
සිව්වැනි දිගහැරුම....❤️
ඊටපස්සේ..
"අපිත් යන්..." කියලා ආදි රනුක්ටත් යන්න කිව්වා.
රනුක් එක්ක ආපූ ආදිගේ සෙට් එක යන්න හැරුනත් ආදී ආපහු ආවේ අවීෂ් ළඟට.
"උබට අර අනාත එකීව ඕනද... ඕන්නම් දෙන්නම්... හැබැයි මම රහ බලලා...." කියලා ආදී කිව්වේ අවීෂ්ගේ කනට කරලා.
අවීෂ් ඒක ඇහුන සැණින් ආදිගේ ෂර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා බිම පෙරලගෙන ගහගෙන ගහගෙන ගියා.
ආදිත් අතහැරියේ නෑ ආපිට ගැහුව. රනුක් මැදට පැනලා නවත්තන්න හැදුවත් අන්තිමට රනුක්ටත් තුවාල වුනා.
දෙන්නා බිම පෙරලීගෙන ගහගත්තේ මූනූ ලේවලින් පෙඟෙද්දී.
ඒත් එක්කම කොහෙදෝ ඉඳන් දුවන් ආවේ අවීෂ්ගේ මල්ලි තවීෂ්.
" අතහැරපන් බල්ලෝ මගෙ අයියාව..." කියමින් ඔහුත් රණ්ඩුව මැදට පැන්නා.
ටිකකින් එතන එකම පොර පිටියක් වුනේ ආදීගේ අය වගේම අවීගේ අය ගහ මරාගද්දී.
ඒත් එකපාරටම ආදී අවීෂ්ට ගහන එක අතහැරලා දැම්මා.
අවීෂ්ගෙන් ගුටි කාගෙන හිටියා. අනික් උනුත් පුදුම උනේ ඇයි කියලා. මොකද ආදි කියන්නේ කවදාවත් රණ්ඩුවකදී පැරදෙන කෙනෙක් නෙවෙයි.
ඒත් ඊළඟට අවීෂ්වත් පැත්තකට තල්ලු කරලා දාලා ආදි එතනින් ගියා.
කැම්පස් ඉවර වෙලා ගෙදර ආපු යුහී වොෂ් එකක් දාලා ඇඳට පැන්නේ phone එක බලන්න. එයාට msg එකක් ඇවිත් තිබ්බේ අලුතින් හම්බුනු යාලුවාගෙන්.
ඒ තමා විනුදි.
විනුදි කෙල්ල කරපු කෝස් එකම නොකළත් එකම ෆැකල්ටියේ නිසා දෙන්නා පලවෙනි දවසෙම හොඳම යාලුවෝ වුනා.
ඒ තමයි කෙල්ලගේ පළවෙනි යාලුවා.
කලින් කෙල්ලට කවුරුත් හිටියේ නැත්තේ කෙල්ල අනාතයෙක් නිසා.
ටිකකින් කෙල්ලගේ කාමරේට ආවේ විනෝද්‍යා.
"කොහොමද දෝණි පළවෙනි දවස..."
කෙල්ලට වෙච්ච දේවල් එකපෙළට මතක් වුනත් ඒවා අම්මට කියන්ම ගියේ නැ.
"හොඳයි අම්මා... මට යාලුවෙකුත් හම්බුනා... ශෝක් අනේ.. කැම්පස් එකත් මරු... අපි වටේම ඇවිදලා බැලුවා..."
"රැග්වලට එහෙම අහුවුනේ නෑනේද මැණික..."
කෙල්ල ඇඬෙන්නම රැග් වෙලා හිටියත්..
"නෑ අම්මා..."
" ආ එහෙනම් කමක් නෑ... කවුරුහරි රැග් කරන්න ආවොත් කියන්න ඔයා ආදිගේ නංගි කියලා... ආදී තමා ෆැකල්ටියේ දැන් ලොකුම රෙපා... ඒ නිසා බය වෙන්න දෙයක් නෑ...."
ඒක තමා බයම අම්මේ. අම්මා නංගි කිව්වට මේ වෙනකොට මාව girlfriend කරලා ඉවරයි අර ගොන්වස්සා.
"හා අම්මේ..."
රෑ වුනත් ආදි ගෙදර ආවේ නෑ. විනෝද්‍යා කෝල් ගත්තත් ආන්සර් කරෙත් නෑ.
