සෙට් එක.
" සර් මේ කෙල්ල එසේ මෙසේ කෙනෙක් වෙන්න විදිහයක් නෑ එච්චර ගාඩ් එකක් දාන්න තරන්..."
" ඒකි කවුද කියලා බලපන් අදේශ්ගේ..."
" සර් දන්න වීදිහට අදේශ් තාම මැරි කරලා නෑ... අදේශ්ට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදලා තියනවා හැබැයි ඒ කෙල්ල දැන් නෑ කියලා තමා ආරංචිය... තව අදේශ්ට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවලු කියලා කියනවා හැබැයි මේ වෙනකන් ඒ දෙන්නාගෙන් කවුරුත් මේ වෙනකන් දැකලා නෑ..."
"හ්ම්ම්ම්... මට අර කෙල්ල ගැන හොයලා කියපන්... ඒකි මට ළං වෙන්න තරන් කවුද කියලා දැනගන්න ඕන... මට රින්ග් එක අරගන්න ඕනේ... දැන් යන්... "
" හරි සර් මම හොයාගන්නම්..."
දවස් දෙකක් ගියත් තාම නේශ්ට හොයාගන්න බැරි වුනා නේශ් එක්ක එදා රෑ හිටපු කෙල්ල කවුද කියලා. කොල්ලා ආයේ ක්ලබ් එකට ගියත් ඒ කෙල්ලව හොයාගන්න බැරිවුනා.
මේ අතරේ අදේශ්ගේ ගෙදර තිබ්බේ වෙනම තත්වයක්.
" දේශු... දේශු...." අදේශ් මේ කෑගහන්නේ දේශාන්‍යා එහෙමත් නැත්තන් නේශ් එක්ක එදා ක්ලබ් හිටිය කෙල්ලට.
" ඇයි අයියේ.." දේශු බයෙන් බයෙන් ඇවිත් අහන්නේ අදේශ් කතා කරන්නේ හොඳටම නෙවෙයි කියලා දන්න හින්දා.
" දණ ගහනවා..."
අදේශ් දේශුට මැන්ෂන් එකේ ඇතුළේ තියෙන ලිව්න් ඒරියා එකේ තියන ඕපන් කොටසේ චූටි චූටි චිප් ගල් දාලා හදලා තියන කොටස පෙන්නලා කිව්වා.
දේශු ගිහින් දණ ගහද්දී හීන් කෙදිරියක් පිටවුනත් ඒක ඉවසන් හිටියේ අදේශ්ගෙන් ඇඬුවොත් වැඩිපුර ගුටි කන්න වෙනවා කියලා දන්න නිසා.
ඒ වගේම මේක දේශු මෙහෙම දණ ගහන් ඉන්න පළවෙනි වතාවත් නෙවෙයි.
" කොහෙද කියනවා තමුන් පෙරේදා රෑ ගියේ...."
දේශුට තේරුනා අදේශ් හැමදේම දැනගෙන තමයි මේ අහන්නේ කියලා.
" අයියේ මම ක්ලබ් එකට ගියෙ..." කෙල්ල බිඳුනු කටහඩකින් කිව්වා.
" ක්ල්බ් එකට ගියා නම් තමුසේ මොකටද ඒකේ රූම් අස්සේ රිංගන්නෙ ගියේ.. තමුසෙට නිදහස දුන්නා කියලා ඕනෑවට වඩා නිදහස හොයන් යන්න එපා.. මාලා ගෙනවා වේවැල..."අදේශ් ගෙදර ප්‍රදාන සේවිකාවට කිව්වා.
දේශුව බයේම වෙව්ලන්න ගත්තේ අදේශ්ගේ පහරවල් ගැන දන්න හින්දා.
ඊළඟ මොහොතේ අදේශ් දේශ්ගේ පිටට වේවැලෙන් ගහගෙන ගහගෙන ගියේ කෙල්ලගේ ඇඳුමේ පිට රතුපාට වෙද්දී. ඒත් දේශු එක කඳුලක්වත් වැට්ටුවේ නෑ.
" තමුසේ ආයේ ක්ලබ් යන්නෙ නෑ... යනවා දැන් රූම් එකට හෙට ලංකාවට යනවා ඒකට ඕන කරන දේවල් ලෑස්ති කරගන්නවා... තමුසෙගේ මෙහෙ හොස්පිටල් එකෙන් එහාට ට්‍රාන්සර් එකක් අරන් තියෙන්නේ...පලයන් දැන්...."
දේශු නැගිටින්න හැදුවත් කෙල්ලට නැඟිටන්න බෑ...
මොකද මෙච්චර වෙලා දණ ගහන් හිටිය හින්දා කෙල්ලගේ කකුල් දෙක පණ නෑ වගේ..
කෙල්ල කොහොමහරි කරලා අමාරුවෙන් නැගිටලා ලිෆ්ට් එකට යන්න ගියේ.
