සුදු ඔසරිය ඇඟ වටකොට දවටාන
මද සිනහා පා මුව හැඩ විහිදාන
හිස කේ සොඳින් බැඳ නිති ගත සරසාන
පිය හැඩ දකියි සේ සරසවි දෙවිඳාන
පිය මුදු සුමුදු බඳ වත මැදකින් පෙණුනු
සුරඟන විලස ඇඳි වත හැඩ ගත වැසුනු
ගත සුකුමල විය මලකට මෙන් පිපුණු
ළඳ කුමටද නැති කොට මුව පිං පිරුණු
සන්සුන් විලාසෙන හැඩ රූ සපු දුලින
ඒ හැටි සොඳුරු රූ අදටත් නැත මිලින
යන මග තොටෙහි දුටු සිරියා කත ලෙසින
පෙර මග ගොසින් හැරි හැරි ආපසු බැලින
අතැතිව සුපුල මල් දුලමින් නිල් උපුල
බැල්මෙන් පිනා යයි සිත ඇගෙ නෙතඟ දුල
සරසවි දුවක මෙන් මොහොතක් සිරිය කළ
ඇය හට පතමි උප්පලවන් ආයු බල
සඳ විය පුර පොහෝ දිනකට වී කොමල
ඒ දෙස බල බලා මල් ගොමු විය සුපුල
වැනි ලෙස කත ද විය ගෙයකට නිති උදුල
පුර සඳ වන් ලෙසින් හැසිරෙනු මැන නිමල
සුදු වත ගතේ සරසා අභරණ පළඳා
සුමිහිරි ලෙසින් වටපිට ඇය ගෙන වළඳා
රන් මිණිවලට මුදුනින් සිනහව පළඳා
සිරියාවියේ පතනෙමි පිහිටයි දළදා
> අනුශාන් මලින්ත 🤍