පස්වැනි දිගහැරුම...❤️
" මේ උදේ පාන්දර දෙහි බොන්න බෑ.. මට මගේ තේ එක ඕනා..." කියමින් නුහී නෝක්කාඩුවෙන් කියන ගමන් හැරෙන කොට දැක්කේ යක්ෂාවේස වෙලා එක අතක කොස්සයි අනික් අතින් බීම එකයි දික්කරන් ඉන්න අම්මයි ඉණටත් අත් දෙක තියන් කන්න වගේ බලන් ඉන්න අයියලා ඩබලයි.
" නුහිනි ඊයේ රෑ කොහෙද ගියේ..." යුහී සද්දෙන් අහද්දි වගේම සුදූ නොකියා නම කියලා කතා කරද්දිම නුහීට තේරුනා අද නම් ඉවරයි කියලා.
දෙන්න උත්තරයක් නැති හින්දම කෙල්ල බිම බලා ගත්තා. ඇත්තටම කිව්වොත් නුහීට ඊයේ ගෙදර ආවේ කොහොමද කියලාවත් මතක තිබ්බේ නෑ.
"කියනවා..." යුහී අතේ තිබ්බ කොස්සෙනුත් බිමට ගහලා අහද්දි නුහීගේ ඇස්වලින් කඳුලු කැට වැටෙන්න ගත්තේ යුහී මීට කලින් කවදාවත් ඒ තරන් සැරෙන් කතා කරලා නැති හින්දා.
" කට ඇරෙන්නැද්ද දැන් ආ... නුහිනි කියනවා කවදාහරි මං හරි තාත්තා හරි තමුන්ට කොහෙවත් යන්න එපා කියලා නීතී දාලා තියනවද...ආ.... කට ඇරලා කතා කරනවා..." යුහී කෑගහලා අහද්දී ගෙදර හිටපු අනිත් අයත් බය වෙලා හිටියේ.
මොකද යුහී කවදාවත් ඔහොම සද්දෙන් කෑගහලා කතා කරන කෙනෙක් නෙවෙයි.
තාත්තා කියන වචනේ ඇහුනම නුහී හිමීට ඔලුව උස්සලා වටපිට බැලුවේ කෙල්ලගේ ගැලවීමට ආදි හරි ඉන්නවද කියලා.
ඒත් අවාසනාවක මහත.
" නුහිනි තවත් ඔය කට අරින්න බෑද ආ..." කියමින් යුහී එකපාර කෙල්ලගේ කම්මුලට ගහපු පාරට කෙල්ල වැටෙන්නත් ගියා.
" නුහිනි තමුන් ඊයේ ඕන වැඩක්ද කරේ ආ.. අපි කොච්චර බය වුනාද දන්නවද... පැය ගාණක් තිස්සේ තමුසෙව හැමතැනම හෙව්වා... අර ගාඩ්ලා... ඒ මනුස්සයෝ මුලු කොළඹම පීරුවා... තමුසේ ක්ලබ් ගිහින් හොඳට නටනවා.. තමුසෙට ක්ලබ් යන්න ඕන්නන් කියලා යන්න තිබ්බා මෙතන අපේ ලේ රත් කරන්නැතුව... ක්ලබ් ගිහිනුත් තමුසේ ගෙදර ආවේ වැටෙන්නම බීලා.. බැරිවෙලාවත් මේ කොල්ලො දෙන්නා තමුසෙව දැක්කෙ නැත්තන්... මට හිතන්නවත් බෑ ඒ ගැන... නුහිනි තමුසෙට ආයේ අපි කාටවත් නොකියා ගෙදරින් එළියට බහින්න බෑ... අපි ඔය තුන්දෙනාටම හැමදේටම නිදහස දුන්නා... ඒත් මම කවදාවත් මෙහෙම කරයි කියලා නම් හිතුවේ නෑ...තමුසෙට ආයේ සතියක් යනකන් ගෙදරින් එළියට යන්න පුලුවන් ගාඩ්ලා එක්ක යනව නම් විතරයි... කැම්පස් වුනත් එච්චරයි..." කියපු යුහී කොස්සත් පොළවේ ගහලා එතනින් ගියා.
නුහී ඇස්වලින් වැටෙන කඳුලු පිහදමින් කාමරේට දිව්වා.