" කොහෙද යන්නේ පඩිපෙලෙන් පලයන්.... උඹ දන්නවද උබ එදා රෑ හිටියේ කාත් එක්කද කියලා... ඌ තමා අපේ පවුල විනාස කරේ...පලයන් බැල්ලී..."
දේශු අමාරුවෙන් අමාරුවෙන් පඩිපෙල නැග්ගේ ඇස්වල මෙච්චර වෙලා හිරකරන් හිටිය කඳුලු එළියට පනිද්දී.
දේශු බාතෲම් එකට අමාරුවෙන් ගිහින් වොෂ් එකක් දාගත්තේ තුවාලවලට වතුර වැටෙද්දී එන වේදනාව බොහොම ආමාරුවෙන් ඉවසගෙන.
කෙල්ල ඇඳට ඇවිත් අතට ගත්තේ එදා කෙල්ල අරන් ආව මුද්ද....
නුහීගේ මුද්ද...
කෙල්ල මුද්දත් අතේ තියන් හිතුවේ අයියට එහෙම තරහ යන එක සාධරණයිනේ කියලා...
එකපාර කෙල්ල අතේ තිබ්බ මුද්ද බෙඩ්ෂීට් එක අස්සේ හැංගුවේ කාමරේට කවුරුහරි එනව කියලා ඇහුන හින්දා.
" දේශු...."
" චූටි අයියේ එන්න..." ඒ අදේශ්ගේ මල්ලී.
" දේශු මේං බෙහෙත්... බීලා නිදාගන්න..."
කෙල්ල බෙහෙත් ටික අරන් බිව්වේ මේ ටික බොනකන් චූටි අයියා යන්නැ කියලා දන්න හින්දා.
පහුවදා දේශු ලංකාවට යන්න පිටත් වුනා.
ඒ ආරංචිය ලැබිච්ච හින්දා නේශුත් ආයේ ලංකාවට යන්න පිටත් වුනේ කොල්ලට තාම මුද්ද ගන්න බැරිවුන හින්දා වගේම අදේශ්ගේ මේ නංගියි මල්ලියි තාම බලාගන්න බැරි වුන හින්දා.
තවත් හේතුවක් තිබ්බා. (ඒක පස්සෙ කියන්නම් හොඳේ...)
ලංකාවට ඇවිත් සතියක් ගියත් නේශ්ට දේශුව හරියටම බලාගන්න බැරුව ගියා.
" මොකෝ බං ක්ලබ් එක පැත්තේ යන්නෙ නෑ..." නවී නේශ්ගේ පිටට එකක් ගහලා කිව්වා.
නේශ් ආදිලාගේ ගෙදර ඇවිත් හිටියේ චූටි බබාලා ටික බලන්න. අවීගේ බබාලා දෙන්නා අහස්‍යායි නුහංසයි. අහස්‍යාට අවුරුදු 4 1/2 යි නුහංසට අවුරුදු 2යි.
" නැ බං... මගේ වකුගඩු ලෙෆ්ට් වෙනවා වැඩිකල් නොයා..." නේශ්.
" හෑ.. බලපන් මල්ලි මේ උඹමද කියලා... පහුගිය අවුරුදු ගාණෙත් උඹ ඔහොම හිතන්න තිබ්බනේ මොකෝ මේ එක පාර...උඹ පැරිස් ගිය වෙලේ මොකෝ වුනේ එච්චරටම..."
" අනේ පලයන් බං..."
එතකොටම කෝල් එකක් ආවේ නවීට.
" හෙලෝ..."
------------
" මොකක්...."
-----------
මේ අතරේ කවී අමාරුවෙන් අමාරුවෙන් ඇවිදගෙන නේශ්ලා ඉන්න තැනට ආවේ නවීට කතාකරන්.
" අයියේ..." ඒත් නවී කෝල් එකක කියලා දැක්කම කවී සෝෆා එකෙන් ඉඳගත්තා.
" නේශ් අයියේ... අර චොක්ලට් මල්ල අපේ පොඩි තුන මාරුවෙන් මාරුවට කාලා ආං දවස් තුනෙන් ඉවරයි..."
" අඩෙහ් අර අර කිලෝ දහයක විතර චොක්ලට් මේ පොඩිවුන් තනියම කෑවද... ඔහොම කිව්වට අනිවාර්යයෙන් පොඩි වුන්ගේ අම්මලා තමා වැඩිපුර කන්න ඇත්තේ...."
" උඹ මොනා කරලා හරි කමක් නෑ.. මට මගේ පොඩි එකීව ගෙනැත් දීපන්... තොපිලට පොඩි ළමයෙක්වත් බලාගන්න බෑද යකෝ... මගේ පොඩි එකී...."
