Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Feb 11 2025 @ 10:15

නුඹ හා හමු වී...❤️ (නුඹ දැක මා season 02) - 31



තිස්වෙනි දිගහැරුම...❤️ ( අවසාන දිගහැරුම)


" නේශ් මොකද වුනේ..."


" ඌ මගේ කෙල්ලව උස්සලා බන්... මගේ කෙල්ලව විතරක් උබලගේ පොඩි උන්වත්...."


" මොකක්..." නිශූ කවී දෙන්නම කලබල වුනා.


" මං ගිහින් කොහොමහරි මගේ කෙල්ලවයි පොඩිවුන් ටිකයි බේරගෙන එන්නම්..." කියපු නේශ් යන්න ගියත් අවී නැවැත්තුවා.


" පිස්සුද යකෝ තෝ විතරක් තනියම යන්නේ.. එතන ඉන්නේ උබේ උන් විතරක් නෙවෙයි.. ඒකි මගේ එකම නංගී යකෝ මගේ පණ... මගේ පොඩි උන්.. යමන් මාත් එනවා..."


" යමන් තුන්දෙනාම ගිහින් උන්ව මරලා හරි සුදූවයි පොඩි උන්වයි බේරන් එමු..." කියලා නවී ඉස්සර වුනත් මේ පාර හරස් වුනේ කවී.


" නේශ් අයියේ.. විෂාන් මොකක්ද කිව්වෙ හරියටම කියන්න..." කවී ඇහුවේ ඇස්වලින් වැටෙන්න යන කඳුලු ආයාසයෙන් නවත්තගෙන.


ඒත් නේශ් කිසි දෙයක් නොකියා ඉද්දී මොකක් හරි වැරැද්දක් තියනවා කියලා කට්ටියට තේරුනා.


" ඌ මොකක්ද කිව්වේ කියපන්..." අවී.


" ඌ කිව්වේ පවුලේ අය ඔක්කොම එක්කන් එන්න කියලා.. යුහී ආන්ටිත් එක්කම.."


" මොකක්..." නවී.


" එතකොට ඔයා තනියම යන්න හැදුවේ පිස්සුද අයියේ.. " කවී.


" උඹ කියන්නේ මට පවුලේ හැමෝම බිල්ලට තියන්න කියලද.. ඌ පණපිටින් ආයේ එන්න දෙයි කියලා හිතනවද.. උබලා දන්නැති උනාට අදේශ් කියන්නේ එසේ මෙසේ එකෙක් නෙවෙයි.. ඌ තමා මාෆියා කින්ග්..."


" ඌ මාෆියා කින්ග් නෙවෙයි එම්පරර් වුනත් වැඩක් නෑ.. දැන් මොනාහරි කරලා සුදූවයි පොඩි උන් ටිකයි බේරගන්න ඕනේ... තාත්තට කෝල් එකක් ගනින්..." නවී.




මේ අතරේ නුහීට සිහිය ආවේ තාමත් හදාගෙන යන බිල්ඩින් එකක ඉඳලා.
ඇස් ඇරලා වටපිට බලපු කෙල්ල දැක්කේ අවීගේ පොඩි උන් දෙන්නා එදා නිශුල්‍යාව දාලා තිබ්බ කූඩුව වගේ එකක දාලා තියනවා.
නිශුල්‍යාව පුටුවක ඉන්ඳලා විෂාන් මොනාද කියනවා.


නුහී හිටපු තැනින් නැඟිටින්න හැදුවත් කෙල්ලව පුටුවක බැඳලා දාලා තිබ්බේ.
නුහී දඟලන සද්දේ ඇහිලා විෂාන් හැරිලා බැලුවේ නුහී දිහා.


" ආ මැඩම් නැඟිටලා නේ... ඉතින් කොහොමද කාලෙකට පස්සෙනේ.. තමුසේ තවත් ලස්සන වෙලා... " කියමින් විෂාන් කෙල්ලගේ ළඟට ආවා.


" විෂාන්.. තමුන්ට මොනාද ඕනේ අපිට යන්න දෙනවා..." ඒක ඇහුනාම නම් විෂාන් කලබල වුනා.