රෑ වෙලා ආදිගෙන් msg එකක් ආවේ රෑට රනුක්ලාගේ දිහා නතර වෙනවා කියලා.
ඒත් යුහී දැනන් හිටියා ඇයි ආදි ගෙදර එන්නෙ නැත්තේ කියලා.
යුහී අලුත් අය ඉන්න තැනට ගියත් වතුර බෝතලේ අමතක වුන නිසා අරන් එන්න එද්දී දැක්කේ අවීෂුයි ආදියි ගහගන්නවා.
දෙන්නගේ මූණු ලේවලින් වැහිලා තියනවා දැක්කම කෙල්ල එතනින් ඉක්මනට දිව්වේ තවත් බලන් ඉන්න බැරි නිසා.
පහුවදා කැම්පස් ගියාම තමයි කෙල්ලට තේරුනේ ආදිගේ girlfriend වීමේ ඵලවිපාක.
ලෙක්චර් එකක් ඉවර වෙලා යුහී වොෂ් රූම් ගියේ තනියම.
ඒත් එකපාරටම කෙල්ලව වතුර ගොඩකින් නෑවුනේ මොකක්ද වුනේ කියලා හිතාගන්නවත් බැරුව.
ඒත් එක්කම කෙල්ල ඉස්සරහට ආවේ සීනීයර්ස්ලා කියලා හිතන්න පුලුවන් කෙල්ලො සෙට් එකක්.
" තමුසේ ආදිගෙන් ඈත් වෙලා ඉන්නවා... මම අවුරුදු 3ක් තිස්සේ ආදිට ට්‍රයි කරන්නේ..." එහෙම කිව්වෙ එතන හිටපු හොඳට සල්ලි තියනවා කියලා හිතන්න පුලුවන් කෙල්ලෙක්.
" අනික ටීෂා මේකි අනාතයෙක්ලු. අනිවාර්යයෙන්ම සල්ලි හින්දා ආදිගේ කරේ එල්ලෙන්න ඇත්තේ..." එතන හිටපු තව කෙල්ලෙක් කිව්වා.
යුහී මේ වෙනකොට සම්පූර්ණයෙන්ම තෙමිලා හිටියේ. ඇඳන් හිටපු ඇඳුමත් දුහුල් නිසා කෙල්ලගේ ඇඟත් පේනවා.
"උබ ආදිගෙන් ඈත් වෙන්න ඕනා නැත්තන් මීට වඩා දේවල් වෙයි..." කියලා ඒ සෙට් එක යන්න ගියා.
යුහීට දැන් වොෂෲම් එකෙන් එළියට යන්න විදිහකුත් නෑ.
කරන්න ඕනා මොකක්ද කියලා හිතාගන්න බැරි නිසා කෙල්ල කෝල් කරේ විනූට.
ඒත් විනූ ආන්ස්වර් කරෙත් නෑ.
යුහීගේ ඇස්වලින් කඳුළු කඩා වැටුනේ එතනම බිම ඉන්ඳ වෙද්දී.
විනූට කොච්චර කෝල් ගත්තත් ආන්ස්වර් කළේ නැති තැන කෙල්ල දණිස් දෙකේ මූණත් ඔබාගෙන ඇඬුවා.
උරහිසට කවුරුහරි අත තියනවා දැනිලා ඔලුව උස්සපු කෙල්ල දැක්කේ ගෑනු ළමයෙක් කෙල්ල දිහා බලන් ඉන්නවා.
එතකොට තමා කෙල්ලට මතක් වුනේ මෙච්චර වෙලා ඇඬුවේ කොහෙ ඉඳන් ද කියලා.
"යුහිනි ඇයි අඬන්නේ... ඔයා මෙච්චර තෙමුනේ කොහොමද...." ඒ ගර්ල් ඇහුවා.
" ඕ මයි ගෝඩ්... අඬන්න එපා... ඔයා ඇඳුම මාරු කරගන්න වෙයි ඔහොම එළියට යන්න බෑනේ... වෙන ඩ්‍රෙස් එකක් තියනවද..."
කෙල්ල ඔලුව වැනුවේ නෑ කියන්න.
" එහෙමද මම හොස්ටල් එකේ ඉන්නේ මගේ ඇඳුමක් ගෙනැත් දෙන්නද... කමක් නැද්ද..."
