🖤හේල්‍යා🖤 - 13

13.කොටස
තිබ්බේ කෙල්ලගෙයි කොල්ලගෙයි photos...
අවුරුදු ගාණක ඉඳන් ගත්තු ඒවා...
කෙල්ලට හොරෙන් ගහපු photos...
wedding එකේදි ගත්ත photos ....
සමහර ඒවා ගහලා තියෙන්නේ කවද ද කියලවත් කෙල්ල දන්නෑ...
කාමරේ පුරාම තිබ්බ photos බලපු කෙල්ලට කොල්ලා මොනාද මේ කරන්නේ කියලා හිතාගන්න බැරි උනා.
කොල්ලා හැසිරෙන්නේ වෙනස්ම විදිහකට... ඒ ගැන දැන ගන්න ඕන හින්දම තමා කෙල්ල ගවේෂ්ට කිව්වේ ඕනම දොරක් අරින්න පුලුවන් යතුරක් හදලා දෙන්න කියලා.
කෙල්ල ඊටපස්සේ කාමරේ තිබ්බා කබඩ් එකක් ළඟට ගියා.හොඳ වෙලාවට ඒක ලොක් කරලා තිබ්බේ නෑ ඒක ඇරලා බලපු කෙල්ල තවත් පුදුම උනා..
ඒකෙ තිබ්බේ පොත් හතරකුයි ෆයිල් වගේකුයි.. ඒ පොත් හතර photo Album වගේ කියලා තමා කෙල්ලට හිතුනේ.. ඒවා ගොඩාක් පරණ ඒවා බවත් පෙනුනා.
album ටික පැත්තකින් තිබ්බ කෙල්ල ෆයිල් ටික ගත්තේ චෙක් කරන්න.
පළවෙනි ෆයිල් එකේ තිබ්බේ දේපල වගේක ඔප්පු ඒ සේරම තිබ්බේ මේඝ්ගේ නමට.
ඊළඟ එකේ රසාන්‍යා ගාම්න්ට් එකේ එකක්. ඒක කියවපු කෙල්ලට තේරුනා ඒක තියෙන්නෙත් කොල්ලා නමට කියලා ඒත් කෙල්ලට මතකයක් තිබ්බා ගවේෂ් කියනවා එයා තමා රසාන්‍යා ගාමන්ට් එකේ owner කියලා ඒ හින්දා ඒකේ photos ටිකක් ගත්ත කෙල්ල ඊළඟ ෆයිල් එක පෙරලලා බලද්දි දැක්කේ කොල්ලගේ උප්පැන්න තියනවා..
කෙල්ලට ඒකෙන් වැඩක් නැති හින්දා පැත්තකින් තියන්න ගියත් එකපාර දැක්ක දෙයක් හින්දා, කෙල්ල ආයේ ඒක හොඳට බැලුවා....
ඒකේ මවගේ නමට තිබ්බේ සපුමල් ආරච්චිගේ රසාන්‍යා හපුමල් ආරච්චි...
පියාගේ නම වික්‍රම ආරච්චිගේ සනත් වික්‍රම ආරච්චි....
කෙල්ල මේ වෙනකන් දැනන් හිටියේ නෑ මේ ගැන. කොල්ලගේ තාත්තා සනත් කියලා දැක්කටත් වඩා කෙල්ලට පසු තැවීමක් ඇති උනේ කොල්ලගේ අම්මා රසාන්‍යා කියලා දැකලා...
උප්පැන්න පැත්තක දාපු කෙල්ල අර album අරන් බැලුවා...
ඒ album රසාන්‍යාගේ....
ඒකේ තිබ්බේ කොල්ලා බඩට ආවා කියලා දානගත්ත දවසේ ඉඳන් ගත්ත photos...
කෙල්ල ඒ ටික බල බල ඉද්දී එකපාරටම පහළින් සද්දයක් ඇහුනා...
බලන්න ඉතුරු වෙලා තිබ්බ album එක අරන් ඉතුරු ඒවා ආයෙත් කබඩ් එකටම දාපු කෙල්ල කාමරේට ගිහින් album එක හංඟලා පහළට දිව්වා..
ඇවිත් හිටියේ දේව්... විරාජුත් හිටියා...
ටාලියා පේන්න හිටියේ නැති හින්දා කෙල්ලට හිතුනා ටාලියා යන්න ඇති කියලා....
දේව් හිටියේ
"චූටි මෙහෙ එනවා ඉක්මනට.... " කියලා කෑගහන ගමන්.
"ඇයි ලොකූ " කියලා දේව් ළඟට යනගමන් කෙල්ල ඇහුවා.
