".... සන් මොනවද කල්පනා කරන්නේ..??
යමින් ගමන් සඳැස් කලපනා කරන අතර තුර ඔහුගෙ පියා ඒ ගැන පැවසුවේ පුතාගෙ පුංචි වෙනසක් ඔහුට දැනුන හෙයිනි.
" නෝ ඩැඩී... නතින්ග්, බට් අයි තින්කින් ශී ...
" පුතා හිතන්නෙ තේජා ආන්ටි ගේ දුව ගැනද...??
සඳැස් යාන්තමට සිනා සුනේ ය.
*..සඳැස් ,
සඳැස් විහංග විජේනායක. අවුරැදු විසි හය හතක් විතර වුනු ඔහු කඩවසම් තරැණයෙක්. කළු පැහැති ලොකු කරාබුවක් එක කණක දැමු , යාන්තමට තීරැ දෙකක් තුනක් කලර් පාරකුත් දාපු, රැවුලක් ලස්සනට කපලා මේන්ටේන් කරගත්ත උස් එතරම් කෙට්ටුවකුත් නැති අමුතු ලස්සනකුත් සඳැස් ට තිබුනේ.. සිංගප්පූර් වල හිටපු නිසා වෙන්නැති මයෙ හිතේ.. එච්චර ලස්සනක්..එක්සෑම් කරලා එයා එහෙම්ම ගිහින් තියෙන්නෙ සිංගප්පූර් වල , එයාගේ අම්මා එක්කම තමායි එයා ගිහින් තියෙන්නෙ ..
"... එච්චර ලස්සන ගර්ල් කෙනෙක් මම සිංගප්පූර් වල වත් දැකලා නෑ ඩැඩී..
සඳැස් එසේ පවසද්දී වාහනේ ඩ්‍රයිවර් එක්කම සම්පත් සිනා සුනේ ය.
" why laughing ඩැඩී.. ( ඇයි හිනාවෙන්නේ)
" නැ.... නැ... ඔය වයසට ඔහොම තමයි ... බොරැ කියවෙනවා..
" බොරැ ද මං කිවිවේ..
සඳැස් ආයෙම සිනා සුනේය.
", සිංගප්පූර් වල ගර්ල්ස් ලා හිටියා .. ඒ වුනාට එයාලගේ තිබුනේ ආර්ටිෆිකල් බියුටි එකක්, ඒත් මෙි ගර්ල් ගේ මම දැක්කේ නැචුරල් ලුක් එකක්,,
" ඒක නම් ඇත්ත සන්.. ඒ වුනාට ඒ කෙල්ලට මොනා තිබ්බත් එු කෙල්ල උපතින් ම ගොළුයි,..
සඳැස් ට ඒක අහපු ගමන් ම හිතට පුදුමයකුත් වේදනාවකුත් දැණුනේ ය. කවදාවත් මෙච්චර සංවේදී නොවු ඔහු එකවරම සම්පත් ගේ මුහුණ දෙසම දෑස් හීනි කරලම බැලුවේ ඇත්තටම සම්පත් කිව්වේ ඇත්තමද කියලා විශ්වාස කරගන්න බැරැව..
" ඩැඩ්... වට් නොනසන් .. ඔයා මට විහිළු කරනවද කොහේද...?
කට කොනෙන් නෝක්කාඩුවට මෙන් සිනාසුනු සඳැස් ආයෙම සම්පත් ගෙන් ඒ ගැන ඇහුවත් සඳැස් ට එකම පිළිතුරමයි සම්පත් ගෙන් බලාපොරොත්තු වෙන්නට සිදු වූයේ..
කිසිම දෙයක් හිතා ගන්න ට බැරැව ඔහු වාහනේ ජනේලයෙන් එලි පත බලාගෙනම ගියේ ආයෙම සම්පත් සමඟ වචනයක් කතා කරගන්න බැරැවයි.
💐💐
ටක් ටක් ටක්..
මම දොර විවෘත කරපු ගමන් ම අමමා කාමරයට ආවේ ආවේ මම හැමදාම වගේ ඕඩර් කරපු ජාබරා මල් පොකුරත් අතැතිවයි.
දෑතින්ම මල් පොකුර අතට ගත් මා එය දෑස් පියාගෙනම යන්තම් සුවඳ බලමින් දිගු සුසුමක් හෙළන ගමන් ම මල් පොකුර වාස් එකට දැමිමේ හරිම සතුටින් .
" අ.. අ.. අ... ආ...
අම්මා මට දෑත් විහිදුවා මා සමඟ කතා කරන්නට වුනා.
