වේලාව පාන්දර එක පසු වී මිනිත්තු තිහකි
තරු සඟවා කාල මේඝ රාක්ෂ තෙද පතුරා ඇති හැඩකි
කෙසේ නමුත් පෙර දිනෙක එවන් මතක හුරුවකි
අන්තරයනම් ඇය මා මැද අද තෙවන පාර්ශ්වයකි
මේ වග මා සිතෙහි පමණක් අනසක නොපතුරවයි
මේඝ රාක්ෂ එක් වරම රුදුරු ස්වරයෙන් අමතයි
කෙසේ නමුත් රුදුරු වූ මේඝ රාක්ෂ ද වැළපෙන හැඩයි
මහා අනෝරා කඳුළු මිහිතලය සිප ගයි
එක් වරම දුල දුන් සංඥාවක් මේඝ මත දිව යති
ඒ හා සම වූ යමක් පොතේ පිටුපස හදවත මැද ඇති
එම හදවත පසාරු කොට ගත් හීයේ අරුත වැටහුනේ නෑති
එනමුදු අද එම පසාරුවේ ලේ ගංඟාවෝ බැස යති
අරුමයකි, කාල මේඝ පැන යති
පුදුමයකි, පුර හඳ නැග එති
කරුමයකි, අද ඇය ළඟ නැති
අලුයමකි, ඒ යමම හැඩ වෙති
තුටු වෙති නුබ පලස හැඩ කරමින් සාද
හිනැහෙති තරුද දුලමින් නැතුවම වාද
මද ලෙස පවන මුහු කරමින් සක් නාද
එලෙසට ඇයත් සඳ වී යළි පැමිණේද
අනුශාන් මලින්ත 🤍✨🍃
_2024/08/12 0130 pm_