Login Required

Please login or create an account to continue.

Login Create Account
Login Create Account Users Terms & Conditions Privacy Policy Made in 🇱🇰 with ❤️




Parindi Savindya level_badge

Parindi Savindya

Content Writer

Dec 17 2024 @ 11:06

🖤හේල්‍යා🖤 - 22



22.කොටස


මීටින් එකක් ඉවර වෙලා එනගමන් කොල්ලා ෆෝන් එක ගත්තේ කෙල්ලට කෝල් එකක් ගන්න.
කෙල්ලගෙන් ඇවිත් තිබ්බ msg එක කියවලා එහෙම්මම කෝල් එකක් ගත්තත් කෙල්ල anser කරේ නෑ.
msg එකට reply දාලා කොල්ලා ගෙදර ගියා. 









කොල්ලා ගෙදර යනකොට ඇහුනේ පුතා අඬන සද්දේ. 


"අම්මා... ඇයි පුතා අඬන්නේ..."
කොල්ලා ඇහුවේ ගෙට ගොඩ වෙනගමන්මයි.


කොල්ලාගේ කටහඬ ඇහුනු පුතා දුවන් ඇවිත් කොල්ලාගේ කකුලක් බදා ගෙන අඬන්න ගත්තා. පුතාව වඩා ගත්ත කොල්ලා කඳුලුත් පිහදලා,
"මොකෝ මගේ චණ්ඩියා අඬන්නේ..."      කියලා ඇහුවා.


"මත... අම්මී... ඕනේ...." කියමින් නැවත අඬන්න ගත්තා.


"දැන් පැයක විතර අඬනවා පුතේ. වෙනදට ඔහොම නෑ. මං දුවට කෝලුත් ගත්තා විස්සක් විතර answer කරන්නෙත් නෑ..."


"ආ... එච්චර වෙලා.. ඉන්නකෝ මාත් අරන් බලන්න.. හැබැයි මං ඉස්සෙල්ලත් ගත්තා.. ඒත් answer කරේ නෑ...."
කොල්ලා කෝල් එකක් ගත්තත් ඒ වෙනකොට කෙල්ලගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබ්බා.


"ඕ.. ෂිට්... දැන් ඕෆ්... ඉන්නකෝ මං ගවේෂ්ටත් අරන් බලන්නම්..."                  කියපු කොල්ලා ගවේෂ්ටත් කෝල් ගත්තත් ගවේෂ්ගෙත් ෆෝන් ඕෆ්.


"ෂිට්.. අයියගෙත් ඕෆ්...අම්මා කොහෙ යනවා කියලද කිව්වේ..."


"නුවර යනවා කිව්වෙ පුතේ... ගවේෂ් පුතා ඔයාටත් කියලා තියෙන්නේ කිව්වලු... දුව අහන්න යද්දි..."


"what...අයියා මට දැන් දවස් තුන හතරකින් msg එකක්වත් දාලා නෑ..."


"පුතා..... අනේ දුව..."


"ඉන්න අම්මේ... මං විශුද්ධිටත් අරන් බලන්න..."
විශුද්ධිගේ ෆෝන් එකත් ඕෆ් වෙලා තිබ්බා.


"මුන් ඔක්කොම ෆෝන් ඕෆ් කරන් මොන මඟුලක් කරනවද..."


"පුතා.. දුව නුවර ගියේ... මට බය හිතෙනවා... තව දවස් හතක් අටක් විතර තියෙන්නෙත් පෝයට..."


"බය වෙන්න එපා අම්මේ... සහීට මුකුත් වෙන්නේ නෑ... ඉන්නකෝ මම තව ටිකකින් ආයේ අරන් බලන්නම්..."


කොල්ලා එහෙම කිව්වත් හිත ඇතුළෙන් හොඳටම ගිනි අරන් හිටියේ. කොල්ලට තේරුනා කෙල්ල කරදරේක වැටිලා කියලා.




"කෝ මගේ චණ්ඩියෝ... අඬන්න එපා... අම්මී එනවා තව චුට්ටකින්.. පුතා බීච් යනවද...මොකෝ කියන්නේ... palace එකක් හදනවද...."


"බා තාත්තී... අම්මී ඕනා.. මත අම්මී කුක්කු ඕනා..."