එයා කියන්නෙ ,
දුවේ.... අනේ සමා වෙන්න , මල් එක මට ගත්තට දෙන්න වෙලාවක් තිබුනේ නැ,, ආවා කට්ටිය යන කම් ම පොඩ්ඩක් බිසි වුනා, ලීලා අම්මට ඔක්කොම තනියෙන් කරගන්නත් බැහැ නේ.. කියලා ..
අපේ අම්මා ඔහොම හිටියට හරි හොඳයි.. එයා මට ගොඩක් ආදරෙයි. ලීලා අම්මෙ අපෙ ගෙදර වැඩ කරන කෙනා වුනාට එයාට උදව් කරලා එයා එක්කම එකට යාළුවෙක් වගේ එයා ඉන්නෙ.. ඇත්තටම මම අම්මගේ ගතිගුණ ගොඩක් දැකලා තියෙනවා .. තාත්තිට වඩා මට හුඟක් සම්ප මගේ අම්මා තමයි.
මම එක ඇහැක් ගහලා ඔළුව වැනුවේ , ආ ඒකට කමක් නැ කියලා අඟවමින්..
අම්මා මගේ ඔළුව අතගාලා යන්න හදද්දී ම මම ආයෙම අම්මගේ අතකින් අල්ලා ගත්තේ ය.
අම්මා ඔළුව වනලා මගෙන් ඇහුවේ ඇයිද කියලා..මම අම්මව ඇඳ මත වාඩි කරවගෙන අම්මගෙන් දෑත් ඒ මේ අත පාමින් ඇහුවේ ,
"අම්මේ... අර සම්පත් අංකල් ගේ පුතා ද කියලා..
" අම්මා ඔව් කියලා ඔළුව වැනුවා.
" එතකොට අම්මේ එයා ද අද සිංගප්පූර් වල ඉඳලා එනව කිව්වේ?..
" අම්මා ඔළුව වැනුවේ ඔව් කියලා..අම්මා ඒපාර මගෙන් ඇහුවේ ඇයි ඒ කියලා.. දෑත් වලින්..
" මම හිස දෙපසට වැනුවේ මුකුත් නැ, හැබැයි එයා මම දිහා උවමනාවෙන් බලන් හිටියා කියලා,
එතකොට අම්මා මං දිහා බලලා සිනාසුනේ ය.මම ලැජ්ජාවෙන් දෑස් හීනි කරලා අහක බලා ගනිද්දී ආයෙම මම දිහා සිනාසී අම්මා මගේ කම්මුලක් රිදෙන්නම මිරිකලා ගියේ මම ආ... කියලා අත ගාද්දී..
අනේ මට ඇත්තටම කතා කරන්න පුළුවන් වුනා නම්.. මම කොච්චර එයාලට දැනෙන්න කතා කලත්මගේ හඬ එලියට පිට වුනේ නැ, එයාලා කියන දෙයක් මට ඇහෙනනෙත් නැ.. මම ආසයි ඇත්තටම මගේ අම්මගේ තාත්තිගෙ එ වගෙම මගේ කට හඬත් අහන්න.. ඒත් මට ඒකට වාසනාවක් තිබ්බේ නැ.. මෙච්චර ලස්සන වෙලත් සල්ලි තිබිලත් හැමදේම නො අඬුව තිබිලත් මගේ ම කියලා මට අඬුවක් තියෙද්දී මේ මොනා තිබ්බත් මට වැඩක් තියෙනවද..???
දෑසින් වැටෙන කඳුළක් අතට අරගෙනම මම ඒ කඳුලු සුළඟට පා කරලා හැරියේ මේ ස්වභාව ධර්මය වත් මගේ වේදනාව තේරැම් ගනී කියලා හිතලා.ජාබරා මල් වල පෙති ඇගිලි තුඩු වලින් ස්පර්ශ කරමින් හැමදාම වගේ මම මට ම කතා කරගත්තේ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් .. මගේ ලිප්ස්ටික් බොක්ස් එකෙන් ලිප්ස්ටික් එකක් අරගෙන මම කණ්ණාඩිය මත මලක් ඇන්දේ ය.
💐💐
සඳැස් ගෙදරට ආ ගමන් ම වොශ් එකක් දාගෙනම ටවල් එක පිටින්ම ආවෙි පොඩ්ඩක් ඇඳ මත හිඳගනිමින්.
එකවරම සිංගප්පූර් වල සිටි තම මවගෙන් කොල්ලට කෝල් එකක් ආව හින්දම ඒකත් ආන්සර් කරන ගමන් ම අඳින්න ඇඳුමක් සෙව් කොල්ල අලමාරියේ තිබුණු එයාගේ ඒකාලේ පුංචි ඇඳුමක් අතට ගත්තේ ය.
" මමී... ඔයාගෙ සන් ගෙ චූටි කාලේ ඇඳුමක් මට හම්බ වුනා අල්මාරියේ තිබිලා..