දේව් එකපාර කෙල්ලගේ මූණට photos වගයක් දමලා ගැහුවා. ඒ photos වල තිබ්බේ කෙල්ල ගවේෂ් එක්ක ඓලියට ගියපු අවස්ථා කීපෙක ගත්ත photos. සමහර ඒවගේ ගවේෂ් කෙල්ලගේ අතින් අල්ලගෙනත් හිටියා.
කෙල්ලට බිම වැටුනු photos පෙන්නපු දේව්
"මොනාද මේවගේ තේරුම ආ කියපන්.."
"ඇයි ලොකූ මොකක්ද ප්‍රශ්නේ"
"ප්‍රශ්නේ...ප්‍රශ්නෙ තමා උබට අර සනත්කාරයාගේ පුතත් එක්ක තියන සම්බනෙධේ මොකක්ද?"
කට කොණින් හිනාවෙච්ච කෙල්ල, "මං හිතන්නේ අයියේ මං තමා එයාගේ wife..."
කොල්ලා පුදුමෙන් බැලුවේ කෙල්ල දිහා..
ඒත් එක්කම කෙල්ලගේ කම්මුල රත් වෙන්න ගහපු දේව්
"යකෝ මේ වගේ රත්තරන් කොල්ලෙක් ඉද්දී..... උබ මොකටද අර බල්ලෙක්ට තමුසෙගේ මිනිහා කියන්නේ...."
"ලොකූ..... එහෙනම් කවදාවත් මට අතක් උස්සලා නැති ඔයා මට ගැහුවා නේ... එහෙනම් මේකත් අහගන්න.... ඔයාලා රත්තරං කොල්ලා කිව්වේ.... ආන් ඒකට තමා මං හස්බන් කිව්වේ... අර බල්ලා කියන එකත් එක්ක මට තියන සම්බන්ධේ ඇහුවා නේද එයා තමා මගේ boyfriend... "
ඒ පාර කෙල්ලගේ කනට ගැහුවේ මෙච්චර වෙලා සද්ද නොකර හිටපු විරාජ්. කම්මුලත් අල්ලන් ඔලුව උස්සපු කෙල්ලගේ අනිත් කම්මුලටත් විරාජ් ගැහුවා..
"උබව මෙහෙමද මං හැදුවේ යකෝ..."
"මාව හදන්න ඔයාලා මගේ ළඟ හිටියද තාත්තේ... අනික ඇයි මට වෙන කෙනෙක්ට ආදරේ කරන්න බැරි..." ඇස් රතු කරගත්ත කෙල්ල ඇහුවා.
"ළඟ හිටියේ නැති ලැබුන හැමවෙලාවෙම තමුසෙව බලන්න ඇවිත්.... ඒ දේවල් කියලා වැඩක් නෑ... තමුසේ අදින් පස්සේ මගේ ළමයෙක් නෙවෙයි... මට දැන් ඉදලා ඉන්නේ පුතයි එක දුවයි... ආයේ මගේ ඇස්වලට පේන්නවත් එන්න එපා...."කියපු විරාජ් යන්න හැරුනත් එකපාරටම පපුව අල්ලගෙන වැටුනා.
"තාත්තේ..."
කියාගෙන දේව්, කේශ් වගේම රූහිත් දුවන් ආවා.
රූහි තාත්තගේ අතින් අල්ලපුහම කෙල්ලගේ අත විරාජ් ගසලා දැම්මා.
දේව් වගේම කේශුත් ඉක්මනටම විරාජ්ව hospital අරන් ගියේ කෙල්ලව ගෙදර තනි කරලා.
කෙල්ලත් ඉක්මනට වෙන කාර් එකක් අරන් යනවා කියලා හිතාගෙන රූම් එකේ තිබ්බ යතුර අරන් පහළට එද්දි ටාලියා සෝෆා එකේ ඉඳන් හිටියා.
" ඒයි ඔහොම නැවතියන්"
අඬන ගමන් හිටපු කෙල්ලට තරහා ගියේ ටාලියා කෙල්ලව නවත්තපු හින්දා,
" උබ ආයේ මගේ කේශ් ළඟට එන්න බෑ තේරුනානේ කේශ් මගේ මේ මගේ විතරයි... ඩිවෝස් එකත් එකත් අරන් පලයන් ඉක්මනට... උබට කොහොමත් boyfriend කෙනෙකුත් ඉන්නවනේ.... අනික තමුසේ වද ගෑනියක්..... උබට තාම බැරි උනානේ කේශ්ට දරුවෙක් දෙන්න.... උබ දන්නවද මගේ බඩේ ඉන්නවා කේශ්ගෙයි මගෙයි දරුවා.. උබෙන් ලැබුන්නැති දේ කේශ්ට මගෙන් ලැබුනා..."
