*_________________________ මල් මඟ මැදක* 🤍✨ *_________________________*
නිසල රැයකදි සිහිනයෙන් සේ
මෙමා සොඳුරු නුඹ අමතමි
සසල නුඹ දෙස බලා එක ලෙස
හදවතින් මා හිනැහෙමි
අචල පෙමැතිව සෙනෙහසින් මා
යනෙන මඟ මල් අතුරමි
එමඟ නුඹ හා දෙ අත් ලා මා
සියුම් ලෙස නුඹ ගෙන යමි
එකී මල් මඟ මුල සිටන් මා
අගට නුඹ හා පැමිණෙම්
එමඟ අතරෙදි සුපිපි මල් මැද
එක සිතින් මා සිප ගමි
සොඳුරු ඒ මඟ දෙපස සලෙලුන්
සිටිනු දැක පිය නගනෙමි
මුලදි මෙන් ඒ මඟෙහි අග වෙත
සුරැකි ලෙස නුඹ ගෙන යමි
මුලදි සුමටය වුවත් ඒ මඟ
මැදදි රළු බව දැන ගමි
රළු බොරළු මත සුපිපි මල් දම්
නෙළා සුමටව අතුරමි
එහෙත් නොම වී කටු මතින් වුව
පිට දරා හෝ ගෙන යමි
මියුරු වූ නුඹෙ සුමුදු වදනින්
රිදුම් පිරිමැද හිනැහෙමි
එමඟ යන කල යදම් නොම දා
වෙරෙන් බැඳ නොම තබනෙමි
මේ මගෙහි මං කියන්නෙකු සේ
මගෙහි අග වෙත ගෙන යමි
නිසල වදනින් මෙලෙස ප්‍රේමිය
හදවතින් මා අමතමි
නුඹේ මඟ මං කියන්නෙකු ආ
කලට දිව ගොස් සැඟවෙමි
> අනුශාන් මලින්ත 🩷🫶🏻