විසි නවවැනි දිගහැරුම...❤️ ( අවසානයට පෙර)
" අහී... my princess...."
කෙල්ල ඔලුව වනද්දී නේශ් ආයෙමත් කෙල්ලව බදාගත්තේ
" මම දැනන් හිටියා... ඔයාට මාව දාලා යන්න බෑ කියලා..."
හරිනි එයාගේ පවුලේ අයත් එක්ක එළියට ගියේ මේ කපල් එකට ඉඩ දීලා.
නේශ් නුහී දෙන්නා වැලඳගෙන සෑහෙන වෙලාවක් ඇඬුවා. නුහී නේශ්ගේ පපුවට තුරුල් වෙලා ඇඬුවේ නේශ්ගේ ෂර්ට් එක කඳුලින් තෙත් වෙලා යද්දී.
" මැණික... කෝ බලන්න... දැන් ඇති ඔය ඇඬුවා... කෝ මූණ පොඩ්ඩක් පෙන්නන්නකෝ..." නේශ් කෙල්ලගේ ඔලුව අතගාමින් කිව්වා.
නුහී ඔලුව උස්සලා නේශ් දිහා බලද්දී තමා දැක්කේ නේශ්ගේ ඇස්වල කඳුලු.
" මට කිව්වට ඔයත් අඬන්නේ... "
" පිස්සුද මැට්ටියේ.. කෝ මෙහෙ බලන්න..." කියපු නේශ් කෙල්ලගේ කඳුලු පිස්සා. ඒත් එක්කම කෙල්ල කලබලෙන්,
" නේශ් මගේ දරුවෝ එයාලා..."
" හෝව් හෝව්... එයාලට මුකුත් වෙලා නෑ... එයාලා හොඳින් ඉන්නවා..."
" අම්මෝ.. ඇති එහෙනම්..."
" මැණික.. මට දැන්වත් කියනවද මොකක්ද මේ වෙන්නේ කියලා..."
" හරි ඊට කලින් ඔයා කියන්නකෝ.. මම දැන්නේ ඔයාව හම්බෙන්න ඕනේ කිව්වේ ඔයා කොහොමද මෙතන ඉන්නේ..."
" ඒකට හේතුව මේක..." කියලා කොල්ලා සාක්කුවෙන් ගත්තේ pregnancy report එක.
" මේක... ඒත්...."
" මේක බලන්න... " නේශ් පෙන්නුවේ කොළේ කෙළවරේ තිබ්බ date එක.
" ඉතින්... මේ..."
" මැරිච්ච මනුස්සයෙක් ආදහනයත් කරාට පස්සේ ඒ මනුස්සයාගේ pregnancy report එකක් එනවද... pregnancy report පැය ගාණක් යන්නත් කලින් ගන්න පුලුවන් එකක් වෙද්දී...."
" ඕ... එහෙමත් එකක් නේ.. එතකොට මම කියලා දැනගෙන ද ආවේ..."
" ම්ම්ම්... එහෙමත් නෙවෙයි සැකයක් තිබ්බා ඒහින්ද....".
"හ්ම්ම්...." කියලා නුහී ඒ report එක අතට ගත්තා. කොළේ තියන ultra sound එක අතගාන ගමන් කෙල්ලගේ ඇස් රතු වුනේ දැන් සම්පූර්ණ මතකය තියන හින්දා එදා වෙච්ච දේවල් මතකෙට ඇවිල්ලා.
" නේශ්.... මට විෂාන්ව මරලා දන්න ඕනේ මගේ අතින්ම... කෑලි කෑලිවලට කපලා..." නුහී කිව්වේ අත මිට මොලවගනිමින්.
" අහී... "
" ඌ මගේ ඉස්සරහම මගේ දරුවා විනාශ කරා නේශ්... ඌ අපේ දරුවව විනාශ කරේ මගේ ඉස්සරහමයි... මට ඌව මගේ අතින්ම මරලා දාන්න ඕනේ...." නුහී තරහෙන් කෑගහද්දී එළියේ හිටපු හරිනිලත් ඇතුළට ආවා.
