23.අවසානයට පෙර කොටස
දින දෙකකට පසු
මෙන්න දැන් ලැබුනු විශේෂ පුවතක්..
මීට දින දෙකකට පෙර අත් අඩංගුවට පත් වූ මිනිස් අවයව ජාවාරමේ යෙදුනු රේඛා විජේකොඩි හා රුහාන් විජේකොඩි යන සහෝදර දෙපළ අද දින ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදී. මිනීමැරුම්, පැහැර ගැනීම්, මත්කුඩු ජාවරම්, අවයව ජාවාරම් යන චෝදනා ඔවුන්ට එල්ල විය.
උසාවියෙන් එළියට ආපු කේශ්ට දේව් කොච්චර කතා කරත් කේශ් ඇහුන්නෑ වගේ ගිහින් කාර් එකට නැගලා රේස් කරන් ගියා.
"මොකක්ද බන් මූ මේ කරන්නේ මැරෙන්නද හදන්නේ බලහන්කෝ උසාවිය ඉස්සරහා ඉන්නේ කියලවත් බැලුවේ නෑ..." දේව්.
"ඌට ඉන්න දීපන් බන්.. අපි යමු..." කිව්ව අකී සෙට් එකත් අරන් ගියා.
මේ අතරේ කාර් එකේ යන ගමන් හිටපු කේශ්ට මතක් වුනේ එදා ආදිව හම්බෙන කෙනෙක් ආවා කියලා ධීර් කියපු වෙලාව,
එදා කොල්ලා ආපු කෙනාට එන්න කියලා කළු මාස්ක් එකකුත් දාගෙන ගියේ ආදිගේ ඩීල් කතා කරන පොට් එකට.
ටිකකින් ධීර් එක්ක ඇතුළට ආවේ මාස්ක් එකක් වගේම සන්ග්ලාස් දෙකකුත් දාගෙන මුණම ආවරණය කරගත්ත කෙනෙක්.
"කියනවා.." කොල්ලා කිව්වේ ආදිටම ආවේණික වෙච්ච කටහඩින්.
"මෙහෙමයි මිස්ටර් ආදී මට ලොකු වැඩක් තියනවා කරගන්න. මට ඒකට ඔයා ඉල්ලන ඕන ම ගාණක් දෙන්න පුලුවන්..."
කොල්ලාට ඒ කටහඬ හොඳට හුරුපුරුදු ගතියක් දැනුනා.
CID officer කෙනෙක් වෙච්ච කොල්ලට ඒ හඬේ අයිතිකාරයා අඳුරගන්න ගියෙ සුලු මොහොතයි.
පැනපු ගමන් ඒ මිනිහාගේ බෙල්ලෙන් අල්ලපු කොල්ලා සන්ග්ලාස් එකයි මාස්ක් එකයි අයින් කරා.
පැත්තක ඉඳන් බලන් හිටිය ධීරුත් පුදුම හිටියේ එයාලගේ සැගවුනු අමුත්තා දැකලා.
ඒ ඇවිත් හිටියේ ගවේෂ්.
"උඹ... කෝ මගේ ගෑනි යකෝ... උබ කෙහෙද ඒකිව අරන් ගියේ...."
බෙල්ල තවත් තද කරන ගමන් කොල්ලා කෑ ගැහුවා.
"බෙල්ල...ම..ගේ.. "
කොල්ලාගේ අත් ඈත් කරන්න හදන ගමන් ගවේෂ් කිව්වේ හුස්ම ගන්න බැරි නිසා.
කොල්ලා අත ටිකක් බුරුල් කරේ කතා කරන්න පුලුවන් වෙන විදිහට.
"මං ඔයා කවුද කියලාවත් දන්නේ නැතුව ඔයාගේ ගෑනිව දන්නේ කොහොමද?" කියලා ගවේෂ් ඇහුවේ බයේ වෙව්ලමින්.
ඒ තරන් ආදීගේ තරහවේ රස්නය වැඩී.
ගවේෂ්ව අතහැරපු කොල්ලා මාස්ක් එක ගැලෙව්වා.
"මල්ලී.... ඔයාද ආදි..."
"ඔව් යකෝ... මං තමා ආදී... උබලා කරන අසමජ්ජාති වැඩ නවත්තන්න තමා මේ ආදී ඉපදුනේ... උබලමයි ආදිව හැදුවේ යකෝ.... දැන් උබ මගේ ගෑනීව දන්නවනේ කියපන්.. කෝ මගේ සහී... කියපන් යකෝ... මගේ පොඩි එකාට දවස් ගාණක් තිස්සේ උණ සහී නැතුව.... කියපන් කෝ මගේ කෙල්ල...." කියමින් කොල්ලා එතන තිබූ මේසෙට ගැහුවා.
මේසේ කැඩිලා බිම පතිත වුනේ එතන හිටපු ගවේෂ් විතරක් නෙවෙයි මෙච්චර කල් ආදි එක්ක හිටපු ධීරුත් ගැස්සෙද්දී.
"මල්ලී.... උබට උබේ පොඩි එකාට දවස් දෙකක විතර ඉඳන් උණ කියලා ඔහොම දඟලනව නම්, සති දෙකක් තිස්සේ තමන්ගේ අම්මාගේ කිරි ටිකක් බොන්න නැතුව අනුන්ගේ කිරි බිබී ඉන්න තාම මාසයක්වත් නැති මගේ පොඩි එකී හොස්පිටල්. මං කොහොම දඟලන්න ඕනද..."