ඒත් ඒ බව නොපෙන්වලා,
" විෂාන්... ඇයි නංගි මං තමුසෙගේ චූටි අයියානේ.. ආ නැ.. ඒක ටිකක් අලුත් වෙන්න ඕනේ ෆියොන්සේ.. "


ඒක ඇහුන නුහී හිනාවුනේ විෂාන්වත් පුදුම කරලා.


" හහ්.. මිස්ටර් විෂාන් තමුසෙගේ මහලොකු ප්‍රොෆෙසර්ගේ බෙහෙත්වලින් තමුන් මට කරපු දේන් මම බේරිලා මේ වෙනකොටත් මාස දෙකක්.... මම නුහිනි යකෝ... නුහිනි අහල්‍යා..."


ඒත් එක්කම විෂාන් නුහීගේ බෙල්ලෙන් අල්ලගත්තා.


" තමුන් නුහීනි තමයි... එහෙනම් ඒකත් දන්න එකේ මට ලේසි තමුසෙව මරලා දාන්න.. ඒත් මං තමුසෙව මරන්න කලින් තමුසෙගේ මේ බඩේ ඉන්න එකාව මරලා දානවා... හහ්..."


ඒක අහපු නුහී කලබල වුනත් කෙල්ලට කරගන්න කිසිම දෙයක් තිබ්බේ නෑ.


" විෂාන් එපා... මගේ දරුවොන්ට මොනාහරි කරොත් මං තමුසෙව මරාගෙන මැරෙනවා..  මාව අතහැරපන් බල්ලෝ... "


ඒත් එක්කම විෂාන්ගේ අතවැසියෙක් විෂාන් අතට දුන්නේ පිහියක්.


ඒ පිහිය නුහීගේ මූණ පුරා විෂාන් අරන් ගියේ බයටම නුහීගේ හාට්බීට් එකත් වැඩිවෙද්දී.
ඊටපස්සේ පපුව හරහා නුහීගේ කුසටම ඒ පිහිය අරන් ගියා...


" එපා විෂාන් එපා ප්ලීස්.. තමුසෙට මොනාද ඕනේ...." නුහීගේ ඇස්වලින් කඳුලු කැට කඩන් වැටුනේ අන්ත අසරණ බවක් දැනෙද්දී.


" විෂාන් එපා... "


ඒ ඇහුන කටහඬත් එක්කම නුහී බැලුවේ ඒ කටහඬ ආව පැත්ත.
ඈතින් දුවගෙන එන ඒ රුව දකිද්දී නුහීට දැනුනේ මාර සැනසීමක්.


විෂාන් නුහීගේ කුසෙන් පිහිය ගත්තේ ඈතින් දුවන් එන නේශ් දිහා බලලා සමච්චලේට හිනාවෙමින්.


" කෝ මිස්ටර් සිනේශ්... මම කිව්වේ තමුන්ට පවුලේ හැමෝම එක්ක එන්න කියලානේ..." කියපු විෂාන් ආයේ පිහිය තිබ්බේ නුහීගේ බෙල්ලට.


" එපා විෂාන් එපා... අර එන්නේ කට්ටියම ඉන්නවා..."


ඒත් එක්කම පිටිපස්සෙන් හැමෝම ආවා. යුහී විතරක් නෙවෙයි නිශූත් එතන හිටියා.
කවීව දැක්ක නිශුල්‍යා කවී ළඟට දිව්වෙ  "අම්මේ " කියාගෙන.
ඒක දැකපු විෂාන්ගේ අතවැසියෝ ගිහින් ආයෙමත් නිශුල්‍යාව ගත්තේ විෂාන්ගේ අණින් අනිත් හැමෝමවම විෂාන්ගේ අය යටත් කරගනිද්දී.


අවුරුදු ගාණකට පස්සේ තමන්ගේ අම්මවයි තාත්තාවයි දැක්ක නුහීගේ ඇස්වලින් කඳුලු කැට කඩන් වැටුනේ නොනවත්වාමයි.
නුහීව දැක්ක යුහීගේ කටිනුත් අවුරුදු පහකට පස්සේ පළවෙනි වතාවට වචනයක් පිටවුනා.
" දෝණි...."
" අම්මේ..." කියමින් නුහී යන්න දැඟලුවත් ඒකෙන් වුනේ නුහීගේ බෙල්ල විෂාන් පිහියට කැපුණ එක...