" අනේ එහෙමද සන්... ඒවා ඔයාට ආයේ පුංචි කාලේට යන්න හිතෙන තරමට ලස්සනට තියෙනවා ඇති නේද...
ඇඳුම අල්ලගනිමින් ඔහු තම මව සමඟ කතා බහේ නිරත විය.
" ඔව් මමී... ඒවා තාම ෆරෙශ් , ආයේ පුළුවන් නම් ආයෙම අඳිනවා..
" ඔව් ඉතින් ඔයා ඒවා එකපාරයි දෙපාරයි නේ අඳින්නෙ... ඊට පස්සෙ අයින් කරලා දානවනේ...
" මේ එක නෙවෙයි මමී... අද ඩැඩී ගෙ.ෆ්රෙන්ඩ් කෙනෙක් දන්නවද ජයවර්ධන අංකල් ව..
" ආ... ඔව්.. ඩැඩී ගෙ බෙස්ට් ෆරෙන්ඩ් නේ .. ඉතින් කියන්නකෝ..
" එහෙත් ගිහින් ආවේ මමී... ජයවර්ධන අංකල් ගෙ ..
" සන් කමීන්.. ඇඳුමක් චේන්ජ් කරන් එන්න ඉක්මනට කෑම කන්න..
" ඔකේ ඩැඩී මම එන්නම්.. මමී මම පස්සෙ කෝල් කරන්නම්..
" ඔුකේ ඩාර්ලින් බායී...
සඳැස් එහෙම කියලම පෝන් කට් කරලම ඇඳුමක් චේන්ජ් කරගත්තේ ය.
💐💐
වෙනදා මෙන් ම උදේ හිරැ කිරණ යාන්තමට මගේ දෑස් කිතිකවමින් නින්දට බාදා කලේ ය. සුපුරුදු ලෙසම සෑම උදෑසනකම තමා ඔඩර් කරන මල් පොකුර ගන්න පහලට ගියේ ය.
මෙසය මත තිබු මල් පොකුරත් රැගෙන තම මව හාදුවක් තබාගෙනම මම කාමරයට ගියේය.
තාත්ති නමි මම නැඟිටින්නත් කලින් ම ජොබ් එකට යන නිසාම එයා එක්ක ගත කරන්න තිබුණ කාලය ගොඩක් අඩු වුනා.
මල් පොකුරත් වාස් එකට දාන ගමන් ම මම ඉබේම දැක්කේ ගේට්ටුවෙන් එපිට කවුරැන්හෝ මා දෙස බලා සිටින අයුරැ.
ඒකත් අරගෙනම මම බැල්කනියට ගියේ කවුදැයි බලන්න ..
" දෙයියනේ .. මෙි සම්පත් අංකල් ගෙ.පුතා නේද මේ.. ඒත් ඇයි මෙයා මෙච්චර උදේ පාන්දර මේ...
මම රැවුමක් පා කරමින් සිටියදීද ඔහු අපෙ ගෙදරට ගොඩ නොවීම කාර් එකෙන් බැහැලා ඒකට හේත්තුවක් දාගෙනම මා දෙස සිනාවක් පෑවේ ය. ලැජ්ජාවෙන් මල් ටිකත් දෝතින් ම රැගෙන මම ආයෙම මගේ කාමරයට ආවේ නැවත රැවුමක් පා කරමින්.
ජාබරා මල් ටික වාස් එකට දාලා මද සිනාවක් පෑ මම මගේ හදවත යානත්මට කුල්මත් වෙනකොටම ජාබරා මලුත් මා දෙස නෝක්කාඩුවට මෙන් සිනාසෙන්නට විය.
හොරහින් ම ඒ රැව දෙස කවුළු රෙද්දෙන් බලා සිටියේ ඒ මුවට මුව දෙන්න තරම් මගේ හිතහයිය නොවු හින්දා.
" ඒ කෙල්ලට කතා කරන්න බැරි වුනාට හරි ආඩම්බරයි වගේ.. නැත්නම් මම එයා බලන්න ඇවිත් ඉන්නවා කියලා දැනගෙනත් මාව කෙයා නොකර ඔහොම යන්නැහැ නේ...
සඳැස් එහෙම හිතමින් ආයෙම බැල්කනියට දෑස් යොමු කලහ. මම රෙද්දට මුවා වී සිටියදී ආයෙම හොරහින් බැලුවත් ඒ කොල්ලත් වාහනෙත් නැති ආයෙම මට නොපෙනුන නිසා ම බැල්කනිය ලඟට ගියේ කොහේ හෝ ඉන්නවා දැයි විපරම් කරමින්.. ඔහු නැති බව වැටහුනු මා බලාපොරොත්තු සුන් කරගනිමින් දිඟු සුසුමක් හෙලමින් යාන්තමට තොල් පෙරලගත්තේ ය.