ටාලියාගේ කතාව අහපු කෙල්ලට අකුණක් වැදුනා වගේ හැඟීමක් දැනුනේ තවත් මානසිකව කඩා වැටෙද්දී.
ඒත් කෙල්ල ඉක්මනට ගියේ විරාජ්ව බලන්න. කෙල්ල යනකොටත් ගෙදර කට්ටියම hospital එකේ.
කෙල්ල ගියපු ගමන් කෙල්ල ළඟට ආපු දිනූ කෙල්ලගේ කම්මුලට ගහලා.
"තමුසෙ මගේ නංගි කියන්නත් ලැජ්ජයි..... ඇයි ආවේ දැන් තාත්තා මැරුනද කියලා බලන්නද ආ.. පලයන් මෙතනින් ආයේ එන්න එපා අපි කිසිම කෙනෙක්ගේ ඉස්සරහට..."
කියපු දිනූ ආයේ කෙල්ලගේ කනට ගැහුවා.
කෙල්ල අසරණ විදිහට අම්මා දිහා බැලුවත් අඬ අඬ හිටපු රුවීත් අහක බලා ගත්තා.
මේ වෙනකොට හුඟක් මානසිකව වැටිලා හිටපු කෙල්ල hospital එකෙන් එළියට දිව්වා. මේ වෙනකොට ධාරානිපාත වර්ෂාවක් කඩා හැලෙමින් තිබ්බේ කෙල්ලට යන්න එපා කියන්න වගේ.
පිස්සියක් වගේ පාර දිගේ ඇවිදන් ගියපු කෙල්ලට තමන් කවුද කියලා අමතක වෙලා තිබ්බේ.
කෙල්ල hospital එකට දුවන් ආවේ ගෙදරට ඇඳන් හිටපු ඇඳුම් පිටින්මයි. දණිස්සටත් ගොඩක් උඩින් තිබ්බ චූටි කලිසමකට ටී එකක් ඇඳන් හිටපු කෙල්ල වැස්සට තෙතබරිත වෙච්ච හින්දා මේ වෙනකොට ඇඳුම ඇඟටම ඇලිලා තිබ්බේ.
පාරේ හිටපු මිනිස්සුත් කෙල්ල දිහා අමුතු විදිහට බැලුවේ.
එකපාර කෙල්ල ළඟින් නතර කරපු කළු පාට වෑන් එකක් හිටපු පිරිසක් කෙල්ලව වෑන් එකට දාගත්තා.
"හෙලෝ බොස්... මාර වැඩේනේ"
"ඇයි මොකද උනේ"
"බොස් අපි අරකිව උස්සන්න ළඟටම ආවා. ඒත් අපිට ඉස්ස්‍ර වෙච්ච සෙට් එකක් ඒකිව ඉස්සුවා.."
"මොකාක් කවුද උන්... උන්ව follow කරපන් කෙල්ලව ගනින්.. කෙල්ලව ඕනේ අපිට..."
"හරි බොස්"
කළු වෑන් රථය පසුපස තවත් කළු වෑන් රථයක් හඹා යන්න උනා. නුවර දෙසට ගමන් කරපු වෑන් රථ දෙකෙන් පසුපස ගිය වෑන් රථය එකවර කෙල්ල සිටි වෑන් රථය හරස් කලා. දෙපිරිසම වෑන් දෙකෙන් බැස්සෙ ගිනිඅවි ද අතැතිව.
"කොල්ලො... අපිට කෙල්ලව ඕනා..."
"යකෝ මාස ගාණක් තිස්සේ ඒකි පස්සේ පන්නලා අදයි ඉස්සුවේ.... අපි මොකටද උබලට දෙන්නේ..."
" උබ දන්නවද අපි කාගේ උන්ද කියලා"
"යකෝ උබ දන්නවද අපි කාගෙ උන්ද කියලා... අපි ජයදේව ඇමතිගේ මිනිස්සු යකෝ.."
" හහ්... උබලගේ ජයදේවයත් යටයි underworld සනීට අපි සනීගේ උන් යකෝ... "
ඒ නම ඇහෙනවත් එක්කම කෙල්ලව පැහැර ගෙන ආ පිරිස වෙව්ලන්නට විය.
"අපේ ලොක්කට මේකි එක්ක විසඳගන්න දෙයක් තියනවා... ඒකි හින්දා අපේ ලොක්කට මන්ත්‍රී post එකට බහින්න උනා.. අපිට කෙල්ලව ඕනේ බන් ඒත්...."