ඒක දැකපු නේශ්
" මැණික... " කියමින් විෂාන්ගේ අතවැසියෝ පසෙකට කරලා දුවන් එන්න හැදුවත්,


" ඔහොම ඉන්නවා සිනේශ්.. මේකි මැරුනේ නෑ.. මේකිට එහෙම ලේසියෙන් මැරෙන්න දෙන්නත් බෑනේ... " විෂාන් කිව්වා.


" විෂාන් තමුසේ කිව්වේ පවුලේ ඔක්කොම එක්කන් එන්න කියලා.... අපි ඒකත් කරානේ දැන්වත් අතහැරපන් යකෝ..." නේශ් කෑගැහුවා.






" හහ්... එහෙම කොහොමද අපි අතහරී කියලා හිතුවේ කොල්ලෝ..  තමුසෙට පවුලේ ඔක්කොම එක්කන් එන්න කිව්වේ නිකන් කියලා හිතුවද... අද තමුසෙලා ඔක්කොම විනාශ කරනවා..." කියමින් ආවේ විනුලි.


" විනුලි..." ආදි


" ඕහ්.. මාව අඳුනගත්තානේ...." කියමින් විනුලි හිනාවුනා.
ඒත් එක්කම පිටිපස්සෙන් ආවේ ටීෂායි අදේශුයි.


" මේකි නේද මගේ දුවව මරලා දැම්මේ..." කියපු ටීෂා විෂාන් අතේ තිබ්බ පිහිය ගත්තා.


ඒක දැකපු කට්ටියගෙම හිතේ බය වැඩිවුනේ නුහීගෙන් ඇස් ඉවතට ගන්නෙ නැති වෙද්දි.


ටීෂා නුහීගේ කුසට පිහිය එල්ල කළේ කට්ටියගෙම හඳ ගැස්ම මොහොතකට නතර වෙද්දි.


ඒත් ඒක නුහීගේ කුසට ආවේ නෑ.


" තමුසේ මගේ දුවව මැරුවේ මෙහෙම නෙවෙයිනේ නේද.. තමුසේ මගේ දුවව තල්ලු කළානේ.... හාහ්.. තමුසෙට එහෙනම් මෙහෙම හරියන්නෑ මගේ දුව විඳපු දුක තමුසෙටත් දැනෙන්න ඕනේ.. මේකිව ලෙහපල්ලා..." ටීෂා.


විෂාන්ගේ ළඟ හිටිය කෙනෙක් ඇවිත් නුහීව ලෙහලා දැම්මා.


ඒත් එක්කම ටීෂා නුහීගේ බෙල්ලෙන් අල්ලගත්තා.




ඒත් ටීෂාට අමතක වුන දෙයක් තිබ්බා මේ ඉන්නේ යුහීගේ දුව කියන දේ.


ටීෂාගේ අතේ තිබ්බ පිහිය නුහී ගත්තේ ටීෂාට හිතන්නවත් වෙලාවක් නොතියා ඒත් එක්කම ඒ පිහියෙන්ම ටීෂාගේ බඩට ඇන්නේ ටීෂා වේදනාවෙන් බිම වැටෙද්දි.


මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුව නැති විෂානුයි විනුලියි අදේශුයි තාමත් ගල් ගැහිලා බලන් හිටියා.


ඒත් පියවි සිහියට ආව විෂාන්,
" අරකිව අල්ලගනිල්ලා...." කියලා තමන්ගේ අතවැසියොන්ට අණ දුන්නා.


ඒත් එක්කම ක්‍රියාත්මක වෙච්ච නේශ් තමන්ව අල්ලන් හිටිය උන්ව බිම දැම්මේ අසුරු සැනින් ඒත් එක්කම ඒ අය ගාව තිබ්බ තුවක්කුවක් අරන් නුහී ළඟට එන්න ගිය උන්ට වෙඩි තිබ්බේ උන් මැරිලම වැටෙන්න.
වැඩේ වරදින්න යන්නේ කියලා තේරුන අදේශ් තව අයට එන්න අණ දුන්නා.