අනිත් අයත් ඩිම් වෙලා වගේ බලන් හිටියේ මෙච්චර තදින් යුහී කෑගහයි කියලා හිතුවේ නැති හින්දා.
නුහී හිටියේ යුහී ඉස්සර හිටපු කාමරේ. කාමරේ බැල්කනි එකට වෙලා අඬන ගමන් හිටපු නුහී කාර් එකක් එනවා දැක්කා. ඒක කාගෙද කියලා අඳුන ගත්තම කෙල්ලට තව ඇඬුනා.
ඔව් ඒ කාර් එකේ ආවේ ආදි.
ටිකකින් ආදි කෙල්ලගේ රූම් එකට එද්දි කෙල්ල බිත්තියක් දිහා බලන් තවත් අඬනවා.
" සුදූ..." කියලා ආදි නුහීගේ හිස අතගෑවා.
" තාත්තී..." නුහී ආදිගේ පපුවට තුරුල් වුනේ තවතවත් ඉකි ගසමින් අඬ අඬ.
" සුදූ... ඔයා වැරැද්දක්නේ මැණික කරේ.. දන්නවද අම්මා කොච්චර කලබල වුනාද කියලා... අයියලා කෝල් අරන් ඔයා ඉන්නවා කිව්වට පස්සේ තමා අඬන එකත් නතර කරේ... අනික මැණික අපි ඔයාලාව මෙච්චර පරිස්සම් කරන්නෙත් හේතුවක් ඇතිව... ඔයාලට නොකිව්වට ඔයාලාගෙ ජීවීතේ තියෙන්නේ අවදානමක... ඒ නිසා ආයේ කියන්නෙ නැතුව කොහෙවත් යන්න එපා මැණික... ඊයේ ඔයා බීලා බීලා පොඩීගේ අත් දෙක උඩ එනකොට අම්මා පපුවත් අල්ල ගත්තා... ආයෙ එහෙම වැඩ කරන්න එපා මැණික... ආයේ යන තැනක කියලා යන්න.. අපි ඔයාට කොහෙවත් යන්න එපා කියලා නීති දාලත් නෑනේ...තේරුනාද.." නුහීගේ හිස අතගාමින් ආදි කියද්දී නුහී හිස සෙලෙව්වා.
" ම්ම්ම්.... ගුඩ් මගේ චූටි.... දැන් ගිහින් බලන්න අම්මව... ෂුවර් එකටම අම්මා ඔයාට බැනලා එයත් අඬනවා ඇති..." කියපු ආදි නුහීව නැගිට්ටෙව්වා
නුහීත් යුහීව හොයාගෙන එයාලාගේ කාමරේට ගියේ ආදිත් පස්සෙන් එද්දි.
ආදිගේ අනුමානේ හරි. යුහීත් කාමරේට වෙලා අඬනවා.
" අම්මී...." නුහී කතා කරද්දි තමා යුහී ඔලුව ඉස්සුවේ.
නුහීව දැක්කම යුහීට ලස්සන හිනාවක් ගියා.
" අම්මී තරහද මාත් එක්ක... මං ආයේ ඒ වගේ වැඩ කරන්නෑ... ප්‍රොමිස්..." නුහී යුහීව බදාගෙන කියද්දි යුහී නුහීගේ හිස සිප ගත්තා.
" අම්මී තරහ නෑනේ..."
" නෑ මැණික..." කියපු යුහී නුහීව වැළදගත්තා.
" දැන් අම්මයි දුවයි එකතුවුනාම මාව අමතකයි නේ..."
ආදි බොරු තරහක් මවන් කියද්දී යුහී ආදිට අත දික්කළාම ආදිත් මේ දෙන්නට එකතු වුනා.
" දැන් හැබැයි කොල්ලො දෙන්නා මෙතනට ආව නම් පුපුරලා මැරෙනවා..." ආදි
" ඔව් ඉතින් ඒ දෙන්නත් තාත්තා වගේම ඊරිසියාකාරයෝ දෙන්නෙක්නේ..." යුහී
" හරි හටි යන් දැන් පහළට... අර කට්ටියම බලන් ඉන්නවා ඔයාලා එනකන්..." කියපු ආදි මේ දෙන්නත් එක්ක පහළට ගියා.