"අපිට කෙල්ලව දීලා උබලා යමල්ල ජයදේවයට එන්න කියපන් අපේ පොට් එකට."
පැය කිහිපයකට පසු සිහිය ආපු කෙල්ල දැක්කේ කෙල්ල ඉන්නේ චූටි ඇඳක් විතරක් තියන කාමරේක කියලා.
කෙල්ලට හිතාගන්න බැරි උනා මොකද උනේ කියලා.එතකොට තමා කෙල්ලට මතක් උනේ උදේ ඉඳන් වෙච්ච දේවල්.
කෙල්ලගේ ඇස්වල කඳුලු ආයේ අලුත් උනේ තාත්තට කොහොමද දන්නෑ කියලා හිතන ගමන්.
එකපාරටම දොරත් ඇරන් ඇතුළට ආවේ සනත් වගෙස්ම රේඛා.
"ආ උබ නැඟිට්ටද"සනත්.
"තමුසේ... මොකදට මාව ගෙනාවේ...."රූහි.
"අනේ අනේ චූටි මැණිකේ කලබල වෙන්න එපා... තව ටික දවසනේ ඔයාට ඉතුරු වෙලා තියෙන්නේ.. ඒ හින්දා අපි ඔයාට හොඳට සලකනවා බය වෙන්න එපා..."රේඛා.
"උබලට මොනාද මගෙන් ඕනේ..."
"අනේ කෙල්ලේ අපිට ඕනේ උබවම තමා...අවුරුදු 22කට කලින් උබ කොහොමහරි බේරුනානේ... ඒත් මේ සැරේ බේරෙන්න තියා හොයන්නවත් කවුරුත් නෑනේ." රේඛා.
" එතකොට උබලා තමා නේද මාව මරන්න හැදුවේ... උබලට ඕන උනේ මාව නම් ඇයි අර අසරණ ගෑනු කෙනාව මැරුවේ..." කියමින් කෙල්ල අඬන්න ගත්තා.
"ඒ කොල්ලෝ... අර එහා කාමරේ ඉන්න ගෑනිවත් ගෙනැත් මේකට දාපන්කෝ..."
ටිකකින් කෙල්ල දැක්කේ දෙන්නෙක් එකතු වෙලා ගෑනු කෙනෙක්ගේ අත් දෙකෙන් ඇඳන් කාමරේට අරන් එනවා.
කෙල්ලට දැකලා හුරු පුරුදු බවක් තිබ්බත් අඳුරගන්න බැරි උනා කවුද කියලා.
"එහෙනම් නැන්දම්මයි ලේලියි දෙන්න ඉන්නකෝ හොඳේ... දෙන්නටම ජීවත් වෙන්න තියෙන්නේ දවස් දහයනේ..."
එතකොට තමා කෙල්ලට තේරුනේ මේ ඉන්නේ රසාන්‍යා කියලා.
අදට කෙල්ල මේ හිර ගෙදර හිරවෙලා දවස් අටක්. ආපුදාම රෑ ජයදේව ඇමති ඇවිත් ගියත්ල්ල කෙල්ලට මුකුත් කරේ නෑ.ආයේ රේඛාවත් සනත්වත් පැත්තටවත් ආවේ නෑ. කෙල්ල ගවේෂ් එයි කියලා බලාපොරොත්තු වුනත් ගවේෂ් ආවෙත් නෑ.
මේ අතරේ කෙල්ලට රසාන්‍යාගෙන් හැමදේම දැනගන්න පුලුවන් වුනා.
කෙල්ලව අවුරුදු ගාණකට කලින් මරන්න නෙවෙයි හදලා තියෙන්නේ බිල්ලට දෙන්න. අවුරුදු 5000ක් විතර පැරණි නිධානයකට උරුමකන් කියන අවුරුදු 1000කට සැරයක් ඉපදෙන කෙනෙක් තමා රූහි කියන්නේ. ඒ නිධානේ ගන්න පුලුවන් රූහිට විතරයි.
ඒ නිධානේ තියන තැන දැනන් හිටියත් සනත්ලාට කෙල්ල නැතුව එතෙන්ට ළං වෙන්නවත් බෑ.
මේ රූහිගේ හතරවෙනි උපත. විශේෂ නැකතක ඉපදුනු රූහි ගැන සනත් අවුරුදු 24ක් තිස්සේ ඇහැ ගහගෙන ඉදලා තියනවා.
එක සැරයක් නිධානේ ගන්න රූහිව පැහැර ගත්ත වෙලාවේ රූහිව බේරගෙන තියෙන්නේ රසාන්‍යා. ඒකට තරහා ගියපු සනත් රසාන්‍යාව පිට ලෝකෙට මැරුනු කෙනෙක් කරලා අවුරුදු 22ක් තිස්සේ වද දීලා තියනවා.