ඒත් එක්කෙනෙක්වත් ආවේ නෑ.
" මොකද අදේශ්... ආ...  නෑ නෑ... fire dragon.. am I correct... තමුසෙගේ කට්ටිය එන්නෙ නෑ වගේ නේ... " කියපු නේශ් තවත් දෙන්නෙක්ට පහර දුන්නා.
මේ වෙනකොට අවී නවී ආදි තුන්දෙනත් තමන්ගේ වටේ හිටිය උන්ට ගහලා බිම දාඅලා තිබ්බේ.


" මොකද අදේශ් දන්නේ නැද්ද තමුන්ගේ උන්ට වෙච්ච දේවල්.. ගිහින් බලනවකෝ ඔතනින් බිම..." නේශ්.


නේශ් කොයපු දෙයින් පුදුම වෙච්ච අදේශ් ගිහින් බිම බලද්දි දැක්කේ පොලිසියෙන් ඇවිත් තම්න්ගේ පිරිස යටත් කරගෙන ඉන්න විදිහ.
ඒත් ඊටත් වඩා පුදුම වුනේ තමන්ගේ පිරිසෙම හිටිය අය තමා පොලිසියේ අය විද්හට ඉන්නේ කියලා දැකලා.
ඒත් එක්කම නේශ් අදේශ්ට වෙඩි තියන්න ගියේ.
" නේශ් එපා..." නුහී කෑගහද්දී හැරිලා බලපු අදේශ් ඒ වෙලාවේ තමා දැක්කේ නේශ් තමන්ට වෙඩි තියන්න යන බව.


" නේශ් ඒක මමයි කරන්නේ.. අවුරුදු තුනක් තිස්සේ මට වද දුන්න ඒවට මමයි පලිය ගන්නේ..."
ඒත් ඒ එක්කම අදේශ් ගියේ නුහීට වෙඩි තියන්න.
ඔව් ඒ තුවක්කුවෙන් උණ්ඩේ පිටවෙලා නුහීගේ පැත්තට ආවේ නිශූ කවී විතරක් නෙවෙයි යුහිත් හයියෙන් කෑගහද්දී.
අවී නවී දෙන්නා පුලුවන් තරන් වේගෙන් නුහී ළඟට දුවගෙන එද්දී.
ඒත් පරක්කු වැඩී...
ඒ වෙනකොට ඒ උණ්ඩය නුහී ළඟට ඇවිත් ඉවරයි.






ඒත් ඒක වැදුනේ නුහීට නම් නෙවෙයි


ඒ වෙඩිල්ල විනුලිගේ පපුව පසාරු කරගෙන ගියේ විෂාන් " අම්මේ " කියලා කෑගහද්දි.


හැමෝගෙම අවදානේ අදේශ් ළඟ තියන වෙලේ විනුලි හැදුවේ නුහීව මරලා දන්න. ඒත් විනුලි දැක්මේ නෑ ඒ බව නුහී දැක්කා කියලා. නියම වෙලාවට ක්‍රියාත්මක වෙච්ච නුහී අදේශ්ගේ වෙඩිල්ලත් එක්කම තමන්ගේ ඉස්සරහට විනුලිව ඇඳලා ගත්තේ වෙච්ච දේ විනුලිටවත් හිතාගන්න බැරිවෙද්දී.


විෂාන් දුවගෙන ඇවිත් විනුලිව බදාගත්තා.
" පුතා මට සමාවෙන්න..." කියපු විනුලිගේ අවසාන වචන ටිකත් එක්කම විනුලිගේ අවසන් හුස්ම වාතලයට මුසු වුනා. විෂාන් විනුලිව බදාගෙන අඬන්න ගත්තේ මහ හයියෙන් කෑගහමින්.


ඒත් ආයෙත් ඇහුන වෙඩි හඬකින් විෂාන්ගේ කෑගැහීම නතර වුනා. නේශ් අදේශ්ගේ ගන් එක තිබ්බ අතට වෙඩි තියලා තිබ්බේ ගන් එක පහළට වැටෙද්දී. ඒත් එක්කම නේශ් ගිහින් අදේශ්ට ගැහුවේ නේශ්ගේ කටින් ලේ විසි වෙද්දි. ඒත් ඒකෙන් වැටුනේ නැති අදේශ් නේශ්ටත් පහරක් ගැහුවේ නේහ්ගේ කටිනුත් ලේ විසි වෙද්දි. එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදෙවෙනි විදිහට ඒ ෆයිට් එක ගියා.


