Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Dec 03 2024 @ 16:52

🖤හේල්‍යා🖤 - 14



14.කොටස

ගවේෂ් කියපු කතාව ඇත්ත. මේ වෙද්දි ගොඩාක් දේවල් වෙනස් වෙලා.
කොල්ලාගේ යාලුවෝ සෙට් එකත් මේ වෙනකොට marry කරලා.
හැමෝම දෙමව්පියෝත් වෙලා.
අනූට වගේම දිනූටත් ලැබුනේ පුංචි දුවලා දෙන්නෙක්.
මේ වෙද්දි කේශ් business පැත්තෙන් ගොඩාක් දියුණු වෙලා තිබ්බා.ලොකු surgery එකකට ඇර hospital එකට ගියෙත් නෑ. මොකද කොල්ලා පට්ට බිසී.
සනත් අවුරුදු ගාණක් තිස්සෙ කෙල්ලව හෙව්වත් තාම කෙල්ල ඉන්න තැනක් හොයාගන්න බැරි වුනා.
ඒ අතරේ underworld එකෙත් සනත්ට තිබ්බ බය ටික ටික අඩු වුනේ ආදි නිසා. මේ වෙනකොට ආදි underworld එකේ ආදිපත්‍යය හිමි කරගෙන තිබ්බේ. ඒත් මේ වෙනකන් කවුරුත් ආදිව දැකලා තිබ්බේ නෑ. 









"අනේ දේව් දුවව පොඩ්ඩක් ගන්නකෝ එයාව ලෑස්ති කරලා තියෙන්නේ මං ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්. " අනූ.
දේව් දුවවත් අරන් පහළට ගියේ අම්මයි තාත්තයි ලෑස්තිද බලන්න.
"ආ තාත්තලත් ලෑස්ති වෙලා නේද? අනූ තාම ලෑස්ති වෙනවා... තාත්තලා කලින් යනවද නැත්තං අපිත් එක්කම යන්ද?"
"ආයේ වෙන වෙනම මොකටද කට්ටිය එකටම යන්... කෝ රනූ එන්නකෝ සීය ළඟට..."
රනුල්‍යා අනුෂි ඒක තමා දේව්ගේ දූගේ නම.
අනූත් ආවම කට්ටියම පිටත් වුනේ මේ අවුරුද්දේ award ceremony එකට යන්න.
දැන් අවුරුදු හතරක ඉදන් award ceremony එක තියෙන්නේ blue waters එකේ. best hotel industry එක ඒකෙන් ගන්න කාටවත් බැරි උනා තාම.
award ceremony එකට කට්ටියම වගේ ඇවිත් හිටියා.
අපේ කොල්ලෝ සෙට් එකටම වගේ සම්මාන හම්බුනා එක එක ඒවට.
කේශ්ට පුරුදු විදිහට ම investment වලටයි cosmetic වලටයි awards හම්බුනා.


"මීළඟට හොඳම පෞද්ගලික රෝහල් ජාලයට හිමි සම්මානය ලබාගන්නේ හේල්‍යා රෝහල් ජාලයයි." 


කේශ් ඇතුළු අනික් සියලු දෙනාම පුදුම වුනේ stage එකට ආපු කෙනාව දැකලා.
ඒත්...........
ඒ ඔයාලා හිතන කෙනා නෙවෙයි.
ඒ රියා.
රියාත් මේ එළියට ඇවිත් ඉන්නේ අවුරුදු දෙක හමාරකට පස්සේ.
ඊටපස්සේ හේල්‍යා softwares වලට වගේම blue waters එකට ලැබුනු සම්මාන දෙක ගත්තෙත් රියාම තමයි. 
"රියා ඇවිත් ඉන්නවා කියන්නේ අනිවාර්‍යෙන් රූහිත් ඇවිත් ඇති"අකී කිව්වා.
"කවුරු ආවත් නැතත් අපිට වැඩක් නෑ කටවහගෙන හිටපන්."දේව්.
මේ කතාබහ මෙයාලාගේ කතාබහ පිටිපස්සෙ හිටපු කෙනෙක් හොඳට අහගෙන හිටියා.ඒ කෙනාගේ හිත රිදුනේ රූහිට සමාව ලැබෙන්නෙ නැති වෙයි කියලා දැනිලා.