එදා බේරුනු කෙල්ලව විරාජ් රට යවලා පරිස්සම් කරලා තියෙන්නේ සනත් ඇහෙන් කෙල්ලව පරිස්සම් කරන්න. කෙල්ලට ලොකු ගාඩ් එකක් දාලා කෙල්ලව පරිස්සම් කරත් කෙල්ල marry කරාට පස්සේ එච්චර බලලා නැත්තේ කේශ් හිටපු හින්දා.
විරාජ් දැනන් හිටියේ නෑ කේශ් කියන්නේ සනත්ගේ පුතා ඒ වගේම එදා කෙල්ලගේ ජීවිතේ බේරපු රසාන්‍යාගේ පුතා කියලවත්.
කෙල්ල කාමරේ සිවිලිම දිහා බලන් කල්පනා කර කර හිටියා..... වෙලාවක් බලා ගන්නවත් විදිහක් තිබ්බෙ නෑ..... තාම කෑම ගෙනාපු නැති නිසා පාන්දර වෙන්නැති කියලා කෙල්ලට හිතුනා.
එකපාර කාමරේ දොර ඇරන් ඇතුළට ආවේ ගවේෂ්,
"රූ මැණික..... රියා ලයින් එකේ ඉක්මනට කතා කරන්න.."
කෙල්ල එකපාර confused උනේ මෙහාට ගෙනාවට ම අද ගවේෂ් ආපු හින්දා.
" හලෝ නංගා... මෙහෙ ඔක්කොම ලෑස්තියි අද ම අපිට යන්න පුලුවන් ගවේෂ් එක්ක එන්න..."
"අක්කී ඒත්....."
"අහන්න මැණික... ඔක්කොම හරි..."
"හරි අක්කේ තාත්තා..."
"අංකල් හොඳින් පොඩි heart attack එකක් ඇවිත් තියෙන්නෙ. දැන් discharge කරලා ගෙදරත් ඈවිත් ඉන්නේ.."
"අක්කේ කවුරුත් මාව හෙව්වෙ නැද්ද..." කෙල්ල ඇහුවේ අඬන ගමන්.
"ඔයාව හෙව්වා මැණික.... ඒත් දැන් කට්ටිය හිතන් ඉන්නේ ඔයා ගවේෂ් එක්ක ගිහින් කියලා. ධීර් මගෙන් ඇහුවා ඔයා කෝ කියලා මං දන්නෑ කියලා කිව්වා. සමාවෙන්න මැණික මෙච්චර පරක්කු උනාට ඔයාව බේරගන්න.අපි හිතන තරන් මේක ලේසි නෑ.... සම්පූර්ණයෙන්ම underworld එකෙන් රන් වෙන්නේ මේක... ඒ හින්දා හොඳම වැඩේ අපි රටින් පිට වෙන එක.. ගවේෂ් එක්ක එන්න.."
"හරි අක්කා මං එන්නම්.... ඒත් ඊට කලින් කරන්න දෙයක් තියනවා.... මට ගෙදර ගිහින් එන්න ඕනා.... "
"පිස්සුද රූහි..." ගවේෂ්.
"ඒකනේ රූහි පිස්සු වැඩ කරන්න එපා..."රියා.
"නෑ... මට ගන්න දේවල් ටිකක් තියනවා... කරන්න දේකුත් තියනවා... ඒ ටිකට මට පැය කාලක් ඇති... "
"ඒත්..." රියා.
"කමක් නෑ රියා... මං ඒක සෙට් කරන්නම්.ඔයාලා ලෑස්ති වෙලා ඉන්න අපි එනවා ඉක්මනට."කියපු ගවේෂ් කෝල් එක කට් කරා.
"අයියේ රසා අම්මාවත් එක්ක යන්.. නැත්තං අරුන් ආයේ වද දෙයි.."
"ඔව් නංගි අම්මව එක්ක යන්... ඉන්න මං ඉක්මනට ඔක්කොමසෙට්ද කියලා බලලා එන්නම්." කියලා කාමරයෙන් යන්න ගියත් කෙල්ල අතින් අල්ලගත්ත හින්දා ආයේ හැරිලා බැලුවා.
"ඇයි මැණික..."
"අයියේ ඇයි ඔයා මට උදව් කරන්නේ... අනික මං කොහොම ද මේකෙන් බේරෙන්නෙ මං යනයන තැන හොයන් එයි..."