මේ අතරේ නවී අවී ආදි තුන්දෙනාට විෂාන්ගේ අතවැසියෝ සේරම ටික බිම දාන්න පුලුවන් වෙලා තිබ්බා. නිශූ කවී දෙන්නා පොඩි උන් දෙන්නවත් කූඩුවෙන් එළියට අරන් නිශුල්‍යාත් එක්ක පහළට ගියේ ආදීගේ අණ පරිදි. යුහීවත් එක්ක යන්න කිව්වත් යුහී ඒකට අකමැති වුන නිසා යුහී එහෙම්මම හිටියා.


පහරවල් ගණනාවකට පස්සේ නේශ්ට පුලුවන් වුනා අදේශ්ව බිම දාන්න.


ඒත් එක්කම විෂාන් ඇවිත් නුහීගේ අල්ලගෙන ගියේ බිල්ඩිමේ කෙළවරට. විෂාන් නුහීව බිල්ඩිමේ කෙළවරටම කරේ තව එක අඩියක් තිබ්බොත් නුහීව තට්ටු දහයකින් බිම වැටෙන විදිහට.


" සිනේශ්... උබ මගෙන් මේකිව උදුරගත්තනේ... මේකිව මට නැත්තන් උබටත් නෑ...." කියපු විෂාන් නුහීව තල්ලු කරන්න ගියේ.


ඒත් විෂාන්ට කලින් ක්‍රියාත්මක වෙච්ච නුහී විෂාන්ට ඇන්නේ හෙයාර් පින් එකකින් කෙලින්ම හාට් එකටම. මේ හෙයාර් පින් එක දිහා ආදි වගේම යුහී බලන් හිටියේ පුදුමෙන්.


විෂාන්ට දැනුනේ එකපාරටම තමන්ගේ ඇඟම පණ නැතුව යනවා. ඒත් එක්කම විෂාන් වැටුනා. ඇඟ පුරාම දැනෙන ඒ වේදනාවත් එක්ක විෂාන් මහ හයියෙන් කෑගැහුවා.


" මොකද විෂාන් තමුන්ට රිදෙනවද... ආ..  එදා ඔය විදිහටම තමා මටත් රිදුනේ... තමුසේලා මගේ දරුවාව මගෙන් එළියට ගද්දි මටත් ඔහොම තමා රිදුනේ... ඕක තමුසෙගේ ආරම්භේ විතරයි... තව ටික වෙලාවක් යද්දී තමුන්ට හිතෙයි මැරුනා නම් මීට වැඩියේ හොඳයි කියලා... " කියපු නුහී විෂාන්ගේ පපුවට ආයෙත් ඇනගෙන ඇනගෙන ගියා.


" විෂාන් තමුසෙගේ මහ එකාත් මීට අවුරුදු ගාණකට කලින් තමුසේ අද මාව අල්ලගත්තා වගේම මගේ අම්මවත් අල්ලගෙන තිබ්බේ එදා මගේ අම්මට අයියලාව හම්බෙන්න හිටියේ අද මමත් ඒ වගේම දරුවෝ දෙන්නෙක් බඩේ තියන් ඉන්නවා... තමුසෙට මම මේ ඇන්න හෙයාර් පින් එකෙන් තමා එදා අම්මා තමුසෙගේ තාත්තට ඇනලා තිබ්බේ..  ඒත් මැරෙන්න නෙවෙයි... හැබැයි මම  අද ඒකෙන්ම තමුසෙට ඇන්නේ මැරෙන්න... " කියපු නුහී ආයෙමත් විෂාන්ට ඇනගෙන ගියේ වියරුවෙන්. විෂාන්ගේ ලේවලින් නුහීව නෑවුනා. නවී නුහීව නවත්තන්න හැදුවත් නේශ් නවීව නැවැත්තුවා.