"කෝ මේඝ් මගේ හොඳ පුතුනේ.... අඬන්න එපා...අම්මී එනකන් අපි නිකන් කුක්කු බොමූ... දැන් බබා කුක්කු බීලා බඩ පුරෝගෙන හොඳට දොයියගන්න.. එතකොට බබා නැඟිටිද්දී අම්මී ඇවිත් ඉදී..."


"ඇත්තතමද.."


"ඔව්.මැණික... දැන් ආච්චි එක්ක යන්නකෝ..."
කියපු කොල්ලා පුතාව අම්මා අතට දීලා ගියේ වත්තේ දකුණට ඔව් ආදිගේ පොට් එකට.




"ධීර්....ධීර්... වරෙන් යකෝ ඉක්මනට..."


"බොස්...ප්‍රශ්නයක් ද...."


"යකෝ ප්‍රශ්නයක් ද කියලා අහන්නේ මගේ ගෑනි නෑ.... අඬගහපන් අර ක්‍රිෂ් කියන එකාට.... ට්‍රැක් කරලා අබලපන් කෙල්ල කොහෙද කියලා..."


"හරි බොස්..."




ධීර් ගිය පසු කොල්ලා කල්පනා කරේ කෙල්ලට මොකද උනේ කියලා. එවෙලෙම කොල්ලට කෝල් එකක් ආවේ දේව්ගෙන්.


"හෙලෝ... කියපන්..."


"කේශ් කෝ චූටි මං කෝල් ගත්තට ආන්සර් කරන්නෙ නෑ... මම අර ඩීලර් කවුද කියලා හොයා ගත්තා... අර අපිට අල්ලගන්න බැරි උනේ එදා අර එකෙක්ව.. මට අද ඌව හම්බුනා.. ඌට හොඳට සලකපුහම කිව්වා මහ මොළකාරයා කවුද කියලා... වෙන කවුරුත් නෙවෙයි... රුහාන් විජේකොඩි... ගවේෂ්ගේ මාමා... අපිට මතක වුනානේ බන් අපරාදේ ගවේෂ්ගෙන් අහලා කලින්ම දැනගන්න තිබ්බා.."
දේව් කියෝගෙන ගියේ කොල්ලට වචනයක්වත් කතා කරන්න නොදී...
කොල්ලා තුෂ්නිම්භූත වෙලා හිටියේ කෙල්ල කා ළඟද ඇත්තේ කියලා නිකමට හිතුන නිසා.


"ඇහෙන්නැද්ද බන් උබට..."


"සහී නෑ බන්..."


"හරි ඉතින් ආපුහම කියපන්.."


"එන්නත් අපිට හොයාගන්න වෙනවා බන්.."


"මොනාද බන් විකාර කියවන්නේ නැතුව හරියට කියන මඟුලක් කියපන්කෝ..."


"සහීව පැහැරගෙන බන්..."


"මොකක්....චූටි..... උබ ඔය ඇත්තමද කියන්නේ..."


"ඔව් බන්... උදේ නුවර ගිහින් තාම ගෙදර ආවේ නෑ. ෆෝන් වැඩ කරන්නෙත් නෑ..." 


"අඩෙහ්... තනියමද ගියේ..."


"නෑ බන්... ගවේෂ් එක්ක... ඌ බොරු කියලා එක්ක ගිහින් තියෙන්නේ..."


"මොකක්... ඌ ඒ කියන්නේ අරුන්ටද වැඩ... චූටි රැවටිලාද ඒ කියන්නේ..."


"අනේ මන්දා බන් මට තේරෙන්නෙ නෑ මොනා කරන්නද කියලා එහෙන් පොඩි එකා අම්මා ඉල්ලලා අඬනවා... මං මොනාද කරන්නේ බන්..."


"ඉඳපන් අපි කොහොමහරි චූටිව හොයා ගමු... අපි ඉක්මනටම ඔහේ එනව..." කියපු දේව් කෝල් එක කට් කළා.


කොල්ලා ළඟට ආපු ධීර්,
"බොස් මැඩම්ව ට්‍රැක් කරගන්න බෑ... device එකක්වත් වැඩ කරන්නේ නෑ... අපි ගවේෂ්ගේත් try කරා... ඒකත් බැරි උනා..."