කෙල්ලගේ මූණ අත් අතරට ගත්ත ගවේෂ්,
"අහන්න මැණික... මේ කාලකණ්ණියා මෙච්චර දවස් රූකඩයක් වගේ අම්මගෙයි තාත්තාගෙයි අතේ නැටුවා.මගේ ජීවිතේ එළිය කරේ ඔයා.ඔයා හින්දා තමා මං මනුස්සයෙක් උනේ.මට ආදරේ කරන මැණිකක් ලැබුනේ... මාව විශ්වාස කරන්න මැණික.... අනික මාත් මේ field එකේ experience තියන කෙනෙක්.. තාත්තට වැඩි කල් නටන්න වෙන්නෙ නෑ.. ආදි කියලා එකෙක් දැන් වැඩට බැහැලා ඉන්නේ ඌ එක්ක තියන fight එකට ඔයාව ටික කාලෙකට අමතක වෙලා යයි.මේ ටිකේ ඔයාගේ පස්සෙන් පන්නන්නෙත් පෝය ළඟ හින්දා.... මේක මඟ ඇරෙනවා කියන්නේ... ආයේ ඔයාව උන්ට මතක් වෙන්නේ අවුරුදු තුනකින්..... ආයේ මේ වගේ පෝයක් එන්න අවුරුදු තුනක් යනවා.සමහරවිට ඒ වෙනකොට ගොඩාක් දේවල් වෙනස් වෙලා තියෙන්න ඉඩ තියනවා.. තේරුනා නේද?" කෙල්ල ඔලුව වැනුවා.
"අම්මව නැගිට්ටවන්න... අපි දැන් යන්න ඕන.." කියපු ගවේෂ් කෙල්ලව අතහැරලා කාමරෙන් එළියට ගියා.
පැය තුනකට පස්සේ කෙල්ල ආයෙත් කොළඹ තාම පාන්දර 4ටත් නෑ.කෙල්ලව එතනින් එළියට ගන්න ගවේෂ් පට්ට කට්ටක් කාලා තිබ්බා.
අම්මාව වෙන වාහනේකින් රියාලා ළඟට යවපු ගවේෂ්, කෙල්ලව එක්කන් ආවේ කොල්ලගේ ගෙදරට...
බීච් එක පැත්තෙන් හොරෙන් ආපු දෙන්නා පිටිපස්සෙ පැත්තෙන් ගෙට ඇතුළු වුණා.
ගවේෂ් control roomඑක පැත්තට යන අතරේ කෙල්ල හිමීට කාමරේට ගියා.
කාමරේ දොර ඇරපු කෙල්ල දැක්කේ කාමරේ පුරාම තියන බෝතල් ගොඩ.
කෙල්ලට තේරුනා කොල්ලා මේ ටිකේම බීලා කියලා.
කොල්ලා ඇඳේ ඉන්නවා දැක්කේ ඊටපස්සේ.
හිමීට කොල්ලා ළඟට ගියපු කෙල්ලට කොල්ලට හොඳට නින්ද ගිහින් කියලා තේරුන නිසා කෙල්ලට ඕන කරන බඩු ටිකත් සද්ද නොකර බෑග් එකට දාගෙන රියා එවලා තිබ්බ ඩිවෝස් පේපර්ස් ටිකත් සයින් කරලා කෙල්ල එනගමන් ලිව්ව ලියුමත් එක්කම ඇඳ ළඟින් තියලා කාමරෙන් එළියට ගියා.
ඒත් ක්ෂණික ආපූ සිතුවිල්ලක් හින්දා ආපහු කොල්ලා ළඟට ඇවිත් නළලට කිස් එකක් දීලා පහළට ගියා.
මේ අතරේ ගවේෂ් cctv footage ටික recover කරන්න බැරි විදිහට delete කරලා තිබ්බා. ඒ රූහිගේ අනුදැනුම මත.
කෙල්ල ගවේෂ් එක්ක ගෙදරින් ගියේ ලංකාවටත් සමුදෙන්න හිතාගෙන.
පසුදින උදෑසන
ඔලුවේ කැක්කුමකුත් එක්ක නැගිට්ට කේශ්, වෙලාව බලනකොට දහයත් පහු වෙලා තිබ්බා.
කාමරේ ගහලා තිබ්බ කෙල්ලගේ ෆොටෝ එක දිහා බලන් කල්පනා කර කර ඉද්දි කාමරේ දොරත් ඇරන් ආවේ කල්ප.
"උබ අදවත් මේ ගුහාවෙන් එළියට එනවද " කියලා කොල්ලගෙන් ඇහුවා.
කොල්ල මුකුත් නොකියා ටවල් එකත් අරන් bathroom එකට ගියා.