ඉපදුනු දා ඉදන් අනුන්ගේ ඇඳුම් ඇදපු යුහීට මේක අලුත් දෙයක් උනේ නෑ.
"අනේ ලොකු දෙයක්...." කෙල්ල ඇඬුම් අතරින් කිව්වා.
" ආ හරි... ඉන්නකෝ... මගේ යාළුවෙක් හොස්ටල් එකට ගියා මම එයාට කියලා ගෙනැත් දෙන්නම්..." කියලා ඒ ගර්ල් කාටහරි කෝල් අරන් ඇඳුම් ගේන්න කිව්වා.
" යුහිනි ඔයා කොහොමද තෙමුනේ... වැටුනද..."
" එහෙනම්... ඔයාව රැග් කළා කියලා නම් කියන්න එපා..."
කෙල්ල ඔව් කියලා පෙන්නන්න ඔලුව වැනුවා.
"මොකක්... මෙහෙ දැන් රැග් කරන්නෙ නෑනේ... ඔයා නුරාග් අයියාට කියන්න... එයාට මුලු ෆැකල්ටියම යටයි... අනික එයාගේ girlfriendට මෙහෙම කරා කියලා දැන ගත්තොත්...."
" අනේ ප්ලීස් එපා.... "
මොකද කෙල්ලට ඕන වුනේ නෑ ආදි දැනගන්න කෙල්ල මෙච්චර වැටිලා කියලා. ආදි කරන හැමදේම ඉවසන් ඉන්නත් කෙල්ලට බෑ..
එතකොටම ගර්ල් කෙනෙක් ආවේ හති දාගෙන
" ආ මෙන්න හසූ...." කියලා ඒ කෙනා කෙල්ල දිහා බැලුවේ ඇස් ලොකු කරගෙන..
"මේ නුරාග් අයියාගේ ගර්ල් නේද.... ඇයි මේ..."
"ඒත් හසූ..."
" යමන්කෝ...."
ඒ ගර්ල් ගියාට පස්සේ
" ආ මෙන්න ගිහින් ඇඳන් එන්න... ඔයා අඳින ඒවා වගේ ලොකු ලොකු ඒවා නම් නෙවෙයි..."
යුහී ඒ ඇඳුම් දෝතින්ම අරගෙන ගිහින් ඇඳුම් මාරු කරන් ආවා..
" ගොඩාක් පිං ඔයාට මට උදව් කරාට... මං ඒවෙලාවේ ගොඩාක් අසරණ වෙලා හිටියේ...."
"ඒ මේ බලපන්කෝ මේං මේකිට කවුද ඇඳුම් දීලා.." ආයේ ඇතුළට ආවේ ටීෂා.
" ඕ... ඒ කියන්නේ ඔයාලද මේ වැඩේ කරේ... ලැජ්ජ නැද්ද අහිංසක කෙල්ලන්ට කරදර කරන්නේ..."
" බලන්නකෝ මේ කෙල්ලගේ කට... ෆර්ස්ට් ඉයර්ස්ලා නේද දන්නැද්ද සීනියර්ස්ලට කතා කරන්නවත්.... " ඒ ටාෂි.
" ගොඩේ උන්නේ ඒකයි..." ටාෂ්ගේ යාලුවෙක්.
" ගොඩේ උන් මං කියන්නෑ කවුද ගොඩේ උන් කියලා.... මේ වගේ කැත වැඩ කරන උබලා තමා ගොඩේ..."
"ප්ලීස් අපි යන්...." යුහී හසූගේ අතේ එල්ලිලා කිව්වා.
"ඔහොම ඉන්න අද මං මුන්ට..."
" ඒයි මොකද මෙතන වෙන්නේ... ටාෂි..."
" ඕහෝ... ඔයාලා විතරයි අඩු වුනේ මෙතනට...." ටාෂි
" නංගි මොකක්ද මෙතන වුනේ..." වරුනි.
" අක්කේ මෙයාලා යුහිනිට වතුර ගහලා. මං එනකොට එයා අඬ අඬ ඉන්නවා."
"මොකක්ද ටාෂි මේ කරන වැඩ... අවීෂ්ව දැනුවත් කරන්නද... නැත්තන් නුරාග් අයියව...."
" ම්හ්.. කියලා කරයි... අපි යමූ..."
ටාෂි එයාගේ කට්ටියත් එක්ක එතනින් ගියා.