අම්මටයි තාත්තටයි මැදිවෙලා පහළට ගියපු නුහී ළඟට ආවේ අවී නවී ඩබල.
කෙල්ල හිමීට ආදි පිටිපස්සේ හැංගුනේ අයියලා බනින්න යන්නේ කියලා දන්න නිසා.
" සුදූ මෙහෙ එනවකෝ පොඩ්ඩක්..." කියමින් නවී කෙල්ලගේ අතින් ඇද්දා.
" ඈ... මට බෑ... අනේ තාත්තී බලන්නකෝ..." නුහී ආදිගේ අතකින් අල්ලගෙන කිව්වා.
" අයියලා එක්ක යන්නකෝ මැණික... ලොකූ පොඩී නංගිට බනින්නෑ... එයා ආයේ ඒ වගේ දේවල් කරන්නෑ..." ආදි කියද්දී කොල්ලො දෙන්නා ඔලුවත් වනලා නුහීව එක්ක ගියා.
අයියලා දෙන්නයි නංගියි පස්සෙන් අනිත් සහෝදර සහෝදරියෝ සෙට් එකත් එළියට ආවා. කට්ටියම ගිහින් ගාඩ්න් එකේ ඉඳගත්තා.
" දැන් සුදූ කියන්න බලන්න කොහොමද ඊයේ ක්ලබ් එකට ගියේ..." නවී කෙල්ලගේ කරට අතකුත් දාගෙන ඇහුවා.
" මේ... මේ... අනේ ඕන්නෑ... දැන් ඉවරනේ...." නුහී.
" කියපන්කෝ බන්..." ආයු.
" ඔව් සුදූ කොහොමද ගියේ..." අවී ටිකක් සැරෙන් ඇහුවා.
අවී කියන්නේ සයිලන්ට් කෙනෙක්. හැබැයි තරහ ගියොත් ඉවරයි. ඊයේ නම් කොල්ලට හොඳටම නුහී එක්ක තරහ ගියා.
" මේ... මං... ඔයාලා එක්ක තමා... ගියේ..." නුහී.
" අපිත් එක්ක.." නවී.
" ඔව්.. ඊයේ ඔයාලා වාහනේට නගින්න කලින් මම ගිහින් නැගලා හැංගිලා හිටියා.." නුහී.
"ඒත් අපි යනකොටත් ටීවී බලබල හිටියේ..."
" ඔව්... ඔයාලා වටයක් ගහලා යද්දී මම ජනේලෙන් පැනලා ගියා..." නුහී හෙන ලොකු වැඩක් කරා වගේ කියද්දි අවී හොඳ ටොක්කක් ඇන්නා.
" ආව් පොඩී...." නුහී.
" ඊයේ ලොකූ වෙලාවට දැක්කේ.. නැත්තන් තමුසෙව අපි කොහෙන්ද හොයාගන්නේ... ඒ මදිවට හොඳටම බීලා... බීලා විතරක් නම් මදැයි කොල්ලෙක්ගේ කරේ හිටියේ..." අවී.
" හෑ.... මේ මම... වෙන්න බෑ..." නුහී.
" වෙන්න බෑ නෙවෙයි එහෙම තමා වුනේ... මං හිතුවේ තමුසේ ඌව කිස් කරයි කියලා...පොඩී ඇදලා ගද්දී තමුසෙ උගේ මූණත් අල්ලගෙන..." නවී.
" හෑ... වස ලැජ්ජාවයි.... අනේ මං ආයේ ජීවිතේට බොන්නෑ... බොන්නෙම නෑ...මම වයින්වත් බොන්නෑ... අනේ පොඩී මං ආයේ ක්ලබ් යන්න ඕන කිව්වොත් මාව පුටුවක ගැටගහන්න හරිද..."
" අඩොහ් උබලා ෆොටෝ එකක්වත් ගහගත්තේ නැද්ද බන්.." ආයු.
" නෑ බන්... මටත් දැන් හිතෙනවා අපරාදේ කියලා.. එවෙලේ ඒ තරන් සිහියක් තිබ්බේ නෑ බන්..."
මේ කට්ටියගේ විදිහට සාකච්ඡාව යද්දී ඇතුළේ හිටියේ එයාලාගේ අම්මලා තාත්තලා නම් හිටියේ බරපතල සාකච්ඡාවක.