" මොකක්..."
"ඔව් යකෝ... මං රූ මැණිකව අර මගේ අම්මා කියන ගෑනිට ගිහින් දුන්නේ මගේ ගෑනිවයි දරුවවයි බේරගන්න. උබේ ගෑනිව පැහැරගෙන දවස් දෙකක් උනාට මගේ ගෑනි දැන් සති දෙකක් බන්... තාම ඒකිට හරියට සනීපත් නෑ... මගේ පොඩි එකී.."
"අයියේ එතකොට.... "
"ඔව් බන්... මම වෙන කරන්න දෙයක් නැතිකමට එහෙම කරේ.. උන් කිව්වා මගේ විශූව මරනවා කියලා.. නැත්‍තන් මං රූට ඔය වගේ දෙයක් කරන්නෑ බන් කවදාවත්....ඒකි මගේ නංගී...මට සමාවෙයන් බන් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ..."
"අයියේ... දැන් කෝ සහී...එතකොට විශු..."
"ඒ දෙන්නම උන් ළඟ බන්... මං විශුව ඉල්ලුවත් උන් කියනවා නිධානේ ගන්න කල් ඉන්න කියලා බන්... මට මගේ නංගිට අනතුරක් වෙන්න දෙන්න බෑ ඒකයි මං ආදිව හොයන් ආවේ උදව්වක් ගන්න... මට මගෙ නංගිවයි ගෑනිවයි දෙන්නම බේරගන්න ඕන බන්.... ආදිට විතරයි පුලුවන්... උන් බය ආදිට විතරයි..."
"දැන් කොහෙද එතකොට එයාලා ඉන්නේ..."
"දන්නෑ බන්... ගියපාර මං රූහිව බේරගත්ත හින්දා මේ පාර උන් මට ඇහෙන්න රූ ගැන කියන්නෙවත් නෑ..."
"ෂිට්... ඒත් සනත්ගේ තැන් එකක්වත් හිටියේ නෑ... ඒ කියන්නේ තව තැන් තියනවද..."
"තාත්තාගේ තැන්වල නෑ කියන්නේ අනිවාර්යයෙන් ඇත්තේ මාමාගේ තැනක..."
"ඒ කවුද..."
"රුහාන්.... රුහාන් විජේකොඩි... උබ දන්නවත් ඇති ඒකට තමා කුඩු විජේ කියන්නේ..."
"ඒ නම් අහලා පුරුදුයි... කුඩු විජේ නම් දන්නවා.... උගේ බිස්නස් ගොඩක් මම නැති කරලා දැම්මා... අර නම...."
"සර්... ඒ කෙනා ගැන තමා එදා දේව් සර් කිව්වේ..."
"ආ... හරිනේ... උගේ තැන් අයියා දන්නෙ නැද්ද..."
"නෑ බන්... මං දැනන් හිටපු තැන් දෙක තුනක් තිබ්බා ඒත් මං හිතන්නෑ ඒවගේ ඇති කියලා...අනිවාර්යයෙන්ම මම දන්නෙ නැති තැනක තියලා ඇත්තේ..."
"එතකොට කොහොමද දැන් මේක කරන්නේ... ධීර් කුඩු විජේ ගැන හොයපන්..."
"හරි සර්..."
"මල්ලී රිස්ක් එක නම් වැඩී ඒත් විදිහක් තියනවා... "
"මොකක්ද..."
"දැන් රූහිව උන් තියන් ඉන්නේ නිධානේ ගන්නනේ... ඉතින් නිධානේ ගන්න දවසට attack කරා නම් හරි... හැබැයි රිස්ක් එක තමා ඒක චුට්ටක් හරි ගැස්සුනොත් රූහි..."
"එහෙම කරමු...උන් එදාට අනිවාර්යයෙන් එලි බහින්න එපැයි... මට සහීව බේරගන්න පුලුවන් කොහොමහරි... ඒත් තැන දන්නවද...."
"ඔව් මං දන්නවා..."
"එහෙනම් වැඩේ easy...."
එදා ගවේෂ් එක්ක plan කරලා කොල්ලා නිධානේ ගන්නා දා ගියත්...
කොල්ලා යනකොට පරක්කූ වැඩී...
රේඛා කෙල්ලට පිහියෙන් ඇනලා ඉවරයි...
එදා කොල්ලා ඉක්මනටම කෙල්ල ගාවට දිව්වත් ඒ වෙනකොටත් කෙල්ල මූණේ හිනාවක් එක්ක ඇස් පියාගෙන...
එදා වෙච්ච දේවල් මතක් කරන ගමන් ම කොල්ලා ආවේ කනත්තට....
අරලිය මල් වැටුනු පාර දිගේ සොහොන් කොත් අතරින් ඇවිදගෙන කොල්ලාට අලුත් පස්වලින් වැහුනු ඒ තැන හොයාගන්න වෙලා ගියෙ නෑ...
එතනම දණ ගහගත්ත කොල්ලා පසු තැවුනේ ඉන්න කාලේ හරියට එයාව බලා ගන්න බැරි උනානේ නේද කියලා හිතන ගමන්...
ඒත් එක්කම කොල්ලට කෝල් එකක් ආවේ හොස්පිටල් එකෙන්.
තව කෙනෙක් නැති කරගන්න තිබ්බ බයත් එක්කම කොල්ලා කෝල් එක ආන්සර් කරා.....
____________________________________