"oh my god....මං දැන් මොනාද කරන්නෙ බන්...
ඔහොම ඉදපන් දැන්ම සනත්ගේ හැම පොට් එකකටම attack කරපන්... අනිවාර්යයෙන් සහී ඇත්තේ ඒ එකක..." 










පැය කිහිපයකට පස්සේ රූහිට සිහිය ආවා. ඒත් දැනුන මත් ගතියත් එක්ක නැඟිටපු කෙල්ලට මතක් වුනේ අවුරුදු තුනකට කලිනුත් මේ වගේම හිර වෙන්න වුනා නේද කියලා.


කෙල්ල වෙලාවක්වත් දැනන් හිටියේ නෑ.. කෙල්ලව දාලා තිබ්බ රූම් එකේ දොර ඇරගන්න බැලුවත් ඒකත් බැරි උනා.


එතකොට තමා කෙල්ල දැක්කේ කෙල්ලගේ ඇඟේ තිබ්බ හැම ආභරණයක් ම අයින් කරලා කියලා.


කෙල්ලට තේරුනා මේ පාර නම් කාටවත් කෙල්ලව බේරගන්න වෙන්නේ නෑ කියලා.


කෙල්ල කරේ දාන් හිටපු මාලේ වගේම අතේ තිබ්බ මුද්දේත් කොල්ලා කෙල්ලව ඉන්න තැන හොයා ගන්න පුලුවන් වෙන්න gps හයි කරලා තිබ්බේ. ඒත් ඒ සේරම නැති හින්දා කෙල්ලව තවත් අසරණ වුනා.










මේ අතරේ,
"බොස්.... අපේ තැන් ඔක්කොටම එකපාර ගහනවා අර ආදි... "
"මොකක්... ඒ මොකටද... උබලා කොහෙද ඉන්නේ... ඉන්න තැනකින් පැන ගනින්.." 
"බොස් අපි කැලේට පැන්නා... ඒත් බඩු ටික නම් බේරගන්න බැරි වුනා.."
"ඒවා පස්සේ බලා ගන්න පුලුවන්... ඉස්සෙල්ලා උබලා සේෆ් තැනකට පලයන්කෝ... මූ මොකද එකපාරටම attack කරන්නේ කියලා මට හිතා ගන්න බෑ..."


සනත්ට ආපු කෝල් එක අහන් හිටපු රේඛා,
"ඌ කන්දෙ ගෙදරටත් attack කරලද..."
කෝල් එකේ ස්පීකර්ස් ඔන් කරපු සනත්,
"ඌ කන්දෙ ගෙදරටත් attack කරලද පොඩ්ඩෝ.."
"නෑ නෑ බොස්... ඌ බොස්ගේ පොට්වලට විතරයි attack කරලා තියෙන්නේ... හැබැයි බොස් පේන විදිහට උන් මොනාහරි හොයනවා..."




ඒත් එක්කම එතෙන්ට ආවේ ගවේෂ්,
"අම්මේ දැන්වත්..."
"මං උබට කිව්වනේ පුතේ... නිධානේ අරන් අපි සේෆ් එකේ රටෙන් පැන්නම උබට දෙන්නම්... පලයන් දැන් දොරත් වහගෙන.."




වෙනදට මොනාහරි කියන ගවේෂ් කට වහගෙන යන එක වගේම ගවේෂ් ගෙදර ඉන්නව දැකලා පුදුම වුන සනත්,


" ගවේෂ් මොකද මෙහෙ කරන්නේ... "


"ආ ඌට කියලා මම කෙල්ලව ඉස්සුවා..."


"මොකක්... කවද්ද..."


"ආ ඕන්නං දැන් පැය හතක් අටක් ඇති... තව දවස් අටෙන් නිධානේ අපේ අතේ..."


"ඒත් කොහොමද.... කෝ දැන් කෙල්ල..."


"කෙල්ල කන්දේ ගෙදර ... ඒකිව අයියාගේ පොට් එකකින් තිබ්බ එක හොඳට ගියා... නැත්තං අහුවෙනවනේ..."










දින දෙකකට පසු...


