
කවියක පද හතර
පිටුවක කොන් අතර
හිර කරපු ගොඩක් ඈයොන්ට
වුනා හිරවෙන්න
ජීවිතේ තනු අතර
ලිවුවට පද නිතර
ලබ් ඩබ් ගාන පපු තුරට
එළිවැට දාපු කවියොත්
කොර වුනා නොදැන
ජීවිතේ හය හතර
දත් ලෙසට සිව් පද කවක්
ලියා දන්නේනම් එය විතර
මියුර පර තෙර අතර
අපිත් කවියොද
බල මිතුර