"මීළඟට.... නැඟී එන ව්‍යවසායකයාට හිමි සම්මානය ලබා ගන්නේ ගවේෂ් වික්‍රම ආරච්චි... "
හරියටම කේශ්ගේ පිටිපස්සෙ හිටපු ගවේෂ් නැගිටලා ගියේ සම්මානය ලබා ගන්න.
එතකොට තමයි කට්ටිය දැක්කේ රියා විතරක් නෙවෙයි ගවේෂුත් ඇවිත් කියලා.



award ceremony එක ඉවර වෙලා hotel එකෙන් එළියට එමින් හිටපු ගවේෂ්ට ආපු කෝල් එක දැකලා ඉබේම හිනාගියා.
"හෙලෝ මැණික... මං ඔයා ළඟින් ඇවිත් තාම පැය 3ක් වත් ගියේ නෑ... ceremony එකට ආවෙත් late වෙලා...."
.................
"හරි හරි දැන් ඉවරයි මං ඉක්මනට එන්නම්... "
.................
"උලුඳු වඩේ.... "
.................
"හරි හරි කොළඹ පීරලා ම හරි අරන් එන්නම්කෝ..... මගේ පැටියට ඕන කිව්වනේ එයාගේ අම්මට නෙවෙයි නේ....."
.................
"හා හා එහෙම කියමුකෝ... කෝ පුතා...."
.................
"ආ එහෙමද නිදිය ගනීද දන්නෑ...."
.................
"හා දෙන්නකෝ...."
"රූ...කියන්නකෝ...."
.................
"නෑ රියා පහන් එක්ක ගියා..."
...............
"මං අරන් එන්නම්... ගොඩක් අමාරුද...."
...............
"මට whatsapp කරන්න..."
...............
"ඔව් ඇවිත් හිටියා කට්ටියම...."
.............
"හරි බුදු සරණයි..."


ගවේෂ්ගේ මේ කෝල් එක එයාගේ පිටිපස්සෙන් ආපු කේශ්ට ඇහුනා.
උලුදු වඩේ කියන්නේ කෙල්ලගේ කැමතිම කෑම හින්දා කොල්ලට හිතුනා කෙල්ල දැන් pregnant වෙන්නැති කියලා.
ගවේෂ් නිකමට පිටිපස්ස හැරිලා බලන කොට දැක්කේ කේශ් ඉන්නවා.
"ආ... මල්ලි.." කියලා ගවේෂ් හිනාවුනා.
ගවේෂ්ගේ හිනාවෙන්ම කොල්ලට තේරුනා මේ ඉන්නේ ඉස්සර හිටපු කෙනා නෙවෙයි කියලා.
කොල්ලත් හිනාවෙලා,
"ගොඩාක් කාලෙකට පස්සේ..... අද ද ලංකාවට ආවේ..."
"ඊයේ රෑ මල්ලි... දැන් මොකෝ කරන්නේ... වැඩියේ hospital නම් යන්නේ නෑනේ නේද...."
"ඔව්..... වැඩිපුරම business ගැන තමා දැන් බලන්නේ... marry කරාද...."
"ඔව් මල්ලි.... තව මාස තුනකින් මං තාත්තා කෙනෙක්... දැන් ඉතින් එයාලා තමයි මගේ ලෝකේ..."
"නුවර එහෙම යන්නෙ නැද්ද..."
"මං නුවරින් ආවේ ආයේ යන්න හිතන් නෙමෙයි... ඒත් රූහි කිව්වා යන්න ඕන කියලා ඒ හින්දා යන්න වෙනවා...මං එපා කිව්වට අහන්නෙත් නෑ යන්න එපා කියලා තාත්තලා දැක්කොත් ආයේ ප්‍රශ්නයක් වෙනවා...."
"ම්ම්ම්... ඇයි Mr.Sanath ඔයාට බන්ඳන්න නෙවෙයි ද රූහිව හෙව්වෙ... "
"ම්ම්හ් මට ආදරේකට නම් ඉතින්... මල්ලි තාම මිනිහා ගැන දන්නෑ ඒකයි ඔහොම කියන්නේ... තාත්තයි අම්මයි හැමදාම කරේ මාව එයාගෙ වහලෙක් කරගත්ත එක.. ඒ අතින් ඔයා වාසනාවන්තයි... හොඳ තාත්තෙක් අම්මෙක් හම්බුනා..."
"හරි... දැන් මං අහපු එකට උත්තර දුන්නෑනේ..."
"ඇයි එදා රූහි ලියපු ලිවුමේ මුකුත් තිබ්බෙ නැද්ද....මං හිතුවේ එයා සේරම කියන්න ඇති කියලා..."
"එයා කියලා තිබ්බේ ඔයත් එක්ක යනවා කියලා විතරයි...."
"මොකක්... එතකොට කට්ටියම එහෙමද හිතන් හිටියේ... රූ මුකුත්ම වෙන කියලා තිබ්බෙ නැද්ද..." 
"නෑ ඇයි... එහෙම නෙවෙයිද උනේ...."
"එහෙම තමයි වුනේ... ඒත් තව දේවල් උනා... අඩුම විරාජ් අංකල්වත් මුකුත් කියලා තිබ්බේ නැද්ද ඇයි එයා රූහිව රට යැව්වෙ කියලා"