"ආදි බොස් කවුද ඇවිත් ඉන්නවා බොස්ව හම්බෙන්න..."
"මට කාවවත් හම්බෙන්න බෑ යන්න කියපන්... මං උබට කලිනුත් කිව්වා ධීර්... ඔය ඩීල් ගැන කතා කරන්න මට දැන් මානසිකත්වයක් නෑ... මං මේ ගිනි අරන් ඉන්නේ... තාම කෙල්ලව හොයා ගන්නත් බැරි උනා.. අරහෙන් පොඩි එකාට දවස් ගාණක් තිස්සේ උණ..."
"බොස් ඒත්.. ඒ ඇවිත් ඉන්න කෙනා... විශේෂ
 දෙයක් කියන්න ආවේ කිව්වා මැඩම් ගැන..."
"ආ...එන්න කියපන්.."












මේ විදිහට දවස් ගෙවිලා ගියේ නිධානේ ගන්න දවසත් උදා වෙලා.
කොල්ලට කෙල්ල ඉන්න තැනක් හොයා ගන්න බැරි උනා වගේම චූටි මේඝ් හොස්පිටල් එකේ දැන් දවස් හතරක ඉඳන්... 




උදේම කෙල්ල ළඟට ආපු රේඛා,
"එහෙනම් ලෑස්ති වෙයන් අද උබේ මලගම... " කියමින් කෙල්ලගේ මුහුණට වැරෙන් කම්මුල් පහරක් එල්ල කරමින් කිව්වා.


ඒත් ඊළඟට උනේ රේඛා හීනෙකින්වත් හිතපු නැති දෙයක්...




කෙල්ල රේඛාට ආපිට ගැහුව...


බලාපොරොත්තු නොවූ පහරක් නිසා රේඛා බිම වැටුනා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කෙල්ල දොර ළඟට දිව්වේ පැනලා යන්න.




ඒත් එතන හිටපු පිරිමි දෙන්නෙක් කෙල්ලව අල්ල ගත්තා. ඉක්මනට කෙල්ල ගාවට ආපු රේඛා කෙල්ලට ඉන්ජෙක්ෂන් එකක් දුන්නා.












කෙල්ලට සිහිය එනකොට කෙල්ල දැක්කේ තමන් ඉන්නේ කලින් හිටපු තැන නොවන බව..


කෙල්ල හිටියේ ගල්තලාවක් උඩ... ඔව් ඒ තමා නිධානෙ තියන තැන..


කෙල්ලට මේ වෙනකොට සුදුපාට ගවුමක් අන්ඳලා තිබ්බා.


ඒ ගල්තලාව වටේම යාගයකට සූදනම් කරලා තිබ්බා.


කෙල්ල ගල්තලාවෙන් නැඟිටින්න හැදුවත් කෙල්ලට ඒ දේ බැරි උනේ කෙල්ලගේ අත් කකුල් ගැට ගහලා තිබ්බ නිසා. මේ වෙනකොට ගොඩාක් රෑ වෙලා බව කෙල්ල තේරුන් ගත්තේ වටපිටාව බලලා.






ටිකකින් යාගය පටන් ගත්තා ගල්තලාවේ ඇදලා තිබ්බ රවුමකින් කෙල්ලව ගෙනත් තියලා තිබ්බේ.


එතන සනත්, රේඛා, ගවේෂ් , වැඩ කරන අය වගේම කෙල්ල නොදන්න කෙනෙකුත් හිටියා.


ඒ කෙනා කෙල්ල දිහා බලන් හිටිය විදිහට අසරණකමටත් වඩා දැනුනේ අපහසුතාවක්...


කෙල්ලට තේරිලා තිබ්බේ අද කෙල්ලට මැරෙන්න වෙනවා කියලා..


කෙල්ලට තිබ්බ දුක තමා පුතාවයි කොල්ලවයි අන්තිම වතාවටවත් බලාගන්න බැරි වෙන එක...






යාගය පටන් අරන් පැයකට විතර පස්සේ යාගය කරපු යකැදුරා රේඛාගේ අතට කිනිස්සක් දුන්නා.
කිනිස්ස අරන් රේඛා ගියේ රූහි ළඟට. රූහි හිටියේ බයේ ගැහි ගැහි...


රූහි ළඟට ආපූ රේඛා රූහිට කිනිස්සෙන් ඇන්නා....




ලේ දැක්ක රූහිගේ සිහිය එයාගෙන් ඈතට ගියේ ඈතින් කෙල්ල ළඟට දුවන් එන ඡායාව දැකලා කෙල්ලගේ මූණේ හිනාවක් ඇඳෙද්දී..


______________________________________