විෂාන් ළඟින් නැගිටපු නුහී ඊළඟට ආවේ අදේශ් ළඟට. අදේශ්ගේ ඉනේ තිබ්බ බෙල්ට් එක ගලවලා ගත්ත නුහී අදේශ්ට ඒ බෙල්ට් එකෙන් ගහගෙන ගහගෙන ගියේ නේශ්ගෙන් ගුටිකාලා මේ වෙනකොටත් තුවාල වෙලා තිබ්බ තැන් ආයේමත් පෑරෙද්දී. අදේශුත් වේදනාවෙන් කෑගැහුවේ නුහී තව තවත් හයියෙන් ගහගෙන ගහගෙන  යද්දි.
ඒත් එක්කම තවමත් පණපිටින් හිටිය ටීෂා බඩ ගාගෙන ඇවිත් නුහීගේ කකුලෙන් ඇද්දේ සමබරතාව නැතුව නුහීව වැටෙද්දි. ඒත් නේශ්ට පුලුවන් වුනා නුහීව අල්ල ගන්න. හැබැයි නුහීට නම් නේශ්ගේ අතේම සිහිය නැති වුනා.












සිහිය ආව නුහී දැක්කේ තමන් ඉන්නේ හොස්පිටල් එකේ කියලා. ඒ විතරක් නෙවෙයි නේශ් නුහීගේ පපුව උඩින් ඔලුව තියාගෙන හොඳට නිදි. සැනසුම් සුසුමක් හෙළපු නුහී නේශ්ගේ හිසකෙස් අතරින් ඇඟිලි තුඩු යැව්වේ ඒ ඇඟිලිවල පහසට නේශ් ඇහැරෙද්දි.


" මැණික..." නේශ් නුහීව බදාගෙන මුලු මූණම සිප ගත්තා.


" නේශ්... කාටවත් කරදරයක් නෑ නේද... "


" නෑ මැණික... කට්ටියම හොඳින් ඉන්නවා.."


" නේශ් මම කොහොමද වැටුනේ..  මට දැනුනේ එකපාර කවුරුහරි මගේ කකුලෙන් අඳිනවා වගේ... "


" ඒ ටීෂා.... ඒකිට අංකල් ඔලුව කුඩුවෙලා යන්නම වෙඩි තිබ්බා..."
" එතකොට අනිත් අය..."
" විෂාන් ඌට ඔයා හෙයාර් පින් එකේ තිබ්බ විෂ දරාගන්න බැරුව එතනින්ම පෙරලිලා අර තට්ටු දහයෙන් බිමට වැටුනා... ඌ එතනම ඉවරයි... අදේශුත් මගෙනුත් කාලා ඔයාගෙනුත් කාලානේ හිටියේ ඌ පැය දෙකයි හිටියේ ඌත් මැරුනා..."


" ඒ කියන්නේ දැන් හැමදේම ඉවරද නේශ්...."
" ඔව් මැණික... දැන් හැමදේම ඉවරයි.. ආයේ කරදර කරන්න කිසි කෙනෙක් නෑ..."
" නේශ්.. මගේ ළඟින් ඉඳලා මේ හැමදේටම උදව් කරාට ඔයාට පි අයියේ..."
" නෑ මැණික... මමයි ඔයාට පිං දෙන්ම ඕනේ මගේ ජීවිතේට ආවට... කියපු නේශ් නුහිගේ දෙතොල් සිප ගත්තා. ඒත් දෙන්නට දෙපසට වෙන්න වුනේ නුහී වේදනාවෙන් " අහ්.. " කියපු හින්දා.


" ඇයි මැණික... ඉන්න මං ඩොක්ටර්ට කතා කරන්නම්...." කියපු නේශ් නැඟිටින්න හැදුවත් නේශ්ගේ අතින් අල්ලගත්ත නුහී නේශ්ගේ අත තිබ්බේ නුහීගේ කුස උඩින්.


ඒ එක්කම නේශ්ගේ අතට දැනුනේ නුහීගේ කුසේ චලනයක්. නේශ්ගේ ඇස්වල කඳුලු පිරුනේ ඔහුටත් නොදැනිමයි.


" ඇයි මහත්තයෝ..."
කිසිවක් නොකියපු නේශ් නුහීව වැළඳගත්තා.


"මට ඔයාව හම්බුන එක තමා මේ ලෝකේ මට ලැබුන හොඳම දේ මැනික..." කියපු නේශ් නුහීගේ නළල සිප ගත්තා.


" ආදරෙයි නේශ්..."
" මමත් ඔයාට ගොඩාක් ආදරෙයි මැණික