"ඇයි තමුන්ට මොකද ඒක...."විරාජ්.


hotel එකෙන් එළියට එද්දි කට්ටියම දැක්කේ කේශ් ගවේෂ් එක්ක හිනාවෙවී කතාකර කර ඉන්නවා. ගවේෂ්ව දැක්කම විරාජ්ට සෑහෙන්න තරහා ගියා. 
"මොකද අංකල්..... ඔයාලා මොනා හිතන් හිටියත් රූහි ලංකාවෙන් ගියේ ඒ හින්දා..... පළවෙනි පාර රූහිව බේරගන්න රසාන්‍යා අම්මා හිටියා.... දෙවෙනි පාර මං බේර ගත්තා..... දන්නවද අංකල් ඒ දේ ආයේ වෙන්න යන්නේ ඒ පෝය තව මාස හතරකින් එනවා.... එදාට මොනා වෙයිද කියලා මං දන්නෑ. ඔයාලා මොනා හිතන් හිටියත් රූහි නිර්දෝෂියි. මල්ලි.....උබම දන්නවනේ මොනාද උනේ කියලා.මං අදටත් පසු තැවෙනවා මං කරපු දේවල්වලට. පුලුවන් නම් රූහිට සමාව දෙන්න අංකල්..... ඔයාලා දන්නැති වුනාට එයා ඔයාලා වෙනුවෙන් ගොඩක් දේවල් කරා... මං යනවා..."
කියලා ගියපු ගවේෂ් ආයේ හැරිලා කේශ් ළඟට ගිහින් කාඩ් එකක් අතේ තියලා,
" හිතුනොත් කතා කරපන්. උබේ අයියා දැන් ඕන වෙලාවක උබ වෙනුවෙන් ඉන්නවා..." කියල ගියා.
"මොකක්ද ඒ කතාවේ තේරුම...."දේව්. 
"මේ දේවල් තවත් හංගලා වැඩක් නෑ යන් ගෙදර කියන්නම් කේශ් පුතා ඔයත් එන්න... ගවේෂ් කියපු රූහි හරියි කියන කතාවත් මට දැනගන්න ඕනා..."







කට්ටියම ගියේ විරාජ්ගේ ගෙදර දුවලා දෙන්න නිදිකරවලා අනුයි දිනුයිත් ආවට පස්සේ විරාජ් කතාව පටන් ගත්තා.