" අහී මැණික... calm down..."
" calm...නේශ් මම කොහොමද calm.වෙන්නේ... ඌ මගේ ජීවිතේම විනාශ කරා.. අවුරුදු පහක්... අවුරුදු පහක් නේශ්.. ඌ මගේ පවුලට කරපු දේවල්... මට ඌව පණ පිටින්ම කෑලිවලට කපලා දාන්න ඕනේ..."
" හරි මැණික... ඒත් ඔයා ඉන්න situation එක ගැනත් පොඩ්ඩක් හිතන්න.. අපි දැනටමත් එක්කෙනෙක්ව නැති කරන් ඉන්නේ.. මෙයාටත් මොනාහරි වුනොත්...." කියමින් නේශ් නුහීගේ කුස අතගෑවා. නේශ්ගේ අතින් අල්ලගත්ත නුහී,
" නේශ්... ඔයාට අමතකද මම කවුද කියලා... ආ... I want to get revenge ....මම ඔයත් එක්ක කොළඹ යන්න එනවා..."
" ඒත් මැණික.. දැනට එකතු කරලා තියන සාක්ෂි මදි උන්ව ඉවරයක් කරන්න...ටිකක් ඉවසන්න... මම ඔයාව ඒකන් යන්නම් ඒත් ටික කාලෙකට මේ හිටියා වගේම ඉන්න..."
" නෑ... නේශ් ඔයාට මාව එක්කන් යන්න බෑ නම් කියන්න මට ආව විදිහටම යන්න පුලුවන්...."
" දුවේ පුතා කියන දේ අහන්න... ඔයා බඩදරු අම්මෙක්... ඔයාවත් එක්ක ගිහින් පුතාට පරිස්සන් කරන්න සෑහෙන මහන්සියක් වෙන්න වෙනවා..." හරිනිගේ අම්මා කිව්වා.
" නෑ නැන්දේ මම යනවා... හැබැයි කිසිම කෙනෙක් දැනගන්න බෑ මම ආවා කියලා.. නේශ් මම දන්නවා ඔයාට ඒ දේ කරන්න පුලුවන් කියලා..."
" හරි මම දැන් මොනා කිව්වත් ඔයා අහන්නේ නෑ.. මම එක්කන් යන්නම් හැබැයි හදිස්සි වෙලා කිසිම දෙයක් කරන්න බෑ.. ඒ වගේම එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සේ වෙච්ච දේවල් හැම්දේම මට කියන්න ඕනේ...."
එතකොටම රූම් එකේ දොර ඇරන් ආවේ හරුන්,
" දේශුට ඩිස්චාර්ජ් වෙන්න පුලුවන්.. ඔක්කොම ලෑස්ති..."
පැය කිහිපයකට පස්සේ හරිනිලාටත් සමු දීලා නේශ් නුහීව එක්කන් කොළඹ ආවා.
" මේ කොහෙද යන්නේ..." නුහී ඇහුවේ ඒ යන පාර කොල්ලගේ ගෙදරටවත් කෙල්ලගේ ගෙදරටවත් යනපාර නෙවෙයි හින්දා.
" මගේ අලුත් ගෙදරට...ඒක අපි දෙන්නා මැරි කරාම යන්න කියලා මම ගත්ත ගෙදර දැන්ම යන්.. මොකද හෙට අපි දෙන්නා මැරි කරනවා..."
" වට්...."
" වට් නෙවෙයි..." කියපු නේශ් කාර් එකේ කැබින් එකෙන් රින්ග් එකක් අරන් ස්ටියරින් වීල් එකත් අතහැරලා කෙල්ලගේ ඇඟිල්ලට රින්ග් එක දැම්මා.
" මොකක්..." කෙල්ල මුද්ද දිහා බලාගෙන කිව්වා.
" ඈ මනුස්සයෝ මගේ කැමැත්ත ඇකමැත්තවත් අහන්නේ නැතුව ඔහොම කරනවද..."
" තමුසේගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ.. තමුසේ කොහොමත් මගේ විතරයි..ම්"
" මං තරහයි..." කියපු කෙල්ල ෂටර් එකෙන් එහා පැත්ත බලාගත්තා. ටික වෙලාවක් ගියත් කිසිම සද්දයක් නැති හින්දා කොල්ල බලද්දි කෙල්ල හොඳටම නිදි.
පැය දෙකකට විතර පස්සෙ කෙල්ල නැඟිටිනකොට හිටියේ ඇඳක.. ඇඳෙන් බැහැලා කාමරේ වටපිට බලද්දි තමා කෙල්ල දැම්මේ කාමරේට පේන වීව් එක...
" වාව්...." කෙල්ලට ඉබේටම කියවුනේ මේ වෙනකොට රෑ වෙලා තිබ්බ හින්දා හඳ එළිය මුහුදු වතුරට වැටිලා ලස්සනට පේන හින්දා.
" ඔයා කැමතිද ඒකට..." නේශ් ඇහුවේ කෙල්ලගේ බඳවටේ අත් යවමින්. නේශ් එකපාරම ඒ කරපු දේට කෙල්ලව ගැස්සිලා ගියා.
" ඔව් නේශ්.. " දෙන්නා තවත් වෙලාවක් ඒ දිහා බලන් හිටියා.
" මැණික... වොෂ් එකක් දාගන්න... බඩගිනිත් ඇතිනේ දැන්..."
කෙල්ල වොෂ් එකක් දාගෙන එද්දී කොල්ලා පේන්න හිටියේ නැති හින්දා කෙල්ල රූම් එකෙන් එළියට ගිහින් ගේ පුරා ඇවිදලා බැලුවා. ඒ ගෙදර හැමදේම තිබ්බේ කෙල්ල කැමති දේවල්. අන්තිමට ඩයිනින්ග් රූම් එකට එද්දී නේශ් කෑම ටික මේසෙට යවනවා.
" නේශ්... ඔයාද ඉව්වේ..."
" ඔව්..."
" මරුනේ..."
" එන්න කවන්න..."
"ඇත්තටමද කිව්වේ..."
කොල්ලා කෙල්ලට කෑමත් කවලා ගියේ වොෂ් එකක් දාන් එන්න. කෙල්ල පහළ තට්ටුවේ කෙල්ලට ඇවිදින්න බැරිවුන තැන්වල ඇවිද්දේ කොල්ලා කපලා දුන්න පලතුරුත් කකා.
" මහන්සි නැද්ද මැණික..." නේශ් ඇහුවේ ගේ වටේම ඇවිදලා අන්තිමට සාලෙට ආව නුහීගෙන්.
" නෑ නේශ් මම කොහොමත් හරිනි අක්කලාගේ ගෙදර ඉද්දී එහෙත් ඇවිදිනවා ගොඩක් වෙලා.. එහෙ ෂෝක් අනේ.. ඇළ ගාව ඉන්න තමා මම කැමතිම... වැව ළඟත් ෂෝක්... ඒත් නැන්දා මට තනියම යන්න දෙන්නේ නෑ..." කෙල්ල කටත් උල් කර කර කියවන දිහා කොල්ලා අහන් හිටියේ හරිම ආසාවෙන්.
" ඉතින් ඇයි ආවේ ඉන්න එපැයි එහෙ.. එන්නම ඕනේ කිව්වේ..."
කොල්ලා දිහා බලලා හිනාවුන නුහී,
" දෙයක් කියන්නද..."
" මොකක්ද..."
" හැබැයි ඉතින්"
" කියනවකෝ ඕක අගේ නොකර..."
" මේ හරුන් මට කිව්වා බබාලට birth certificate එකට නම දෙන්න එයා කැමති කියලා..."
" what... තමුසේ ආයේ ඒ පැත්තේ යන්නවත් හිතන්නෙ නෑ.. තමුසෙ ඒ වගේ land එකකට කැමති නම් මම අරන් දෙන්නම්..."
