" මේ.... මහත්තයා .. මම මේ මහත්තයා එක්ක කතා කරන්නමයි හිටියේ..
පත්තරයක් කියවමින් සිටි ජයවර්ධන සමීපයට ආ තේජා පුටුවකට ඇල වුනේ ය.
" ඔව් තේජා කියන්න.. මොකෝ ප්‍රශ්නේ..
පත්තරයේ ම මුහුණ හොවා ගෙන සිටි ජයවර්ධන යාන්තමට තෙජා දෙස බැල්මක් හෙළුවේ ය.
" වර්ශා ව හැමදාම මෙහෙම ගෙදර තියා ගන්න බැහැ නේ මහත්තයා ... අපි මේකට මොනාහරි පිළියමක් කරන්නෙපයි. එන්න එන්න ඒ දරැවගේ වයසත් ගෙවෙනවා.. ඒ ළමයත් පිළිවෙළක් වෙන්නෙපයි.
පත්තරය මොහොතකට පැත්තකින් තියු ජයවර්ධන තේජා දෙසට හැරැනේ ය.
කණ්ණාඩි සගල ගලවා පත්තරය මතම තැබූ ඔහු තේජා ගේ කතාව ට සම්බන්ධ විය.
" ඒක නම් එහෙම තමයි තේජා.... හැබැයි ඉතින් කොහෙන්ද අපි හොඳ කොල්ලෙක් හොයන්නෙ.. නිකන් ආවට ගියාවට කොල්ලෝ හොයලා බන්දන්න බැහැ නේ තේජා... අඩුම හොඳට සල්ලි තියෙන පවුලකින් එපැයි කසාදෙ තීන්දු කරන්න ..
" අපිට මේ තියෙන සල්ලි මදැයි මහත්තයා .. අනික අපිට කියලා කොල්ලෙකුත් නැහැ නෙ. ඉනිනෙ එකම කෙල්ල .. ඒකිත් ගොළුයි.. ගොළු කෙල්ලෙක් කසාද බඳින්න හරි හමන් කොල්ලෙක් හිටියොත් පුදුමයි..
ජයවර්ධන සිනා සුනේ තේජා ගෙ කියවිල්ලෙ තරම හොඳින් දන්නා හෙයිනි.
" තේජා.... මම මෙච්චර කාලයක් දුක් විඳලා හරි අපෙ ෆැමිලි එක මේ තත්වෙට ගෙනාවේ අපෙ දරැවා හින්දා.. සල්ලි නැති ඔහේ ආතක් පාතක් නැති එකෙක්ට දුවෙක් දෙන්න මම කැමති නැ..
" සල්ලි තිබ්බා කියලා හැමදේම සම්පූර්ණ වෙන්නැහැ නේ මහත්තයා . සල්ලි තිබ්බා කියලා අපෙ කෙල්ල ගෙ ගොළු කම හොඳ කරගන්න පුළුවන් වුණෙත් නැහැ නේ...
" ඒවා උපතින් නේ .. සල්ලි වලට කරන්න බැරි දේවලුත් තියෙනවා. එහෙම කියලා සල්ලි නැතුව ජීවත් වෙන්නත් බැ... නිකන් රස්තියාදු මිනිහෙක්ට ගොළු කෙල්ලෙක් බඳින්න වෙන කොල්ලො නැ කියලා දෙන්න පුළුවන් ද... නිකන් ඔහේ වචන පිට කරන්න එපා තේජා..
ජයවර්ධන පත්තරය නැවත අතට ගත්තේ තේජා ගෙ.මුහුණ නිමි හිමි නැති තරහකුත් සමඟයි. උන් හිටි තැනින් නැඟිට එතනින් පිට වුයේ ජයවර්ධන හොරහින් ඇ දෙස බලන සැනින්මයි .
💐💐
* "මම .... වර්ශා ජීවන්තී නිකේතලා ජයවර්ධන .. පුංචි කාලෙ ඉඳලම මම අනිත් ළමයි හා සමාන වුනත් මට පුංචි අඩුවක් තිබ්බා. ඒ උපතින් ම මම ගොළුයි.. ඒ කියන්නෙ මට කතා කරන්න බැ..