කොල්ලා එළියට එද්දි කල්ප මොනාද කොළ වගයක් අතේ තියන් කියව කියව හිටියා.ඒත් එක්කම කාමරේ තිබ්බ බෝතලේකට කොල්ල හැප්පුනු නිසා ආපු සද්දෙට කොල්ලා දිහාට හැරුනු කල්ප,
"ආ උබ ආවද මේක බලපන්කෝ " කියලා කොල්ලට අර කොළ ටික දුන්නා.
"මොනාද බන් "
කියලා කොළ ටික අතට ගත්ත කොල්ලා අතින් ඒ කොළ ටික වැටුනේ ඒ තියෙන්නේ ඩිවෝස් පේපර්ස් කියලා දැකලා.
කොල්ලා ඒත් එක්කම කල්ප දිහා බලද්දී
" තව ලියුමකුත් තියනවා කියවපන්..."
මේඝ්,
මං දන්නෑ මට ඔයාට තවදුරටත් ඒ නමින් කතා කරන්න පුලුවන්ද කියලා. මං ලංකාවෙන් යනවා ඊට කලින් ඔයාට ඩිවෝස් එක දෙන්න ඕනා මොකද මට අම්මෙක් වෙන්න බැරි උනාට ඔයාට තාත්තෙක් වෙන්න පුලුවන් නිසා. ටාලියාව marry කරන්න. මං ඔයාගෙ ඉස්සරහට එන්නෙ නෑ ආයේ. ඔයාලා හැමෝම හිතන් ඉන්න විදිහට මං ඉන්නේ ගවේෂ් එක්ක තමා. මං තවත් විඳවන්න කැමති නැති හින්දා මේ තීරණේ ගත්තේ. මට සමාවෙන්න මං ඔයාට කරදරයක් වුනා නම්. මම හින්දා ඔයාට ඔයාගේ අම්මත් නැති වුනා. එදා ඔයාගේ අම්මා බේරගත්ත ඒ පුංචි කෙල්ල මං. අම්මටයි තාත්තටයි අයියටයි අක්කටයි කියන්න මට සමාවෙන්න කියලා. මං දන්නෑ එයාලා මට සමාව දෙයිද කියලා. ඒ වගේම බීලා නාස්ති වෙන්න එපා අර ළමයා පව්.
සහී
ලියුම කියවපු කොල්ලා ඇස් දෙකේ කඳුලු පුරවන් ඉද්දී කල්ප
"මොකක්ද බන් ඒ කතාවෙ තේරුම... කවුද ටාලියා කියන්නේ..."
කොල්ලට මුකුත් කියාගන්න හම්බුනේ නැත්තේ කාමරේට කඩාගෙන බිඳගෙන ආපු ධීර් හින්දා,
"සර් මැඩම් අපිව අයින් කරලා"
"what..... "
"මැඩම්, මැඩම්ගේ ගාඩ් එක්ක ඔක්කොම මාස තුනක salary එකත් දීලා අයින් කරලා දාලා..... මැඩම්ගේ ගාඩ් එකට හිටපු ටීම් ඔක්කොම විසුරුවා හැරලා....."
"මොනා වෙනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ....... අනික මේවා කොහෙද තිබ්බේ මෙතුවෝ...." කියලා කොල්ලා කල්පගෙන් ඇහුවේ අතේ තිබ්බ ලියුම පෙන්නන ගමන්.
"ඇඳ ළඟ ටේබල් එකේ තිබ්බේ..."
"ඒ කියන්නේ ඊයේ කවුරු හරි ඇවිත් තියනවා... පොඩ්ඩක් ඉන්න.. "
කියපු කොල්ලා කාමරේ තිබ්බ කෙල්ලගේ බඩු ඒවා මේව තියනවා ද කියලා බැලුවා.
එතකොට තමා කොල්ලට තේරුනේ කෙල්ලගේ සමහරක් බඩුත් නෑ කියලා.
"ඊයේ මොකෙක් හරි කාමරේට ඇවිත් තියනවා... "
කියන ගමන් කොල්ලා දිව්වේ control room එකට. cctv එකෙන් බැලුවත් කොල්ලට තේරුනා පාන්දර 3.30ට 4.30ත් අතර footage ටික නෑ කියලා.
"මට පේන්නෙ ඇවිත් තියෙන්නේ මැඩම් ම තමා"
"එහෙම කොහොමද කියන්නේ"කල්ප.
"monitor එකේ delete වෙච්ච footage සර් දැන් recover කරන්න හදද්දී තිරේ කලු උනා නේද.... මෙතන ඉදන් බලද්දි පේනවා H අකුරක්.... ඒක වැටෙන්නෙ මැඩම් මොනාහරි කරපු හින්දා තමා."