" ඕකනේ ඉතින් මම කිව්වේ...." කෙල්ල කිව්වේ නේශ්ගේ රැවුල අතගාමින්.
" පොඩ්ඩක් එනවකෝ ආශ්‍රය කරන්නත් බැරිවුනා..." කියපු කොල්ලා කෙල්ලව ඇඳලා උකුලට ගත්තා.
" ආ.. මොකක්ද කිව්වේ.. පහුගිය කාලෙට කී දෙනෙක්ව ආශ්‍රය කරාද ආ... එදා මම එක්ක හිටියා වගේ..." කොල්ලා කෙල්ලගේ දෙතොල් අල්ලගත්තේ කෙල්ලගේ කියවිල්ල නැති කරන්න. කෙල්ල අයින් වෙන්න හැදුවන් නෝ චාන්ස්... අන්තිමට දෙන්නගේ කිස් එක පැය කාලක් විතර දික් වුනේ පරණ ඇරියස් කවර් කරන්න වගේ.
" ආව්..." කොල්ලා කෑ ගැහුවේ කෙල්ලගෙ දෙතොල් අතගරිමින්.
" හොඳ වැඩේ... පරණ වැරදිවලට..." කෙල්ල හිනාවුනේ කොල්ලාගේ තොල් දිහා බලමින්.
" ආ එහෙමද... " කියපු කොල්ලා ආයෙත් කෙල්ලව සිප ගත්තේ ඒ දොතොලිනිත් ලේ රහ එනකන්මයි.
" දැන් මොකද කියන්නේ මැඩම්..." කොල්ලා ඇහැක් ගහලා ඇහුවා. කෙල්ල ගස්සලා අහක බලාගත්තා.
" හරි හරි මේ අහනවකෝ පහුගිය අවුරුදු පහටම මම තමුසෙ එක්ක විතරයි බන් හිටියේ.. කොච්චර බිව්වත් මම කෙලින්... බොරු නම් කුෂාන්ගෙන් අහලා බලනවකෝ... එදා අර ඩ්‍රග් මඟුල හින්දා මිසක් නැත්තන් ඔහොම එකක් වෙන්නේ නෑ.. ඉතින් ඒකත් හොඳටනේ වුනේ මට තමුසෙව ආයෙ හම්බුනා.. බෝනසුත් හම්බුනා..." කියමින් කොල්ලා නුහීගේ කුස අතගෑවා.
" හරි අයියේ මම ඔයාව විශ්වාස කරනවා... එතකොට ඔයා මේ අවුරුදු පහම කරේ බීපු එකද..."
" ඔව් මැණික.. මට ඇත්තටම කරන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුනා.. මට ඕනේ වුනේ ඔයාව විතරයි... හරි හරි දැන් ඒවා ව්ඪක් නෑ මට ඇක්සිඩන්ට් එක දවසේ වුනේ මොනාද කියලා කියන්නකෝ..."
" එදා මම ගියානේ... ඊටපස්සේ මඟින් නවත්තලා කෑමත් කෑවා... මට මඟක් යද්දී සෑහෙන නිදිමතක් ආවා.. ටිකකින් මට නින්ද ගියා... මම නැඟිටිද්දී හිටියේ ලැබ් එකක ඇඳක් උඩ... මගේ අත් කකුල් බැඳලා දාලා තිබ්බේ නැඟිටගන්නවත් බැරිවෙන්න...මම කොච්චර දැඟලුවත් මට ඒ බැඳලා දාලා තිබ්බ ඒවා ගලවගන්න බැරිවුනා.. ඒ අතරේ තමා විෂාන් තව කට්ටියක් එක්ක ඇතුළට ආවේ... ඒ ඇවිත් මට පෙන්නුවේ ඇක්සිඩන්ට් එකේ ෆොටෝයි... මලගෙදර ෆොටෝයි... ඊට පස්සේ ඒ ලැබ් එකේ හිටපු ඩොක්ටර් කෙනෙක් මාව චෙක් කරා තමා කිව්වේ මම ප්‍රෙග්නන්ට් කියලා. ඒක අහලා විෂාන්ට තරහා ගියා.. ඒත් ආයේ ඌ කට්ටියත් එක්කම එළියට ගියා... මම පැනගන්න ආයේ ට්‍රයි කරත් ඒක වැඩක් වුනේ නෑ... ඌ ආයේ ආවා... ඇවිත් අර ලැබ් එකේ හිටපු උන් මම සිහියෙන් ඉද්දිම මගේ දරුවව මගේ එළියට ගත්තා නේශ්... එයාට යන්තම් මාස දෙකක් විතර... ඒකෙන් නැවතෙන්නේ නැතුව අර විෂාන් මගේ දරුවව මං ඉස්සරහම කෑලි කෑලි කරලා දැම්මා.... මිනීමරුවා..." නුහී අඬන්න ගත්තේ කෑගගහා.