" නංගි එයාට බය වෙන්න එපා.. අනික ඔයා නුරාග් අයියාගේ ගර්ල් නේ... ඔහොම බය වෙලා බෑ... දැන් යන්න..."
" දැන් ඔයා කොහොමද යන්නේ..."
" ආ මාව එක්ක යන්න ඇවිත් ඇති... ඔයාගේ නම හසූද.... මගේ නම දන්නේ කොහොමද...."
" ප්‍රශ්න ගොඩයි නේ... මම හසුනි... එතකොට ඔයාගේ නම දන්නේ මමත් අද ඔයා එක්ක ලෙක්චර් එකට හිටපු නිසා..."
" ආ එහෙමද මම දැක්කෙ නෑනේ...."
" අච්චර ගොඩක් අස්සෙ මාත් ඔයා දිහා උවමනාවෙන් බැලුවේ ඊයේ රණ්ඩුව නිසා... මාව ඔයාට මීටර් වෙන්නෑ කොහොමත්.. හරි එහෙනම් පරිස්සමින් යන්න.. මම හොස්ටල් එකට යනවා..."
"හරි.. හසූ.. ඔයාට ගොඩාක් පිං අද මට උදව් කරාට...."
" ඒක මොකක්ද අනේ... Bye..."
යුහී ගේට් එකට ළඟට එද්දිම ඇහුනේ කවුරු හරි එයාගේ නම කියලා කතා කරනවා.
හැරිලා බලද්දී කොල්ලෙක් දුවගෙන එනවා.
"Ok... I'm Thaweesh... Aveesh's brother..."
"මේක අයියා දෙන්න කිව්වා ඔයාට... අයියාගේ නම්බර් එක තියෙන්නේ අනිවාර්යයෙන්ම කෝල් කරන්න කිව්වා..."
"ගන්නකෝ..." කියලා තවීෂ් කෙල්ලගේ අත උඩින් කොළේ තිබ්බා.
" අනිවාර්යයෙන් කෝල් එකක් ගන්න... අයියම ඔයා එක්ක කතා කරන්න හිටියේ ඒත් ඊයේ පාරවල් ටිකට තාමත් ඇඳේ..." යුහීට තේරුනා ඊයේ වලියේ බරපතලකම.
තවීෂ්ගෙත් දෙතුන් පොළක ප්ලාස්ටර් ගහලා තිබ්බා.
"අනේ එයාට ගොඩාක් අමාරුද...."
"ආ... ඊයේ උණ තිබ්බා රෑ... දැන් නම් අඩු ඇති... මං යනවා..." කියලා තවීෂ් ගියා.
කෙල්ල ගෙදර ගිහින් වොෂ් එකක් දාලා ඇවිත් ඇඳට පැනලා නම්බර් එකත් අතේ තියන් කල්පනා කලේ කෝල් එකක් ගන්නවද නැද්ද කියලා.
පැය භාගයක් විතර කල්පනා කරලා කරලා අන්තිමට කෝල් එකක් ගත්තා.
"හෙලෝ...."
"හෙලෝ අවී අයියේ.."
"යුහී මේ ඔයාද.."
"ඔව් අයියේ...."
"අම්මෝ ඇති යන්තන්... මං බලන් හිටියේ ඔයා කොයි වෙලේ ද කෝල් කරන්නේ කියලා..."
" ආ ඒ ඇයි අයියේ...."
"කටහඩ අහන්න ආසාවට..."
එකපාර යුහීගේ හද ගැස්ම වැඩි උනේ ඇයි කියලා එයාටවත් හිතාගන්න බැරි වුනා.
"මොකෝ ආයේ ගොළු උනාද..."
"ආ... මේ... නෑ නෑ...."
"හරි හරි... මට ප්‍රශ්නයක් තියනවා යුහී...."
"මොකක්ද අයියේ...."
"ඔයා ඇත්තටම නුරාග්ගේ ගර්ල්ද..."
කෙල්ල මොනා කියන්න ද කියලා හිතාගන්න බැරි වුනා. බොරු කියලා අවීෂ්ගේ හිත රිද්දන්නත් බෑ. ඇත්ත කිව්වොත් ආදි මොනා කරයිද දන්නෙත් නෑ...
"යුහී..."
"ආ... අයියේ..."
"මං අහපු දේට උත්තර දෙන්න...."