නොබෝ කලකින් මියෙනු පෙර
නිවීමට අවැසි බැව් මිදී සසරින්
බැඳුනු හැම මතක නැති කර
අත් හරිමි හැම මේ භව කතරින්
එන විටද නොගෙන ආ බැව්
සුමුදු අත් මත තදින් ගුලි කර
යන විටද මා ඒ හැර පිං පව්
පමණක්ම ගෙන යමි පොදි කර
හැකිම වෙනම් යන්න මිදෙමින්
මනස හැරදා නිවුනු මොක් පුර
එක හෙළා මා යනෙමි නිවෙමින්
සසර තෙර වෙත සුඛ වූ මේ වර
අනුශාන් මලින්ත - Anushan M Hettiarachchi