"මීට අවුරුදු 5000කට කලින් ලංකාවේ හිටපු රජ කෙනෙක් තමන්ගේ දියණිය වෙනුවෙන් කෝටි දහස් ගාණක් වටින රන් ආභරණයි කෝටි ගාණක් වටින රන් කහවණුයි තව කෝටිගාණක දේවල් කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සු සේරටම අවුරුදු 10ක් විතර හොඳට කන්න දෙන්න පුලුවන් තරන් දේපළ රැස් කරලා තිබ්බා.                                        ඒත් හදිසියේ ඒ දරුවා මැරෙනවා. ඉතින් රජතුමා කරේ දියණිය ඒ වෙනකන් ඉගෙන ගත්ත හැමදේම එක්ක ඒ දේපළ නිදන් කරා.    ඒ දියණියත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි මායා වැඩ දන්න වෛද්‍යවරියක්. රජතුමා බන්ධනයක් කරා ඒ නිධානෙට රජතුමාගේ දියණිය ඉපදෙන ආත්මය එයාට ඒ නිධානේ ගන්න පුලුවන් විදිහට. ඒත් ඒ දියණියට ශාපයක් වැදිලා තිබ්බා අවුරුදු 1000කට සැරයක් විතරක් මිනිස් ලෝකේ ඉපදෙන්න පුලුවන් විදිහට. ඉතින් ඒ රජ කුමරියගේ හතරවෙනි ආත්මේ තමා මේ යන්නේ.
මේ ආත්මේ එයා වෙන කවුරුත් නෙවෙයි... ඒ තමා රූහි.... රූහි චූටි ම කාලේ එයාව එක දවසක් මිනිස්සු වගයක් පැහැර ගත්තා. දවස් ගාණක් තිස්සේ ලංකාව පීරලාම දෝණිව හෙව්වත් අපිට හම්බුනේ නෑ.ඒත් රූහි අතුරුදහන් වෙලා දවස් 10කට පස්සේ ගෑනු කෙනෙක් ඇවිත් මට රූහිව දුන්නා ඒත් එක්කම ලියුමකුත් දුන්නා.... ඒකේ තමා මං අර කියපු විස්තර තිබ්බේ ඒ ගෑනු කෙනා රූහිව දීලා යනවත් එක්කම ඒ කෙනාව ටිපර් එකකට හැප්පුනා... මම ඉක්මනටම hospital එකට අරන් ගියා ඊටපස්සේ තමා මට දැනගන්න හම්බුනේ එයා මැරුනා කියලා.ඒත් මම අදටත් දන්නෑ කවුද රූහිව පැහැරගත්තේ කියලා ඒ ලියුමේ අන්තිමට දෝණිව පරිස්සම් කරන් කියලා තිබ්බ හින්දා තමා මං එයාව රට යැව්වේ."