" එතකොට දැන් උබ කියන්නේ ඒකි ආයේ වැඩ පටන් අරන් කියලද..." රනුක්
" ඔව් බන්... මට ඊයේ තමයි ආරංචිය ආවේ... උන් පරණ වැඩ ආයේ පටන් අරන්..." ආදි.
" දැන්ම නවත්තන්න ඕනේ බන් උන්ව නැත්තන් අපේ ළමයින්ටත් මොනාහරි කරයි..." ශාන්.
" ඊටත් වැඩියේ භයානක දෙයක් තියනවා බන්..." ආදි.
" මොකක්ද..." තේජ්.
" විනුලි හිරේ යනකොට ප්‍රෙග්නට් වෙලා ඉදලා තියෙන්නේ..." තේශ්.
" මොකක්... එතකොට එයා පැනලා ගියේ..." හසූ.
" ඔව්... පැනලා ගියේ ළමයා හම්බෙන්න ඉද්දී තමා... " ආදි.
" එතකොට ඒ ළමයා තවීෂ්ගෙද..." යුහී.
" මම හිතන්නේ එහෙම තමා..." ආදි.
" මොකද බන් දැන් කරන්නේ.... අපේ ළමයිව ආරක්ෂා කරන් ඉන්න ඕනා ඔක්කොටම කලින්..." රනුක්.
" ඔව් බන්... ඒ හින්දා තමා මම උදෙන්ම ගිහින් මේ පාර්සල් එක අරන් ආවේ.." කියමින් ආදි පෙන්නුවේ මේසේ උඩ තිබ්බ පෙට්ටියක්.
" මොනාද බන් මේකේ තියෙන්නේ..." තේජ් ඇහුවේ පෙට්ටියට අත තියමින්.
" වොච් වගයක් බන්.. ළමයි හැමෝටම තියනවා... ඒකෙන් එයාලාගේ එදිනේදා වැඩ කරගන්න පුලුවන් වගේම එයාලා ඉන්න තැන් අපිට දැනගන්න පුලුවන්... ඒ වොච් ඕකොමත් එකකට එකක් සම්බන්ධයි... එයාලට මොකක් හරි අනතුරක් නම් අපිට දැනගන්න පුලුවන්.. ඒ විදිහට සෙන්සර්ස් තියනවා.. ඒ වගේම තමා අපිට හරි වොච් එකක් දාගෙන ඉන්න කෙනාට හරි ඇර වෙනකාටවත් ඒක ගලවන්නත් බෑ.. වෝටර්ෆෲෆ් හින්දා පැය 24ම දාගෙන ඉන්නත් පුලුවන්... අපිට තියෙන්නේ මේ app එක download කරගන්න විතරයි..." කියලා ආදි ෆෝන් එකෙන් app එකක් පෙන්නුවා.
"කොහෙන්ද බන් ඕක හොයාගත්තේ..." රනුක්.
" CID එකේ කොල්ලෙක්ගේ වැඩක් බන්..." ආදි.
" අඩොහ් සිරාවට... " ශාන්.
" දැන් මාර ටැලන්ටඩ් උන්නේ ඉන්නේ බන්..." රනුක්.
හවස් වෙලා එහෙම කට්ටියම ලෑස්ති වුනේ රූෆ්ටොප් එකේ බාබකිවු දාන්න.
" ලොකූ කෝ පොඩී..." නුහී ඇහුවේ අවී සෑහෙන වෙලාවක ඉඳන් පේන්න නැති හින්දා.
" වොෂ් එක්ක දාන් එන්නම් කියලා ගියා.. හැබැයි එකට දෙපාරක් වොෂ් දාන්න වෙලා...."
" මං බලලා එන්නම් එහෙනම්..." කියපු නුහී පොඩීව හොයන් කාමරේට ගියා.
කොල්ලෝ දෙන්නා හිටියේ එකම කාමරේක. ඒ දෙන්නගේ කාමරේ තිබ්බේ දෙවෙනි තට්ටුවේ.
නුහී පුරුදු විදිහටම කඩාගෙන බිඳගෙන කාමරේට යන්න ගියත් එකපාරට දැක්ක දේ හින්දා කෙල්ලට කෑගැහුනා.
ඒත් සද්දෙ පිට වුනේ නැත්තේ අතක් ඇවිත් කෙල්ලගේ කට වහපු හින්දා.