" හරි හරි මැණික... අඬන්නෙපා.. දැන් ඇති ආයේ කිසි දෙයක් මට අහන්න ඕනේ නෑ..."
" නෑ නේශ් මට පුලුවන්... මම දන්නවා දැන් අඬලා වැඩක් නෑ...ං කියපු නුහී කඳුලු පිහදගෙන ආයේ කතාව කියන්න ගත්තා.
" ඒකෙන් පස්සේ ඒ ලැබ් එකේ එකෙක් ඇවිල්ලා මට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා.. ආයේ මම නැඟිටිනකොට මට කිසිම දෙයක් මතක තිබ්බේ නෑ.. අඩුම මම කවුද කියලාවත්... විෂාන් මට කිව්වේ මට ඇක්සිඩන්ට් එකක් වෙලා මගේ මතකේ නැතිවෙලා කියලා ඒ වගේම අදේශ් විෂාන් දෙන්නා මගේ අයියලා කියලත් කිව්වා.. මමත් විශ්වාස කරා... ඒ වෙනකොටත් අවුරුදු දෙකක්ම ගිහින් ඊටත් පස්සේ තව අවුරුදු දෙකක් විතර මම ලංකාවේ හිටියේ අර මැන්ෂන් එකේ ඒකේ හිටියෙත් හිර වෙලා.. වත්තේ සීමාවෙන් පිටට යන්න කිසිම ඉඩක් ලැබුනේ නෑ.. එක පුංචි වැරැද්දක් හරි වුනොත් අදේශ්ගෙන් ගුටි කන්නත් වුනා... ඊටපස්සේ තමා පැරිස් ගිහින් මම ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තා.. ඇයි දන්නෑ මට මම ඉගෙන ගත්ත දේවල් මතක තිබ්බා.. ඊටපස්සේ ඉතින් ඔයාව හම්බුනා.. ආයේ ලංකාවට ආවා... එතනින් පස්සේ වුන දේවල් දන්නවනේ ඉතින්..."
" එතකොට ආයේ මතකේ ආවේ..."
"අ අ අ... මම හිතන්නේ සමහරවිට මම බෙහෙත් බොන එකත් නතර කරලා තිබ්බේ.. අනික හරිනි අක්කලාගේ ගෙදර ඉද්දී එයාලා මට මතකේ එන්න කියලා එක එක ජාති කන්න බොන්න දුන්නා... ඒත් මතකේ එන්න ඇත්තේ මට කරන්ට් එක වැදුන හින්දා... ඒකේ ෂොක් එක මොළෙට දැනෙන්න ඇති...."
"ම්ම්... එහෙම වෙන්නැති.. ඉක්මනට මේ දේවල් ඉවර කරලා දන්නම් මැණික... එතකොට අපිට අපේ පැටවු දෙන්නා එක්ක සැනසීමේ ඉන්න පුලුවන්.. මම CID එකෙනුත් අයින් වෙනවා..."