"ඒත් අංකල් ඕවා ඇත්තම කතාද මං කියන්නෙ නිධාන ......." නිමා.
"මාත් මුලින්ම විශ්වාස කරේ නෑ.... පස්සෙ මම තිබ්බ සැකේටම රූහිව මෝහනය කෙරෙව්වා.එතනදී හරියටම ඒ කතාව ඇත්ත කියලා දැනගත්තා...."
"එතකොට ගවේෂ් කියපු විදිහට නංගිව ආයේ උන් පැහැරන් ගියාද ඊටපස්සේ ගවේෂ් නංගිව බේර ගත්තද තව මාස ගාණකින් ආයේ නංගිව පැහැර ගන්නවද" යෂ්.
"මට හිතෙන්නෙ එහෙම තමා පුතා... ඒත් කවුද කෙල්ලව පැහැර ගත්තෙ දන්නෑනේ...."
"සනත්... සනත් වික්‍රම ආරච්චි.... එයා තමා සහීව පැහැර ගත්තේ... " කේශ් කිව්වේ තරහෙන් වෙව්ලමින්.
"ඌම නේද නංගිට අර award ceremony එක දවසේ කෝල් කරේ..." කවී.
"ඔව් ඌ තමා උගේ පුතා තමා ගවේෂ් කියන්නේ..." විරාජ් .
"ගවේෂ් විතරක් නෙවෙයි.... මාත් සනත්ගේ පුතෙක් තමා තාත්තේ..." කේශ්.
"මොකක්... "
"ඔව් විරාජ්... සනත් කියන්නේ මගේ අයියා කේශ් මගේ අයියාගේ පුතා... එතකොට එදා රූහිව බේරගත්ත ගෑනු කෙනා රසාන්‍යා, එයාගේ එකම පුතා තමයි කේශ්... රසාන්‍යා මැරුන නිසා මම කේශ්ව හදා ගත්තා....නැත්තං කේශුත් ගවේෂ් වගේ වෙන්න තිබ්බා..." ජගත්.
"ඒත් තාත්තේ එදා අම්මා මැරුනේ නෑ..."
"මොකක්... ඒත් එදා..."
"නෑ අංකල් අම්මා ජීවත් වෙනවා....සනත් මගේ අම්මව හිරකරන් වද දෙනවා... අදටත් මං විඳවන්නේ ඒ හින්දා.."
"ඒත් පුතා..."
"දැන් මං කියන්නම් කතාව. එදා අපේ weddings තිබ්බ දා රෑ අපි roomවලට ගියාට පස්සේ මට කෝල් කරේ ගවේෂ්. ඒ වෙලාවේ තමා මම අම්මා ජීවත් වෙලා ඉන්නවා කියලා දැනගත්තේ.මම අම්මව ඉල්ලද්දී උන් මගෙන් සහීව ඉල්ලුවා.මං මේ වෙනකන් හිතන් හිටියේ ඒ මගෙන් පලිගන්න වෙන්නැති කියලා.ඉතින් මම සහී එක්ක හොඳින් නෙවෙයි කියලා පෙන්නන්න හැමතිස්සෙම එයා එක්ක රණ්ඩුකරා... ගණන් නොගෙන හිටියා.. මං ගැහුවත් එක්ක.."
ඒ දේ කියනවත් එක්කම දේව් කොල්ලගේ කනට පාරක් ගැහුවේ කොල්ලාගේ තොල්පට පැලිලා ලේත් එන්න.
"මට සමාවෙයන් බන්... මං දන්නවා මං වැරදී කියලා ඒකයි අද ගවේෂ් කිව්වේ සහී නිර්දෝෂියි කියලා.... උබ දන්නව ද රූහි මාව බඳින්න අකමැති බව පෙන්නුවත් කෙල්ල හිටියේ මාර සතුටින්... ඒත් මම ඒ සතුට විනාශ කරා..... මං එයාට මොනා කරත් එයා හැමදෙස්ම ඉවසන් හිටියා...මං වෙනුවෙන් හැමදේම කරා.... සහී කියන්නේ නියම බිරිඳක් බන්... ඒත් මට වාසනාව නෑ...ඒත් මං හැදුවේ එයාව ආරක්ෂා කරන්න එයාව ඈත් කරන්න.ඒත් එයා කරේ හැමතිස්සෙම මට ළංවෙන්න හදපු එක.ඔය අතරේ තමා සහී ගවේෂ්ට ළං වුනේ... මගෙයි වැරැද්ද...."කියමින් කොල්ලා අඬන්න ගත්තා.
මේ තරන් වෙලා හැමදේම අහන් හිටපු දේව් ආයේ පාරක් කොල්ලට ගැහුවා බිම පෙරලගෙන ගැහුවා
.ඒත් එක්කෙනෙක්වත් කොල්ලව නැවැත්තුවේ නෑ ඒත් විරාජ්ට දුක හිතිලා දේව්ට නවත්තන්න කිව්වා.
ඊටපස්සේ තමා දේව් කොල්ලව අතහැරියේ, ඒත් එක්කම කල්ප ඇහුවා
"එතකොට ටාලියා කියන්නේ කවුද බන්..එතකොට අර ළමයාගේ කතාව..."
අනික් අය හැමෝම පුදුමෙන් කල්ප දිහා බැලුවේ මේ වෙනකන් එහෙම දෙයක් දැනන් හිටියේ නැති හින්දා.
මොකද කොල්ලා ලියුමේ තිබ්බ දේවල් කිව්වට කාටවත් ලියුම පෙන්නුවේ නැති හින්දා..
"සනත් කියන්නේ underworld සනීට බන්. ඉතින් මට ඌට මූණ දෙන්න ලොකු බලයක් ඕන උනේ ඒ හින්දා තමා මම ඒකි ආශ්‍රය කරේ. ඒත් ඒ ළමයාගේ කතාව බොරු... ඒකිට ඕන වුනේ මාව ඒකි ළඟට ගන්න ඒ හින්දා ඒකි සහීට කියලා තියනවා ඒකි මං හින්දා pregnant කියලා. ඒක තාත්ත්වික කරන්න තමා එදා උබ ඉස්සරහත් කිව්වේ...."
"එතකොට කෝ දැන් ඒකි... ඒ දවස්වල ඒකි ඇවිත් එහේ පදිංචි වෙලා හිටියා නේ..." කල්ප. කොල්ලා කරේ සමච්චල් හිනාවක් දාපු එක..
"එතකොට මං එදා මගේ චූටිට බැන්නේ... ගැහුවේ .... ඒකි නොකරපු වැරැද්දකටද.... උබ මහා බල්ලෙක් යකෝ.... මං උබට මගේ නංගිව දුන්නේ ඒකිව හොඳට බලාගනී කියලා ඒත් තෝ වද දීලා...."කියමින් කේශ්ගේ ඇඟට කඩා පැන්නා.
ඒත් ඒ පාර නම් අකී දේව්ව අල්ල ගත්තා.
"මූ මැරෙයි යකෝ...පෙන්නැද්ද දැනටමත් ලේ ගලනවා.." අකී.
"මූ මරලා මදි මට... මං මගේ පොඩි එකීව විශ්වාස කරේ නෑ බන්...මං මහ තිරිසනෙක්.... අනික මගේ පොඩි එකී ලෙඩෙක් බන්...මට මගේ චූටිගෙන් සමාව ගන්න ඕනා ...."කියමින් දේව් අඬන්නන්ගත්තා.
මේ වෙනකොට හැමෝම හිටියේ ඇඬූ කඳුලින්. ඒ කිසිම කෙනෙක් රූහිව විශ්වාස කරේ නෑ.
එකවරම කේශ් ළඟට ආයේ ගියපු දේව්
"උබට ගවේෂ් කාඩ් එකක් දුන්නා නේද... කෝ ඒක.. " කියලා ඇහුවා.
කොල්ලා ඒක පර්ස් එකෙන් අරන් දේව්ට දුන්නා.ඒ සැනින් ඒ number එකට දේව් කෝල් එකක් ගත්තා.