අනිත් අය කියන දේවල් අහන්න , එයාලා එක්ක එකතු වෙලා කතා කරන්න මට අවස්ථාවක් තිබ්බේ නැ. රැවින් , සල්ලි , යාන වාහන මේ හැමදේකින් ම නො අඩුව මට තිබුණත් මට තිබුණ එකම අඩුව තමයි මගේ ගොළු කම. ඒක මට වදයක්.
මට සල්ලි වලින් අඩුවක් නොවු නිසා ම මට කාගෙන්වත් වැරැද්දක් නම් වෙලා නැ, ඇත්තටම දුප්පත් කෙල්ලෙක් වුනානම් සමහර විට මගේ ඉරණම මීට වඩා අයහපත් වෙන්න තිබුනා.
ඉගෙන ගෙන එක්සෑම් හැමදේම ඉහලින් පාස් කරගත්තත් මට ලොකු ජොබ් එකක් කරන්න වාසනාවක් තිබ්බෙ නැ. මම ගොඩක් ආසාවෙන් හිටියේ ඉංජිනේරු වෘත්තියෙන් ඉහළට යන්න .. මේ ලෝකේ සමහර අඩුපාඩු වලින් ජය පරාජ හමුවේ ඉදිරියට ගිය මිනිස්සු ඉන්නවා.. එ්ත් මම එච්චර හිතේ හයියක් තියෙන කෙල්ලෙක් නෙවෙයි.
" අවුරැදු විසි හයක් වෙලත් තාම මැරි කරන්න කෙනෙක් හම්බ වුනේ නැ... එකපාරක් මට මතකයි මට මීට අවුරැදු දෙකකට කලින් ආව ප්‍රොපොසල් එකත් නැති වුනේ මම ගොළුයි දැන ගෙන මාව ප්‍රතික්ෂේප කරපු හින්දා.
ටක් ටක් ටක්.
" අම්මා ද කොහේද...ඇවිත්..
එයා ඇවිත් මට ගොළු භාශාවෙන්ම අත පය දිග හැරලා මොකක්ද කියනවා.
එයා අහන්නෙ මම මොකක්ද කරන්නෙ .. එන්න කෑම කන්න යමු කියලා ..
මාත් ඔළුව වනලා අම්මා එක්කම පහලට ගියේ ය.
තාත්තියි අම්මයි මමයි කෑම මේසෙන් වාඩි වෙද්දී අපෙ ගෙදර වැඩ කරන නීලා අම්මා අපි ඔක්කොටම කෑම පිළියෙල කරා.
කෑම කන අතර තුරදී තාත්තිට කෝල් එකක් ආවේ ය.
" හෙලෝ... කියන්න සම්පත්.. කෑම කන ගමන් හිටියේ... ඕ මයි ගෝට් ... අනේ... කවද්ද එන්නෙ... හෙට... ඒනම් ඒ ආවම මේ පැත්තෙ ඇවිල්ලා යමුකෝ... ඕකේ ඕකේ බායි.
තාත්තී කෝල් එක කට් කරේ ගොඩක් සතුටින් කියලා මට තේරැණා.
" මොකද ජයවර්ධන හදිසියේ ආව කෝල් එකට මෙච්චර සතුටින්..
මම අම්මා මොනවද තාත්තිට කිව්වේ කිව්වේ කියලවත් නොතේරැනාට එයා ඇහුවේ මට හිතුන දේම කියලා මට තේරැනා
"සම්පත් පුතා ඕස්ට්‍රේලියාවෙි නේ හිටියේ... එයා හෙට ලංකාවට එනවලු.. ඒක මට කිව්වා.. මම කිව්වා ඇවිත් යන්න කියලා..
තාත්ති අම්මා ට කිව්වේ මොනාද වත් නොතේරැණ මම අම්මගෙ මුහුණ දෙස දෑස් හීනිකොට බැලුවේ බත් පිඩකුත් කටට දා ගන්න ගමන් මයි.