" අයියේ.. මම හින්දාවත් අපේ දරුවෝ හින්දාවත් කවදාවත් ඔයාගේ හීන නැති කරගන්න එපා... විෂාන් විතරක් නෙවෙයි මේ හැමදේටම හේතුව..."
" ඔව් මැනික... මම හොයාගත්තා fire dragon කවුද කියලා..."
" ආ...කවුද..."
" ඒ අදේශ්..."
" අදේශ්..."
" ඔව්... ඒ විතරක් නෙවෙයි අදේශ්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තමා ශාක්‍යා... "
" වට්... ඒ කියන්නේ උන් හොඳට ප්ලෑන් කරලා අපෙන් පලිගන්න ඇවිත් තියෙන්නේ..."
" ඔව් මැණික... තව තව දේවල් තියනවා.. මම හිතන්නේ ඔයා ඔය කියපු ලැබ් එක තියන තැනත් මම හොයාගත්තේ එතන නීති විරෝධී වැඩ සෑහෙන්න වෙනවා..."
" මේ හැම්දේම ඉක්මනටම ඉවරයක් කරන්න ඕනේ නේශ්... හැබැයි මට විෂාන්ව මගේ අතින්ම මරලා දාන්න ඕනේ... උන් එකෙක්වත් පණ පිටින් ඉන්න හොඳ නෑ.. එකෙක්වත්... හිරේ ඉන්න උන් දෙන්නා එක්කම..."
" ඒක ඉක්මනටම වෙයි මැණික... ඒක නෙවෙයි ගෙදර පැත්තේ යනවද..."
" කොහෙද මගේ ගෙදරද...".
" ඔව්... නැන්දා ඔයාව දැක්කොත්..."
" නෑ නේශ් මේ හැමදේම ඉවරවුන දවසට යන්... මම දැන්ම එළියට ගියොත් ඒ අයගේ ජීවිතේට තියන තර්ජනේ වැඩි වෙනවා.. "
" ම්ම්... ඔයාගේ කැමැත්තක්.."
තවත් මාස දෙකක් ගියේ නුහී නේශ් දෙන්නා රෑ දවල් නොබලා විෂාන්ලා ගැන හොයද්දි..
මේ වෙද්දී දේශු නැතිවෙලා මාස පහකට කිට්ටු වුනත් විෂාන්ලා දේශුව හොයන එක නවත්තලා තිබ්බේ නෑ.. ඒ හින්දා නුහී ගෙදරින් එළියට බැස්සේ නෑ.. නේශ් වුනත් ආවේ ගියේ හරිම පරිස්සමින්...
ඒත් එකදවසක් මේ හැමදේම කනපිට හැරුනා.
" ගුඩ් මෝනින් චූටි අම්මේ...." නේශ් කෙල්ලව බදාගත්තේ කම්මුලට කිස් එකකුත් දීලා.
" ගුඩ් මෝනින් හස්බන්ඩෝ..."
" මාවත් ඇහැරවන්න එපැයි මැණික... ඔය බඩත් උස්සන් ඔයා එහාට මෙහාට යනකොට මට බය හිතෙනවා...."
" ඩෝන්ට් වොරි ඩාලින්... මට මේ බඩත් එක්ක දහදෙනෙක් එක්ක වුනත් ගහගන්න පුලුවන්..."
" අම්මෝ... මගේ පැටවු දෙන්නත් චණ්ඩි වෙනවා... "
" එහෙම තමයි නේද පැට්ටෝ.." කෙල්ල කුස අතගාමින් හිනාවුනා.
ඒත් එක්කම කොල්ලට කෝල් එකක් ආවා..
" නවියා.. මොකෝ මේ උදේ පාන්දර..." කියමින් කොල්ලා කෝල් එක ආන්ස්වර් කරා.
" හෙලෝ නවියා.. ගුඩ් මෝනින්.."
-------------
" මොකක්.. හරි බන් මම දැන්ම එන්නම්..." කියපු කොල්ලා කලබලෙන් යන්න යද්දී,
" නේශ් මොකද වෙලා තියෙන්නේ ලොකූ මොනාද කිව්වේ..."
