නොකියාම මුව මුවට ළං කර
එවිටත් මා වුනා හැඟුම්බර
ඔබට පෙම පුදනු හැර
විකල්ප නැත
පෙම කළා මා නුබෙ නමට බැර
නොදැනිම දෙතොල් දෙතොලෙ ගාවා
දෙනෙත් ඔබෙ යම් දෙයක් කීවා
දෙ අත් මගෙ හද මැදට ගාවා
විටෙක මදහස තදින් පෑවා
මදෙසට දෙනෙත් ලෑවා
හොරැහින් මුකුළු පෑවා
සෙමෙන් මුව මුවඟෙ ගාවා
ඇගේ පෙම් දියෙ ගිලී නෑවා
උණුසුම් සුසුම් මුවට ළං වී
විටෙක යයි යළි මදක් වෙන්වී
හදට හද ගා යළිත් ළං වී
කනට කොඳුරයි පෙමින් මත් වී
දෙකොපුල් තදින් සිඹිමින්
පෙමින් හිස පිරිමදිමින්
කනට පෙම් බස් සෙමින් කියමින්
නමුත් ඇත ඇය විටෙක හිකි ගසමින්
පෙමින් මත් වී සුවහස්
වෙරෙන් හිනැහෙයි රණහස්
කට කොණින් පා මදහස්
කුමක් කරනුද මාද පුදනු වස්
ඇය පසෙක හිනැහී
නමුත් මල් පෙති මදක් පොඩි වී
බොළඳ ලෙස බස් කියැවී
දසුන මත ඇත කවක් ලියැවී
කවක් මෙලෙසින් ලිවුණි
එදා ඇගෙ මුව තදින් දිලුනි
එබැව් ඒ මුව දෙසම බැලුනි
උණුසුම් සුසුම් නෙතින් හෙළුනි
අනුශාන් මලින්ත 🤍✨️