අම්මා මට තාත්ති කියපු දේ අත් වලින් අඟවද්දී තමයි මට යාන්තමට තේරැම් ගියේ..අනේ ඉතින් මට මොකද ???මම මගේ පාඩුවෙ කෑම කන්න ගත්තා.
අම්මී තාත්තී නම් බර කයියක.. මට ඉතින් ඔවා තේරෙන්නැති නිසා මම මගේ පාඩුවෙ කෑම ටික කාලා එතනින් ආවා.
💐💐
දිනයක් ගෙවී අලුත් දිනයකට උදා වු මත්තෙන් හිරැ කිරණ යාන්කමට මගෙ කාමරයට රිංගුවේ මගේ නින්ද ත් ලාවට අඩ තේට්ටම් කරමින්.
ජනෙල් රෙදි එහාට කරලම මම පොඩ්ඩක් ජනේලෙත් විවෘත කරලම කණ්ණාඩිය ඉස්දරහට ගියේ හැමදාම නැගිට්ට ගමන් යන්නේ ඉතින් කණ්ණාඩිය ය ඉස්සරහට කියලා මම දන්නා නිසා.
කාමරේම බාත් රෑම් තියෙන නිසාම ඉක්මනට වොශ් එකකුත් දාලා කාමරෙි පොඩ්ඩක් අස් පස් කරලම මම හැමදාම වගේ ඕඩර් කරලා ගෙන්නන ජාබරා මල් පොකුර ගේන්න පහලට යන කොටයි ම දැක්කේ ගෙදර ට අමුත්තෝ වගයක් ඇවිත් ඉන්න බව.
හිතේ දෙගිඩියායෙන් මම හිමිහිට අම්මව හොයද්දී අම්මා මම ලඟට ආවේ. මඳ සිනාවක් පෑ ඇ හට මට මල් පොකුර අහන්නවත් ඉඩ නොතියා ම ඇය ගියේ නිලා අම්මා එක්කම ආපු අයට සංග්‍රහ සාද කරන්න.
දිගැටි කොන්ඩය එකට ගොතලා චූටි කොට ගවුමක් ඇඳපු මම අපෙ අම්මා වගේ පාටින් වුනත් පැහැපත් සමක් තිබුණා.
සම්පත් අංකල් නම් මාව පුංචි කාලෙ ඉඳලම දන්නවා, එයා මම ලඟට ඇවිත් ඔළුව අත ගාද්දී එයාගෙ පුතා මම දිහා බැලුවේ හරිම කුතුහලයෙන් ..ඒ හැමෝම කතා බහ කරද්දීත් ඇයි මම කතා නොකරන්නේ කියලා වෙන්නැති..ඒත් සම්පත් අංකල් නොකියන්න විදියකුත් නැහැනේ.. සමහර විට මම වගේ ලස්සන කෙල්ලෙක් ඇයි ගොළු කියලත් හිතනවා ඇති .. අනේ මන්දා..
ඒ කොල්ලා මම දිහා බලන් මයි හිටියේ..බැරි ම තැන මම මඳ සිනාවක් පාලම ආයෙම උඩට ආවේ මගේ කාමරේ තිබුනේ උඩ තට්ටුවේ නිසා.
එයාලා සතුටු සාමිචි වල යෙදිලා යන්න හදද්දී මම සදලු තලාවෙි ඒ කියන්නෙ මගේ කාමරේ තියෙන බැල්කනිය ලඟට වෙලා පහල බැලුවේ අහම්බෙන් ..එයා ත් අහම්බෙන් උඩ බලද්දි දැක්කේ මාව.මං දිහා ලස්සන හිනාවකින් බැල්මකුත් හෙළුෑ ඔහු ත්, සම්පත් අංකලුත් කාර් එකට ගොඩ වුනේ ඔවුනොවුනගේ ගමනාන්තය බලා.
ඊළග කොටසට💐💐