"හෙලෝ.." ගවේෂ්
"හෙලෝ ගවේෂ් මම සදෙව්.."
"ම්ම්ම් සදෙව්... මට ඔයාව එච්චර මීටර් නෑනේ..."
"මම රූහිගේ අයියා..."
"ආ දේව්... දැන්නේ අඳුරගත්තේ. කියන්න...මං හැබැයි දැන්මම මේ කෝල් එක බලාපොරොත්තු වුනේ නෑ..."
"ගවේෂ් මට චූටි එක්ක කතා කරන්න ඕනේ..."
"පොඩ්ඩක් ඉන්න... ඔයාලට එයාට සමාව දෙන්න බෑ නම් please කතා කරන්න එපා... රූහි දැන් තමා ටික ටික depression වලින් මිදීගෙන එන්නේ..."
"අපි දැනුයි හැමදේම දැනගත්තේ බන්....මට චූටිගෙන් සමාව ගන්නයි ඕනා.... නැත්තං උබලා ඉන්න තැනක් කියපන් මං ඇවිත්ම සමාව ගන්නම්...."
"නෑ නෑ එහෙම ඕන්නෑ චුට්ටක් ඉන්න"කියපු ගවේෂ්,


"විශූ කෝ රූ..."
"දැන් තමා බෙහෙත් බීලා නිදියගත්තේ... "
" ආ එහෙමද..."
"ඇයි හදිස්සියක් ද...."
" නෑ නෑ"


"හෙලෝ දේව්.... රූහි නිදිනේ..."
"ආ එහෙමද එහෙනම් නැගිට්ටවන්න එපා බන්...මට චූටිත් එක්ක කතා කරන්න ඕනා මොකක් හරි  ක්‍රමයක් හදලා දීහන්කෝ..."
"ම්ම්ම්ම් මෙහෙම කරමු...රූ ප්ලෑන් කරන් හිටියේ හෙට පාර්ක් යන්න.. ඔයලාත් එන්න හරිනේ එතකොට..."
"ආ හරි බන් thanks බන් උබට ගොඩාක් පින්... ආ මේ පුලුවන්නම් අපි එනවා කියලා චූටිට නොකියා ඉමු... චූටිව surprise කරමූ.."
"හරි බන් එහෙනම් හෙට හවස 4ට විහාරමහාදේවි එකට වරෙන්...."







පසුදින සවස
කට්ටියම පවුල් පිටින් අද පාර්ක් ආවේ කෙල්ලව බලන්න. එයාලා දැනටමත් ඇවිත් ඉන්නේ කියලා ගවේෂ් කියපු හින්දා කට්ටියම ගවේෂ් කියපු තැනට ගියා...
හේෂ්ගේ දූව වඩාගෙන කේශ් ගියේ පිටිපස්සෙන්ම...
කොල්ලට එකපාරටම ඇහුනේ,
"මේඝ් ඔහොම ඉන්න... " කියලා කියන සද්දයක්.
ඒ කටහඬ අඳුරගත්ත කොල්ලා,


"සහී "


කියලා කිව්වේ එතනම නතර වෙද්දී.
________________________________


Loading...