" නෑ මැණික මේ මුකුත් නෑ..."
" නේශ්..."
" හරි හරි මේ... මොකෙක් හරි එකෙක් නිශූට ඇසිඩ් ගහලා අවියා හොස්පිටල් එකේ තනියමලු... නවියා එනකන් මට යන්නලු..."
" මොකක්.. මාත් එනවා... " කියමින් කෙල්ල උය උය හිටපු ඒවත් ක්ෂණික වහලා දාලා කාමරේට ගියා.
" අහී..මේ...." ඒත් ඉතින් නේශ් කියන දේ අහන කෙනෙක් නෙවෙයිනේ නුහී කියන්නේ නේඅහ්ට අන්තිමට නුහීව එක්කන් යන්නම වුනා. කොල්ලා කෙල්ලට මාස්ක් දාලා හුඩි එකකුත් දාලා තමා එක්කන් ගියේ.
ඒ යද්දී අවී නිශූ හිටිය රූම් එකෙන් එළියට ආවා.
" අඩෙහ් කොහොමද බන් නිශූට..."
" අහ්..බෙහෙත් දැම්මා බන්... මොන පාහරයෙක් වැඩක්ද දන්නෑ බන්.. ඒ ආපු එකා පොඩි උන් තුන්දෙනාට ගහන්න ගිහින් තියෙන්නේ නිශූ එයාලව කවර් කරගත්ත හින්දා නිශූගේ පිටට වැදිලා තියෙන්නේ..."
එතකොටම දුවගෙන ආවේ කවීයි නවීයි.
" අඩෙහ් කොහොමද බන් නංගිට..."
" දැන් අවුලක් නෑ බන්..."
කවි බලන් හිටියේ නුහී දිහා. නේශ්ගේ අතිනුත් අල්ලන් බඩකුත් තියන හින්දා කවී තරහෙන් බලන් හිටියේ.
" නේශ් අයියේ කවුද මේ..." කවී බැරිම තැන ඇහුවේ අත්දෙකත් බැදෙන තරහෙන්.
" ආ... මේ.. අවියා ඇතුළේ කවුද ඉන්නේ..."
" නිශූ විතරයි මම මේ වතුර එකක් ගේන්න කියලා යන්න ගියේ..."
" ආ.. එහෙනම් යමන්කෝ ඇතුළට..." කියඔඋ නේශ් නුහීවත් අල්ලන් ඉස්සර වුනා.
ඇතුළට ගිය නුහී හුඩි එකත් අයින් කරලා සන්ග්ලාස් දෙකයි මාස්ක් එකයිත් ගැලෙව්වා. .එච්චර වෙලා වේදනාවෙන් දඟලමින් හිටිය නිශූත් කටඇරන් බලන් හිටියේ නුහීව දැකලා.
" කවී මේ මං බන්.. ඇති ඔය රැව්වා.. මේ මනුස්සයට මං ඇර කවුරුත් මේ ආත්මෙට සෙට් වෙන්නේ නෑ..."
ඒත් එක්කම කවී නුහී ළඟට එන්න ගිය අවී නවී දෙන්නත් තල්ලු කරලා කෙල්ලව බදාගෙන ඇඬුවා.
" කොහෙද බන් හිටියේ මෙච්චර කල්..."
" මිසිස් කවිනි... ප්ලීස් මගේ බබාලා දෙන්නා පොඩිවෙයි... පොඩ්ඩක් මගේ වයිෆ්ව අතරිනවද..." නේශ් කවීට තට්ටු දදා කිව්වා.
" කවී අයින් වෙයන් බන්... මටත් ඕනේ මගේ සුදූව..." මේ අතරේ අයියා මලෝ දෙන්නත් රණ්ඩු.
පැය භාගයක් විතර කට්ටිය බදාගෙන කරගෙන අන්තිමට නුහී මහන්සි කිව්වම තමා අතහැරියේ.