නවී එකපාර කෑගහද්දී ගෙදර හිටපු කට්ටියම බය වුනේ කුස්සියේ හිටපු නිශූත් දුවගෙන එද්දී.
" අයියේ... අයියේ... මොකද වුනේ... මගේ දුව හොඳින් නේද... " කවී අමාරුවෙන් සෝෆා එකෙන් නැඟිටලා නවී ළඟට යන ගමන් ඇහුවා.
" මැණික... දෝනි... " නවීගේ ඇස් දෙක රතුවෙලා තියන විදිහෙන් කාටත් තේරුනා වෙලා තියන දේ.
" අයියේ මගේ දුව... ආ...." කවී බඩත් අල්ලගෙන එකපාර වැටෙන්න ගියේ නවී ඉක්මනට කවීව අල්ලගනිද්දී.
" අයියේ.. ආ... මගේ දුව.."
" නිශූ ඉක්මනට කවීගේ බෑග් ගේන්න... නවී අයියේ කවීව එක්කන් වරෙන් මං කාර් එක ගන්නම්..." කියපු නේශ් එළියට දිව්වේ කවීව හොස්පිටල් එක්ක යන්න.
කවීව එක්කන් ආවේ ආයු ඉන්න හොස්පිටල් එකටමයි. ආපු ගමන් කවීව ලේබර් රූම් එකට ගත්තා.
නවී ලේබර් රූම් එකේ දොර ගාව බිම ඉඳගත්තේ අත් දෙකේ ඔලුව ගහගෙන.
" මොකද බන් වුනේ... පොඩි එකීට මොකද...." නේශ් නවී ළඟට ගිහින් ඇහුවා.
" මොකෙක් හරි එකෙක් මගේ පොඩි එකීව උස්සලා බන්... පව් බන් මගේ පොඩි එකී..."
ඒත් එක්කම ලේබර් රූම් එකෙන් එළියට ආවේ ලේඩි ඩොක්ටර් කෙනෙක්.
" excuse me... patientගේ භාරකාරයෝ කවුද..."
නවී ඉක්මනට නැඟිටලා ඩොක්ටර් ළඟට ගියා.
" මම ඩොක්ටර්... මගේ වයිෆ්ට කොහොමද ඩොක්ටර්..."
" මිස්ටර්..."
" නවීෂ්...."
" මිස්ටර් නවීෂ්... ඔයාගේ වයිෆ්ගේ blood pessure හොඳටම වැඩි වෙලා තියෙන්නේ... අනික එයා නිශූල්‍යා කියලා කෙනෙක් ගැන දිගින් දිගටම අහනවා.. එයාව කාම් ඩවුන් කරන්න ටිකක් අමාරුයි... දිගටම එහෙම තිබ්බොත් එයාට හරි බබාට හරි ජීවිත අවදානමක් එන්න පුලුවන්..."
" අනේ ඩොක්ටර් කොහොමහරි කරලා මගේ වයිෆ්වයි දරුවවයි බේරලා දෙන්න.... "
" අපි අපේ උපරිමයෙන්ම ට්‍රයි කරනවා.. මිස්ටර් නවීෂ් කැමති නම් ඇතුළට එන්න පුලුවන් ඒක ඔයාගේ වයිෆ්ට උදව්වක් වෙන්න පුලුවන්... "
" හරි ඩොක්ටර් මං එන්නම්..."
ඒත් එක්කම එතනට තව ඩොක්ටර් කෙනෙක් ආවා.
" මොකක්ද වෙලා තියෙන්නේ වින්ද්‍යා...."
" ඩොක්ටර් මෙයාගේ වයිෆ් ලේබර් එකේ ඉන්නේ ඒත් එයාගේ ප්‍රෙෂර් හොඳටම වැඩී... එයා නිශුල්‍යා කියලා කෙනෙක්ව හොය හොය කෑගහනවා...."
" මිස්ටර් නිශුල්‍යා කියන්නේ..." ඒ ඩොක්ටර් ඇහුවේ නවීගෙන්.
" ඒ මගේ දුව ඩොක්ටර්... දුවව කවුරුහරි පැහැරගෙන ඒක අහලා තමා වයිෆ්ට එකපාරටම අමාරු වුනේ..."
" ම්ම්... යන් මම බලන්නම්..." කියමින් ඒ ඩොක්ටර්ත්
ලේබර් රූම් එකට යන්න හැරුනා.
" නේශ්.. පුලුවන් නම් මගේ දුවව හොයපන් බන්... මං කවීව බේරගන්න ඕනේ බන්...."
" හරි හරි බන්.. මං දැන්ම යනවා...." නේශ් කිව්වා.
එතකොටම තමා නේශ්ව අර පස්සේ ආපු ඩොක්ටර් දැක්කේ ඒත් එක්කම ඒ ඩොක්ටර්ව ගැස්සිලා ගියේ කවුද කියලා අඳුනගත්ත හින්දා...