මොහොතකට පසු මම මවගෙන් අවසර ලැබ වාහනෙන් ම ගියේ ශොප් එකට. ඒ යන අතරතුරැත් මා හට මතකයට නැගෙනනේ උදේ වුනු සිද්ධිය, ඒකත් මතකේ රදව ගනිමින් මම කල්පනා ලෝකෙක අතරමං වෙද්දී මට කතා කරන්න ත් ඇහෙන්නෙත් නැති හින්දම ඩ්‍රයිවර් මගේ අතට තට්ටුවක් දැම්මේ ය.
පේනවනේ මගේ සිහිය.. ඉතින් කොහොමද තනියෙන් ටැක්සි එහෙක යන්නෙ.. මම තිගැස්සී එ මේ අත බැලුවේ ය. හිතුවෙවත් නැති තරමට මගේ සිහින ලෝකේ දුර ගිහින් කියලා තේරැනේ ගෙදර ඉඳලා එච්චර ඉක්මනට ශොප් එකට ත් ආව නිසාමයි.
හැමදාම වගේ මම යන එන ශොප් එකට ගොඩ වුනේ මට උවමනා කරන අඩුම කුඩුම ටික ගන්න ..ශොප් එකේ බඩු පිළිවෙළට අතුරපු රැක් දිහාම බලාගෙන ම මම ආවේ මට ඔන කරන දෑ ගන්න කියලා..
අදත් වෙනදා වගේ ම ස්වභාවික මල් අතුරපු තැනටත් ඇස ගිය නිසාම එතනටත් යන්න මම අමතක කලේ නැ. ලස්සන රතු පාට මල් එක්කම එකට තිබුණ සුදු පාට රොස් මල් චූටි චූටි ජාබරා මලුත් මම එකින් එක අතට අරගෙන මල් පොකුරක් ම හදා ගෙන එහි සුවඳ බලාම තෘප්තිමත් වුනේ ය.
මම හදා ගත්ත ලස්සන රෝස මල් පොකුර කරකව කරකව හැඩ බලමින් සුවඳ විඳින ආකාරය අහම්බෙන් ම හිටි ශොප් එකට ආ සඳැස් ද කනාවට මෙන් දැකපු නිසා ම මම නොදැනුවත්ම මා දෙස බලා හුන්නේය.
" මේ කෙල්ල මෙච්චරටම මල් වලට ආසද?...
සඳැස් හොරහින් ම ඒ දෙස බලමින් මුමුණන්නට විය. ඔහු ඒ දෙස බලා ගෙනම හැඟීම්බර වූ තරමටම රැක් එකක තිබුණු ෆෙම්ස් පැකට් එකකුත් ඔළුවට ම වැටුණේ එතනම ඉදපු කෙල්ලෙක් ඔහු දෙස බලමින් සිනා සෙන විටමයි.
ඇයට මඳ සිනාවක් පාන ගමන් ම ෆෙම්ස් පැකට් එක රැක් එකේ ම ගහද්දී මට අතටම අහු වුනේ ය. ෆෙම්ස් පැකට් එක තියන අයුරැ දැකපු ඒ කිසිවක් නොදත් මා ඔහු දෙස පුදුමාකාර බැල්මක් හෙළුවේ ඇත්තටම එයා මොකටද ඒවා බලන්නේ කියලා..
මුණත් ඇඹුල් කරගෙන ඔහු දෙස රැවුමක් පා කල මා එතනන් නික්මෙද්දි ඔහු මාව නතර කරන්නට හැදුවත් මා නතර වුනේ නැ. මට ඉතින් එයා කතා කරත් ඇහෙන්නෙත් නැහැ නේ.. මම ඉක්මනට මගේ බඩු ටිකති අරගෙන වාහනයට ගොඩ විය.
" ශික්.. ඒ මොකක්ද ඒ වුනේ... කතා කරන්න බැරි වුනාට ඇහෙන එක හරි තිබුණනම් කියන්න හරි තිබුනා.. ඒකත් බැහැ නෙ... සඳැස් මොකක්ද කොල්ලෝ ඒ වුනේ... එයා මම ගැන වැරැදියට වත් හිතුවද.. මම අසහනය තියෙන කොල්ලෙක් කියලවත් හිතයි ද දන්නෙ නැ..
සඳැස් තමාට ම මුමුණමින් ඉනට අත් දෙකත් ගහගෙනම ශොප් එකේ ඉදිරියේම හිට ගත්තේ ය .
ඊළඟ කොටසට..💐💐
~Story by Ishi Tharuu