"ඒ කියන්නේ ඊයේ එයා ඇවිල්ලා..."
කියපු කොල්ලා ආයේ සාලෙට යද්දි එකපාර ටාලියා ඇවිත් කොල්ලගේ ඇඟේ එල්ලුනා.
"අහකට පලයන් ටාලියා... " කියපු කොල්ලා ටාලියාව තල්ලු කරා.
"මොකද කරන්නේ කේශ්.... බලන්න මං වැටුන නම් එහෙම අපේ බබාට මොකද වෙන්නේ කියලා......"
"මේකිද එතකොට ටාලියා... මොකක්ද කේශ් මෙතන වෙන්නේ... එකෙක් කියනවා නංගි ගවේෂ් කියලා එකෙක් එක්ක සෙට් වෙලාලු. ඒකිත් ලියලා තියලම ගිහින් ඒක. එතකොට මෙතන උබ මේකිත් එක්ක ළමයි හදලා..."
"කල්ප ප්ලීස්.... මට ටිකක් ඉන්න දීපන්...ධීර් ගිහින් මොන මඟුලක් හරි කරලා අරකි මොන රටටද ගියේ කියලා හොයපන්"
"හරි සර් මං කරන්නම්"
කොල්ලා උඩට ගියේ මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව. කොල්ලා හීනෙකින්වත් හිතුවේ නෑ කෙල්ල ගවේෂ් එක්ක යන්න ඇති කියලා.
මේ විදිහට තව ටික දවසක් ගෙවිලා ගියේ කෙල්ල ගැන පොඩිම දෙයක්වත් කොල්ලට ආරංචි නොවෙද්දී.
මේ අතරේ
"බලපන් මේ පාරත් චාන්ස් එක මිස් උනා දැන් තව අවුරුදු තුනක් බලන් ඉන්න ඕනා." සනත්.
"කවුද හිතුවේ, අරකා මෙහෙම කරයි කියලා...... ඌ මගේ පුතෙක් කියන්නත් ලැජ්ජයි" රේඛා.
"අරකි අර ගෑනිවත් අරන් ගියානේ... දැන් අරූගේ දේපල ගන්න විදිහකුත් නෑ."
"ඒක තමා මං කිව්වේ ඒ දවස්වලම ඒ වැඩේ ඉවරයක් කරන්න කියලා.... මොනාද තමුසෙත් අනුකම්පා කර කර හිටියනේ...දැන් ඉතින් කොහොම හරි මේ අවුරුදු තුන ඇතුළත අරකිව හොයා ගන්න වෙනවා.... නැත්තං ආයේ පාරක් මිස් වෙනවා" කියපු රේඛා තමන්ගේ අතවැසියෝ පිරිසකට ඒ වැඩේ බාර දුන්නා.
මේ වනවිට underworld ආදීගේ කරදර ද සනත්ට වැඩි වෙලා තිබ්බ හින්දා ගවේෂ් කිව්වා වගේම කෙල්ල ගැන හොයන්න පුලුවන්කමක් ලොකුවට තිබ්බෙ නෑ.
කෙල්ලව හොයන වැඩෙත් කොල්ලට අතහැරලා දාන්න වුනේ කිසිම දෙයක් හොයාගන්න බැරි උන නිසා කෙල්ලගේ හේල්‍යා company එකේ වැඩ පුරුදු විදිහටම සිද්ධ උනත් ඒ මාර්ගෙන්වත් කොල්ලට කිසිම දෙයක් හොයාගන්න බැරි උනා.
කෙල්ල අඩුමතරමේ පහු ගිය ටිකේ surgery එකක්වත් කරලා තිබ්බේ නෑ.
කෙල්ලගේ පවුලේ අයත් කෙල්ලව අතහැරලාම දැම්මේ කෙල්ල ගවේෂ් එක්ක ගියා කියන එක ලියුමෙනුත් දැන්ගත්ත හින්දා.
ඒත් කොල්ලගේ පැත්තට කවුරුත් වරද පැටෙව්වෙ නැත්තේ කෙල්ල ගවේෂ් එක්ක විවාහයට කලින් ඉදන්ම කතා කරලා තියනවා කියපු එක ධීර් කට්ටියටම කියලා තිබ්බ හින්දා.
ටාලියාත් ඇවිත් කොල්ලගේ ගෙදර ම පදිංචි උනේ ළමයා වෙනුවෙන් කියලා.
කොල්ලා හිටියටත් වඩා නපුරු වුනේ business වැඩවලට වැඩි අවදානයක් දෙද්දී.
වසර දෙක හමාරකට පසු.....
_________________________