ඉතින් සඳවත හදට දුන් පෙම්
කවට තුති කර පිළි ගමි
ගතින් දුරකට ගියත් ඔබ මා
සිතින් පමණක් සිප ගමි
නෙතින් නෙත දැක නොලද පෙම අද
දුරින් හිඳ මා ලැබ ගමි
ඉතින් ප්‍රේමිය ඔබත් අද අන්
සතු වුනත් එය විඳ ගමි
අදත් වෛරය හද කොනකවත්
තැවරිලා නැත මද හරී
එදා ලෙසටම පෙමේ අඩුවක්
නොමැත කර මා හද පිරී
වෙනස එයමයි ඔබගෙ හා මා
අතර පෙම් කළ ඉඳුවරී
ඇයට පෙම දී නුබට සමු දෙමි
පෙරට යනු යළි නොම හැරී
> අනුශාන් මලින්ත 🤍