" නූ.. මෙයාට දැන් කොච්චර කල්ද..."
" මාස පහයි...."
" හැ.. ඒ වුනාට බන්.. මට මාස හතේදිවත් ඔච්චර බඩක් තිබ්බෙ නෑනේ..."
" එක්කෙනෙක් නෙවෙයි බන් දෙන්නෙක්..."
" අනේ ශෝයි අප්පා...."
" සුදූ... එතකොට ඔයා මාස පහක් තිස්සේ..."
" මගේ මතකේ නැතුව තිබ්බේ ලොකූ... මං තමා ඩොක්ටර් දේශුල්‍යා විදිහට හිටියේ..."
" ඈ.. ඒත්..."
" මට මතකේ ආවේ මස දෙකකට කලින්.. "
" ඒත්.."
" හරි හරි බන් දැන් ඒවා වැඩක් නෙවෙයි... දැන් මේ වෙච්ච දේ ගැන හොයන්න ඕනේ..." නේශ්.
" ශුවර් එකටම මේක පිටිපස්සෙත් විෂාන් ඉන්නවා..." නුහී.
" අඩෙහ් එතන සීසීටීවී ඇති නේ...." නවී.
" ඔව් බන් යමන්.. " කියලා නේශ් නැඟිට්ටත් ආයේ හැරුනා.
" ඇයි..." නුහී.
" ඉස්සෙල්ලා ඔයාව දාලා එන්නම් ගෙදරින්..."
" පිස්සුද අනේ.. මම මේ දෙන්නා එක්ක ටිකක් වෙලා ඉදලා එන්නම් ප්ලීස්... ඔයා සීසීටීවී රෙකෝඩ් ගන්න පුලුවන්ද කියලා බලලා එන්නකෝ... හාද..."
" හරි හැබැයි පරිස්සමින්..." කියපු නේශ් කෙල්ලගේ නලළ සිප ගෙන ගියා. අවී නවී දෙන්නත් ඒත් එක්කම ගියා.
නිශූට වේදනාව අඩුවෙන්න ඉන්ජෙක්ෂන් එකක් දීලා තිබ්බ හින්දා එයාට ටිකකින් නින්ද ගියා.
නුහීට වොෂෲම් යන්න ඕන වුනත් කවීව එක්කන් ගියොත් නිශූ තනියම හින්දා යන්න විදිහක් තිබ්බෙ නෑ. ඒත් ඉතින් කෙල්ල බැරිම තැන කවීටත් කියලා හුඩි එකත් දාගෙන වොෂෲම් ගියා.
ඒ අතරේ තමා කොල්ලො ටික ආයේ ආවේ.
ඒ එද්දී නුහී පේන්න නැති වෙද්දි නේශ් හොඳටම කලබල වුනා.
" කවී කෝ මගේ කෙල්ල..."
" නූ... වොෂෲම් ගියා අයියේ... ඒත්... එයා..."
" ඒත්..."
"ඒත් එයා එන්න වෙලා දැන්..."
ඒත් එක්කම නේශ්ට කෝල් එකක් ආවා.
" හෙලෝ මිස්ටර් සිනේශ්..."
" විෂාන්... තමුසේ...."
" ඔව් මං තමා යකෝ... උඹේ ගෑනිව ඕන්නන් මං එවන ලොකේෂන් එකට වරෙන්... හැබැයි තනියම නෙවෙයි... මේකිගේ පවුලේ ඔක්කොම එක්කන් වරෙන්... අර රෝද පුටුවේ ඉන්න එකීගේ ඉඳන්ම... උඹලා අර පොඩි උන් තුන්දෙනා හොයන්න එපා.. උන්ව දැනටමත් මං හෙනැල්ලා ඉන්නේ..." කියපු විෂාන් කෝල් එක කට් කරා.
" නේශ් මොකද වුනේ..."
" ඌ මගේ කෙල්ලව උස්සලා බන්... මගේ කෙල්ලව විතරක් උබලගේ පොඩි උන්වත්...."